• Contact
  • si Sinhala (සිංහල)
  • fr Français
Advertisement
  • එසැණ පුවත්
  • කර්තෘ සටහන
  • දේශපාලන
  • ආර්ථික
  • කාලීන සිදුවීම්
  • ජාත්‍යන්තර
  • සංචාරක
  • නව ප්‍රංශ නීති
  • Events
No Result
View All Result
  • එසැණ පුවත්
  • කර්තෘ සටහන
  • දේශපාලන
  • ආර්ථික
  • කාලීන සිදුවීම්
  • ජාත්‍යන්තර
  • සංචාරක
  • නව ප්‍රංශ නීති
  • Events
No Result
View All Result
Voice of Ceylan
No Result
View All Result
Home ජාත්‍යන්තර

“ප්‍රජාතන්ත්‍රවාදයෙන් තොරව සමාජ සාධාරණත්වයක් පැවතිය නොහැක”ගෞතමාලාවේ නව ජනාධිපති!

ජනවාරි 26, 2024
in ජාත්‍යන්තර
0
0
SHARES
13
VIEWS
Share on FacebookShare on Twitter
දූෂණයට එරෙහිව සටන් කිරීම තම ප්‍රධාන මැතිවරණ තේමාව කර ගනිමින් පසුගිය වසරේ අගෝස්තු මාසයේදී ජනාධිපතිවරණයෙන් තේරී පත් වූ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී Bernardo Arévalo, මාස ගනනාවක පැවති අවිනිශ්චිතතාවයන් හා බාධා කිරීම් වලින් පසුව, ගෝතමාලාවේ නව ජනාධිපති ලෙස ජනවාරි 15 ​​සඳුදා හිමිදිරියේ තම ධූරයේ දිවිරුම් දුන්නේය. ලතින් අමෙරිකානු වාමාංශික නායකයින්, යුරෝපා සංගමයේ සහ අමෙරිකාවේ නියෝජිතයින් ඇතුළු පිරිසක් උත්සවයට සහභාගී වී සිටිනු දක්නා ලදී. සමාරම්භක උත්සවයට පෙර පාර්ලිමේන්තුවේ පැවති දීර්ඝ වාද විවාද හේතුවෙන් පැය නවයකට වඩා ප්‍රමාද වී උත්සවය ආරම්හ වූ බව විදේශ මාධ්‍ය වාර්තා කර සිටි.
සමාරම්භක අවස්ථාවට පැමිණ සිටි ඇමරිකානු, දකුණු ඇමරිකානු හා යුරෝපීය නියෝජිත කණ්ඩායම්වල ඒකාබද්ධ ප්‍රකාශයක් මඟින් “ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව නව ජනාධිපතිවරයාට බලය පැවරීමට පාර්ලිමේන්තුව විසින් ව්‍යවස්ථාපිත ජනවරමට අනුකූලව කටයුතු කරන ලෙස” දැඩිව ඉල්ලා සිටීමෙන් පසු නව ජනාධිපතිවරයා තම ධූරයේ දිවුරුම් දී තම ධූරයේ වැඩ බාර ගෙන ඇත.
පසුගිය වසරේ අගෝස්තු 20 වැනිදා ගෞතමාලාවේ පැවති ජනාධිපතිවරණයෙන් සමාජ ප්‍රජාතන්ත්‍රවාදී Bernardo Arévalo ජය ගැනීමෙන් පසුව එරට වසර 70ක් පුරා පැවැති දූෂිත පාලක කණ්ඩායම් නව ජනාධිපතිවරයාට එරෙහිව කුමන්ත්‍රණ උත්සන්න කරන ලදී. වසර 70වකට පසු බලයට පැමිණි ප්‍රථම වාමාංශික ජනාධිපතිවරයාගේ පාලනය පෙරලා දැමීමට පාර්ලිමේන්තුවේ හිටපු ජනාධිපති දක්ෂිණාංශික Alejandro Giammatteiගේ පාලක පක්‍ෂයේ දූෂිත මන්ත්‍රීවරුන් දිගින් දිගටම ඒ අනුව උත්සහ කරන ලදී. එරට නීතිපති දෙපාර්තමේන්තුව විසින් නිකුත් කල නියෝගයකින් නව ජනාධිපතිවරයාගේ පත්වීම නීති විරෝධී ලෙස ප්‍රකාශයට පත් කිරීමත් සමග ඇමරිකාව, යුරෝපා සංගමය හා දකුණු ඇමරිකානු රාජ්‍ය සංගමය(OEA) එම තීන්දුව “රාජ්‍ය කුමන්ත්‍රණයක්” ලෙස ප්‍රකාශයට පත් කරන ලදී. එහෙත් 2023 දෙසැම්බර් 8 වැනිදා එරට ශ්‍රේෂ්ටාධිකරණය මගින් ලබා දුන් එයතිහාසික තීරණයෙන් Bernardo Arévaloගේ පත් වීම නිත්‍යානුකුල බවට ප්‍රකාශයට පත් කරන ලදී. ඒ අනුව නව ජනාධිපතිවරයාගේ දිවුරුම් දීම ජනවාරි 14 ලෙසද ස්ථිර කරන ලදී.
