• Contact
  • si Sinhala (සිංහල)
  • fr Français
Advertisement
  • එසැණ පුවත්
  • කර්තෘ සටහන
  • දේශපාලන
  • ආර්ථික
  • කාලීන සිදුවීම්
  • ජාත්‍යන්තර
  • සංචාරක
  • නව ප්‍රංශ නීති
  • Events
No Result
View All Result
  • එසැණ පුවත්
  • කර්තෘ සටහන
  • දේශපාලන
  • ආර්ථික
  • කාලීන සිදුවීම්
  • ජාත්‍යන්තර
  • සංචාරක
  • නව ප්‍රංශ නීති
  • Events
No Result
View All Result
Voice of Ceylan
No Result
View All Result
Home එසැණ පුවත්

ෆොන්සේකා දෙලොවක් අතර ?

ජනවාරි 31, 2024
in එසැණ පුවත්, කර්තෘ සටහන, දේශපාලන
0
ෆොන්සේකා දෙලොවක් අතර ?
0
SHARES
32
VIEWS
Share on FacebookShare on Twitter

2010 ජනාධිපතිවරණයට අහම්බෙන් කඩා වැටුණු ජෙනරල් සරත් ෆොන්සේකා මහතා මුල සිටම උත්සහ කලේ තමන්ගේ දේශපාලන දැනුම අනුව සියළුම පක්ෂ එකතු කරමින් පවතින දූෂිත පාලන ක්‍රමය පෙරලා දැමීමටය. විශේෂයෙන්ම ඔහු ජනතා විමුක්ති පෙරමුණ හා එක්සත් ජාතික පක්‍ෂය එක් පෙරමුණකට ගෙන ඒමට උත්සහ කලද එය දේශපාලනිකව පහසු කටයුත්තක් වුයේ නැත. ජනාධිපතිවරණයෙන් පසුව සිර ගත වූ ෆොන්සේකා මහතාව එජාපය විසින් අත්හැර දැමුවද ඔහු නිදහස් කර ගැනීම සඳහා ජාතික හා ජාත්‍යන්තර වශයෙන් විශාල වැඩ කොටසක් සිදු කරනු ලැබුවේ ජනතා විමුක්ති පෙරමුණ විසිනි.

එම යුගයේ සිංගප්පුරු පුවත්පතකට ප්‍රකාශයක් කරමින් මහින්ද රාජපක්ෂ පැවසුවේ ජනතා විමුක්ති පෙරමුණ හා සරත් ෆොන්සේකා සුසංයෝගය රටේ ප්‍රජාතන්ත්‍රවාදයට තර්ජනයක් බවයි. ෆොන්සේකා සිර ගතව සිටි කාලය තුල ඔහුව රාජපක්ෂ කල්ලිය තුලට හෝ එක්සත් ජාතික පක්‍ෂයට යලි දිනා ගැනීම සඳහා විශාල මෙහෙයුම් සිදු වුවද එවැනි කිසිදු මැදිහත් වීමකට ෆොන්සේකා හිස නැමුවේ නැත. එහි දී BBC ලෝක සේවයට හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාබය රාජපක්‍ෂ පැවසුවේ යුධ අපරාධ හෙළි කල හොත් හිටපු හමුදාපති වරයාව එල්ලා මරා දමන බවයි. ඒ අනුව ෆොන්සේකා විසින් සිදු කල සුදු කොඩි කථාව සනාථ කිරීම සඳහා විමල් වීරවංශ ඇතුළු පිරිස් අධිකරණ ක්‍රියා මාර්ග ද උත්සන්න කරන ලද්දේ ෆොන්සේකා මහතා සිංහල ජනතාව අතර අප කීර්තියට පත් කර දේශපාලනිකව ඔහු විනාශ කර දැමීමටය.

