voiceofceylan

රජ කඩුවක්‌ හොයන රටේ – මිසදිටු බණ කනට වැටේ!
මහා නිධාන හෝ දඹරන් පිළිම

පුරාවිද්‍යාඥයන්ට කවදාවත් හමුවෙලා නෑ

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යාව පිළිබ`ද

ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය පූජ්‍ය දඹර අමිල හිමි

නිදන් කියන දේවල් තියනවාද?

ඉතා පැහැදිලිව ලියන්න. නිදන් කියලා කිසිම දෙයක්‌ නෑ. පුරාවිද්‍යාඥයින් විදිහට සියවසකට අධික කාලයක්‌ විෂය ගැන ප්‍රාමාණිකයො මේ පුරාවිද්‍යා භූමිවල කැණීම් කළා. සංරක්‌ෂණ කටයුතු කළා. ඒවත් සමග ජීවත් උනා. නිදන් පිළිබ`ද කිසිම තහවුරු කළහැකි පුරාවිද්‍යාත්මක සාධකයක්‌ නෑ. මෙය පූර්ණ මිත්‍යාවක්‌.

සංකල්පයක්‌ ඉබේ සමාජගත වෙන්නෙ නෑ. නිදන් නෑ කියලා ඔබවහන්සෙ කියනවා. ඒත් නිදන් තිබේය වන විශ්වාසය ඉතා ප්‍රබලව සමාජගත වූවක්‌.

මේ ගැන පුළුල් පැහැදිලි කිරීමක්‌ කරන්න අවශ්‍යයි. නිදන් කියන වචනයේ තේරුම යහපත් අර්ථයෙන් යමක්‌ තැන්පත් කිරීම කියන එකයි. ඒත් මේ මහා විනාශයක්‌ කරමින් සිදුවෙමින් ඇති හෑරීම සිද්ධවන්නේ මිථ්‍යා දෘෂ්ටික විශ්වාසයන් පදනම් කරගෙනයි. අතීත හින්දු විශ්වාසයන් තුළ මංගල වස්‌තූන් ගැන විශ්වාසයක්‌ තිබුණා. අෂ්ඨ මංගල කාරණා පිළිබ`ද අදහස්‌ ඒ සමාජය තුළ තදින්ම මුල් බැසගෙන තිබුණා. එම මංගල වස්‌තු තැන්පත් කළාම සශ්‍රීකත්වය හා වාසනාව ලැබේය කියන අදහස පැවතුනා.

දැකීමෙන් සුබ ඵල ගෙනදෙන දිට්‌ට මංගල කාරණා, ඇසීමෙන් සුබ පල දෙනු ලැබෙතැයි අදහන සුත මංගල කාරණා, ස්‌පර්ෂයෙන් සුබ පල දෙන මුත මංගල කාරණා ගැන මිනිස්‌සු විශ්වාස කළා. මේ විශ්වාස පැවතුනේ බුදුන් ලෝකයේ පහළ වන්නටත් පෙර කාලයෙයි. ඒත් මේ සංකල්ප සියල්ලම බුදු දහමෙන් නිෂ්ප්‍රභ කළා. බාලයන් ඇසුරු නොකිරීම, පණ්‌ඩිතයන් සේවනය කිරීම, පිදිය යුත්තන් පිදීම වැනි මංගල කාරණා 38 පිළිබ`ද ඉතාම විශිෂ්ට නිර්වචනයක්‌ බුදු හාමුදුරුවො මංගල සූත්‍රයෙන් කළා. භෞතික වස්‌තු වලින් කිසිම මංගල කාරණාවක්‌ උපදින්නෙ නැති බව උන්වහන්සෙ කිව්වා.

නමුත් මංගල කාරණා ගැන සම්මුතීන් තවමත් අපේ සමාජයෙ තියනවා.

එහෙම උනේ අපේ සංස්‌කෘතිය බොහෝවිට පෝෂණය උනේ හින්දු සංස්‌කෘතියත් එක්‌ක හින්දා. ඒ නිසා හින්දූන්ගේ සමහර විශ්වාස හා අභිචාරවිධි අපේ ජීවිතවලට බලපාල තිබුණා. අප දාගැබක නිදන් කළේ සර්වඥ ධාතු. නැත්නම් ධර්ම ධාතු. ඒ ධාතු නිධාන උත්සව වලදි පූජා අර්ථයෙන් තමුන්ගේ මාල, කරාබු, ධර්ම පාඨ ලියූ පත්‍රිකා උපාසක පිරිස්‌ විසින් පූජා කළා. මේ පුරා වස්‌තු හැරෙන්න රජුන් භාවිත කළ මුතු මැණික්‌ රාජාභරණ හෝ වෙනයම් මහා වටිනාකමක්‌ සහිත භාණ්‌ඩ කිසිවක්‌ මෙතෙක්‌ අපට හමුවී නැහැ. එහෙම වස්‌තු සම්භාරයක්‌ ගැන කියෑවෙනා ශිලා ලේඛන හෝ වෙන මොනම ඓතිහාසික සාධකයක්‌වත් නැහැ.

එහෙත් නිදන් වදුල කියලා ග්‍රන්ථ විශේෂයක්‌ තියනවා. නිදන් ඇති ස්‌ථාන ගැන සලකුණු සහිත හැ`දින්වීම් එහි ලේඛනගත වෙලා තියනවා.

නිදන් වදුල කියන්නෙ අපේ මහා සාහිත්‍යයේ එන එක්‌තරා සාහිත්‍යාංගයක්‌. මේ සාහිත්‍යාංගය පහළවන්නේ අපේ චිරන්තන සම්භාව්‍ය සාහිත්‍යය පිsරිහිලා යන 17 හා 18 සියවස්‌වල. මේ වකවානුවේදි යම් සාක්‌ෂරතාවක්‌ සහිත ලේඛනකරුවන් තම සාහිත්‍ය සංකල්පනා මත පිහිටලා මෙම කෘති සම්පාදනය කළේ රටේ එවකට සිටි ප්‍රභූ පැලැන්තියෙන් වරප්‍රසාද ගන්න. මේ වදුලූ පොත්වල යම් සලකුණු ගැන ස`දහන් වෙනවා. මේ සෑම සලකුණක්‌ම අතීතයේ දේශ සීමා ලකුණු කිරීම ස`දහා යොදාගත් සංකේත මිසක්‌ නිදන් සහිත ස්‌ථාන නොවෙයි. උදාහරණ විදියට අදටත් නම කියෑවෙන රත්නපුරයේ අටකලම්පන්න කෝරලේ සීමා ලකුණු වෙලා තිබ්බේ ලේනෙකුගෙ සලකුණකින්. කලන්ද කියන්නෙ ලේනා. කලන්ද නොහොත් ලේනාගේ සංකේතයෙන් මේ කෝරලේ කඩඉම් ලකුණු වුණ නිසා එය අටකලම්පන්න ලෙස නම් කළා. රත්නපුරේ අතීත නාමය නවයොදුන් රට. නවයොදුන් රටේ සීමා ලකුණු උනේ නාගයගෙ සලකුණෙන්. හ`දපාන්ගොඩ ප්‍රදේශය කඩඉම් සීමා ලකුණු උනේ චන්ද්‍ර සංකේතයෙන්. සීතාවක බැරුන්ඩි කෝවිලේ සීමා ලකුණ ගිරවා. මේවා නිදන් ගැන කියන සංකේත නෙමෙයි. සමහර සෙල් ලිපිවල බල්ලන්ගෙ කපුටන්ගෙ සලකුණු තියනවා. ඒ සලකුණු වලින් කියන්නේ සාංඝික දේපල හොරා කෑවොත් බල්ලන් හා කවුඩන් සේ උපදින බවට වන සංකේතාත්මක ප්‍රකාශනයන්.

එහෙනම් මිනිස්‌සු ජීවිතත් අවදානමට දාගෙන මේ හාරන්නෙ ඇයි?

කරුණු කීපයක්‌ නිසා. එකක්‌ ඉතිහාසය ගැන තියන වැරදි අවබෝධය. 1982 ඉ`දලා 95 වෙනකම් මේ රටේ ඉතිහාසය ඉස්‌කෝල වලින් ඉගැන්නුවෙ නෑ. මේ මිනිස්‌සු තමයි අද අවුරුදු තිහ හතලිස්‌පහ අතර ඉන්නේ. මේ නොදැනුවත් මිනිස්‌සු අතිනුයි මේ අපරාධය සිද්ධවෙන්නෙ. තවත් කාරණාවක්‌ තමයි කුඩු විකුණලා ජාවාරම් කරලා කළු සල්ලි හම්බුකරන මිනිස්‌සු තමුන්ගෙ සල්ලි සුදු කරගන්න නිදන් හා ධන සම්භාර ලැබීම් පිළිබ`ද මිථ්‍යා මත පළ කිරීම. අනෙක්‌ කාරණාව රන් කහවනු වැනි නිදන් වලින් ලැබෙනවායි සමාජගත කර තියන දේ වල ආකෘති නිර්මාණය කර හොර රහසේ අලෙවි කිරීම. මේ සියල්ලටම වඩා මාධ්‍ය මගින් කෙරෙන දඹ රන් ප්‍රතිමා ගැන කියෑවෙන ප්‍රකාශ මේ අදහස්‌ තහවුරු කිරීමට බලපා තියනවා. මේ ප්‍රකාශ මාධ්‍යයට දෙන්නෙ පුරාවිද්‍යා දැනුමක්‌ රහිත පොලිස්‌ නිලධාරීන්. ඔබ දන්නවද?. මෙතෙක්‌ ලංකාවේ කිසිම තැනකින් කවදාවත් දඹ රන් හෙවත් තනි රනින් කළ පිළිම හමුවෙලා නෑ. අපට හමුවන්නේ රන් ආලේපිත ලෝහ පිළිම. මේවයේ තියෙන්නෙ කෞතුක වටිනාකමක්‌ පමණයි.

අනෙක අභිචාර විධි පිළිබ`ද තියන විශ්වාසය. දුටුගැමුණු රජතුමාගෙ කඩුව තියනවානම් සදාකාලිකව බලයේ ඉන්න පුඵවන් කියන විශ්වාසයක්‌ දැන් පැතිරිලා යනවා. සදාකාලිකව බලය තියාගන්න නම් පාලකයින් කියනදේයි කරන දේයි අතර පරතරය අඩු කරගන්නවා මිසක්‌ කඩු හොයලා වැඩක්‌ නෑ. දුටුගැමුණුට සදාකාලිකව බලයෙ ඉන්න පුළුවන් කඩුවක්‌ තිබුණනම් රුවන්වැලි සෑය හදලා ඉවරවෙන්න කලින් මිය යන්න ඕන නෑ. සද්ධාතිස්‌සගෙ පැත්තෙන් පරම්පරා දෙකක්‌ යනකොට දුටුගැමුණු රාජවංශයම අතුරුදහන් වෙන්න ඕන නෑ. සද්ධාතිස්‌සගෙ පුතා වලගම්බා. වලගම්බාගෙ පුතා චෝරනාග. චෝරනාග මැරෙන්නෙ ඔහුගෙ බිසව වන අනුලා වහ දුන්නු නිසා. එතනින් එපිටට ඒ රාජ පරම්පරාව ඉවරයි. දුටු ගැමුණුටවත් වැඩක්‌ නැතිවුණ කඩුවක්‌ දැන් හොයන්නෙ ඇයි. රටම ඉන්නෙ මහා මිථ්‍යාවක.

ඔබවහන්සේට අනුව නිදන් තියනවා කියලා සමහරු කරන ප්‍රකාශ මිථ්‍යා දෘෂ්ටිකද?.

පැහැදිලිවම මේ ප්‍රකාශ මිථ්‍යා දෘෂ්ටිකයි. විශේෂයෙන්ම බෞද්ධ හිමි නමක්‌ තමුන්ගේ පුද්ගලික වාසි තකා එහෙම ප්‍රකාශයක්‌ කීරීම ජාතියේ අවාසනාවක්‌. මේ ප්‍රකාශය කළේ එල්ලාවල හාමුදුරුවො. පුරාවිද්‍යාව පිළිබ`ද ශාස්‌ත්‍රීය දැනුමක්‌ හෝ ශික්‌ෂණයක්‌ උන්වහන්සේට නැතිඋනාට උන්වහන්සේ විවිධ ස්‌ථාන ගවේෂණය කරමින් පුරාවස්‌තු පිළිබ`ද පුරාවිද්‍යාවට ඔත්තු සැපයූ හො`ද ඔත්තු කරුවෙක්‌. ඒ අංශයෙන් උන්වහන්සේ පුරාවිද්‍යාවට සේවයක්‌ කළ බව පිළිගත යුතුයි. එහෙත් ආණ්‌ඩුවේ පාර්ශවකාරයෙක්‌ ලෙස තමුන්ගෙ රාජ්‍ය පාක්‌ෂික කම පෙන්වන්න, තනතුරු හෝ වරප්‍රසාද අරගන්න, අපවත් වෙනකල්ල සැප වි`දින්න හිතාගෙන මේ කරපු ප්‍රකාශය කිසිසේත්ම සුදුසු නෑ. මොකද මේ මොහොත ජාතියක්‌ වශයෙන් මේ මහා ව්‍යසනයට මිනිස්‌සු නැගී සිටින්නට සූදානම් වන මොහොතක්‌. අපි සමාජයක්‌ විදිහට අපේක්‌ෂා කළ යුත්තේ ඒ වගේ පරිසරයකුයි. මේවගේ මොහොතක ඒ සමාජ බලවේගය දියකරලා හරින්න කිසිම පදනමක්‌ නැති මෙහෙම ප්‍රකාශ කිරීම මහා ප්‍රතිගාමී ක්‍රියාවක්‌.

propos recueil par ජානක ලියනආරච්චි SUNDAY DIVAINA

ආරථික අර්බුදයෙන් ඇති වී ඇති ජනතා අප්‍රසාදයෙන් බේරීමට ජෙනරාල් නිදහස් කිරීමට පියවර !
දිනෙන් දින ජනතා අප්‍රසාදයට පත් වෙමින් සිටින රාජපක්ෂ සහෝදර හවුලේ දූෂිත රජය ජෙනරාල් ෆොන්සේකා නිදහස් කර තම බලය නවත්තත් තහවුරු කර ගැනීමට උත්සහ දරමින් සිටින බව දේශපාලන විචාරකයින් පවසයි.

