• Contact
  • si Sinhala (සිංහල)
  • fr Français
Advertisement
  • එසැණ පුවත්
  • කර්තෘ සටහන
  • දේශපාලන
  • ආර්ථික
  • කාලීන සිදුවීම්
  • ජාත්‍යන්තර
  • සංචාරක
  • නව ප්‍රංශ නීති
  • Events
No Result
View All Result
  • එසැණ පුවත්
  • කර්තෘ සටහන
  • දේශපාලන
  • ආර්ථික
  • කාලීන සිදුවීම්
  • ජාත්‍යන්තර
  • සංචාරක
  • නව ප්‍රංශ නීති
  • Events
No Result
View All Result
Voice of Ceylan
No Result
View All Result
Home දේශපාලන

අනුර දිසානායක smart විදිහට ඉංදියාවට යාම!(විශේෂ ලියුම් කරුවෙකුගේ ඇසින්) )

පෙබරවාරි 11, 2024
in දේශපාලන
0
0
SHARES
9
VIEWS
Share on FacebookShare on Twitter
I liked the way that Anura went to India, he was dressed smartly, just like young Indians are dressing these days!! අනුර කුමාර දිසානායක ඉංදියාවට ගිය විදිහට මම කැමැතියි. ඔහු ලස්සනට ඇදලා ගිහින් තිබුනා. හරියට මේ දවස්වල ඉංදියානු තරුණයින් අදින විදිහට තමයි ඔහු ඇදලා තිබුනෙත්. රවුල ට්‍රිම් කරලා, බඩ ඇතුලට දාලා, පිරිපුන් ශරීරයකින් යුතු, ටයි කෝට්, Short Kurta, ඩෙනිම් කලිසම් – ෂර්ට් අදින…ඕවා තමයි දැන් තරුණ ඉංදියානුවොත් අදින්න, කරන්න කැමැති විදිහ. ඒක හොද ආකර්ෂණීය ප්‍රවේශයක්.
ඉංදියාවට ගිහිල්ලත් අනුර කියලා තිබුනේ: “අපි දන්නවා අපේ සමීප අසල්වැසියා වන ඉංදියාව ප්‍රධාන ආර්ථික හා දේශපාලන මධ්‍යස්ථානයක් බවට පත්වෙලා තියෙනවා කියලා.. ඉතින් අපි ආර්ථික හා දේශපාලන තීරණ ගනිද්දී, එවා ඉන්දියාවට බලපාන්නේ කොහොමද කියන එක ගැනත් අපි හැමවිටම සැලකිලිමත් වෙනවා” (“We do know that India, who is our closest neighbour, has become a major political and economic centre. So, when we take economic and political decisions, we will always care about how it will impact India.”) කියලයි. ඉංදියාව එක්ක දේශපාලන සබදතා ගොඩනගා ගන්න ඒ වගේ ප්‍රකාශ තමයි කරන්න ඕනෑ කියලා හිතන එකත්, එවැනි ප්‍රකාශ ඉදිරි දේශපාලන කටයුතු සදහා හොද අඩිතාලමක් දමනු ඇතැයි කියලා හිතන එකත් smart…
කොහොමත් විජේවීරගේ කාලේ වගේ තවදුරටත් ඔය ‘ඉංදියානු ව්‍යාප්තවාදය’ (“Indian expansionism”) වගේ සටන් පාඨවලට ඇති දේශපාලන පෙළගැස්ම සීමා සහිත බව තේරුම් ගැනීමත්, business partners ලා හොයන මේ යුගයේ අර බ්‍රිතාන්‍යයේ මාග්‍රට් තැචර් (Margaret Thatcher) ගොර්බචොව් ගේ (Gorbachev) කාලේ රැසියාවට ගිහින් කිව්වා වගේ “we can do business together” කියලා පෙන්වන එකත්, ව්‍යාපාරිකයෝ, entrepreneurs ලා, වෙන්න ඕනෑ කියන රැල්ලක් තදින්ම තියෙන ඉංදියාවේ ඒ පෙළගැස්මට කලාපීය දේශපාලන සංදර්භයකින් ආමාන්ත්‍රණය කරන්න ඕනෑ කියලා අනුර පෙන්වන එකත් smart.
