• Contact
  • si Sinhala (සිංහල)
  • fr Français
Advertisement
  • Exclusif
  • Editoriale
  • Politique
  • Économique
  • Faits divers
  • Internationale
  • Tourisme
  • Lois/dossiers législative
  • Événements
No Result
View All Result
  • Exclusif
  • Editoriale
  • Politique
  • Économique
  • Faits divers
  • Internationale
  • Tourisme
  • Lois/dossiers législative
  • Événements
No Result
View All Result
Voice of Ceylan
No Result
View All Result
Home Faits divers

ට්‍රම්ප්ට මුහුණ දීමට යුරෝපා සංගමයත් කඳවුරු බඳී !

novembre 27, 2024
in Faits divers, Internationale
0
ට්‍රම්ප්ට මුහුණ දීමට යුරෝපා සංගමයත් කඳවුරු බඳී !
0
SHARES
4
VIEWS
Share on FacebookShare on Twitter

අද නොවැම්බර් 27 වැනිදා යුරෝපා සංගමයේ ප්‍රධාන විධායක බලය ලෙස සැලකෙන එහි ආර්ථික කොමිසමේ නව සභාපති වරයා ලෙස හිටපු සභාපතිනිය වූ URSULA von der Leyen යුරෝපා පාර්ලිමේන්තුව විසින් සරල බහුතරයකින් යලි පත් කර ගෙන ඇත. ඉන් පසුව මාධ්‍ය ඇමතූ ඇය තමන්ගේ දෙවන ධූර කාලසීමාවේදී චීනය හා ඇමරිකාව හමුවේ යුරෝපීය තරඟකාරිත්වය සඳහා ප්‍රමුඛත්වය ලබා දෙන බව පවසා සිටි. යුරෝපා පාර්ලිමේන්තුව බදාදා ස්ට්‍රැස්බර්ග්හි දී යුරෝපීය කොමිසමේ සාමාජිකයින් 27 දෙනෙක්ද නම් කරන ලද අතර මේ වන විට ලොව පුරා පවතින දැඩි ආර්ථික, මිලිටරි හා භූ දේශපාලන තත්වයන්ට එරෙහිව ක්‍රියා මාර්ග ගැනීම සඳහා තම ධූර කාලය දෙසැම්බර් මස මුල සිට ආරම්හ කිරීමට නියමිතය.

ඒ අනුව යුරෝපීය විධායක සභා කොමිසමේ සභාපතිනිය හා එහි සාමාජිකයින් 27 දෙනා යුරෝපා පාර්ලිමේන්තුවේ වැඩි ඡන්ද 370 ක් ලබා ගත්තේය (විරුද්ධව 282 හා වැළකී සිටීම 36ක් ද වාර්තා වේ). ඩොනල්ඩ් ට්‍රම්ප් එක්සත් ජනපදයේ ජනාධිපති ලෙස දිවුරුම් දීමට දින පනහකට පමණ පෙර Ursula von der Leyenගේ දෙවන ධුර කාලය ආරම්භ වන අතර එක්සත් ජනපදය හා චීනය සමඟ ඇති පරතරය අවසන් කිරීමට යුරෝපා නිෂ්පාදනය සඳහා තරඟකාරිත්වයට ප්‍රමුඛත්වය දෙමින් කටයුතු කිරීමට යුරෝපා කොමිසම අපේක්‍ෂා කරනු ලබයි.

« යුරෝපයට දැන් කා දැමීමට කාලයක් නැත. අපගේ නිදහස සහ අපගේ ස්වෛරීභාවය වෙන කවරදාකටත් වඩා අපගේ ආර්ථික බලය මත රඳා පවතී, » යයි URSULA VON DER LEYEN පාර්ලිමේන්තුව අමතමින් අවධාරනය කළාය.

ආරක්‍ෂාව සම්බන්ධයෙන් ගත් කල, ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නැවත පැමිණීම යුක්‍රේන යුද්ධයෙන් එක්සත් ජනපදය ඉවත් වීම පිලිබඳ භීතිය මතු කරන මොහොතක, රුසියානු මිලිටරි වියදම් සමඟ තරඟ කිරීමට තවත් බොහෝ දේ කිරීමේ අවශ්‍යතාවය URSULA VON DER LEYEN විසින් පාර්ලිමේන්තුවට පෙන්වා දුන්නාය. ඒ සඳහා ඇමරිකානු මධ්‍යම ඔත්තු සේවාව හා සමාන ඔත්තු සේවයක අවශ්‍ය තාවය මතුකර සිටියාය.