නමුත් එයින් සිදු වූයේ මෙවැනි අදුරදර්ශි ක්‍රියා මාර්ග නිසා ශ්‍රී ලංකාවේ යුධ පිටියේ අවසාන අදියරේදී යුධ අපරාධ සිදුවීම ජාත්‍යන්තරය තුල තහවුරු වීම හා හමුදා නායකයින්ට යුරෝපා සංගමයේ හා ඇමරිකාව ඇතුළු රටවල සංචාරය කිරීම පවා තහනම් වීමය. අවසානයේ සිදුවුයේ ෆොන්සේකා මහතාට එරෙහිව ගොනු කර තිබු සුදු කොඩි තොවිලය අවසන් වී බැටරි කෑලි කීපයකට ඔහු වැලිකඩට යැවීමය.

මෙවැනි තත්වයක් තුල වසර දෙකක කාලයක් සිරගතව සිටි සරත් ෆොන්සේකා මහතාට සිදු වූයේ ජනතා විමුක්ති පෙරමුණ සමග තිබු දේශපාලන සම්බන්ධයෙන් ඈත් වී නැවතත් එක්සත් ජාතික පක්‍ෂ ප්‍රමුඛ යහපාලනයට සම්බන්ධ වීමය. එහෙත් එම යහපාලන සමයේ එක්සත් ජාතික පක්ෂ නායකයෝ හා ශ්‍රීලනිප පක්ෂ නායකයෝ සරත් ෆොන්සේකා මහතාට කිසිදු වැදගත් විශේෂයෙන්ම ආරක්ෂක කේෂ්ත්‍ර යට සමබන්ධ අමාත්‍යංශ ලබා නොදීමට වග බලා ගත්තේ ඔහුට කුඩා හෝ බලයක් ලබා දුනහොත් තමන්ගේ අවසානය සිර කුඩුව බව හොඳින් අවබෝධ කරගෙන සිටින බැවිනි. අරගලය සිදු වූ මොහතේදී පවා සරත් ෆොන්සේකා මහතා කැඳවා පාලනය භාර දීමට එකඟතාවයකට පැමිණ යලි රාජපක්‍ෂ පවුල එය අත්හරිනු ලැබුවේ සරත් ෆොන්සේකා යනු සජිත්, සිරිසේන, රනිල් වැනි තමන්ට පාලනය කල හැකි අයෙකු බව හොඳින් අවබෝධ කරගෙන සිටින නිසාය. එය ලංකාවේ පාලකයෝ පමණක් නොව කලාපීය හා ජාත්‍යන්තරය පවා දන්නා කාරණයකි. ඔවුන් සියළු දෙනාටම අවශ්‍ය ලංකාවේ තමන්ට ඕනෑම සෙල්ලමක් නැටිය හැකි රූකඩ පාලකයෙක් රටේ නායකයෙකු ලෙස පත් කර ගැනීමටය.

මේ වන විට සමගි බල වේගයේ නියෝජ්‍ය නායකකම ලබා දී ෆොන්සේකා මහතා පාලනය කිරීමට සජිත් පිල උත්සහ කලද ඔහුට මේ වන විට මුහුණ දීමට සිදු වී ඇත්තේ පල නොකියා පලා බෙදන තත්වයකටය. එහි නවතම සිදු වීම වනුයේ හිටපු හමුදාපති දයා රත්නායක සජිත් ප්‍රේමදාස සමග එක් වීමය. මහින්ද රාජපක්ෂ සිට විමල් විරවංශ ගේ අමත්‍යංශ වල පවා රස්තියාදු ගැසූ දයා රත්නායක ගැසූ මෙම අළුත්ම බල්ටියත් සමග ෆොන්සේකා මහතා වෙබ් අඩවියකට ප්‍රකාශ කර ඇත්තේ දැන් සජබයට අඩු ගෝඨාබය රාජපක්‍ෂ පමණක් බවය.