වීදේශීය සංචිත කඩ වැටීමත් එය පියවා ගැනීම සදහා අන්තර් ජාතික මුලය අරමුදලෙන් ඊලග නයවාරය කඩා ගැනීම සදහාත්, රට පුර සිදුවන මහා පරිමාණයේ දූෂණ, නිදන් හැරීම, කටුගෙවල් බිදීම, මින්සුන් පැහැර ගැනීම් වැනි ක්‍රියා සදහා රාජපක්ෂ පවුලේ සාමාජිකයන්ගේ නම් ගෑවී තිබීමත් මත ෆොන්සේකා මහතා නිදහස් කර හෝ යම් ප්‍රමාණයකට හෝ ඇවිලෙමින් පවතින ජනතා අප්‍රසාදය තුනී කිරීමට රාජපක්ෂ බලාපොරුත්තු වේ.

තුන්වන යුධ සැමරීම ට පෙර මෙය සිදුකරනු ලැබුවේද හමුදාව තුලම ජෙනරාල් වරයා සිරගත කරලීම පිලිබදව හමුදා සාමාජිකයන් රාජපක්ෂ සහෝදරයන් පිලිබදව ඇති පිළිකුල හා වයිරය නිසා ඔවුන්ගෙන් ඇතිවීමට ඉඩ තිබු විරෝදයන්ද අවම කරලීම සදහා බව නම හෙළි කිරීමට අකමැතිවූ හමුදා බ්‍රිගදියර්වරයෙකු අප හා පැවසීය.

ඉතා රහසිගතව පැවතුනු  ජෙනරල් නිදහස් කර ගැනීමේ සාකච්ඡාවේ දෙවන වටය ටිරාන්ගේ ගෙදරදී සිදු කෙරිණි. ජනාධිපතිවරයා එම නිවසට ගිය අතර තවත් විශේෂ අමුත්තියක්‌ ද එතනට සහභාගි වූවාය. ඕ අනෝමා ෆොන්සේකාය.

අනෝමා, ජනාධිපති මහින්ද හා ටිරාන් අතර කෙරුණු මේ අවසාන සාකච්ඡාව ෆොන්සේකාගේ නිදහස සම්බන්ධයෙන් තීරණාත්මක සාකච්ඡාව බව නිසැකය. අනෝමාද ඉතා හොඳ සාධාරණ ස්‌ථාවරයක සිටි බව අනාවරණය විය. ජනාධිපතිවරයා ද ඒ පිළිබඳ පැහැදිලි මතයක සිටියේය. කොන්දේසි කිසිවක්‌ පැනනොනැගි බව පසුව වාර්තා විය. කෙසේ වෙතත් අනෝමා ෆොන්සේකාගේ අදහස්‌ දැක්‌වීම්වලදී සිය දියණියගේ සැමියා නිදහස්‌ කරවීම ගැන ද යම් යම් කරුණු අඩංගු වී තිබූ බව පසුව වාර්තා වී තිබිණි.

මේ සියල්ලෙහි ප්‍රතිඵලයක්‌ ලෙස ජනාධිපතිවරයා 19 වැනි සෙනසුරාදා දිනයේ ෆොන්සේකා නිදහස්‌ කිරීම සම්බන්ධයෙන් සියලු ලියකියවිලිවලට අත්සන් තබන්නට නියමිත බව හෙළිවිණි.

පනාමුරේ ඇතුට මනුසත්කමේ පුෂ්පෝපහාරයයි…!
ශ්‍රී ලංකාව අලි ඇතුන්ගෙන් පොහොසත් රටකි. අලි ඇතුන්ගේ නිජබිමක්‌ වන මෙහි අලි පිළිබඳ කතාන්දර කප්පරකි. එහෙත්a අලි මිනිස්‌ ගැටුම ගැන කතා නොකර අලින් ගැන මේ කොයි කතාන්දරය කිව්වත් ඵල රහිතය. ඒ ගැන කතා කළහොත් අසහාය හස්‌ති විරුවකු වූ පනාමුරේ ඇතා ගැනද කතා නොකරම බැරිය. ඇතා යෑයි කීවද හේ අලියෙකි. එහෙත්, නිර්භීත බව අතිනුත්, තම වරිගයා වෙනුවෙනුත් දිවි හිමියෙන් ක්‍රියාකළ උත්තුංග ගුණ සහිත සත්වයෙකි.

එනිසාම “පනාමුරේ ඇතා” ගැන ඉතිහාසයේ පිටුවක්‌ වෙන්වී ඇත. ඒ මතුද නොව, හෙල ගී සාහිතේ” “පනාමුරේ ඇත් රාජා” ගැනද පරිච්ඡේදයක්‌ම සනිටුහන් වී තිබේ.

තමන්ට දිවි ගෙවීමට වෙන්ව තිබූ වන අරණට ගිනිබට හා අනෙකුත් රුදුරු ආයුධ සමග වැද භීතියෙන් මුළු වන අඩවියම කළඹා තම වරිගයේ උන් දැවැන්ත ලී පවුරකට කොටුකර මිනිස්‌ සත්වයා විසින් අල්ලා නොරටට ගෙන යැමට සැරසෙද්දී ඊට නොබියව මුහුණදී රැළේ නායකත්වය ගෙන තනිවම සටන් කර ඒ දඬු වැට කඩා සහපිරිවර මුදා ගනිද්දී මිනිසත් බවටත් නිගාදුන් මෘගයකු බඳු මිනිසකුගේ රුදුරු වෙඩි ප්‍රහාරයකට ගොදුරුව මේ දැවැන්තයා මියගියේය.

එදා ඉදිකළ ඇත් වැටේ

මෙම කණුව අදටත් ඉතිරිව ඇත.

1950 වර්ෂයේ අගෝස්‌තු මස 9 වැනිදා ලක්‌ දෙරණ තලය සිපගත් ඒ හස්‌ති රාජයාගේ අනුවේදනීය කතාන්දරය කිසිදා මෙරට වන සත්ව ලෝලීන්ගේ හදවත් තුළින් අකාමකා දැමිය නොහැකිය. එදිනෙන් පසු මෙරට මෙවැනි අලි ගාල් තැනීම හා අලින් වනයෙන් අල්ලා ගැනීම නීතියෙන් තහනම් කිරීමට පනාමුරේ ඇත්රාජා මරණ මංචකයේ සිට මෙරටට ලබාදුන් සුවිශේෂ ජයග්‍රහණයකි. එවන් අභීත හස්‌තිරාජයකු වෙනුවෙන් පය ඔසවන්නට, හඬක්‌ නගන්නට මෙරට ජනයා ක්‍රියා නොකරතියි කෙසේ සිතන්නද? පනාමුරේ හස්‌aතිරාජයාගේ වියෝවෙන් වසර 62 ක්‌ ගෙවී යන මේ මොහොතේදී එවන් ගුණගරුක මිනිසුන් කිහිපදෙනකුගෙන් සැදුම්ලත් පනාමුර ඓතිහාසික හස්‌තිරාජ පදනම පනාමුර ඇත්රාජා වෙනුවෙන් පමණක්‌ නොව රටට අමිල සම්පතක්‌ බඳු මෙරටේ සියලු අලි ඇතුන් අනුස්‌මරණය වෙනුවෙන් ක්‍රියාකිරීමේ මහඟු පිංකමට දායක වී ඇති බව අප දැනගත්තේ මෙම හස්‌තිරාජ පදනමේ අධ්‍යක්‌ෂ හොරණ පොලිස්‌ අධිකාරී සමන් රත්නායක මහතා සමග කතාබහ කිරීමෙනි. සමන් රත්නායක මහතා සමග මුලින්ම මට කතා කරන්නට අවස්‌ථාවක්‌ උදාවූයේ මීට ප්‍රථම අලින් පිළිබඳව “දිවයින ඉරිදා සංග්‍රහය” මගින් ලබාදුන් ටැබ්ලොයිඩ් පුවත්පතක්‌ සංස්‌කරණය කිරීමේදී ඊට පනාමුර ඇතා ගැනද පරිච්ඡේදයක්‌ ඇතුළත් කරන්නට මා ගත් උත්සාහයේදීය. එදින මෙම හස්‌තිරාජ පදනම ගැනත්, පනාමුරේ ඇත්ගාල තිබූ භූමියේ ඉදිකෙරෙන හස්‌ති කෞතුකාගාරය ගැනත් ඔහුගෙන් අපට දැනගන්නට ලැබිණි.

ඇත්රුව නිර්මාණය කරමින්…

ඉන් අනතුරුව අපගේ කතා බහ මඳකට සීමා වුවත්, පොලිස්‌ අධිකාරී සමන් රත්නායක මහතා අලින් පිළිබඳව ඉතාමත් මානුෂිකව හිsතන පරිසරවේදියකු බව මොනවාට පසක්‌ කරමින් නිරන්තරයෙන් මා වෙත දුරකථනයෙන් කතාකර එක ඉල්ලීමක්‌ ඉටුකර දෙන ලෙස වාර ගණනාවකදීම ඉල්ලා සිටියේය. 1983 දී පටන් ඉරිදා දිවයින සංග්‍රහයෙහි පියසේන කහඳගම සූරීන් විසින් ලියන ලද පනාමුරේ ඇතාගේ කතාව නැවත පළකර දීමට කටයුතු කරන ලෙසයි ඒ. එහෙත් කාලයත් සමග මේ ඉටු නොවුණු ඉල්ලීම නැවතත් ඉෂ්ඨ කරගන්නට ඔහු පසුගිය දිනෙක අපගේ කාර්යාලයටම පැමිණ ඒ අවශ්‍යතාව අපගේ ප්‍රධාන කතුතුමා හා පරිපාලන කතුතුමාටද ඉදිරිපත් කළේය. අද මෙම පිටුවේ පහත එම පැරැණි ලිපිය පළවන්නේද එනිසාමය. එසේම හස්‌තියාගේ 62 වැනි සිහිකිරීම සිදුවන අගෝස්‌තු මස 09 වැනිදා පනාමුර ඇත්ගාල ස්‌ථාපනය කර එහි යෝජිත හස්‌ති කෞතුකාගාරය විවෘත කිරීමද, කලා ශිල්පී නවරත්න ගමගේ මහතාගේ සහභාගිත්වයෙන් මෙම ඇත්ගාල භූමියේදී සජීවී නාද කාව්‍යයක්‌ හා ඒ හා සම්බන්ධ සංගීත සංයුක්‌ත තැටියක්‌ එළිදැක්‌වීමටත්, සංස්‌කෘතික කලා මංගල්‍යක්‌ පැවැත්වීමටත් කටයුතු යොදා තිබීමත් මීට තවත් හේතුවකි.

පනාමුරේ හස්‌තිරාජයාගේ හිස්‌ කබල

“මම දවසක්‌ මේ පනාමුර ඇත්ගාල භූමිය තිබූ තැන බලන්න ගියා. ඒත් එය එදා බොහෝම දුක්‌ඛදායක තත්ත්වයක තිබුණේ. පැරැණි දිය බුබුලත්, එදා පැරැණි ඇත්ගාලෙ කණුවකුත් විතරයි දකින්නට තිබුණේ. ඒවත් කැලෑවෙන් වැහිලා. අතීතයේ අක්‌කර හතරක භූමි ප්‍රමාණයක තිබූ මේ ඇත්ගාල අද කුඩා බිම් කොටසකට සීමා වී තිබෙන්නේ. මේ තත්ත්වය දැකලයි මම තීරණය කළේ මේ ඓතිහාසික ස්‌ථානය අනාගත පරපුර වෙනුවෙන් රැකතබන්න වැඩපිළිවෙළක්‌ යොදන්න ඕන කියල. ඊට පස්‌සෙ ප්‍රදේශයේ ප්‍රභූන්, නිලධාරීන්, ප්‍රදේශවාසීන්, ගවේශකයන් මේ සඳහා සම්බන්ධ කරගෙන තමයි අපි පනාමුර හස්‌තිරාජ පදනම ආරම්භ කළේ.” සමන් රත්නායක මහතා පවසයි. ඉන්පසු ඇත්ගාල සංරක්‍ෂණය සඳහා කටයුතු සැලසුම් කෙරුණු අතර, පනාමුර ඇත්රාජාගේ සත්‍ය ඡායාරූප හා සත්‍ය හිස්‌කබලද යොදා ගනිමින් කෞතුකාගාරයක්‌ මෙහි ඉදිකරන්නට තීරණය විය. මෙම කෞතුකාගාරය දැනටමත් වැඩ නිමවෙන තත්ත්වයේ පවතින අතර, වැඩ නිමවීමෙන් පසු මෙය අලි ඇතුන් පිළිබඳව අධ්‍යයනය කරන්නට අවශ්‍ය පහසුකම් සලසන මධ්‍යස්‌ථානයක්‌ බවටත්, විවිධ අනතුරුවලට භාජනය වන මෙරට අලි ඇතුන් වෙනුවෙන් සේවා සපයන ස්‌ථානයක්‌ බවට පත්කිරීමටත් යොදාගන්නා බව පදනමේ විධායක අධ්‍යක්‍ෂ සමන් රත්නායක මහතා පවසයි. මෙය මෙරට අලි ඇතුන් පිළිබඳ සියලු විස්‌තර ඇතුළත් එකම කෞතුකාගාරය වනු ඇති බවටද ඔහු අප සමග පැවසීය.

මෙම භූමියේ පනාමුර හස්‌තියාගේ ජීවමාන ප්‍රමාණයේ රුවක්‌ තැනීමටත් දිය බුබුල සංරක්‍ෂණයට අමතරව පැරැණි ඇත්ගාලේ ආකෘතියට තැනෙන වැටේ කොටසක්‌ද මෙහි ඉදිකෙරෙන බවත් රත්නායක මහතා පැවසීය.

විවිධ දානපතීන් විසින් මේ දක්‌වා මෙහි සියලු කටයුතු සඳහා මුදල් පරිත්‍යාග කළ බවත්, තවදුරටත් අවශ්‍ය මුදල් ප්‍රතිපාදන සපයා ගැනීම සඳහා ගායන ශිල්පීන් රැසකගේ සහභාගිත්වයෙන් ඉකුත් දා මහරගම යොවුන් රඟහලේදී පදනමට ආධාර පතා ගායන ප්‍රසංගයක්‌ පැවැති බවද රත්නායක මහතා පවසයි.