« යුරෝපා සංගමයේ රටවල් 27 ආරක්ෂාව සඳහා වෙන්කරන අපගේ වියදම් වැඩි විය යුතුයි. රුසියාව සිය දළ දේශීය නිෂ්පාදිතයෙන් 9% ක් ආරක්ෂක කටයුතු සඳහා වියදම් කරනවා. එහෙත් යුරෝපය වියදම් කරන්නේ 1.9% ක් පමණයි. මෙම සමීකරණයේම යම් වැරද්දක් වෙලා තියෙනවා » ඇය තවදුරටත් පෙන්වා දුන්නාය.

ඇමරිකානු ජනාධිපතිවරණයෙන් ජය ගත් ට්‍රම්ප් මහතාගේ නැවත පැමිණීම සඳහා සූදානම් වීම EU සඳහා « වඩාත්ම හදිසි අභියෝගය » බව යුරෝපීය ප්‍රතිසංස්කරණ සඳහා වූ මධ්‍යස්ථානයේ විශ්ලේෂක Luigi Scazzieri අවධාරණය කරයි. « පෙරමුනු දෙකක් » මත යුරෝපා සංගමයට ක්‍රියාත්මක වීමට සිදුවේ. එනම් වෙළඳ තරඟය තුල දී යුරෝපීය නිෂ්පාදන මත රේගු බදු වැඩි කිරීමට රිපබ්ලිකන් ජනාධිපති ට්‍රම්ප්ගේ මැතිවරණ පොරොන්දුවක් වන අතර අනෙක ආරක්ෂාව සම්බන්ධයෙන් වන ගැටළුව වනුයේ යුක්රේනය සමග යුද්ධය ද අවසන් කරන බව පැවසීම බව ඔහුගේ අදහසයි. ඇමරිකාව ආධාර ලබා දීම අවසාන කළහොත් තමන්ගේ පරාජය පැය 24ක් තුල සිදුවිය හැකි බවට යුක්රේන ජනාධිපතිවරයාද මැසිවිලි නගයි.

යුරෝපා සංගමයට බාහිර වශයෙන් චීනය, රුසියාව හා ඇමරිකාව අභියෝග වශයෙන් තිබියදී පත් වූ නව කොමිසම අනුමත කරවා ගැනීමට යුරෝපීය පාර්ලිමේන්තුව තුල දැඩි අරගලයක් කිරීමට සිදු වී තිබුනේ අන්ත දක්ෂිණාංශික මන්ත්‍රී වරුන් යුරෝපා කොමිසමට පත් වීම නිසාවෙනි. විශේෂයෙන් ඉතාලි අගමැතිනිය වන Giorgia Meloniගේ අන්ත දක්ෂිණාංශික Fratelli d’Italia පක්ෂයේ සාමාජික ඉතාලි ජාතික මන්ත්‍රී Raffaele Fitto හට ට ලබා දී ඇති කොමිසමේ උප සභාපති ධූරය සම්බන්ධයෙන් වාම මන්ත්‍රී කණ්ඩායම් සභාපතිනිය සමග ගැටුම් ඇති කර ගනු ලැබුහ. මේ සම්බන්ධයෙන් URSULA VON DER LEYEN පවසා සිටියේ ඉතාලි අගමැතිනිය වන මෙලෝනි සමඟ ඇයගේ සමීප සබඳතා පවත්වා ගනු ලබන බවත් « එය මම කළ තේරීමක් » යයි අවසානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී වරුන් අස්වැසීම සඳහා පවසා සිටියාය.