පසුගිය සතියේ සජබයේ රණවිරු රැස්වීමටද සහබාගි නොවූ සරත් ෆොන්සේකා මහතා ඊයේ කොළඹ පැවති සජබේ පෙලපාලියට සහබාගි වී ඇත්තේ ද සජබෙ ලොක්කෙකු විසින් දිගින් දිගටම සිදු කරන ලද ඇවිටිලි වල ප්‍රථිපලයක් ලෙසය. කෙසේවෙතත් සජිත් ප්‍රේමදාසට දැන් ෆොන්සේකා වැඩක් නැත. රනිල්-රාජපක්ෂ හවුල ප්‍රමුඛ ලාංකීය පසුගාමී සමස්ථ දූෂිත වලල්ලේ නවතම තාරකාව වීමට ඉඩ ඇත්තේ සජිත් ප්‍රේමදාසය. සජිත්ට මැතිවරණ ජයග්‍රහණ කිරීමට නම් මෙම දූෂිත වලල්ලේ සහය හා මුදල් අවශ්‍යය. ජාතික ජන බලවේගය වටා ගොනුවෙමින් පවතින දැවැන්ත ජනතා රැල්ල ආපසු හැරවීමට නම් එවැනි මුදල් පොම්ප කිරීමක් අත්‍යවශ්‍යය.

සජිත් යනු පිරිසිදු චරිතයක්ද නොවේ. එහිදී දුෂිතයෙකු නොවන ෆොන්සේකා යනු මරාලයකි. අරගල සමයේ ගොඨාභය කීවේ මගේ පවුල විතරක් නෙමේ මටත් දැන් ඔයාට බලය දෙන්න බයයි කියාය. දැන් සජිත් නොකියා ෆොන්සේකට කියන්නේද එයමය. 2010 ජනාධිපතිවරණයේදී මෙන් ෆොන්සේකා පරාජය කිරීමට ගැසූ පන්නයේ මරාගෙන මැරෙන මාධ්‍ය මෙහෙයුමක් සඳහා දැන් දැන් පිඹුරු පත් සකස් වෙමින් පවතී.

එය කොතෙක් දුරට සාර්ථක වේ දැයි තීරණය කරනු ලබනුයේ තමන් මුහුණ දී තිබෙන අර්බුධයේ බරපතලකම ජනතාවට සවිඥාණික ඇති ආකාරයට අනුව ඔවුන් මැතිවරණ වලදි දක්වන ප්‍රතිචාරය මතය. එහිදී ෆීල්ඩ් මාර්ෂල් ගාර්දිහේවා සරත් ෆොන්සේකා මහතාට ඉතිරි වී ඇත්තේද ජනතාව සමග සිට ගන්නවාද නැතහොත් එල්ලවන කෙනහිලි කම් ඉවසගෙන සජබේ ෆුට් බෝඩ් එකේ එල්ලී ගොස් එලියට වීසි වෙනවද එසේ නැතහොත් දේශපාලනයෙන් සමු ගන්නවාද යන්න තෝරා ගැනීම පමණි.

Previous Post

ප්‍රංශයේ නව සංක්‍රමණික නීති හා ප්‍රංශ විප්ලවය !

Next Post

පකිස්ථානයේ ඉම්රාන් ඛාන්ව මැතිවරණයෙන් ඉවත් කරයි !

Next Post
පකිස්ථානයේ ඉම්රාන් ඛාන්ව මැතිවරණයෙන් ඉවත් කරයි !

පකිස්ථානයේ ඉම්රාන් ඛාන්ව මැතිවරණයෙන් ඉවත් කරයි !

  • Trending
  • Comments
  • Latest
ප්‍රංශයේ නව සංක්‍රමණික නීති හා ප්‍රංශ විප්ලවය !

ප්‍රංශයේ නව සංක්‍රමණික නීති හා ප්‍රංශ විප්ලවය !

ජනවාරි 28, 2024
මරණීය දණ්ඩනයෙන් රනිල් බේරාගත් චන්ද්‍රිකා !-රසල් බණ්ඩාරවත්ත

මරණීය දණ්ඩනයෙන් රනිල් බේරාගත් චන්ද්‍රිකා !-රසල් බණ්ඩාරවත්ත

පෙබරවාරි 20, 2024
වසර 100ක් පිරෙන ලෙනින්ගේ දර්ශනය හා නවීන ලිබරල් ලෝකය

වසර 100ක් පිරෙන ලෙනින්ගේ දර්ශනය හා නවීන ලිබරල් ලෝකය !

ජනවාරි 26, 2024
ෆොන්සේකා දෙලොවක් අතර ?

ෆොන්සේකා දෙලොවක් අතර ?