සැබැවින්ම මෙවන් සද්ක්‍රියාවකට මුල පුරා පොලිස්‌ අධිකාරී සමන් රත්නායක මහතා සමාජයට මහත් ආදර්ශයක්‌ද, සත්ව අවිහිංසාව පිළිබඳ වැදගත් පාඩමක්‌ද කියා දී ඇති බව පෙනේ. එසේම ඔහු පෞද්ගලිකවම මේ මගින් මහා කුසලකර්මයක්‌ කරගෙන ඇති බවද මට හැඟේ. ඔහුගේ නොපසුබට උත්සාහය මත පනාමුර හස්‌තිරාජ පදනම බිහිවී එහි අනෙකුත් නිලධාරීන්ගේ හා ගම්වාසීන්ගේ සහායෙන් ඔවුන් බොහෝ දුරගොස්‌ ඇති බව එහි වත්මන් ප්‍රගතිය විමර්ශනයේදී අපට පැහැදිලි වේ. තවත් නොබෝ දිනකින් ඔවුන්ගේ ඒ උතුම් ප්‍රාර්ථනාවේ මල් පූදිනු පෙනේ. වැපිරූ ඵලයෙහි රන් අස්‌වනු පීදෙනු දැනේ. දැයක්‌ අවදි කළ නිර්භීත පනාමුර හස්‌තිරාජයාගේ ගුණකඳට මිනිසත් බවේ පුෂ්පෝපහාර පූජාව යෙදෙන දවස, අගෝස්‌තු 09 වැනිදාය. ඒ පනාමුර හස්‌තියා මියගොස්‌ වසර 62 ක්‌ ගෙවෙන දිනයයි. අපිදු ඒ උතුම් පූජාවේ කොටස්‌කාරයන් වන්නට අතැඟිලි ගනිමින් බලා හිඳින්නෙමු.

propos recueil  par ජගත් කණහැරආරච්චි SUNDAY DIVAINA

විශ‍්‍රාම වැටුප් සටන කිරීටයෙන් ඇරඹේ!
දස දහස් ගණනක් පොදු සේවා සේවකයෝ අද (10දා) බි‍්‍රතාන්‍යයේ නගර පුරා විරෝධතා පෙළපාලි පවත්වමින් රජයේ නව විශ‍්‍රාම වැටුප් සංශෝධන තිරණයන්ට විරෝධය දැක්වූහ.

බි‍්‍රතාන්‍ය රජයේ නව විශ‍්‍රාම වැටුප් සංශෝධන විසින් සේවකයන් ගේ ශ‍්‍රමය බරපතල ලෙස කොල්ලකෑමකට ලක්කර ඇතැයිද සොච්චම් විශ‍්‍රාම වැටුපක් ලබා ගැනීම ස`දහා සේවකයන්හට දීර්ඝ කාලයක් සේවය කිරීමට සිදුවී ඇතැයි ද පැය 24 ක් වර්ජනයකට යොමුවූ ලක්ෂ 4 කට අධික පොදු සේවා සේවකයෝ පවසති. බි‍්‍රතාන්‍ය ජාතිකයන් ඉතා දිර්ඝ කාලයක් ජීවත් වන නිසා වර්තමාන විශ‍්‍රාම වැටුප් ක‍්‍රමය ඉතා අසාධාරණ බවද එම නිසා විශ‍්‍රාම ගැන්වීමේ වයස් සීමාව අවුරුදු 68 දක්වා දීර්ඝ කල යුතු බවද බි‍්‍රතාන්‍ය රජය පවසයි.

ආණ්ඩුවේ ආර්ථික දත්ත ගැන මෙන්න මේකයි ඇත්ත!-මහාචාර්ය ප්‍රේමා පොඩිමැණිකේ
පසුගියදා නිකුත් වූ මහ බැංකුවේ වාර්ෂික වාර්තාවට අනුව අපේ රට ඒකපුද්ගල ආදායම වේගයෙන් වැඩිවන උද්ධමනය වේගයෙන් අඩුවෙන සහ ආර්ථික වර්ධන වේගය සියයට 8.3 ක සීමාවේ පවතින රටකි. නමුත් රටේ ජනතාවට දැනෙන්නේ ජීවත්වීම ක්‍රමයෙන් දුෂ්කර වෙමින් පවතින බවකි. රටේ උද්ධමනයත් අඩුවෙනවා නම් ඒක පුද්ගල ආදායමත් වැඩිවෙනවා නම් ආර්ථික වර්ධන වේගයත් යහපත් නම් ජනතාවට ජීවත්වීම දුෂ්කර වන බව දැනෙන්නේ කෙසේද? කැලණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අංශයේ මහාචාර්ය ප්‍රේමා පොඩිමැණිකේ සමග දිවයින ඉරිදා සංග්‍රහය පැවැත්වූ සාකච්ඡාවකි මේ.

පසුගියදා එළිදැක්‌වුණු මහ බැංකුවේ වාර්ෂික වාර්තාවෙන් අපේ රටේ ආර්ථිකය සුබවාදී ගමනකට අවතීර්ණ වී ඇති බව පෙන්වාදී තිබෙනවා. නමුත් රටේ ජනතාව දිනෙන් දින අධික ජීවන බරෙන් පෙළෙන පිරිසක්‌ බවට පත්වෙමින් සිටිනවා. එහෙම වෙන්න පුළුවන්ද? එහෙම වෙනව නම් ඒ ඇයි?

අපේ රටේ ඒකපුද්ගල ආදායම ක්‍රමයෙන් වැඩිවන බව මහ බැංකු වාර්තාව පෙන්වා දීල තියෙනවා. 2005 වසරේදී ඇමරිකානු ඩොලර් එක්‌දහස්‌ ගණනක තිබුණු ඒකපුද්ගල ආදායම 2012 වසරේදී ඇමරිකානු ඩොලර් 2536 ක්‌ ලෙස සඳහන් වෙනවා. එසේම 2016 වසර වන විට මේ රටේ ඒකපුද්ගල ආදායම ඇමරිකානු ඩොලර් 4000 සීමාවට ගෙන ඒම ඉලක්‌කය බවත් පැවසෙනවා.

එසේම රටේ උද්ධමනයත් 5.3 තරම ප්‍රමාණයකට පහත බැස ඇති බවත් කියනවා. ආර්ථික වර්ධන වේගයත් 8.3 ක මට්‌ටමක පවතින බවයි මේ වාර්තාවෙන් කියන්නෙ. නමුත් අද අපි හැමෝටම තියෙන ප්‍රශ්නය රටේ ආර්ථිකය මෙබඳු තත්ත්වයක තිබෙනව නම් එහි ප්‍රතිලාභ සාමාන්‍ය ජනතාවට නොලැබෙන්නෙ ඇයි කියන කාරණය.

අනිත් කාරණය පසුගියදා ගෑස්‌, කිරිපිටි සහ සිමෙන්ති මිල විශාල ගණනකින් ඉහළ ගියේ මේ කියන සතුටුදායක ආර්ථික මට්‌ටමක අපේ රට පවතින විටයි. පාන් පිටි මිල වැඩිකිරීමත් සමගයි මේ අත්‍යවශ්‍ය භාණ්‌ඩවල මිල වැඩිවුණේ.

ඊළඟට මේ වැඩිවුණු භාණ්‌ඩ දෙස බලන විට ඒවා මේ රටේ සාමාන්‍ය ජනතාව වැඩි වශයෙන් භාවිත කරන භාණ්‌ඩ. ගෑස්‌ මිල වැඩිවීම ඒ භාවිතයෙන් හදන සියලුම ආහාර මිල වැඩිවීමට හේතුවක්‌. කිරිපිටි මිල වැඩිවීමත් සෘජුවම සාමාන්‍ය ජනතාවට දැනෙන දෙයක්‌. උද්ධමනය කියන වචනය තුළ තියෙන්නෙ භාණ්‌ඩ මිල වැඩිවීම නම් මහ බැංකු වාර්තාවෙන් කියන රටේ උද්ධමනය පහළ යමින් තිබෙනවා කියන දේ මේ අනුව කොහොමද විග්‍රහ කරගන්නේ. මේ මිල වැඩිවුණු සියලුම භාණ්‌ඩවලින් කෙළින්ම අපහසුතාවට පත්වන්නෙ සාමාන්‍ය ජනතාව. රජය කියන උද්ධමනය අඩුවීම ප්‍රායෝගිකව පෙනෙන්න නැහැ.

උද්ධමනය අඩුවෙනව නම්, ආර්ථික වර්ධන වේගයත් වැඩි වෙනව නම් ඒක පුද්ගල ආදායමත් වැඩිවෙනව නම් ඇයි ඒක ජනතාවට දැනෙන්නෙ නැත්තෙ?

අපේ රට ආදායම් විෂමතාව වැඩි රටක්‌. රටේ ආදායමෙන් ඉතා විශාල ප්‍රමාණයක්‌ භුක්‌ති විඳින්නෙ ජනගහනයෙන් ඉතා සුළු කොටසක්‌. රටේ විශාල පිරිසකට ලැබෙන්නෙ ජාතික ආදායමෙන් ඉතා සුළු ප්‍රමාණයක්‌ විතරයි. ආර්ථික සංවර්ධනයේ ප්‍රතිලාභ ජනතාව වෙතට ගමන් නොකරන්නෙ මේ ආදායම් විෂමතාව නිසයි.

ආර්ථික සංවර්ධනයේ සහනය ජනතාවට නොදැනෙන අනික්‌ හේතුව රුපියල අවප්‍රමාණය වෙමින් පවතින තත්ත්වය. මේ වන විට සියයට 13 කින් පමණ රුපියල අවප්‍රමාණය වී තිබෙනවා. රුපියල අවප්‍රමාණය වීමේ ප්‍රතිවිපාක විඳ දරාගන්න සිදුවෙලා තිබෙන්නේ සාමාන්‍ය ජනතාවටයි. රුපියල අවප්‍රමාණය වීම නිසා විදේශවලින් ගෙන්වන භාණ්‌ඩවලට විශාල මුදලක්‌ ගෙවන්නට සිදුවී තිබෙනවා. විශේෂයෙන් බොරතෙල් ආනයනයේදී ගෙවීමට සිදුවී ඇති මුදල අතිවිශාල ලෙස වැඩිවෙලා. ආනයනික භාණ්‌ඩවලට වැඩිමිලක්‌ ගෙවන්නට සිදුවන විට රට තුළ භාණ්‌ඩ මිල ඉහළ යැම වළක්‌වන්න බැහැ. ආණ්‌ඩුව සංඛ්‍යාලේඛන හරහා ආර්ථිකයේ ගමන්මග විස්‌තර කළාට බඩු මිල වැඩිවීම හරහා සාමාන්‍ය ජනතාවට ජීවන බර තදින් දැනෙන්නට පටන් අරං තියෙන්නේ ඒ නිසයි.

රටේ ජනතාවට අද මුහුණ දෙන්නට සිදුවී තිබෙන මේ තත්ත්වය, ආණ්‌ඩුවේ ආර්ථික කළමනාකරණයේ දුර්වලතා නිසා ඇති වූ තත්ත්වයක්‌ ලෙස ඇතමුන් හඳුන්වනවා නේද?

පොදුවේ ගත්තොත් ආණ්‌ඩුවේ ආර්ථික කළමනාකරණයේ අඩුපාඩු තියෙනවා. නිසිලෙස ආර්ථිකය කළමනාකරණය කරන්න ආණ්‌ඩුව තවම මැදිහත් වෙලා නෑ. නාස්‌තිය සහ දූෂණය ඉහ වහ ගිහිල්ලා තියෙනවා. ආණ්‌ඩුව මූල්‍ය විනය ආරක්‍ෂා කරගෙන ආර්ථිකය නිසි ලෙස කළමනාකරණය කරන බවක්‌ පෙනෙන්නට නැහැ. එබඳු පාලනයකින් යුතු මූල්‍ය කළමනාකරණයක්‌ නැතිව රටේ ආර්ථික සංවර්ධනයේ ප්‍රතිලාභ ජනතාවට නිසි පරිදි ලැබෙන්නේ නැහැ.

භාණ්‌ඩ මිල ඉහළ යැමට මුහුණ දිය හැකි එක්‌ ක්‍රමයක්‌ වන්නේ ජනතාව තමුන්ගේ ආදායම වැඩිකර ගැනීම. නමුත් භාණ්‌ඩ මිල ඉහළ යන ප්‍රමාණයට සරිලන ලෙස අපේ රටේ වැටුප් වැඩිවෙන්නෙ නැහැ. බොහෝ දෙනකුට තම ආදායම වැඩි කරගන්න වෙනත් විකල්ප මාර්ගත් නැහැ. නමුත් අපේ රටේ ඒකපුද්ගල ආදායම වැඩිවන බව සංඛ්‍යාලේඛනවලින් පෙන්වා දී තිබෙනවා. ජනතාවගේ ආදායම වැඩිවෙන්නෙ නැතිව රටේ ඒකපුද්ගල ආදායම වැඩිවෙන්නෙ කොහොමද?

ජනතාවට තමුන්ගෙ ආදායම වැඩිවෙන බව නොදැනෙන, ඒත් සංඛ්‍යා ලේඛනවලට අනුව රටේ ඒක පුද්ගල ආදායම වැඩිවන බව දැක්‌වෙන තත්ත්වයත් කලින් අප සඳහන් කළ රටේ ආදායම බෙදීයැමේ විෂමතාව නිසා ඇති වී තිබෙන තත්ත්වයක්‌.

පසුගියදා කිරිගොවීන් ගේ ප්‍රශ්නයක්‌ මතුවුණා. ඔවුන් ආරක්‍ෂා කර ගැනීම සඳහා රජය ක්‍රියාමාර්ග ගන්නා බව කියනවා. එය ජනතාවට දැනෙන ප්‍රතිපත්තියක්‌ වෙන්න ඕන. අපේ රටේ කෘෂිකර්මාන්තයේ නියෑළි කිසිවකුට අපේ රටේ එබඳු ප්‍රතිපත්තියක්‌ තිබෙන බවක්‌ දැනෙන්නෙ නෑ. මේ තත්ත්වය වෙනස්‌ වෙන්නට ඕන. ඒකපුද්ගල ආදායම වැඩිවෙනව කිව්වට ඒක ජනතාවට ප්‍රායෝගිකව දැනෙන්නෙ නෑ. අපේ රටේ තියෙන ආදායම් බෙදී යැමේ විෂමතාව මෙයට ප්‍රධාන වශයෙන් බලපානවා.

ඔබ හිතන්නෙ අපේ රට සංවර්ධනය කර ගැනීම සඳහා අනුගමනය කරන උපාය මාර්ගවල වෙනසක්‌ සිදුකළ යුතුයි කියලාද?

රටක්‌ සංවර්ධනය වෙත ගමන් කරවන්නට දැඩි තීන්දු තීරණ ගත යුතුයි. එහිදී මහජනතාවටත් යම් යම් අපහසුතාවලට මුහුණ දෙන්න වෙනවා. ලෝකයේ සංවර්ධනය වූ රටවල් දෙස බලන විට ඒ රටවල් සංවර්ධනය වී තිබෙන්නේ ඔවුන්ට ගැළපෙන ආර්ථික ප්‍රතිපත්ති දැඩි තීන්දු තීරණ මත ක්‍රියාත්මක කිරීම තුළිනුයි.