දින කිහිපයක නොසන්සුන්තාවයෙන් පසුව, පාර්ලිමේන්තුවේ PPE දක්ෂිණාංශික කණ්ඩායමට අයත් EPP (ලිබරල් මන්ත්‍රී වරුන් ), Renew හි මධ්‍යස්ථවාදීන් සහ වාම සමාජ ප්‍රජාතන්ත්‍රවාදීන් විසින් වසර විස්සකට පසු ප්‍රථම වරට යෝජිත කොමිසමේ සියලුම කොමසාරිස්වරුන් අනුමත කිරීමේ ගිවිසුමකට අත්සන් තැබුවේ තෝරා ගත් සාමාජිකයින් පත් කර ගැනීම සඳහා පාර්ලිමේන්තුව චන්දය සඳහා ඉදිරිපත් කිරීමට පෙරය. හිටපු එස්තෝනියානු අගමැති Kaja Kallas යුරෝපා සංගමයේ රාජ්‍ය තාන්ත්‍රික ප්‍රධානියා බවට පත් වීමට නියමිතව ඇත. ප්‍රංශ මධ්‍යගතවාදියෙකු වන Stéphane Séjourné කොමිසමේ කාර්මික හා උපාය මාර්ග පිළිබඳ උප සභාපති ධුරයක් ලබා ගෙන ඇත. මෙම නව කොමිසම තුල පාර්ලිමේන්තුවේ බහුතරය වන ප්‍රධාන දක්ෂිණාංශික පක්ෂය PPE යුරෝපා නව කොමිසමේ සාමාජිකයින් 27 දෙනාගෙන් අමාත්‍යාංශ 15 ක් දිනා ගැනීමට සමත් වී ඇත.

කෙසේ වෙතත් නව කොමිසම යුරෝපා පාර්ලිමේන්තුවේ වාමාංශික මන්ත්‍රී වරුන්ගේ දැඩි විවේචනයට භාජනය වී ඇත. « ලිබරල් වෙළඳ පල ආර්ථිකයට ගැති, සංක්‍රමණික විරෝධී, යුක්රේනයට ගැති සහ ඊශ්‍රාල් අගමැති නෙතන්යාහු සමග සහයෝගීතාවයක් ඇති කොමිසමකින් සාධාරණත්වය අපේක්‍ෂා කල නොහැකි බව ඔවුන් පවසා සිටිති.

යුරෝපා පාර්ලිමේන්තුව සමාජ ප්‍රජාතන්ත්‍රවාදීන්ගේ කණ්ඩායමේ ප්‍රධානියා වන ස්පාඤ්ඤ ජාතික Iratxe Garcia-Pérez, නව කොමිසමේ කණ්ඩායමට සහයෝගය ලබා දීම සඳහා යුරෝපයේ “ස්ථාවරත්වයේ අවශ්‍යතාවය” ඉස්මතු කළේය. නමුත් එය « හිස් චෙක්පතක් නොවිය යුතුයි », යයි ඇය EPPමධ්‍යස්ථ දක්ෂිණාංශික කණ්ඩායම වෙත අනතුරු ඇඟවීය. අන්ත දක්ෂිනාංශය සමඟ දකුණේ ලිබරල් වාදීන් කරන « දෙබිඩි ගනුදෙනු අපි පිළිගන්නේ නැහැ » යයි ඇය යලි අවධාරණය කර සිටියාය.

ප්‍රංශ සමාජවාදීහු නව කොමිසමට විරුද්ධව ඡන්දය දුන්හ. « අපි රතු රේඛාවක් තරණය කරමින් සිටිමු. සාමාන්‍ය යුරෝපීය අවශ්‍යතා ආරක්ෂා කළ හැකි සටන් කාමී කොමිසමක් අපට තිබිය යුතු අතර, රුසියානු ගැති අන්ත දක්ෂිණාංශික ෆ්‍රැටෙලි ඩි’ඉතාලියා එම රේඛාවේ සිටින බව විශ්වාස නොකරමු » යයි ඔවුන් පවසා සිටියහ.

කෙසේ වෙතත් යුරෝපා කොමිසමේ නව සභාපතිනිය යුරෝපා සංගමයේ සෛවරීභාවය පිලිබඳ කතා කිරීම තුල ඉදිරි වසර 5 තුල ක්‍රියාත්මක කිරීමට නියමිත ට්‍රම්ප් හා චීනයට එරෙහිව නව ආර්ථික ආරක්ෂණවාදයේ පෙර නිමිත්තක් විය හැකි බවට ආර්ථික විශේෂඥයන්ගේ මතය වී ඇත. ට්‍රම්ප් ජනාධිපති යුරෝපා ආනයන සඳහා 20%ක් බද්දක් අයකිරීමට නියමිතව ඇත.