ජනවාරි 31, 2024
දෙසැම්බර් සංචාරකයින් ලක්ෂ 02 ඉක්මවයි

දෙසැම්බර් සංචාරකයින් ලක්ෂ 02 ඉක්මවයි

0
සයිනොපෙක් ඉන්ධන මිල අඩු කරයි.. ඔවුන්ගේ මිල මෙන්න..

සයිනොපෙක් ඉන්ධන මිල අඩු කරයි.. ඔවුන්ගේ මිල මෙන්න..

0
කියුබාවේ ක්‍රමය අපට හරියන්නෑ.. මාලිමාව කරන්නේ වෙනස්ම එකක්…

කියුබාවේ ක්‍රමය අපට හරියන්නෑ.. මාලිමාව කරන්නේ වෙනස්ම එකක්…

0

තැන තැන වෙඩි තැබීම් මැතිවරණ වලට පෙර භිෂණය පැතිරීම සඳහා වූ සුදානමක්ද ?

0
යුක්රේන භූ සම්පත් අල්ලාගැනීමට ට්‍රම්ප්, රුසියාව හා යුරෝපා සංගමය අතර ගැටුම් උග්‍ර වේ !

යුක්රේන භූ සම්පත් අල්ලාගැනීමට ට්‍රම්ප්, රුසියාව හා යුරෝපා සංගමය අතර ගැටුම් උග්‍ර වේ !

මාර්තු 2, 2025
සිරියානු උතුරු කලාපයේ “කුර්දි රෝජාවා සමාජවාදී කොමියුනය” අනතුරේ ?

සිරියානු උතුරු කලාපයේ “කුර්දි රෝජාවා සමාජවාදී කොමියුනය” අනතුරේ ?

මාර්තු 2, 2025
ඉක්වදෝරය යළි වමට කැරකෙයි !

ඉක්වදෝරය යළි වමට කැරකෙයි !

පෙබරවාරි 13, 2025
ට්‍රම්ප්ට මුහුණ දීමට යුරෝපා සංගමය චීනය හා ඉන්දියාව දෙසට හැරේ!

ට්‍රම්ප්ට මුහුණ දීමට යුරෝපා සංගමය චීනය හා ඉන්දියාව දෙසට හැරේ!

ජනවාරි 22, 2025

Recent News

Welcome to the Voice of Ceylan, your go-to source for the latest news and stories from the heart of Sri Lanka. Operating from France, we bring you up-to-date and insightful coverage on diverse topics, providing a unique perspective on the vibrant culture, politics, and events shaping the island. Stay informed with us as we bridge the miles to connect you with the pulse of Sri Lanka.

Follow Us

Browse by Category

  • ආර්ථික
  • එසැණ පුවත්
  • කර්තෘ සටහන
  • කාලීන සිදුවීම්
  • ජාත්‍යන්තර
  • දේශපාලන
  • නව ප්‍රංශ නීති
  • සංචාරක

Recent News

යුක්රේන භූ සම්පත් අල්ලාගැනීමට ට්‍රම්ප්, රුසියාව හා යුරෝපා සංගමය අතර ගැටුම් උග්‍ර වේ !

යුක්රේන භූ සම්පත් අල්ලාගැනීමට ට්‍රම්ප්, රුසියාව හා යුරෝපා සංගමය අතර ගැටුම් උග්‍ර වේ !

මාර්තු 2, 2025
සිරියානු උතුරු කලාපයේ “කුර්දි රෝජාවා සමාජවාදී කොමියුනය” අනතුරේ ?

සිරියානු උතුරු කලාපයේ “කුර්දි රෝජාවා සමාජවාදී කොමියුනය” අනතුරේ ?

මාර්තු 2, 2025
  • About
  • Advertise
  • Privacy & Policy
  • Contact

© 2024 Voice of Ceylan All rights reserved.

No Result
View All Result
  • එසැණ පුවත්
  • කර්තෘ සටහන
  • දේශපාලන
  • ආර්ථික
  • කාලීන සිදුවීම්
  • ජාත්‍යන්තර
  • සංචාරක
  • නව ප්‍රංශ නීති

© 2024 Voice of Ceylan All rights reserved.

  • Sinhala (සිංහල)