විශේෂයෙන්ම රටක ආදායම බෙදීයැමේ විෂමතාවක්‌ තිබෙන විට සංවර්ධනයේ ප්‍රතිලාභ නිසි ලෙස ලැබෙන්නෙ නෑ. ඒ නිසා රටේ ආර්ථික කළමනාකරණය කිරීමේදී පැහැදිලි ප්‍රතිපත්තියකට අනුව තීන්දු තීරණ ක්‍රියාත්මක කළ යුතුයි. ආර්ථිකය මෙහෙයවීම සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්තියක්‌ අවශ්‍යයි. ඒ සමග එයට ගැළපෙන ලෙස ජනතාව තුළ ආකල්පමය වෙනසකුත් ඇති කරන්න ඕන.

ඊළඟට අද අපේ රටට අත්‍යවශ්‍ය වී තිබෙන අනෙක්‌ ප්‍රධාන කාරණය මූල්‍ය විනය. රටක්‌ සංවර්ධනය කළ හැක්‌කේ දැඩි මූල්‍ය විනයක්‌ සහිත නිසි ආර්ථික කළමනාකරණයක්‌ තුළිනුයි. ආර්ථික වර්ධන වේගය පිළිබඳ හෝ ඒකපුද්ගල ආදායම පිළිබඳ හෝ උද්ධමනය පිළිබඳ කෙබඳු විශ්ලේෂණ ඉදිරිපත් වුවත් ඒවා රටේ සංවර්ධනයටත් පොදු ජනතා යහපතටත් යෙදවෙන බව දැනෙන්නේ හා පෙනෙන්නේ මූල්‍ය විනයකින් යුත් යහපත් ආර්ථික කළමනාකරණයක්‌ රටේ ක්‍රියාත්මක වන විටයි.

සාකච්ඡා කළේ පාලිත සේනානායක

propos recueil par SUNDAY DIVAINA

මම එදා කියපු දේවල් අදටත් වලංගුයි-සොමි රත්නායක
”සොමිනන්ද රත්නායක” ගේ නමට ඉදිරියෙන් ලිවිය හැකි පූර්විකාව ඉතා දිගු එකකි. එය වඩාත් කෙටි කරන්නට ගත් උත්සාහය ”ගුලි කර” ඉවත දැමූ සටහන් කොළ ගණනාවකි.’කෙටි කරන්නට ගත් උත්සාහය තුළ… ”සොමිනන්ද රත්නායක” අම්බලන්ගොඩ ඉපැදී රත්නපුරයේදී අකුරු කර ඉතා අසීරු ගමනකින් පසු මෙරට සිනමාවේ, වේදිකාවේ, ටෙලි නාට්‍යයෙහි සළකුණක්‌ තැබූවෙක්‌ බව මූලිකව සටහන් තබමි.’අනතුරුව මේ ක්‍ෂේත්‍රයන් තුළ ඔහුගේ ප්‍රතිභාව සනිටුහන් කළ අවස්‌ථා මෙසේ කෙටියෙන්ම සටහන් තබමි.”’සොමිනන්ද” රංගනයෙන් දායක වූ සිනමා පට අතර හුලවාලි, උතුමාණෙනි, දඩයම, සුද්දිලාගේ කතාව, බව දුක, බව කර්ම, සුරබි දෙන ඇතුලු තවත් රැසකි. වරංගා, දළ රළ පෙළ, සුද්දහාමි, ටෙලි නාට්‍ය රංගනයන් පිළිබඳව සිහිපත් කරයි. අධ්‍යක්‍ෂණය කළ ටෙලි නාට්‍ය අතර දාසි, ඉන්ද්‍රජාලි ද අධ්‍යක්‍ෂණය කළ වේදිකා නාට්‍ය අතර එනස්‌ කෝලා, රන් සලකුන, සබඳ මම රස්‌පුටින් ද වේ. මේ කෙටි සටහන් තැබීමම, සොමිනන්ද රත්නායක යනු අන්කවරකුත් නොව මෙරට සිනමා වේදිකා නාට්‍ය රසිකයන් ආදරය කළ ගැඹුරු කටහඬ පෞරුෂයකින් යුත් රංගධරයකු වන ”සොමී රත්නායක” බව ඔබට සිහිපත් කරන බව දනිමි.’මේ දුරු රට ගොස්‌ සිටින ”සොමී” මේ බිමට පැමිණ අස්‌වැසිල්ලේ අපි මුණ ගැසුණු මොහොතයි.

”’ඔබ රංගන ශිල්පියෙක්‌ වෙන්න ඕන කියන ඉලක්‌කයෙන් වැඩ කළ පුද්ගලයෙක්‌ද?

‘ඇත්තටම නෑ… මම නළුවෙක්‌ වුණේ අහම්බෙන්.

‘එතකොට ”නළුවෙක්‌” කියන ඉලක්‌කය නොතිබුණු නිසාද රට අත්හැරලා ගියේ.

‘නෑ…. මම නළුවෙක්‌ වීම අහම්බයක්‌ වුණාට, පස්‌සේ කාලෙක මගේ වෘත්තිය වුණේ, ඉලක්‌කය වුණේ ”රංගනය” ම තමයි.’

” ඒ අහම්බය ගැන ටිකක් කතා කරමු

‘මගේ යාළුවෙක්‌ වේදිකා නාට්‍යයක්‌ කරනවා කිව්ව නිසා මම සුදර්ශියට ගියා. එතැනදී මාව සුමන ආලෝක බණ්‌ඩාරගේ ”එරබඳු මල් සිනාසුනා” නාට්‍යයට තෝරා ගත්ත. ඒක විරල අත්දැකීමක්‌. මම ”සුමන” ගෙන් පස්‌සේ කාලෙක ඇහුවා ඇයි මාව තෝරා ගත්තේ කියලා. එතකොට සුමන කිව්වේ ”ඔය කටහඬ තියෙන්න ඕන වේදිකාවේ” කියලයි.’පස්‌සේ කාලෙක මම දයානන්ද ජයවර්ධනගේ ”අමරණීය ආදරය” චිත්‍රපටයෙන් සිනමාවට සම්බන්ධ වෙනවා. හැබැයි ඒ සම්මුඛ පරීක්‍ෂණයකින් සමත් වෙලයි. පස්‌සේ කාලෙක මට හොඳ චරිතයක්‌ කරන්න ලැබෙන්නේ ”සෙලීනාගේ වලව්ව” චිත්‍රපටයෙනුයි.

‘ආව තරම් වේගයෙන් සිනමාවේ ස්‌ථාවර වෙන්න ඒ කාලයේ අමාරුයි නේද?’‘ඔව්. අපිට නිතරම හොඳ චරිත ලැබෙන්නෙත් නෑ. විජය, ගාමිණී. රවීන්ද්‍ර මේ වගේ අය අතරේ අපිව එතරම්ම කැපිලා පෙනුනේ නෑ. ඒ නිසාම අපි වේදිකාවට ගියා. හැබැයි මොන හේතුවක්‌ උඩ හරි මට චිත්‍රපට නොලැබී තිබුණෙත් නෑ.’ක්‍ෂේත්‍රයට ආපු දා ඉඳලම ”වෘත්තීය” නළුවෙක්‌ බවට පත්වුණාද?’ඇත්තටම කිව්වොත් මම මුල් කාලයේ පොඩි රස්‌සාවක්‌ කරන ගමන් තමයි වේදිකාවට ආවේ. හැබැයි කෙටි කාලයකින් අර රස්‌සාවට යන එක නතර කළා. අපි එතරම්ම කැපවීමක්‌ ක්‍ෂේත්‍රය වෙනුවෙන් කළ යුතුයි කියලා හිතුනා.’හැබැයි මම පාසල් ජීවිතයට ආයුබෝවන් කිව්වට පස්‌සේ මම දිගින් දිගටම රස්‌සාවක්‌ හෙව්වා. පොලිසියට, හමුදාවට, ගුවන් හමුදාවට බැඳෙන්න මම උත්සාහ කළා. ඒත් හරි ගියේ නෑ.

‘හැබැයි අද වෙනකොට ක්‍ෂේත්‍රයට එන්න ඔය කියන තරම් අමාරු නැහැ නේද?

‘ඇත්තටම ඔව්. අද ඕනෑම කෙනෙක්‌ මුලින්ම එන්නේ ටෙලි නාට්‍යවලට. ඊළඟට සිනමාවට. ඒ කාලයේ අපි වේදිකාවට ආවත් අපිට තිබුණ එකම ආකල්පය සිනමා නළුවෙක්‌ වීමයි. සිනමා නළුවකුට ඒ කාලයේ සමාජයේ ලැබුණු පිළිගැනීම ගැන අපිට ලොකු ආශාවක්‌ තිබුණා. අපි ඒ කාලයේ චිත්‍රපට අධ්‍යක්‍ෂවරයෙක්‌ මුණගැහුනම ඒ අයගේ අවධානය දිනාගන්න නොකරන දෙයක්‌ නෑ. අධ්‍යක්‍ෂවරයෙක්‌ කතා කරලා චරිතයක්‌ දෙන්නම් කිව්වොත් ඒක අපිට විශාල සතුටක්‌ ගෙන දුන්නා. එක වතාවක්‌ අධ්‍යක්‍ෂවරයෙක්‌ චරිතයක්‌ දෙන්නම් කිව්ව නිසා මම එයාට දුරකථන ඇමතුම් එකසිය පනහක්‌ විතර දුන්නා. ඒත් චරිතය ලැබුණේ නෑ. එදා සිනමාවට එනවා කියන එක එතරම්ම ලේසි වුණේ නෑ.

‘හැබැයි ඒ අපහසුතාව ජයගන්න ඔබට හැකි වුණා.

‘ඇත්තටම… පස්‌සේ කාලෙක සිනමාව තුළත් යම් පිබිදීමක්‌ ඇති වුණා. වෘත්තීමය ලෙසම. සිනමාව සමග කටයුතු කරන්න හැකියාව ලැබුණා. වාණිජ චිත්‍රපට බොහෝමයක්‌ නිපදවුණා. හැබැයි ඒ හැම එකක්‌ම හොඳ චිත්‍රපට. කසිකබල් නෙවෙයි. විශේෂයෙන් වේදිකාව එක්‌ක සම්බන්ධවෙලා හිටපු අයත් චිත්‍රපට කරන්න පටන් ගත්තා. කලාත්මක චිත්‍රපට එක්‌කම වාණිජ චිත්‍රපටත් හරි හරියට හැදුනා. අපි තුළ ”සිනමා නළුවෙකු විය යුතුයි” ”එය අපේ වෘත්තිය විය යුතුයි” කියන සිතුවිලි වලට ඒ යුගය හරියටම ගැලපුනා.’ මම මුල් ප්‍රශ්නයම ඔබෙන් ඇහුවොත්, ඒ අවස්‌ථාව අතහැරලා ඔබ විදේශගත වුණේ ඇයි. ‘ඇත්තටම පස්‌සෙ පස්‌සේ, ඒ කියන තත්ත්වය නැති වුණා. පසුකාලීනව ”වෘත්තියක්‌” ලෙස තෝරා ගන්න බැරිතරමට සිනමාව කඩා වැටුණා. අද සිනමාව එන අයත් කරන්නේ ටෙලි නාට්‍ය කරන එකයි.’අපි ඒ කාලයේ හිතුවේ තවදුරටත් මේ කර්මාන්තයේ රැඳිලා ඉන්න එක මෝඩකමක්‌ කියලයි. අපිට අපේ වෘත්තීය ස්‌ථාවරය ගැන, පවුලේ ආර්ථිකය ගැන හිතන්න වුණා. ඒ කාලයේ අපි තීන්දු තීරණ ගත්තේ විජය, ගාමිණී, මාලනී ජෝ වගේ අයගේ ජීවිත දිහා බලලා. ඒ අය අපිට වීරයෝ නිසා අපි හිතුවා ඒ අයගේ වෘත්තීමය මට්‌ටමට අපිටත් එන්න පුළුවන් කියලයි. 1996 වෙන කොට මේ රටේ හිටපු එකම වෘත්තීය නළුවා මම. මම හම්බ කළේ රඟපෑමෙන් ජීවත්වෙන්න. චිත්‍රපට, වේදිකා නාට්‍ය නිෂ්පාදනයට වියදම් කළේ ඒ සල්ලි. රටේ තිබිච්ච තත්ත්වයයි….. අපේ කර්මාන්තය රැක ගන්න බැරි උදවියයි දෙගොල්ලොම නිසා සිනමාව කඩා වැටුනා. බොහෝ දෙනෙක්‌ රඟපෑවේ විවිධ රැකියා වල යෙදෙන ගමන්. තවත් අයට ව්‍යාපාර තිබුණා. ඒ නිසා මට තීරණයක්‌ ගන්න වුණා. හැබැයි මම එදා කතා කළ දේ අදටත් වලංගුයි.

‘සිනමාව ගොඩ ගන්න ඉන්න අයම ”රට ගියාම” වෙන වෙන ව්‍යාපාර කරපුවාම සිනමාව කොහොමත් කඩා වැටෙනවනේ.

”ඒක හරි. ඒ කතාව හරි මම නෑ කියන්නේ නෑ. හැබැයි අපි විතරක්‌ සිනමාව ගොඩගන්න හිතනව නම් ඒක විහිළුවක්‌. මොකද මේකට පවතින රජය පාර්ශ්වයෙන් වගේම තවත් බොහෝ අයගේ එකතුවක්‌ අවශ්‍යයි. ඉන්දියාවේ සිනමාවට ඒ රජය විශාල වශයෙන් අනුග්‍රහය දක්‌වනවා.’ඒක ගැන දන්න නිසා ආයෝජකයෝ නිෂ්පාදකයෝ බය නැතුව වියදම් කරනවා. හොඳ කතා එනවා. අපේ රටේ එහෙම වෙනවද? සිනමාව ගොඩගන්න හිතාගෙන කොහොම හරි චිත්‍රපටයක්‌ කරනවා කියාගෙන ආපු අය නිසා නළු නිළියන්ට කිසිම වාසියක්‌ අත්වුණේ නෑ. නළු නිළියන්ට වෘත්තීය ගරුත්වය තියාගෙන සිය මුදල් ලබාගැනීමේ හැකියාව තියෙන්නෙ ඕන. සමහර චිත්‍රපට වලට අද වෙන කොට මිලියන බිලියන ගණන් වියදම් කරනවා. හැබැයි දුවන්නේ නෑ. වරද කොතැනද? ‘මගෙත් ප්‍ර්‍රශ්නය ඒකමයි. ”වරද කොතැනද?”’ මුල් යුගයේ කොහොම කොහොම වුණත් පසු කාලීනව සිනමාව කියන්නේ අපේ සංස්‌කෘතියේ එක්‌තරා අංගයක්‌ කියන එක අමතක කරන්න බැහැ. ඒත් ඒකට ලැබෙන සහ ලැබුණ වටිනාකම මොකක්‌ද? හොලිවුඩය බොලිවුඩය කොලිවුඩය මේ මේ හැම එකක්‌ම දියුණු වෙන්නේ ඇයි. ‘හිටපු රාජ්‍ය නායකයන් වගේම මේ රජයෙනුත් සිනමාවට බදු සහන දීලා, ආයෝජකයෝ ලබාදීලා, තාක්‌ෂණික උපකරණවලට බදු සහන දීලා, විවිධ දේවල් කරනවා. හැබැයි සිනමාවේ අර්බුදය තවමත් එහෙමයි. අපි ජාත්‍යන්තර සිනමාවට ලංවෙන්නවත්, ඒ වෙළෙඳපොළ ජයගන්නවත් උත්සාහ දරන්නේ නෑ.