කෙසේවෙතත් නව ජනාධිපතිවරයාගේ දිවුරුම් දීම කඩා කප්පල් කිරීමට ඊයේ දිනය පුරාවටම පැවැති සමාරම්හක උත්සවයේදී දක්ෂිණාංශික දූෂිත මන්ත්‍රීවරුන් තවදුරටත් උත්සහ කිරීමත් සමග එරට ජනතාව දහස් ගණනින් පාර්ලිමේන්තුව වට කරන ලදී. උත්සවයට සහබාගි වීමට පැමිණි චිලියේ ජනාධිපති ගැබ්‍රියෙල් බොරික් හා ස්පාඤ්ඤයේ රජු ජූවන් කර්ලොස් ආපසු හැරි ගිය බව විදේශ පුවත් වාර්තා කර සිටියේය. ඒ සමගම ඇමරිකානු, යුරෝපීය හා ඇමරිකානු රාජ්‍ය සංවිධානය(OEA) විසින් රටේ නීතිය හා සාමය රකිනා ලෙසත් ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරන ලෙස ඉල්ලා ඒකාබද්ධ ප්‍රකාශණයක් නිකුත් කරන ලදී.
“ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ජන්දයෙන් බලයට පත් වූ නව ජනාධිපතිවරයාට බලය පැවරීමට පාර්ලිමේන්තුව විසින් ව්‍යවස්ථාවට අනුකූලව කටයුතු කල යුතු බවත් ජාත්‍යන්තර ප්‍රජාව විසින් සිය මැතිවරණ නිරීක්ෂණ දූත මණ්ඩල මගින් අනුමත කරන ලද සාධාරණ, නිදහස් හා විනිවිද පෙනෙන ආකාරයෙන් පැවැත් වූ මැතිවරණයේදී ගෞතමාලා ජනතාව විසින් පෙන්වූ තම ප්‍රජාතන්ත්‍රවාදී කැමැත්තට පාර්ලිමේන්තුව ගරු කළ යුතුය. එසේ නොවුනහොත් ආර්ථික සම්පාදක පැනවීමට සිදුවනු ඇති බවට ද තර්ජනයක් ඒකාබද්ධ ප්‍රකාශණයේ සඳහන් විණි. අවසානයේ ජාත්‍යන්තර ප්‍රජාවගේ හා වීදි බැසී දහස් සංඛ්‍යාත ගෞතමාලා ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී ඉල්ලීමට හිස නැමීමට කුමන්ත්‍රණ කරුවන්ට සිදු විණි.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මත වම් අත තබමින් සහ දකුණු අත ඔසවමින් 65 හැවිරිදි Bernardo Arévalo උත්සවයට සහබාගි වූ දෙස් හා විදෙස් නියෝජිතයින්ගේ ප්‍රීති ඝෝෂා මධ්‍යයේ ගෞතමාලාවට සේවය කරන බවට සපල කරමින් ඒ අනුව දිවුරුම් දුන්නේය.
“ඔවුන් උත්සාහ කලේ සුළු සුළු කෙණෙහිලි කම් සහ බලය අනිසි ලෙස භාවිතා කරමින් ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් උල්ලංඝණය කිරීමටයි,” මැතිවරණයෙන් ප්‍රකාශයට පත් වූ ජනතා කැමැත්තට ගරු කිරීමේ වගකීම මන්ත්‍රීවරුන්ට තිබෙනවා. ගෞතමාලා ජනතාව සහ ජාත්‍යන්තර ප්‍රජාව අප දෙස බලා සිටිනවා,”
නව ජනාධිපති ජාතිය අමතමින් පවසා සිටියේය. පාර්ලිමේන්තුවෙන් පිටත, Bernardo Arévalo ගේ ආධාරකරුවන් දහස් ගණනක් මාර්ග බාධක බිඳ දමමින් ගොඩනැගිල්ල දෙසට යාමට උත්සහ කල නමුත්, පොලීසිය සමග ගැටුමකින් තොරව එය අවසන් කිරීමට ජනාධිපතිවරයා මැදිහත් වූ බව මාධ්‍ය වාර්තා කර සිටි.
“රටේ රාජ්‍ය ආයතන තව දුරටත් දූෂණයට හා දණ්ඩමුක්තියට බිලිවීමට ගොදුරු වීමට අපි කිසි දා ඉඩ නොදෙමු,” ඔහු සිය පළමු ආමන්ත්‍රණයේදීම තවදුරටත් අවධාරණය කර සිටියේය.