එක අතකට, හැමදේම වගේම දේශපාලනයත් කාලෙන් කාලෙට වෙනස් වෙන එකේ…මනුෂ්‍යය සම්බන්ධතා වලදී වගේම දේශපාලනයේදීත් ඔය පස මිතුරුකම්, ඉදිරිවාදී කම්, ආරවුල්, කෝන්තර තියාගන්න එකේ තේරුමක් නෑ… එහෙම නැතිව අවස්ථානුකූලව දේශපාලනය කරණ ඕනෑ කියන එකත් ඉදිරිගාමීයි නේ? දේශපාලන වශයෙන් එහෙම කටයුතු කරන එකටත් දැන් ‘smart politics’ කියලා කියනවා. ඉතින් dress code එක වගේම ඒගොල්ලන්ගේ politics ත්, දේශපාලනයත් , දැන් smart කියලා පෙන්වන්න එක වටිනවා වෙන්බ පුලුවන්.
එහෙම තියෙද්දීම, ඒ අයට කියන්න පුලුවන් නම් අර ඒ අය තමයි ඔය “ඉංදියානු ව්‍යාප්තවාදය” (“Indian expansionism”) කියලා සූත්‍රයක් ජපකරලා, ලාංකිකයා අතර ඉංදියානු විරෝධයක් රෝපය කලේ…, රට තුල එහෙම ඉංදියානු විරෝධයක් ගොඩනැගීම නිසා උතුරේ දෙමළ ජනයාගේ දේශපාලන ඉල්ලීම් ගැන සැකයක්, වෛරයක් වගේම, අර ලයිම් කාමරවල ජීවත්වෙමින්, අඩු වැටුපට අන්ත දුක්විදින වතුකරයේ දෙමළ ජනයා ගැනත් සැකයක්, අවිශ්වාසයක්, වෛරයක් ලාංකික සමාජයේ හිමීට රෝපණය වුනා… එකිනෙකා සැකකරන, ජාතීන් අතර බෙදිමකට ඒ අයගේ ඒ දේශපාලනයත් දායක වුනා… මිනිස්සුගේ ඉල්ලීම් ජාතීන් අනුව බෙදුවා, මරලා හරි මර්ධනය කිරීමට දායක වූනා, ඒවා ඕගොල්ලන්ගේ පක්ෂය කළ වැරදි… , අනුර ලා දැන් ඒවා හදාගෙන ඉස්සරහට යනවා…ඒ වගේ කතාවක් කියනවා නම්, ඒ අය තවත් smart කියලා අපි වගේ අයටත් තේරුම් ගන්න පුලුවන්.
ඒත් අපි එහෙම හිතුවට, ඒ අය හිතනවා ඇති ඕවා ගැන කතාකරන්න ගිහින් පරණ කුණු අවුස්සන ගන්නේ නැතිව ඉන්න එක තමයි smartම වැඩේ කියලා, ඒකත් එහෙම වෙන්න පුලුවන් නේ.
ඒ කොහොම වුනත් smart විදිහට ඇදලා ඉංදියාවට ගිය අනුර ව එරට මාධ්‍යය හදුන්වා දී තිබුනේ “Sri Lanka’s Marxist party leader on official visit to India” කියලයි. අනුර ලා මාක්ස්වාදී ද?, ඒගොල්ලන්ගෙ පක්ෂයේ මාක්ස්වාදී ද?, කියන එක වෙනම කතාවක්. එත්, මාක්ස්වාදීන් කියපුවහම දකුණු ආසියානු ජනයා අතර මුල් බැහැගෙන තියෙන චිත්‍රයක් තියෙනවා නේ අර කොන්ඩේ රැවුල වවාගත්ත, යැල්පැනගිය පිරිසක් ය කියන එක ? එහෙම තියෙද්දි ලංකාවේ ‘මාක්ස්වාදී පක්ෂයේ නායකයා’ ලෙස ඉංදියානු මාධ්‍යය හදුන්වන අනුර කුමාර දිසානායක අර වගේ smart විදිහට ඇදලා ලස්සනට ඇදලා ඉංදියාවට යන එකේ කිසියම් ගතිකයක් තියෙනවා. මම එහෙම කිව්වේ ඉංදියානු මාධ්‍යය හදුන්වාදුන් පරිදි, අපිට කොහොම වුනත්, ඔය කිව්ව බලයට පැමිණිය හැකි/ මාක්ස්වාදී/ පක්ෂ ය, ආදිය ගැන කිසියම් කුතුහලයක්, උනන්දුවක්, විභවයක්, ප්‍රවතාවයක් අඩුම තරමින්, ඉංදියානු තරුණ /තරුණියන් අතරවත් ඇති වෙනවා නම් කියන බලාපොරොත්තුවෙන්…
එහෙම වෙනවා නම් අපිට අර J.N. Dixit ගේ ‘Assignment Colombo’ (1998) පොතේ පෙන්වා දුන්නා වගේ ආපහු කියන්න පුලුවන් “India’s foreign policy on Sri Lanka has always failed”කියලා!
මාකස් ප්‍රියන්ත පෙරේරා
Previous Post

දේශීය මුදල් සංචිත විදේශ ප්‍රේෂණ වලට පරිවර්තනය කිරීමට පැනවූ සීමාවන් ඉවතට !

Next Post

යුක්රේන යුද පෙරමුණ දෙකඩ වෙද්දී රුසියාවේ ආර්ථිකය ඉහලට !

Next Post
යුක්රේන යුද පෙරමුණ දෙකඩ වෙද්දී රුසියාවේ ආර්ථිකය ඉහලට !

යුක්රේන යුද පෙරමුණ දෙකඩ වෙද්දී රුසියාවේ ආර්ථිකය ඉහලට !

  • Trending
  • Comments
  • Latest
ප්‍රංශයේ නව සංක්‍රමණික නීති හා ප්‍රංශ විප්ලවය !