‘හැබැයි ජාත්‍යන්තර අවධානයට යොමු වෙච්ච චිත්‍රපට පසුගිය කාලයේ නිපද වුණා.

‘ඔව්. හැබැයි ඒ විත්‍රපටවලට සාපේක්‍ෂව ගත්තොත් 1962-64 අවුරුදු වල ගම්පෙරළිය නිධානය ගිය තැන්වලට අපිට කිට්‌ටු වෙන්නවත් ලැබිලා නෑ. ආසන් තම රටවල් එක්‌ක ගත්තොත් ජාත්‍යන්තර සිනමාවේදී අපි තව දුර යා යුතුයි. අපි ටෙලිනාට්‍ය වලට තැන දුන්නට සිනමාවට තැනක්‌ දෙන්නේ නෑ.’ඉස්‌සර ටෙලි නාට්‍ය විකාශය වුණේ සෙනසුරාදා ඉරිදා විතරයි. අද වෙනකොට හැම නාලිකාවකම එක දිගට හතරක්‌ පහක්‌ විකාශය වෙනවා.

‘ඔබ මේ වෙනකොට ඉන්නේ ඇමරිකාවේ.

ඔව්

”’ ‘ඇමරිකාවෙත් ටෙලිනාට්‍ය විකාශය වෙනවා.

ඔව්

”’ ‘හැබැයි හොලිවුඩයට දැනිලවත් නෑ නේද?

”ඒක හරි. එතැනදී මෙහෙම දෙයක්‌ වෙනවා. හොලිවුඩය සුපිරි නළුනිළියන් බොහෝ දෙනෙක්‌ ටෙලි නාට්‍ය පැත්ත පළාතකවත් එන්නේ නෑ. අඩුම වශයෙන් ”ජැක්‌ නිකල්සන්” කියන නළුවා රූපවාහිනි සම්මුඛ සාකච්ඡාවකටවත් එන්නේ නෑ. ඒ අය සිනමාව හැරුණු විට යන්නේ වේදිකාවට හැබැයි අපේ අය කොයිතරම් නම් ටෙලි නාට්‍යවලට එනවද?’මුල් යුගයේ අපේ නළුනිළියන්ට තිබ්බ ගෞරවනීය ජනප්‍රියත්වය අද නෑ. අද සිනමාවට වඩා ටෙලි නාට්‍ය ජනප්‍රියයි. ඒ යුගයේ සිනමා ”තරුවක්‌” කියන්නේ සිනමා කර්මාන්තයේ අනන්‍යතාවක්‌. ඒක කඩා වැටුනම සිනමාවත් කඩා වැටෙනවා. ඇමරිකාවේ තියෙන්නේ ටෙලි නාට්‍ය නෙවෙයි. සෝප් ඔපෙරා, ලයිට්‌ කොමඩි ” Light Comedy සිනමාවෙන් ලබන ආශ්වාදය එයින් ලබන්න බැහැ. එසේ චිත්‍රපටයක්‌ නරඹන්න ගියාම තිරයේ මුලින්ම පේන්නේ රූපවාහිනියක්‌. මොහොතකින් ඒක පුපුරලා යනවා පේනවා. ඊළඟට තිරයට එන්නේ ” GO BIG කියලයි. ඒ පණිවුඩය වැදගත් නේද?

‘වේදිකාවටත් ඔය වගේම විවේචනයක්‌ තියෙනවද?

‘මුලින්ම ඔබ ඔය කියාපු කාරණය නිවැරැදි කරන්න ඕන. මම කිසිවක්‌ විවේචනය කළේ නෑ. පවතින තත්ත්වය විග්‍රහ කිරීම පමණයි කළේ.’වේදිකාව ගැන ඇත්තටම මට පැහැදිලි අදහසක්‌ කියන්න බැරි මෑත කාලයේ මට වේදිකා නාට්‍ය කිසිවක්‌ නරඹන්න හැකියාවක්‌ නොතිබුණු නිසයි. හැබැයි මම දන්න අය කිව්වේ අපේ අලුත් පරපුර ඉතාම නිර්මාණශීලීව කැපවීමෙන් වේදිකාව එක්‌ක ඉන්නවා කියලයි. ඇත්තටම ඒක වේදිකාවේ අපේ ප්‍රවීණයන්ගේ කාලයේ පටන් දකින්න ලැබිච්ච දෙයක්‌.

‘ශ්‍රී ලංකාවේ නොහිටියට චිත්‍රපටයකටත් සම්බන්ධ වුණා නේද?

‘ ඔව්. ජයනාත් ගුණවර්ධනගේ ”පරිවර්තන” සිනමාපටයට සම්බන්ධ වුණා. ඒක මට ලැබුණු විශේෂ අවස්‌ථාවක්‌. ”ජයනාත්” කාලයක ඉඳල මගේ කිට්‌ටුවන්ත මිත්‍රයෙක්‌. කැමරා ශිල්පියෙක්‌ හැටියට කටයුතු කළ ජයනාත් අධ්‍යක්‍ෂවරයෙක්‌ හැටියට එළියට එන්නේ ඒ විත්‍රපටයෙන්. ඔහු කිහිප වතාවක්‌ ඇමරිකාවට කතා කරලා සිනමාවට මාව සම්බන්ධ කරගත්තා. වයස අවුරුදු තිස්‌පහේ ඉඳලා හැත්තෑව දක්‌වා විහිදෙන චරිතයක්‌ ඒක. ජයනාත් මේකට විශාල කැපකිරීමක්‌ කළා.’

”වෘත්තිමය” නොවන මට්‌ටමෙන් හරි නැවත අපේ රටේ වේදිකාවට සිනමාවට සම්බන්ධ වෙන්න අදහසක්‌ නැද්ද?

කාලය බොහෝ දේ තීරණය කරයි.

උදේශ් සංජීව ගමගේ

ඡායාරූප-සුජාතා ජයරත්න

propos recueil par SUNDAY DIVAYINA

කුනනායගම් ඉවත්කරන්නේ ඇමරිකාව සතුටු කරන්න – ජවිපෙ
පසුගියදා ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩලයේදී ජිනීවා නිත්‍ය නියෝජිත තමාරා කුනනායගම් කියුබාවට යැවීම සම්බන්ධයෙන් සාකච්ඡාවක් මතුවී තිබෙනවා.

‘‘ලබන 18වැනිදා ලංකාවේ යුද ජයග්‍රහණ ගැන ගෝල්ෆේස් එකේ සංදර්ශන තියනකොට ජී.එල්. රහසෙ හදපු ක්‍රියාකාරී සැලැස්මෙ හරි වැරදි හිලරි එක්ක කතා කරනවා. මේක ආණ්ඩුව දෙබිඩි බව පෙන්වන හොඳම අවස්ථාවක්. සෝමවංශ අමරසිංහ මහතා කිව්වා. ‘‘ඇමරිකාව කියලා තියෙන්නෙ සැලැස්ම රහසෙ ගේන්නෙ නැතුව ප්‍රසිද්ධ කරලා ගෙන්න කියලලූ. ඒත් ආණ්ඩුව මහජන විරෝධයට ලක්වෙයි කියලා එහෙම කරන්න බයෙන් ඉන්නෙ. ජිනීවාවල එක්සත් ජාතීන්ගෙ ශ්‍රී ලංකා තානාපති කුනනායගම් මහත්මිය අයින් කරන්නෙත් ඇමරිකාව සතුටු කරන්න. කොහොම හරි ඇමරිකාව සතුටු කරලා බේරෙන්න පුළුවන්ද කියලයි ආණ්ඩුව බලන්නෙ.- විජිත හේරත් මහතා පෙන්වා දුන්නා.

මීළඟට අවධානයට ලක්වුණේ, වර්ධනය වන දේශපාලන තත්වයන්ට අනුව පක්ෂයේ දේශපාලන ක්‍රියාකාරිත්වය සකස්කර ගැනීම පිළිබඳවයි. ‘‘ආණ්ඩුව එන්න එන්නම මහජනතාව පීඩාවට පත් කරමින් ඉන්නවා. ඒත් මිනිසුන්ගේ විරෝධය තවමත් එක ගමනකට එකතු වෙලා නැහැ. ඉක්මණින්ම පක්ෂයේ දිස්ත්‍රික්, ආසන සංවිධාන මේ මහජනතාව සංවිධානය කර ගැනීම සඳහා ශක්තිමත් කළ යුතුයි.- ටිල්වින් සිල්වා මහතා අවධාරණය කළා. ‘‘සති හයේ මහජන මෙහෙයුම සාර්ථක කරගන්න උපරිම ශක්තිය යොදවන්න ඕනෑ. ජනමතය ඩෝසර් කරන කෑලි ඡන්දවලට එරෙහිව ජනතාව සංවිධානය කළ යුතුයි. ධනවාදී රටවල් දැවැන්ත අර්බුදයකට යමින් ඉන්න නිසා මේ ආර්ථීක අර්බුදයට ධනවාදයට උත්තර නැති බව ජනතාවට එත්තු ගන්වන්න පහසුවෙයි. පත්‍රිකා ඛෙදීම්, කුඩා ජනහමු, ගෘහස්ථ සාකච්ඡා,රැස්වීම් මගින් අපේ පණිවිඩය වැඩි ජනතාවක් අතරට ගෙනියන්න උත්සාහ කරමු. - අනුර දිසානායක මහතා අවසාන වශයෙන් පැවසුවා.

අධිරාජ්‍යවාදයට එරෙහිව පෙරමුණක් ලෙස පෙළ ගැසෙමු
ජාතික වෘතතීය සමිති මධ්‍යස්ථානයේ සභාපති ලාල් කාන්ත

මැයි දිනය කම්කරු අරගලයේ ජයග්‍රහණයන් සනිටුහන් කරන දිනයක්.  හැබයි මේ සටන්කාමි දිනය  සැමරීම අද දේශපාලන  පක්ෂ හුදු සැමරුම් උළෙලක් බවට පත් කරගෙන  තියෙනවා.අවුරුදු 126ක්  පුරා මේ සැමරුම කරලත්  තියෙනවා. හැබයි ඒ සමරුව අවසානයේ කම්කරු පංතිය ලබා ගත් දෙයක් නැහැ නේද?

මෙහෙමයි. මැයි දිනය කියන්නේ කම්කරු පංතියේ ජාත්‍යන්තර දිනය වුණාට  ඒක ලෝක දේශපාලනයේ වැදගත් දිනයක්.  එතකොට ඕනෑම රටක ඒ රටේ දේශපාලනය මැයි දිනය හරහා නියෝජනය වෙනවා සහ නියෝජනය කරනවා. මැයි දිනය සමරන්නේ කම්කරු පංතිය විතරක් නමෛයි. කම්කරු පංතියේ, දේශපාලන පක්ෂ, සංවිධාන, ශිෂ්‍යයන් මේ ආකාරයට සමරනවා. උදාහරණයක් විදිහට ගියපාර මැයි දිනය අපි සැලකිල්ලට ගත්තොත් ඒ මැයි දිනයේ දී අපි ඉතා පැහැදිලිව කිව්ව කාරණයක් තිබුණා.

එනම් , ලංකාවේ කම්කරු පංතියට එල්ල වෙලා තියෙන දැවැන්ත පීඩනයන් අයින් කිරීමට අපි අරගලයක් කරනවා කියලා කිව්වා.  ඒ වගේම පෞද්ගලික අංශයේ වැඩ කරන ජනතාවගේ මුදල් ටික කොල්ලාකෑමට ධනපති ආණ්ඩුව   උත්සාහය  දරද්දී අපි මැයි දිනය වේදිකාවක් විදියට යොදාගෙන  ජනතාව දැනුවත් කිරීමට , ඔවුන් සංවිධානය කිරීමට පාවිචිචි කළා.  එසේ පාවිචිචි කළා වගේ ම ඒ මැයි දිනයේ දී ගත්ත ශක්තිය හයිය  පදනම් කරගෙන තමයි ලංකාවේ වැඩ කරන පංතිය  ‍ප්‍රෝඩාකාරී විශ්‍රාම වැටුප් පනත පරාජය කිරීමට කටයුතු කළේ.

ඊට කලින් මැයි දින  ගත්තත් මැයි දිනය උපයෝගී කර ගන්නවා  ඒ රටේ ඒ මොහොතේ මුහුණ දීලා තියෙන අභියෝග ජය ගැනීම සඳහා ජනතාවගේ වේදිකාවක් බවට පත් කරගන්න.

ධනපති පංතිය උත්සහ කරනවා ඒක ඔවුන්ගේ වුවමනාවට  වේදිකාවක් කරගන්න.  නමුත් වැඩ කරන ජනතාවගේ පක්ෂ උත්සහ කරනවා වැඩ කරන ජනතාවගේ වේදිකාවක් කරගන්න.  එතකොට වැඩ කරන ජනතාව සංවිධානය කර ගැනීමේ, මතවාදයක්  ගොඩ නැගිමේ, ඔවුන්ට දේශපාලන පණිවිඩයක්  දීමේ පුළුල් අරුතක් සහිතව තමයි මැයි දිනය කරන්නේ.

එක එක බලවේග ඔවුන්ගේ  ඒ ඒ උවමනාවන් නියෝජනය කරමින් මැයි දිනය සමරනවා. වැඩ කරන පංතිය තමන්ගේ උවමනාවන් නියෝජනය කරමින් මැයි දිනය සමරනවා. එසේ සැමරීමෙන් නතර නොවී එයින් ගනු ලබන ශක්තිය, දැනුම,  ගැම්ම පාවිචිචි කරලා තමයි ඉදිරි වසර තුළ ජනතාවගේ ජයග්‍රහණය වෙනුවෙන්  කටයුතු කරන්නේ.  අපි දිගටම එහෙම  කටයුතු කරල තියෙනවා,  ඒ නිසා මැයි දිනය සැමරීම ප්‍රයෝජනයක් වෙලා නැහැ කියලා කියන්න  බැහැ. ප්‍රයෝජන අරගෙන තියෙනවා.