“පසුගිය මාසවලදී, අපි දැවැන්ත අභියෝගයන්ට හා ව්‍යාකුල සහිත දේශපාලන හා සමාජ අර්බුධ වලට මුහුණ දී සිටිමු, අපගේ අනාගත පාලනය ඒකාධිපතිත්වයක් ලෙස හුවා දැක්වීමට අපගේ විරුද්ධ වාදීන් නිතර උත්සහ දරනු ලැබුවා, මෙම කුමන්ත්‍රණය පරාජය කිරීමට මැදිහත් වූ ඇමරිකාව, යුරෝපා සංගමය, දකුණු ඇමරිකාවේ වාමාංශික මිත්‍රයන්ට මා ස්තුති කරනවා. ප්‍රජාතන්ත්‍රවාදී ආයතන සහ නීතියේ ආධිපත්‍යය සුරැකීම” ආරක්ෂා කිරීම සඳහා ඔබෙන් ලැබුණු සහයෝගය මා අගය කරනවා. “බලාපොරොත්තු සුන් කර නොගත් ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කර ගැනීම සඳහා වීදි බැසී තරුණයින්ට මාගේ විශේෂ ස්තූතිය මේ අවස්ථාවේදී පුදකර සිටිනවා. ඒ සඳහා විශාල කාර්යභාරයක් සිදුකල රටේ කාන්තාවන්ට මාගේ රජය තුල සමානාත්මතාවය ලැබෙනු ඇත. “ඉතිහාසයේ වැඩිම කාන්තාවන් සංඛ්‍යාවක්” ඇතුළත් වන මාගේ රජයේ “අධ්‍යාපනය, සෞඛ්‍යය, සංවර්ධනය සහ පරිසරය” ප්‍රමුඛතා ලෙස සලකන අතර එම පත්වන ඇමතිවරුන් 14 දෙනා ගෙන් 7 දෙනෙකු කාන්තාවන් වෙනවා. අද, ජාතියක් වශයෙන්, ලෝක ප්‍රජාව තුල අපි ඉතිහාසගත වෙමින් සිටිමු. මිලියන 17.6 ක් වූ ගෞතමාලා ජනගහණයෙන් 42% කට වඩා නියෝජනය කරන “ආදිවාසී ජනතාවට ඓතිහාසික ණයක්” ගෙවීමට අපට සිදුවී තිබෙනවා. සමාජ සාධාරණත්වය නොමැතිව ප්‍රජාතන්ත්‍රවාදයක් හෝ ප්‍රජාතන්ත්‍රවාදයෙන් තොරව සමාජ සාධාරණත්වයක් ද පැවතිය නොහැක”. ඒ සඳහා දිවිහිමියෙන් කැපවෙන ලෙස මා රටේ තරුණයන්, කාන්තාවන්, කම්කරුවන් හා ආදිවාසී ජනතාව ඇතුළු සමස්ථ ජනතාවගෙන් ඉල්ලා සිටිනවා” යයි ඔහු තම කතාව අවසානයේ පවසා සිටියේ පාර්ලිමේන්තුව පිටත සිටි දහස් ගණනක් වූ ගෞතමාලා ජනතාවගේ ප්‍රීති ඝෝෂා මධ්‍යයේය.
කෙසේ වෙතත් නව ජනාධිපතිවරයාට එරෙහි කුමන්ත්‍රණ තවමත් අවසන් වී නොමැත. එරට දූෂිත නීතිපති දෙපාර්තමේන්තුව නව ජනාධිපති Bernardo Arévaloගේ පත්වීමට එරෙහිව අභියාචනා මගින් (මැතිවරණ අවලංගු කිරීම, ඔහුගේ දේශපාලන පක්ෂය තහනම් කිරීම, ඔහුගේ මුක්තිය ඉවත් කිරීම) නඩු පැවරීම ත්‍රීව කර ඇත. නමුත් නව පාර්ලිමේන්තුව පත්වීමේදී කතා නායකවරයා ලෙස 31 හැවිරිදි සැමුවෙල් පෙරෙස් පත්වීම Arévalo කඳවුර ලැබූ විශිෂ්ට ජයග්‍රහණයක් බව දේශපාලන විචාරකයින් මේ අතර පවසා සිටි.
පසුගිය 2022 වසරේ අගෝස්තු 20 වැනිදා පැවැත් වූ ජනාධිපතිවරණයෙන් ඔහුගේ විස්මිත ජයග්‍රහණයෙන් පසු, 65 හැවිරිදි Bernardo Arévalo හිටපු රාජ්‍ය තාන්ත්‍රිකයෙකු සහ සමාජ විද්‍යාඥයයෙකු ලෙස එරට තුළ විවිධ බාධකවලට මුහුණ දී ඇත. ජාත්‍යන්තර දූෂණ විරෝධී සංවිධානය වන ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රේණිගත කිරීම්වලට අනුව දුෂණයෙන් ගෞතමාලාව සිටිනුයේ ලෝකයේ රටවල් 180 අතරින් 150 වැනි ස්ථානයේය. දුෂණයට එරෙහිව නඩු තීන්දු ප්‍රකාශයට පත් කල විනිසුරුවන් වැඩිම ප්‍රමාණයක් මරණ තර්ජන හේතුවෙන් රටින් පිටුවහල් ව සිටින රට ලෙස ද ගෞතමාලාව ලොව පුරා ප්‍රකටව ඇත. එසේම 1960-1996 කාලය තුල ඇමරිකානු සහය ලැබූ මිලිටරි ජුන්ටාව විසින් 200000කට අධික ආදිවාසී ජනතාවක් මරා දැමු අතර එයින් 93%ක් සිදුකර ඇත්තේ හමුදාව විසින් බව එජා සංවිධානය සිදුකරන විමර්ශණයකින් පසුව වාර්තා කර සිටියේය.
Previous Post