ප්‍රංශයේ නව සංක්‍රමණික නීති හා ප්‍රංශ විප්ලවය !

ජනවාරි 28, 2024
මරණීය දණ්ඩනයෙන් රනිල් බේරාගත් චන්ද්‍රිකා !-රසල් බණ්ඩාරවත්ත

මරණීය දණ්ඩනයෙන් රනිල් බේරාගත් චන්ද්‍රිකා !-රසල් බණ්ඩාරවත්ත

පෙබරවාරි 20, 2024
වසර 100ක් පිරෙන ලෙනින්ගේ දර්ශනය හා නවීන ලිබරල් ලෝකය

වසර 100ක් පිරෙන ලෙනින්ගේ දර්ශනය හා නවීන ලිබරල් ලෝකය !

ජනවාරි 26, 2024
ෆොන්සේකා දෙලොවක් අතර ?

ෆොන්සේකා දෙලොවක් අතර ?

ජනවාරි 31, 2024
දෙසැම්බර් සංචාරකයින් ලක්ෂ 02 ඉක්මවයි

දෙසැම්බර් සංචාරකයින් ලක්ෂ 02 ඉක්මවයි

0
සයිනොපෙක් ඉන්ධන මිල අඩු කරයි.. ඔවුන්ගේ මිල මෙන්න..

සයිනොපෙක් ඉන්ධන මිල අඩු කරයි.. ඔවුන්ගේ මිල මෙන්න..

0
කියුබාවේ ක්‍රමය අපට හරියන්නෑ.. මාලිමාව කරන්නේ වෙනස්ම එකක්…

කියුබාවේ ක්‍රමය අපට හරියන්නෑ.. මාලිමාව කරන්නේ වෙනස්ම එකක්…

0

තැන තැන වෙඩි තැබීම් මැතිවරණ වලට පෙර භිෂණය පැතිරීම සඳහා වූ සුදානමක්ද ?

0
යුක්රේන භූ සම්පත් අල්ලාගැනීමට ට්‍රම්ප්, රුසියාව හා යුරෝපා සංගමය අතර ගැටුම් උග්‍ර වේ !

යුක්රේන භූ සම්පත් අල්ලාගැනීමට ට්‍රම්ප්, රුසියාව හා යුරෝපා සංගමය අතර ගැටුම් උග්‍ර වේ !

මාර්තු 2, 2025
සිරියානු උතුරු කලාපයේ “කුර්දි රෝජාවා සමාජවාදී කොමියුනය” අනතුරේ ?

සිරියානු උතුරු කලාපයේ “කුර්දි රෝජාවා සමාජවාදී කොමියුනය” අනතුරේ ?

මාර්තු 2, 2025
ඉක්වදෝරය යළි වමට කැරකෙයි !

ඉක්වදෝරය යළි වමට කැරකෙයි !

පෙබරවාරි 13, 2025
ට්‍රම්ප්ට මුහුණ දීමට යුරෝපා සංගමය චීනය හා ඉන්දියාව දෙසට හැරේ!

ට්‍රම්ප්ට මුහුණ දීමට යුරෝපා සංගමය චීනය හා ඉන්දියාව දෙසට හැරේ!

ජනවාරි 22, 2025

Recent News

Welcome to the Voice of Ceylan, your go-to source for the latest news and stories from the heart of Sri Lanka. Operating from France, we bring you up-to-date and insightful coverage on diverse topics, providing a unique perspective on the vibrant culture, politics, and events shaping the island. Stay informed with us as we bridge the miles to connect you with the pulse of Sri Lanka.

Follow Us

Browse by Category

  • ආර්ථික
  • එසැණ පුවත්
  • කර්තෘ සටහන
  • කාලීන සිදුවීම්
  • ජාත්‍යන්තර
  • දේශපාලන
  • නව ප්‍රංශ නීති
  • සංචාරක

Recent News

යුක්රේන භූ සම්පත් අල්ලාගැනීමට ට්‍රම්ප්, රුසියාව හා යුරෝපා සංගමය අතර ගැටුම් උග්‍ර වේ !

යුක්රේන භූ සම්පත් අල්ලාගැනීමට ට්‍රම්ප්, රුසියාව හා යුරෝපා සංගමය අතර ගැටුම් උග්‍ර වේ !

මාර්තු 2, 2025
සිරියානු උතුරු කලාපයේ “කුර්දි රෝජාවා සමාජවාදී කොමියුනය” අනතුරේ ?

සිරියානු උතුරු කලාපයේ “කුර්දි රෝජාවා සමාජවාදී කොමියුනය” අනතුරේ ?

මාර්තු 2, 2025
  • About
  • Advertise
  • Privacy & Policy
  • Contact

© 2024 Voice of Ceylan All rights reserved.

No Result
View All Result
  • එසැණ පුවත්
  • කර්තෘ සටහන
  • දේශපාලන
  • ආර්ථික
  • කාලීන සිදුවීම්
  • ජාත්‍යන්තර
  • සංචාරක
  • නව ප්‍රංශ නීති

© 2024 Voice of Ceylan All rights reserved.

  • Sinhala (සිංහල)