කම්කරුවා දැනුවත් වීම පමණක් ප්‍රමාණවත් ද? එහිදී ජිවිත පරිත්‍යාග කරමින් ලබා ගත් මැයි දින සැමරීමේ සාර්ථකත්වය එයින් තීන්දු කරන්න පුළුවන් ද?

දැනුවත්වීම පමණක් ප්‍රමාණවත් කියලා කවුරුත් කියන්නේ නැහැනේ.  දැනුවත් කිරීම, සංවිධානය කිරීම තමුන්ගේ  ශක්තිය, ජවය. ඒවා සහිතව ඉන්  ඉදිරියට තව  කටයුතු රාශියක් තියෙනවා.  මැයි දිනයේ දි ඔය ඔක්කොම කරන්න පුළුවන්කමක් නැහැ. ඡන්ද කරන්න ඕනෑ.   කම්කරු පංතියෙ බලය ගොඩ නගන්න,  වෘත්තිය සමිති කරන්න ඕනෑ. කම්කරු පංතියේ අවසාන ජයග්‍රහණය වන සමාජවාදය  වෙනුවෙන් කටයුතු  කරන්න ඕනෑ. ඒ සඳහා අධ්‍යාපන වැඩ කරන්න ඕනෑ. සංවිධාන වැඩ කරන්න ඕනෑ.      පත්තර ගහන්න ඕනෑ. එවැනි ලොකු කාර්ය භාරයක් තියෙනවා.

මැයි දිනය කියන්නේ  අවුරුද්දක් පුරා කෙරුණු කාර්යය භාරයන්ගේ ප්‍රකාශනයක් වගේම ඉන් ඉදිරි වර්ෂය තුළ කෙරෙන කාර්යභාරයන් වලට මග පෙන්වා දීමක් සඳහා වන දැවැන්ත වේදිකාවක්.   එහෙම නැතිව මැයි දිනය කියලා විතරක්  ඔක්කොම බේර ගන්න බැහැ.

මේ වෙන කොට රටේ ආර්ථික වර්ධනයක් තියෙනවා. රට ස්ථාවරයි කියනවා. නමුත් වැඩ කරන ජනතාව ජිවත් වෙන්න බැහැ කියලා අරගලයක් තියෙනවා. මේ දෙකේ පරස්පරයක් තියෙනවා නේද?

ඔව් ……  ධනපති ආණ්ඩු හැමදාම කියන්නේ  තමන්ගේ යටතේ රට සංවර්ධනය වුණා. දියුණු වුණා කියලනේ.   එහෙම නොකියපු  එකම ආණ්ඩුවක්වත් නැහැනේ.  රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ කාලෙත් කිව්වේ එහෙමයි. චන්ද්‍රිකා කුමාරණතුංග මහත්මියගෙ කාලෙත් කිව්වේ එහෙමයි.  ජේ. ආර්. ගේ කාලෙත් කිව්වේ එහෙමයි. ප්‍රේමදාසගෙ කාලෙත් කිව්වේ එහෙමයි.  හැමදාම ඒ අය කිව්වේ ඒ අය රට සුඛිත මුදිත කළා. රට මරු කියලා. හරි ශෝක් කියලානේ.

නමුත් වැඩ කරන පංතිය, කම්කරු පංතිය පැත්තෙන් ගත්තොත් කියන්නේ ජීවත් වෙන්න පඩිය මදි. ජීවන බර වැඩියි . සමාජ ප්‍රශ්න වැඩියි. සමාජය පිරිහිලා කියලා ආදී වශයෙන් ඔවුන්ගේ දුක් ගැනවිලි ඉදිරිපත් වෙනවා.  විමසිල්ලෙන්  බලන ඕනෑම කෙනකුට පේනවා ඇත්ත කෝකද කියලා.

ආර්ථික වර්ධන වේගයන්, ඉලක්කම් වලින් කොචිචර කිව්වත් අද මේ රටේ ජනතාව ජිවත් වෙන්නේ වෙනදට වඩා අමාරුවෙන්.  වසරින් වසර  අමාරුවට පත් වෙලා තියෙනවා මිසක් ,වසරින් වසර තමන්ගේ ජිවන මට්ටම , ජිවන තත්ත්වය උසස් වෙලා නැහැ.  ඒ නිසා ආණ්ඩුව කියන පචවලට රැවටුණු අයත් ඉන්නවා. හැබැයි තමන්ගේ ජිවිතයෙන්ම මේ ආණ්ඩුව කියන පච, බොරු කියලා තේරුම් ගත්ත අයත් ඉන්නවා. ඉතින් ඒ ආණ්ඩුව කියන දේ බාර නොගෙන ආණ්ඩුවට එරෙහිව තමන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් උවමනාවන් වෙනුවෙන්  සටන් කරමු කියන  එක තමයි අපේ මුලික පදනම.

අධිරාජ්‍යවාදී මැදිහත්වීම ගැන අලුත් සාකචිඡාවක් තියෙනවා. විවිධ  අධිරාජ්‍යවාදි බලපෑම් කම්කරු පංතිය විදියට හඳුනා ගන්නේ කොහොමද?

අධිරාජ්‍යවාදී බලපෑම අද ඊයේ සිට නොව දිගටම තියෙන එකක්. හැමදාම තියෙනවා.  ඒක හුස්ම ගන්නවා පිට කරනවා වගේ නිතරම තියෙන දෙයක්.  නමුත් විවිධ අවස්ථාවලදී අධිරාජ්‍යවාදීන්ගේ බලපෑමේ ස්වරූපය ඉදිරියට එනවා.   උඩට එනවා.  උදාහරණයක් ගත්තොත් රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ කා‍ලේදී සටන් විරාම ගිවිසුම කියන්නෙම අධිරාජ්‍යවාදින්ගේ බලපෑමක්. ඒ බලපෑම විසින් වුණු ක්‍රියාවලියක් තිබෙනවා. එතකොට  ඒක රටට දැනෙන රිදෙන ප්‍රමාණය වැඩියි.  ඒ වගේම මේ මොහොතෙත් වර්තමාන ආණ්ඩුවත් අල්ල ගෙන, කොටු කරගෙන, හීලෑ කරගෙන මහින්ද රාජපක්ෂව තමන්ගේ සාක්කුවට දාගෙන අධිරාජ්‍යවාදයේ දැවැන්ත මැදිහත්වීමක් තියෙනවා.  ඉතින් ඒක වැඩ කරන පංතියට සෑම පැත්තකින්ම බලපානවා. තමන්ගේ රට බෙදෙනවාද නැද්ද කියන එකට බලපානවා. වැඩ කරන ජනතාව දෙකට බෙදනවාද තුනට බෙදනවාද කියන එකට බලපානවා. අධිරාජ්‍යවාදීන් රුපියල අව ප්‍රමාණය කරන්න කියලා  මේ ආණ්ඩුවට කිව්වහම මේ ආණ්ඩුව රුපියල සම්පූර්ණයෙන්ම අත ඇරලා දානවා.  ඒක විසින් පිටරටින් ගේන සෑම භාණ්ඩයකම මිල ඉහළ යනවා.  ඒ මිල ඉහළ යාම රටේ ජනතාවට බලපානවා. මොකද අපි පරිහරණය කරන භාණ්ඩ වලින් වැඩි ප්‍රමාණයක් පිටරටින් ගෙන එන භාණ්ඩ. එතකොට අධිරාජ්‍යවාදය,  ආර්ථික වශයෙන් මැදිහත් වීමකුත් තියෙනවා.  දේශපාලන වශයෙන් මැදිහත් වීමකුත් තියෙනවා. ඒ සියල්ල රටට බලපානවා. රටට බලපාන කොට  රටේ මිනිස්සුන්ටත් බලපානවා. ඒ අතර එක කණ්ඩායමක්  තමයි වැඩ කරන ජනතාව.  ඒ වැඩ කරන ජනතාවටත් බලපානවා. මේ රට ඇතුළේ ජිවත් වෙන කාටවත් ඒකෙන් මිදෙන්න බැහැ.

අධිරාජ්‍යවාදීන්ගේ  මැදිහත් වීමෙන් වාසි ගන්න පංතියකුත් ඉන්නවා. ඒක ඉල්ලා සිටින කට්ටියකුත් ඉන්නවා.  ඒ ඔවුන්ට වාසි ගන්න.  අධිරාජ්‍යවාදීන් එක්ක අත්වැල් බැඳගෙන ඉන්නවා.  දැන් මහින්ද රාජපක්ෂ මහත්තයාගේ ආණ්ඩුවත්  කරන්නේ වෙන මොකක්වත් නමෛයි අධිරාජ්‍යවාදීන්ගේ සාක්කුවට බැහැලා අධිරාජ්‍යවාදීන්ගේ ඕනෑකම් ඉෂ්ට කරමින් සිටීමයි.

ජි.එල්. පීරිස් මහත්තයා ලබන මාසේ 18 වෙනිදා ඇමරිකාවේ සංචාරයකට යනවා. මොකටද යන්නේ? හිලරි ක්ලින්ටන් මහත්මිය ඔහුට නියෝග කරලා තියෙනවා එයාව ඇවිත් හමු වෙන්න කියලා. ඒ විතරක් නමෛයි ලංකාවේ ඉදිරි වැඩ පිළිවෙළ ක්‍රියාත්මක වෙන්නේ කොහොමද  කියලා එහෙට ඉදිරිපත් කරන්න කියලා.  දැන්   මේ ගොල්ලෝ් ඉතින්  අර යටත් විජිත ස්වාමියා ළඟට යනවා වගේ යනවා. ඉතින් එහෙම තමයි මේවා සිද්ධ වෙන්නේ. මේවා පරාද කරන්න ඕනෑ. පරාද කරනවා කියන එක ‍ලේසි නැහැ. වචනයෙන් අපිට කියන්න පුළුවන්. නමුත්  ඊට වඩා ලොකු ක්‍රියාවලියක් ඒකට ඕනෑ. ඇත්තටම මේ දැඩි සැලකිල්ලට ලක් කරන්න තියෙන්නේ අධිරාජ්‍යවාදීන්ගේ බලපෑමයි මැදිහත් වීමයි ඒකත් එක්ක සෟජුව සම්බන්ධ වෙලා ඉන්න දේශිය ඒජන්තයෝ ටිකයි හෙළිදරවු කරලා  වැඩ කරන ජනතාව පුළුල් ලෙස සංවිධානය කරන වැඩ පිළිවෙළක අවශ්‍යතාව තහවුරු කරන එකයි.

මෙවර අපේ මැයි දිනයේ තේමාව බවට පත් වෙලා තියෙන්නෙත් අධිරාජ්‍යවාදයට එරෙහි පෙරමුණක් සමාජවාදී පාලනයක් වෙනුවෙන් වැඩ කරන ජනතාව පෙළ ගස්වන රතු මැයි රැලිය යනුවෙනුයි. ඒ තේමාවෙන්ම කියැවෙනවා මේ මොහොතේ තියෙන  දේශපාලනයේ අභියෝගය මොකක්ද  කියලා.

ඔබ කියන විදියට අධිරාජ්‍යවාදී බලපෑම අලුත් එකක් නමෛයිනේ. සහ ඒ බලපෑම අඛණ්ඩව සිදුවන දෙයක්.  ඒක ඇත්ත.  හොඳයි එහෙම තිබියදී ජනතා විමුක්ති පෙරමුණ හදිසියේ අධිරාජ්‍යවාදී බලපෑමක් ගැන විශාල මැදිහත් වීමක් කරන්නේ ඇයි?

මේක හදිස්සියක් නමෛයි. ජිනීවාවල පැවතුණු මානව හිමිකම් සමුළුව තුළ අධිරාජ්‍යවාදීන්ගේ පෙළ ගැස්මයි ආණ්ඩුව අධිරාජ්‍යවාදින් එක්ක අනුගත විමයි විසින් මේ මාතෘකාව නැවතත් කරළියට එනවා. එහි බලපෑම හැම තිස්සෙම තිබුණත් ඒවායේ ගුණාත්මක වෙනස්කම්  තියෙන වෙලාවල් තියෙනවා.  එහෙම ගුණාත්මක වෙනසක් තියෙන වෙලාවක් මේක.

අධිරාජ්‍යවාදීන් අපේ රටට මැදිහත් වන ප්‍රධාන ක්ෂේත්‍රයක් තමයි ජාතික ගැටලුව. එතකොට පහුගිය කා‍ලේ  මේ ජාතික ගැටලුව සමග එක අවධියක් තිබුණා  කෝලාහල යුගයක්. ඊට පස්සේ  තිබුණා සන්නද්ධ අරගල යුගයක් . එතකොට  සන්නද්ධ අරගල යුගය මීට අවුරුදු 03 කට  කලින් මේ  රටේ ජනතාව මැදිහත් වෙලා  පරාජය කළා. රට ඇතුළේ මෙය පරාද වුණාට පස්සේ  මේක  පිටුපස හිටපු අධිරාජ්‍යවාදී ඒජන්තයෝ දැන් ශ්‍රී ලංකාවට සෘජුවම මැදිහත් වෙනවා.  ඒකට ආණ්ඩුවත් නතු කරගෙන අල්ලගෙන කොටු කරගෙන තියෙන්නේ.   ඒ නිසා දැන් ප්‍රභාකරන්ගේ යුද්දේ පීඩනයෙන් මිදෙන්න සටන් කළාටත්  වඩා අසීරු අමාරු සටන, මේ නිශ්චිත මොහොතේ පෙළ ගැසිලා තියෙනවා.  ඒ නිසා තමයි මේ වෙලාවේ මේ මාතෘකාව වැඩිපුර කරළියට එන්නේ.  දැන් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන තේමාව අධිරාජ්‍යවාදය පදනම් කරගෙන සකස් වන්නේ් ඒ පදනම මතයි.

ඔබ කිව්වා ජනතා විමුක්ති පෙරමුණේ මැයි රැළියේ තේමාව වන්නේ අධිරාජ්‍ය විරෝධී පෙරමුණක් සමාජවාදී පාලනයක් වෙනුවෙන් ජනතාව පෙළ ගස්වනු මැයෙන් නම්කර තිබෙනවා කියා.  අධිරාජ්‍යවාදී බලපෑමත් ජනතාවගෙ ප්‍රශ්නත්, රටක් විදිහට අපි මුහුණ දී සිටින සියලු ප්‍රශ්නත්  කෙළවර වන්නේ සමාජවාදය ගොඩනැගීමෙන් පමණක් ද?