වසර 100ක් පිරෙන ලෙනින්ගේ දර්ශනය හා නවීන ලිබරල් ලෝකය !

Next Post

ප්‍රංශයේ නව සංක්‍රමණික නීති හා ප්‍රංශ විප්ලවය !

Next Post
ප්‍රංශයේ නව සංක්‍රමණික නීති හා ප්‍රංශ විප්ලවය !

ප්‍රංශයේ නව සංක්‍රමණික නීති හා ප්‍රංශ විප්ලවය !

  • Trending
  • Comments
  • Latest
ප්‍රංශයේ නව සංක්‍රමණික නීති හා ප්‍රංශ විප්ලවය !

ප්‍රංශයේ නව සංක්‍රමණික නීති හා ප්‍රංශ විප්ලවය !

ජනවාරි 28, 2024
මරණීය දණ්ඩනයෙන් රනිල් බේරාගත් චන්ද්‍රිකා !-රසල් බණ්ඩාරවත්ත

මරණීය දණ්ඩනයෙන් රනිල් බේරාගත් චන්ද්‍රිකා !-රසල් බණ්ඩාරවත්ත

පෙබරවාරි 20, 2024
වසර 100ක් පිරෙන ලෙනින්ගේ දර්ශනය හා නවීන ලිබරල් ලෝකය

වසර 100ක් පිරෙන ලෙනින්ගේ දර්ශනය හා නවීන ලිබරල් ලෝකය !

ජනවාරි 26, 2024
ෆොන්සේකා දෙලොවක් අතර ?

ෆොන්සේකා දෙලොවක් අතර ?

ජනවාරි 31, 2024
දෙසැම්බර් සංචාරකයින් ලක්ෂ 02 ඉක්මවයි

දෙසැම්බර් සංචාරකයින් ලක්ෂ 02 ඉක්මවයි

0
සයිනොපෙක් ඉන්ධන මිල අඩු කරයි.. ඔවුන්ගේ මිල මෙන්න..

සයිනොපෙක් ඉන්ධන මිල අඩු කරයි.. ඔවුන්ගේ මිල මෙන්න..

0
කියුබාවේ ක්‍රමය අපට හරියන්නෑ.. මාලිමාව කරන්නේ වෙනස්ම එකක්…

කියුබාවේ ක්‍රමය අපට හරියන්නෑ.. මාලිමාව කරන්නේ වෙනස්ම එකක්…

0

තැන තැන වෙඩි තැබීම් මැතිවරණ වලට පෙර භිෂණය පැතිරීම සඳහා වූ සුදානමක්ද ?