Previous Post

Pourquoi la victoire de gauche au Sri Lanka était-elle inévitable?

  • Trending
  • Comments
  • Latest
ප්‍රංශයේ නව සංක්‍රමණික නීති හා ප්‍රංශ විප්ලවය !

ප්‍රංශයේ නව සංක්‍රමණික නීති හා ප්‍රංශ විප්ලවය !

janvier 28, 2024
මරණීය දණ්ඩනයෙන් රනිල් බේරාගත් චන්ද්‍රිකා !-රසල් බණ්ඩාරවත්ත

මරණීය දණ්ඩනයෙන් රනිල් බේරාගත් චන්ද්‍රිකා !-රසල් බණ්ඩාරවත්ත

février 20, 2024
වසර 100ක් පිරෙන ලෙනින්ගේ දර්ශනය හා නවීන ලිබරල් ලෝකය

වසර 100ක් පිරෙන ලෙනින්ගේ දර්ශනය හා නවීන ලිබරල් ලෝකය !

janvier 26, 2024
ෆොන්සේකා දෙලොවක් අතර ?

ෆොන්සේකා දෙලොවක් අතර ?

janvier 31, 2024
Le chef de parti de gauche du JVP invité d’honneur de l’Inde !

Le chef de parti de gauche du JVP invité d’honneur de l’Inde !

0
Rencontre avec l’inde est un facteur crucial pour la paix en Asie du Sud-NPP !

Rencontre avec l’inde est un facteur crucial pour la paix en Asie du Sud-NPP !

0
Le Sri Lanka, une proie pour tous les requins !

Le Sri Lanka, une proie pour tous les requins !

0
Secteur de santé en grève au sri Lanka !

Secteur de santé en grève au sri Lanka !

0
ට්‍රම්ප්ට මුහුණ දීමට යුරෝපා සංගමයත් කඳවුරු බඳී !

ට්‍රම්ප්ට මුහුණ දීමට යුරෝපා සංගමයත් කඳවුරු බඳී !

novembre 27, 2024
Pourquoi la victoire de gauche au Sri Lanka était-elle inévitable?

Pourquoi la victoire de gauche au Sri Lanka était-elle inévitable?

octobre 15, 2024
Election présidentielle aura lieu au 21 septembre ! La gauche radicale favori ?

Election présidentielle aura lieu au 21 septembre ! La gauche radicale favori ?

août 1, 2024
Président iranien,Ebrahim Raisi bientôt en visite historique au sri Lanka !

Président iranien,Ebrahim Raisi bientôt en visite historique au sri Lanka !

février 21, 2024

Recent News

Welcome to the Voice of Ceylan, your go-to source for the latest news and stories from the heart of Sri Lanka. Operating from France, we bring you up-to-date and insightful coverage on diverse topics, providing a unique perspective on the vibrant culture, politics, and events shaping the island. Stay informed with us as we bridge the miles to connect you with the pulse of Sri Lanka.

Follow Us

Browse by Category

  • Économique
  • Editoriale
  • Exclusif
  • Faits divers
  • Internationale
  • Politique

Recent News

ට්‍රම්ප්ට මුහුණ දීමට යුරෝපා සංගමයත් කඳවුරු බඳී !

ට්‍රම්ප්ට මුහුණ දීමට යුරෝපා සංගමයත් කඳවුරු බඳී !

novembre 27, 2024
Pourquoi la victoire de gauche au Sri Lanka était-elle inévitable?

Pourquoi la victoire de gauche au Sri Lanka était-elle inévitable?

octobre 15, 2024
  • About
  • Advertise
  • Privacy & Policy
  • Contact

© 2024 Voice of Ceylan All rights reserved.

No Result
View All Result
  • Exclusif
  • Editoriale
  • Politique
  • Économique
  • Faits divers
  • Internationale
  • Tourisme
  • Lois/dossiers législative

© 2024 Voice of Ceylan All rights reserved.

  • Français