ශ්‍රී ලංකාව මතෛක් බලයට පත් කරගත්තු මේ ධනපති පාලකයෝ ඔක්කෝම අධිරාජ්‍යවාදය සරණ ගිය අය. ඒ ආණ්ඩු හරහාම තමයි අධිරාජ්‍යවාදීන් ලංකාවට රිංගන්නේ. ආණ්ඩුවල ආර්ථික ප්‍රතිපත්ති අධිරාජ්‍යවාදීන්ට ඕනෑ විදියට හදාගෙන තමයි ආණ්ඩු  තුළට රිංගන්නේ. ආණ්ඩුවේ දේශපාලන ප්‍රතිපත්ති  අධිරාජ්‍යවාදීන්ට ඕනෑ විදියට හදාගත්තම ඒ ආණ්ඩු හරහම තමයි බලපෑම් එන්නේ. ලංකාවට 48 න් පස්සේ අධිරාජ්‍යවාදය මැදිහත් වුණේ බලයට ගෙනාපු ආණ්ඩු හරහා තමයි. ඒ නිසා ධනපති පාලකයෝ අධිරාජ්‍යවාදයේ සරණ ගිය අය සහ ඊට අනුගත වුණු අය මිසක් වෙනත් අය නමෛයි.

ධනපති ක්‍රමය කියන්නෙම අධිරාජ්‍යවාදීන්ගේ ක්‍රමයක්.  එතකොට ධනපති ක්‍රමය පරාජයට පත් කිරීමෙන් තොරව  සමාජවාදී පාලන ක්‍රමයක් ඇති කර ගැනීමෙන් තොරව අධිරාජ්‍යවාදයෙන් මිදෙන්න බැහැ. අධිරාජ්‍යවාදයෙන් මිදීමේ එකම මග ලංකාව සමාජවාදී පාලන ක්‍රමයක් කරා ගෙන යන එකයි. ඒක මහින්ද රාජපක්ෂ එක්ක වත්, රනිල් වික්‍රමසිංහ එක්කවත් කරන්න බැහැ.  ඒගොල්ලෝ අධිරාජ්‍යවාදීන්ගේ සාක්කුවේ ඉන්නේ. ඒ නිසා මේ රටේ වැඩ කරන ජනතාව පෙළ ගස්වන්න ඕනේ සමාජවාදී පාලනයක් ඇති කරගන්න. එසේ ඇතිකර ගැනීමෙන් තොරව අධිරාජ්‍යවාදය පරාජයට පත් කිරීමට බැහැ.

අධිරාජ්‍යවාදය  පරාජය කරනවා වෙනුවට දැන් සිද්ධ වෙලා තියෙන්නේ මේ තියෙන සමාජ ක්‍රමය ඇතුළේ අධිරාජ්‍යවාදී ක්‍රමය එක්ක අනුගත වෙන එක. අධිරාජ්‍යවාදයට  ඉඩ හදලා දෙන එක. අධිරාජ්‍යවාදීන්ගේ ඉත්තෝ ගැත්තෝ බවට පත් වෙන එක. ඉතින් ඒ ඉත්තෝ ගැත්තෝ  එක්ක  ඔවුන්ගේ ධනපති ක්‍රමය එක්ක අධිරාජ්‍යවාදය   පරාජය කරන්න බැහැ.  ඒ නිසා තමයි සමාජවාදි පාලනයක් වෙනුවෙන් සටන් කරමු කියලා කියන්නේ.  මේ ආණ්ඩුව පන්නලා දාලා සමාජවාදී පාලනයක් ඇති කර ගැනීම ම අධිරාජ්‍යවාදයට එල්ල කරන දැවැන්ත ප්‍රහාරයක්. එහෙම නැතිව මේ ගොල්ලෝ තියාගෙන, මේ ගොල්ලන්ගේ ධනපති ක්‍රමය තියාගෙන  අධිරාජ්‍යවාදය පරද්දන්න බැහැ. මොකද ධනපති ක්‍රමය ගැට ගැහිලම තියෙන්නේම  අධිරාජ්‍යවාදයත් එක්ක.

කම්කරු පංතියට රාජ්‍ය බලය ගැනීම ඔබලාගේ අරමුණ බව පවසනවා. ඔබලා ඉල්ලා සිටින ඒ බලය  පෙරළා පාවිචිචි වන්නේ කුමක් සඳහාද?

වැඩ කරන පංතියේ බලයක් පාවිව්චි වෙන්නේ ලංකාවේ ධනපති ක්‍රමය වෙනස් කරන්න.  ධනපති ක්‍රමය පෙරළන්න. එසේ පෙරළා සමාජවාදී පාලනයක් ස්ථාපිත කරන්න.  වැඩ කරන මිනිහට වැඩ කරන ප්‍රමාණයට ලැබෙන පාලනයක් ගොඩ නගා ගන්න.  ගොවි ජනතාවට තමන්ගේ මහන්සිය ලැබෙන පාලන ක්‍රමයක් ඇති කර ගන්න. මේ රටේ  දරුවන්ට නිදහස් අධ්‍යාපනය නිසි ලෙස ලබා දෙන්න,  මේ රටේ ජනතාවගේ සෞඛ්‍ය ප්‍රශ්නය නිසි ලෙස විසඳන්න ඇතුළු මේ සමාජයේ ගොඩ නැගිලා තියෙන සකලවිධ ප්‍රශ්න ගැටලුවලට උත්තර ලබා ගැනීම සඳහා තමයි සමාජවාදී  පාලනයක්  ඕනෑ.  ඒ සඳහා තමයි කම්කරු පංතිය මහන්සි වෙන්නේ.  ඒක තේරුම් ගත්ත කම්කරු පංතියේ ප්‍රබල බලවේග, ගොවි ජනතාවගේ ප්‍රබල බලවේග තමයි සමාජවාදය වෙනුවෙන් මේ සටන ඉල්ලා සිටින්නේ. අරගලය ඉල්ලා සිටින්නේ.

propos recueil par LAKBIMA

රාජතාන්ත්‍රික දේශපාලනය හා විප්ලවවාදය !
“සෝමවංස මහතා ට පසුගිය වසරේ ලැබුන චීනයේ කහ ගග ආශ්‍රිත සංචාරක වියාපාරය ප්‍රවර්දනය කිරීමේ වැඩමුළුව වැනි තවත් බොහෝ සංචාර ලැබේවා”

මෙය ලියා තිබුනේ සාමාන්‍ය පුද්ගලයෙකු නොව ජනතා විමුක්ති පෙරමුණේ හිටපු මද්ධයම කාරක සබිකයෙකු  වන වරුණ දීප්ති රාජපක්ස මහතාය. ඒ අනුව අප මෙම නිර්මාර්ක්ස්වාදී අර්ථකථනයට විග්ග්‍රහයක් ඉදිරිපත් කිරීමට තීරනය කළෙමු. මොවුන්ගේ ළාබාල දේශපාලනය හෙළි කිරීමට පන්ති යුතුකමක් ලෙස සලකා එම විග්‍රහය මෙසේ ඉදිරිපත් කරන්නනෙමු. විශේෂයෙන්ම සැලකිය  යුතුව ඇත්තේ අප ඉදිරිපත් කරන මෙම විග්‍රහය පාදක කරගත්තේ වරුණ රාජපක්ස සහ ඔහු විසින් පරිහරණය කරන ලද ඔහුගේ ගෝල බලයන් සමග කරන ලද (ෆෙසේ බූක්හි) විවාදය ඇසුරෙන්ය.

තමන්ගේ ප්‍රතිරූපය හදාගන්න විවිද ආකාරයේ ෆොටෝ ප්‍රසිද්ද කරගනිමින් ෆොටෝ ජේනික් විප්ලවාදියෙක් වෙන්න හදන වරුණ රාජපක්ස මහත්තය මේ තරම් තුට්ටු දෙකට වැටයි කිය අප හිතුවේ නැත. වීරවංස ගොයියා ජෙල් ඔලුවේ දාගෙන දගලනකොට මේ යෝදයා කසිකබල් ටොප් මොඩෙල් කෙනෙකු වී තම විප්ලවීය ජීවිතය අවසාන කරගෙන ඇත. කුමන දේශපාලනයක් නියෝජනය කලද මෙවැනි ලුම්පන් ප්‍රකාශ  කරන තත්වයට වැවීම  ලැජ්ජා සහගතය.

ධනවාදී දේශපාලනයේදී හෝ වේවා සමාජවාදී දේශපාලනයේ දී ධිප්ලෝමටික් යනුවෙන් හඳුන්වන්නේ කුමක්ද ?  ජනරගල ලොක්කා නූතන ලෙනින් (හිනා නොවන්න) තමන්ගේ ජීවිතය(නාට්ටයක් නොවේනම්) බේරගන්න උදව් ඉල්ලුවේ ඔස්ට්‍රලියෙන් අදිරජ්ජය වාදී ආණ්ඩුවෙන් බව අප කවුරුත් දනිමු. චීන ආණ්ඩුවෙන් නොවේය. අපි එතනින් ගනිමු ප්‍රවේශය.

එහි කිසිදු වරදක් අප නොදකිමු. ජීවිතය බේරා ගැනීම සදහා ලොව ඕනෑම රජයකින් ආරක්ෂාව ඉල්ලා සිටියට කමක් නැත. දේශපාලනයදී ධිප්ලෝමටික් දේශපාලනය යනුවෙන් අදහස් කරන්නේ එයයි. නමුත් වැදගත් වන්නේ ඉන් පසුවත් අදාල පුද්ගලයා තමන්ගේ දේශපාලනය හසුරුවන ආකාරයයි.

ලෙනින් රුසියානු විපල්වය සිදුකිරීමට ජෙර්මන් අදිරාජ්ජය වාදීන්ගෙන් මුදල් හා අධාර  ගත් බව අපි සියලු දෙනාම දන්නා (ජනරගුලු මහත්වරුණ හැර)  ප්‍රසිද්ද රහසකි. සිනා යන කාරණය නම් එදා කවුට්ස්කි ලෙනින් ගේ මෙම ක්‍රියාව හැඳිනවූයේ උපයෝගීතාවී හා අව්ස්තාවාදී දේශපාලනයක් ලෙසිනි. අද ජනරගුලි නඩයද එයම තම මවු සංවිදානයට චෝදනා මුකයෙන් කියනු ලබයි.

කියුබන් නායක ෆිදෙල් කස්ත්‍රෝ විප්ලවයට පෙර තමන් මාර්කස් ලේනින්වදියෙක් නොවන බව පුන පුනා කීවෙයය. නමුත් පළමුවන හවානා ප්‍රකශනය මගින් ඔහු සමාජවාදී වැඩ පලිවෙලක් රටට ඉදිරිපත් කළේය. විප්ලවයෙන් පසුව ඔහු නිව් යෝර්ක් නගරය ගිය අවස්ටාවේදී ද කියුබානු ජූලි 26 ව්‍යාපාරය තම විප්ලවීය අරමුණු වසන් කලේ නැත. විපලවයට පෙර කස්ත්‍රෝ නිව්යෝර්ක් ටයම් සඟරාවට කරනලද මෙම ප්‍රකාශය එනම් තමන් මාක්ස් ලෙනින් වාදියෙක් නොවන බව කියමින් තමන්ගේ සැබෑ දේශපාලන දර්ශනය සැඟවීම උපයෝගිතාවයක් නොවන්නේද ?

වියෙට්නාම් විමුක්ති නායක හෝචිමින් ප්‍රංශ අදිරාජ්ජය වාදීන්ට  එරෙහිව සටන් කිරීමට ඇමෙරිකන් තානාපති කාර්යාලයෙන් අවි ලබාගත්හ. එම අවිම පසුව ඇමෙරිකාවට එරෙහිව යොදා ගන්නා ලදී. මෙය උපයෝගී තාවය නොවේද

අපි බලමු විජේවීර කියපු දේවල්. ඔහු වියෙට්නාම් විප්ලවය ආරක්ෂා කරවූ නමැති දේශනයේදී මෙසේ පවසුවෙයය. “රුසියාව උඹලට ගහන්න මිග් දුන්නා 71 දී අපි දන්නවා දුන්නා කියල. ගියපාර මිග් දුන්නා නිසා ඒ වයිරයෙන්ද අපි අපේ පතිපත්ති හදන්නේ. නෑ අපි පන්ති බලවේගයන්ගේ ප්‍රතිවිරුද්දතාවයන් අනුවයි අපි වැඩ කරන්නේ” පිටුව 17.  විජේවීරයන් තීරණ ගනු ලැබුවේ එය්තිහාසික පන්ති දුෂ්ටිය අනුවය. ලෙනින්වාදී බාවිතව යන්නෙන් අදහස් කරන්නේ එයයි. පන්ති බලවේගයන්ගේ ප්‍රතිවිරුද්දතාවයන් ලෙස හඳුන්වන්නේ එයයි.

ඒ අනුව අද  දිනයේ ජේවීපී නායකත්වය සිදුකරන්නේ එම උපයෝගිතවයමය. ලෙනින්ට අනුව කොමියුනිස්ට් වාදය සමාජවාදයට වඩා ප්‍රගතිශීලී වේ. සමාජවාදය දනවාදයට වඩා ප්‍රගතිශීලී වේ. ධනවාදය අදිරජ්ජයවාදයට වඩා ප්‍රගතිශීලී වේ. මෙම සෑම වාදයකටම වඩා වැඩවසම් රාජාණ්ඩු ක්‍රමය අන්ත ප්‍රතිගාමී වේ.

අවසාන විග්ග්රහයේදී  චීනය අදත් බටහිර දනවාදයට හා අදිරජ්ජයවාදයට වඩා ප්‍රගතිශීලී රාජ්ජයක් වේ. එහි තවදුරටත්  සමාජවාදී දේපල පවතින රාජ්ජයකි.(පුද්ගලික දේපල ක්‍රමය 2004 හි දී පිළිගත්තද) අපි අවසානයට ඇසිය යුතුම ප්‍රශ්නය වන්නේ (ඔවුන්ට අනුව යමින් ) දනවාදී පිරිහුණු කම්කරු රාජ්ජයක් වන චීනය  තවදුරටත් වැඩවසම් රජෙකු විසින් පාලනය කරනු ලබන ඔස්ට්‍රලියාවට වඩා ප්‍රගතිශීලිද නැද්ද යන්නයි ? මේවා මාර්කස් ලෙනින් වාදයේ අයන්න අයන්න නොදන්නා කම නොවේද ?

මෙවැනි සරල දේශපාලන කරුනුවත් නොදන්නා  මෙවැනි නොදරුවන්  ජනතා විමුක්ති පෙරමුණේ මද්දයම කාරක සබාවට පත් වූයේ කෙසේද ? ඇසිය යුතු ප්‍රශ්නය එයයි.