0
යුක්රේන භූ සම්පත් අල්ලාගැනීමට ට්‍රම්ප්, රුසියාව හා යුරෝපා සංගමය අතර ගැටුම් උග්‍ර වේ !

යුක්රේන භූ සම්පත් අල්ලාගැනීමට ට්‍රම්ප්, රුසියාව හා යුරෝපා සංගමය අතර ගැටුම් උග්‍ර වේ !

මාර්තු 2, 2025
සිරියානු උතුරු කලාපයේ “කුර්දි රෝජාවා සමාජවාදී කොමියුනය” අනතුරේ ?

සිරියානු උතුරු කලාපයේ “කුර්දි රෝජාවා සමාජවාදී කොමියුනය” අනතුරේ ?

මාර්තු 2, 2025
ඉක්වදෝරය යළි වමට කැරකෙයි !

ඉක්වදෝරය යළි වමට කැරකෙයි !

පෙබරවාරි 13, 2025
ට්‍රම්ප්ට මුහුණ දීමට යුරෝපා සංගමය චීනය හා ඉන්දියාව දෙසට හැරේ!

ට්‍රම්ප්ට මුහුණ දීමට යුරෝපා සංගමය චීනය හා ඉන්දියාව දෙසට හැරේ!

ජනවාරි 22, 2025

Recent News

යුක්රේන භූ සම්පත් අල්ලාගැනීමට ට්‍රම්ප්, රුසියාව හා යුරෝපා සංගමය අතර ගැටුම් උග්‍ර වේ !

යුක්රේන භූ සම්පත් අල්ලාගැනීමට ට්‍රම්ප්, රුසියාව හා යුරෝපා සංගමය අතර ගැටුම් උග්‍ර වේ !

මාර්තු 2, 2025
සිරියානු උතුරු කලාපයේ “කුර්දි රෝජාවා සමාජවාදී කොමියුනය” අනතුරේ ?

සිරියානු උතුරු කලාපයේ “කුර්දි රෝජාවා සමාජවාදී කොමියුනය” අනතුරේ ?

මාර්තු 2, 2025
ඉක්වදෝරය යළි වමට කැරකෙයි !

ඉක්වදෝරය යළි වමට කැරකෙයි !

පෙබරවාරි 13, 2025
ට්‍රම්ප්ට මුහුණ දීමට යුරෝපා සංගමය චීනය හා ඉන්දියාව දෙසට හැරේ!

ට්‍රම්ප්ට මුහුණ දීමට යුරෝපා සංගමය චීනය හා ඉන්දියාව දෙසට හැරේ!

ජනවාරි 22, 2025
Voice of Ceylan

Welcome to the Voice of Ceylan, your go-to source for the latest news and stories from the heart of Sri Lanka. Operating from France, we bring you up-to-date and insightful coverage on diverse topics, providing a unique perspective on the vibrant culture, politics, and events shaping the island. Stay informed with us as we bridge the miles to connect you with the pulse of Sri Lanka.

Follow Us

Browse by Category

  • ආර්ථික
  • එසැණ පුවත්
  • කර්තෘ සටහන
  • කාලීන සිදුවීම්
  • ජාත්‍යන්තර
  • දේශපාලන
  • නව ප්‍රංශ නීති
  • සංචාරක

Recent News

යුක්රේන භූ සම්පත් අල්ලාගැනීමට ට්‍රම්ප්, රුසියාව හා යුරෝපා සංගමය අතර ගැටුම් උග්‍ර වේ !

යුක්රේන භූ සම්පත් අල්ලාගැනීමට ට්‍රම්ප්, රුසියාව හා යුරෝපා සංගමය අතර ගැටුම් උග්‍ර වේ !

මාර්තු 2, 2025
සිරියානු උතුරු කලාපයේ “කුර්දි රෝජාවා සමාජවාදී කොමියුනය” අනතුරේ ?

සිරියානු උතුරු කලාපයේ “කුර්දි රෝජාවා සමාජවාදී කොමියුනය” අනතුරේ ?

මාර්තු 2, 2025
  • About
  • Advertise
  • Privacy & Policy
  • Contact

© 2024 Voice of Ceylan All rights reserved.

No Result
View All Result
  • එසැණ පුවත්
  • කර්තෘ සටහන
  • දේශපාලන
  • ආර්ථික
  • කාලීන සිදුවීම්
  • ජාත්‍යන්තර
  • සංචාරක
  • නව ප්‍රංශ නීති

© 2024 Voice of Ceylan All rights reserved.

  • Sinhala (සිංහල)