මේ මහත්වරුන් දන්නා න්‍යයයක් නොමැත.  අපි ඉදිරිපත් කරනු ලැබුවේ ටිල්වින් සිල්වා කියපු දේවල් වත් සෝමවංස අමරසිංහ කියපු දේවලුත් නෙව කාල් මාක්ස්, ලෙනින්, හොචමින්, කස්ත්‍රෝ වැනි ලෝක නායකයින් තම විප්ලවයන් ජයගැනීම සදහා රාජතාන්ට්‍ත්‍රික උපයෝගීතාවය යොදාගත් ආකාරයයි.

මොවුන් සමග ඇතිවූ ෆේස් බූක් විවාදයේදී අපේ මාරතුකව වූයේ ”විප්ලවය සඳහා රජතාන්තරික උපයෝගීතාවය ලෙනින් මාර්කස්, හෝචිමින්, කස්ත්‍රෝ යොදාගත් ආකාරයයි. එහි දී අපි පුදගලයන්ගේ පුහු විච්චුර්ණ වලටත් පහර දෙන්නෙමු. අපි එයට කිසිසේත් පැකිලුනේ නැත.

මහජාතියේ ජාතිවාදය තෝරා විමල් වීරවංසටත් මාර්කස් වාදයේ ප්‍රදනතම සංකල්පයක් වූ ඒකීය බාවය අත්හරිමින් බලය බෙදීම පිළිගනිමින් සුළු ජාතික ජාතිවාදය තෝරා ගත් වරුණ රාජපක්සටත් කිසිදු බුරුලක් නොදී ඔවුන්ගේ හැම දුර්වලතාවයකටම තිර්ස්ටීන ලෙස පහර දුන්නෙමු.

මෙම විවාදයේදී අපි  ඉල්ලා සිටියේ  විප්ලවය සඳහා රජතාන්තරික උපයෝගීතාවය ලෙනින් මාර්කස්, හෝචිමින්, කස්ත්‍රෝ හා විජේවීර යොදාගත් අකාරය වැරදිද හරිද කියා කරුණු ඉදිරිපත් කරන ලෙස පමණි . බයිලා  නොගසන ලෙසත්  කුඩා කුඩා කොටස් උපුටදක්වමින් වීවාදයට නොපැමිනෙන ලෙසත්ය. නමුත් අපට වැටහී ගියේ ජන අරගුලි නායකයන්   සේම න්‍යයයේ වඳ බාවයෙන් ගෝලබලයන්ද පෙලෙන බව විනා වෙන යමක් නොවේ.

බලන්න මේ මහත්වරුන් අනාගෙන ඇති ආකාරය. තමන්ගේ වැටී තිබෙන අසූචි වලේ හොඳ පැති හොයන ඌරන්ගේ තත්වයට මේ නෝනලා මහත්වරුන් පත් වී අවසානයි. මේකට පොඩි කොමමෙන්ට් කැල්ලක් දාලා විලිලජ්ජ නැතිව හැංගිලා ඉන්න වරුණ රාජපක්ස මහත්තයට තමන දාපු දෙය වෙනුවෙන් වත් කෙලින් පෙනී හිටින්න කොන්දකවත් තිබුනේ නැත.

මේ මහත්වරුනට උපයෝගිතාවය කියනකොට බල්ලනට බූමිතෙල් සේය.   මර්තුකාව කුමක්ද ? විප්ලවීය දේශපාලනය  හා රජතාන්ත්‍රික සම්බන්දතා විය. එය ලෙනින්, මාර්කස්, කස්ත්‍රෝ, හොචමින් හා විජේවීර යොදාගත් ආකාරය ප්‍රශ්න කිරීමයි. අපට උත්තර අවශ්‍ය වූයේ ඔවුන් යොදාගත් මෙම උපයෝගීතාවයන නිවරිදද හෝ වැරදිද හා එය අද ජනතා විමුක්ති පෙරමුණේ  හි වර්තමාන නායකත්වය යොදාගැනීම වැරදිද කියා පමණි. විවාදයේ කේන්ද්‍රය වූයේ ද  එයයි.

මෙම විග්‍රහය අප නැවතත් විජේවීරයන්ගේ අදහස් ඉදිරිපත් කරමින් අවසන් කරන්නෙමු. මක්නිසාදයත් ජන අර ගුලු ව්‍යාපාරය තව දුරටත් තම පැවැත්ම සදහා විජේවීර පරිහරණය කිරීම නිසාවෙනි.

”වෙළදාම අපි ඕනෑම කෙනෙක් එක්ක වෙලදාම් කරනවා. ඊළඟ ආණ්ඩුවේදී ඇමෙරිකාව සමග ඕනෑම කෙනෙක් එක්ක කැමති නම්, බැදීම් නැතිව ඒ ගොල්ලන්ගේ බඩු තියේනවනම් බැදීම් නැතිව ඒ ගොල්ලන්ගේ බඩු තියෙනවනම් අපි හිතනවනම් ඒ ගොල්ලන්ගේ බඩු ගන්න එක අපට හොඳයි කියල අපි ගන්නවා. අපේ බඩු ? අපි වෙළඳ තහංචි දන්නේ නෑ. නීති දාන්නේ නෑ. රයිට් ඇමෙරිකාවටත් සිදුවේවි අපිත් එක්ක වෙලදාම් කරන්න. රුසියාවට අපි වෙලදාම් කරනවා. එක අපේ කැමැත්ත. සමාජ ක්‍රම උඩ නෙමෙයි වෙලදාම් කෙරිල්ල. ඕන කෙනෙක් එක්ක වෙලා දම් කරනවා. හැබැයි එක කරන්නේ ආණ්ඩුවෙන්. රට හදන්න අපේ ප්‍රතිපත්ති (53-54).”

සොවියෙට් දේශය විජේවීර කියපු මේ ලෙනින් වාදී ආර්ථික සැලැස්ම ක්‍රියාවට නගුවනම් 1989 දී ඇදගෙන වැටෙන්නේ නැත.

ඒ අනුව සෝමවංස අමරසිංහ මහතා වසරකට වරක් චීන ආරථික සන්වර්ධන සමලුවට සහබාගිවීම  සංශෝදනවාදයට වැටීමක් හෝ නිලදරිවාදයට වැටීමක් වන්නේ කෙසේද ?

දැන් මේ ප්‍රතිගමින් මේක කියවා බලලා විජේවීරත් වැරදිලා කියල ලිව්වොත් අප පුදුම වන්නේ නැත. මක් නිසාදයත්  නයයික විවේචනයන්ට මුහුණ දීමට නොහැකි වනවිට  තම අවස්ථාවාදී කඩතුරාවෙන් තම නිරුවත වසා ගැනීමට සුපුරුදු වඳ අරාජිකවාදී සටන්පාඨ ඉදිරිපත් කිරීම වරුණ රාජපක්ස පමණක් නොව සියලු ප්‍රතිගාමී පන්ති ද්‍රෝහීන්ගේ පුරුද්ද හා කැමැත්ත නිසාවෙනි.

ඒ අනුව අවස්ථාවාදී මහත්වරුනි නෝනාවරුනි ඔබලා විජේවීරගේ මෙම ප්‍රකාශයත් උපයෝගීතාවය ලෙස සලකා බැහැර කරන්නේද ?

විප්ලව  කරන්න පැරණි සොවියෙට් දේශය හෝ චීනය කිසිදු සහයක් නොදුන් බව විජේවීර හොඳින් දනී. එය අදත් එසේමය. නමුත් ලොව ඕනෑම රටක් සමග දනවාදී හෝ වේවා අදිරජ්ජයවාදී   හෝ වේවා  සමාජවාදී හෝ වේවා සමග සම්බන්දකම් පවත්වීමට විපලවවාදී වයාපරයන්ට පූර්ණ වූ අයිතියක් ඇත.

මෙම ප්‍රවේශය විජේවීර්යන්ගේ දෙමල ඊලමට විසදුම නමැති ග්‍රන්ථයේ 128 පිටුවෙන් උපුටාගත් කොටසක් ඉදිරිපත් කරමින  අවසන් කරමු. “සොවියට් සංගමයේ 60 වැනි සංවත්සරය නිමිත්තෙන් කොමියුනිස්ට් සංගමයේ හිටපු ප්‍රදාන ලේකම් වරයා වූත්, සොවියෙට් කොමියුනිස්ට් සංගමය බිහි කල අනගිතම නායකයෙකු වූත් යුරි අන්ද්‍රපොෆ් සහෝදරයා………”විජේවීර තමන් මර්දනය සදහා මිග් දුන්න කොමුනිස්ට් පක්ෂ නායකයාව හැඳින්වූයේ ඒ ආකාරයටය.

මෙහිදී විජේවීර ද්‍රෝහියෙක් බවට පත්වීද ? එසේ නැතහොත් සංශෝනවාදියෙක් වී ඇත්ද ? නිලදරිවාදයට ඈද වැටී ඇත්ද ?  ඇසිය යුතු ප්‍රශ්නය එයයි.

කුමාර ගුනරත්නම්, දිමුතු ආටිගල, සහ අනෙකුත් සියලු ආකාරයේ දේශපාලන පැහර ගැනිම් තරයේ හෙලා දකිමු!
කුමාර ගුනරත්නම්, දිමුතු ආටිගල, සහ අනෙකුත් සියලු ආකාරයේ දේශපාලන පැහර ගැනිම් තරයේ හෙලා දකිමු.

සැබෑ විප්ලවවාදීන් තමන්ගේ සතුරා ගැන පෙරකියවිමක් කර තිබීම අනිවාර්ය සාධකය වන අතර, කොතරම් දක්ශ, ක්‍රියාකාරි විප්ලවාදියෙක් වුවද විප්ලවාදී වියපාරය නැමති ශ්‍රේස්ඨතම පාසල තුලින් බැහැර වූවිට තමන් නොදැනුවත්වම, ධනේශ්වර අධ්‍යාත්මයට අනුගත වේ. තමන්ගේ සැබා සතුරා හෝ තමන් සිටින වාස්තවික තත්වයන් අමතක වේ. සැබෑ විප්ලවාදී භාවිතයෙන් ඇත්වේ, මවාගත් රැඩිකල් බවටත්, අත්තනෝමතිකබවටත්, සියල්ල නිදහස් මනක්කල්පිත ලෝකයට නොදැනුවත්මව පිවිසේ.

කුමරගුනරත්නම් ජ.වි.පය නොදන්නේයයි එහි නායකයා කියුවිට, එය අවබෝධ කරගැනීමට තරම්, ලදරු වලිප්පුකාරයන්ට නොතේරුනා නොවෙයි, එහි දශපාලනය නොතේරුනා නොවෙයි, නමුත් නැවතත් එය තමන්ගේ තාවකලික මඩ ගැසීමේ වියාප්පෘතියට එකතු කරමින්, “පක්ශයට අතිමහත් කැපවීමක් කල කුමාර දැන් පක්ශයෙ නැතයි කීමට තරම් ජ.වි.ප ය කුහකයයි” කියන්නට තරම් මොහුන් බොලඳ අවශ්තාවාදයට පත් විය. සෝමවන්ස සමරසින්හ සහෝදරයාගේ පැසුනු දේශපාලන ප්‍රකාශය අවතක්සේරු කලේය. ඔඋව් අතඩන්ගුවට පත්වෙන්නේ අරගල වියාපාරයේ අවස්තාවාදී, පැහදිලි උපායක් නැති, උපක්‍රම නිසාය.

1) තමන්ගේ වියාපාරයේ වැටෙමින් පවතින සගයන්ගේ මෝරාල් එක ඉහල දැමීමටත්, එකිනෙකාට විරුද්ධ ප්‍රකාශ නිකුත්කරන, එකිනෙකා නුරුස්ශන, වරුන, දුමින්ද, පුබුදු වැනි අය කොන්ට්‍රෝල් හෝ මධ්‍යගත කල හැක්කෙ කුමාරට මිස සේනාදීර (ඕපාත ට )ට නොවෙන බැවින් ඔහුට විප්ලවාදියෙක් ලෙස ලංකාවේ සිටින ලෙස බලකිරීම (ඔහුව අත් අඩංගුවට පත්වීමේ හැකියාව සරල කාරනයකට පමනක් බවත් එයට සරල නීතිමය තත්වයන් ඇතිබවත් නිර්මාක්ස්වාදී හෙවත් ට්‍රොස්කිවාදී නිගමනයන් වල සිටිමින්)

2) අවුරුදු 20 කටත් වඩා වැඩිකාලයක් ඔහුව ආරක්ශා කර ගැනීමට හැකිවුවත්, මාශ 6 ක් වැනි කෙටි කාලයකින් අත් අඩන්ගුවට පත්වීමත්, අරගල වියාපරයේ ප්‍රකාශනයට අනුවම ඔහුන් ගේ සන්විධානය ගැන තෙරුම් ගැනීම ඉතා පහසුය.මන්ද යත්.

අත් අඩන්ගුවට පත්වන විට එම නිවසේ සිට ඇත්තේ ඔහුව පමනි, දොරවල් කඩනකොට ඔහුට ඇහැරුනේ නැද්ද, ටෙලිෆෝනයක් තිබුනේ නැද්ද? මොහුන් කියන ආකාරයට ජනාරගල නායකය්න් පිටුපසින් ඔත්තුසේව ඇසගසා සිටින බවත්, ඔහුන් පිටුපස යනබවත් ඔහුන් දැන සිටියේය (වරෙක මාධ්‍ය සාකච්චාවක් මගින් ද හෙලි කලේය ) මෙහින් කියවෙන්නේ ඔහුට ආරක්ශාව ඉතා මතා නොදී තිබීම නොවේද?

2) දිමුතු කලියෙන් අත් අඩන්ගුවට ගැනීමෙන් ඇය විසින් කුමාරව සිටින ඉස්ථානය, හෙලි කලා නොවේද හෝ නැතිනම් මොහුන් දෙදෙනා එකට සිටින විට ගත්තා විය නොහැකිද?

3) අත් අඩන්ගුවට පසුවී සෑහෙන කාලයකට පසුව එනම් එදින සවස වෙනතුරු පොලීසියට පැමිනිලි නොකරන්නේ ට්‍රොස්කි වාදීන් ධනපති රාජ්‍යතුල ආයතන පිලි නොගන්නේය යන නිර්මාක්ස් වාදී මතයේ එල්බ ගැනීම නිසාද?

සහෝදරවරුනි දැන්වත් අපේ අදහස් හුදෙක් වෛරයෙන් නොසලකා අපිට මඩගසනවා වෙනුවට, බුද්ධියෙන් අපි ලියන දේශපාලන කාරනා තෙරුම් ගෙන එයට සංවාද කරමු.

lecteur of RUHUNU university-JINASENA W HEVAGE