• Contact
  • si Sinhala (සිංහල)
  • fr Français
Advertisement
  • එසැණ පුවත්
  • කර්තෘ සටහන
  • දේශපාලන
  • ආර්ථික
  • කාලීන සිදුවීම්
  • ජාත්‍යන්තර
  • සංචාරක
  • නව ප්‍රංශ නීති
  • Events
No Result
View All Result
  • එසැණ පුවත්
  • කර්තෘ සටහන
  • දේශපාලන
  • ආර්ථික
  • කාලීන සිදුවීම්
  • ජාත්‍යන්තර
  • සංචාරක
  • නව ප්‍රංශ නීති
  • Events
No Result
View All Result
Voice of Ceylan
No Result
View All Result
Home එසැණ පුවත්

යුක්රේන යුද පෙරමුණ දෙකඩ වෙද්දී රුසියාවේ ආර්ථිකය ඉහලට !

පෙබරවාරි 11, 2024
in එසැණ පුවත්, ජාත්‍යන්තර
0
යුක්රේන යුද පෙරමුණ දෙකඩ වෙද්දී රුසියාවේ ආර්ථිකය ඉහලට !
0
SHARES
15
VIEWS
Share on FacebookShare on Twitter

ඇමරිකාවේ පලවන වොෂින්ටන් පොස්ට් පුවත්පතට අනුව යුක්රේන බලධාරීන් විසින් එරට ජනාධිපති සෙලෙන්ස්කි සමඟ මූලෝපායික එකඟ නොවීම් මත තම හමුදා අණදෙන නිලධාරි Valery Zaloujny සේවයෙන් පහ කිරීමට උත්සහ කිරීම නවත්වන ලෙස ඉල්ලා සිටිනු ලැබ ඇත. පෙබරවාරි මස 1 වැනි දින CNN රූපවාහිනී සේවයට ප්‍රකාශයක් කරමින් හමුදාපති වරයා පවසා සිටියේ යුද්ධය ජයගැනීමට නම් රුසියාවේ ලක්‍ෂ 6ක හමුදාවට මුහුණ දීමට යුක්‍රේන සොල්දාදුවන් අවම වශයෙන් ලක්‍ෂ 5ක් වත් අවශ්‍ය බවය. හමුදාවේ චිත්ත ධෛර්යය කඩා වැටී ඇති බවත්, ඇමරිකාව ප්‍රමුඛ නේටෝව මුදල් ලබා දීම ප්‍රමාද කිරීමත්, තරුණයන් හමුදාවට බැඳීම ප්‍රතික්‍ෂේප කිරීමත් හමුදාපතිවරයා පෙන්වා දීම මෙයට ප්‍රධාන හේතුවේ. කෙසේවෙතත් හමුදාපති
Valery Zaloujny එසේ පවසනුයේ යුරෝපා සංගමය විසින් යුද්ධය පවත්වාගෙන යාම සඳහා ඩොලර් බිලියන 50ක් වෙන් කල දිනයේමය. මේ අතර රුසියානු ආර්ථික වර්ධනය 1.1% සිට 2.6% දක්වා වර්ධනය වී ඇතැයි මුල්‍ය අරමුදල වාර්තා කර සිටි.

පෙබරවාරි 2 වන සිකුරාදා ප්‍රකාශයට පත් කරන ලද වොෂින්ටන් පෝස්ට් හි පලවූ ලිපියකට අනුව, යුක්‍රේන රජය සැබවින්ම ධවල මන්දිරයට දන්වා ඇත්තේ ජනාධිපති සෙලෙන්ස්කි විසින් යුක්‍රේනයේ වඩාත් ජනාදරයට පත්ව සිටින ජෙනරාල් සලුෂ්නි සේවයෙන් පහ කිරීමට තීරණය කර අවසන් බවයි. යුක්රේන ස්වාධීන මාධ්‍ය විසින් ලබා දුන් මූලාශ්‍ර ද මෙම ප්‍රවෘත්තිය සනාථ කරන නමුත් යුක්රේන ආරක්ෂක අමාත්‍යාංශයේ ටෙලිග්‍රාම් නාලිකාව මෙම තොරතුරු ප්‍රතික්ෂේප කරයි. කෙසේවෙතත් ජනාධිපති මන්දිර ප්‍රකාශකයා මෙම කටකතාව ප්‍රතික්ෂේප කළ නමුත් එදින සිට නිහඬව සිටින බවත් ඇමරිකානු මාධ්‍ය පෙන්වා දේ.

51 හැවිරිදි ජනරාල් Valery Zaluzhny යුක්රේන හමුදාවේ ප්‍රධාන අණදෙන නිලධාරියා වේ. යුක්රේනයේ ඉතා ජනප්‍රිය, ඔහු 2022 පෙබරවාරියේ රුසියානු ආක්‍රමණයට එරෙහි යුද්ධයේ ප්‍රධාන හමුදා නායකයෙකු ලෙස සැලකේ. විශේෂයෙන් 2022 වසරේ දියත් කරන ලද පළමු ප්‍රති-ප්‍රහාරක මෙහෙයුම අසාර්ථක වී එක තැන පල් වීමත් සමග යුක්රේන ජනාධිපතිවරයා සහ ඔහුගේ ඉහළම හමුදාපතිවරයා අතර අවිශ්වාසය වර්ධනය වීම ආරම්හ විණි. ප්‍රථමයෙන් උපායශීලී හේතූන් මත, එනම් ජෙනරල් වරයාට අනුව ගැටුම තෙවැනි වසරටත් පිවිසෙන විට යුද්ධයේ අවසන් ප්‍රතිඵලය අවිනිශ්චිත බව පෙනෙන බැවින්, සංඛ්‍යාවෙන් ඉතා උසස් රුසියානු බලයට මුහුණ දීම සඳහා නව සොල්දාදුවන් 500,000 ක් බඳවා ගැනීමට ඉල්ලා සිටින ලදී.

නමුත් මෙම ඉල්ලීම ජනාධිපති සෙලෙන්ස්කි විසින් ප්‍රතික්ෂේප කර ඇති බව වාර්තා වේ. ජනාධිපති වරයාට අනුව මෙම ඉල්ලීම අධික මූල්‍ය වියදමක් හා මූල්‍ය ප්‍රතිවිපාක ඇති කරන මෙන්ම ජනප්‍රිය නොවන යෝජනාවකි. නමුත් බටහිර පුවත් පත් පෙන්වා දෙනුයේ වයස 18-27 යුක්රේන තරුණයන් හමුදාවට බැඳීම ප්‍රතික්‍ෂේප කිරීම හා නේටෝව ලබා දුන් මුදල් සොරකම් හා ආයුධ මිලදී ගැනීම් වලදී සිදුවන දුෂණ හා අල්ලස් හේතුවෙන් තරුණයන්ට සෙලන්ස්කි හා ඔහුගේ රජය පිලිබඳ විශ්වාශය කඩ වීම මෙයට හේතුවයි. පසුගිය සතියේ යුක්රේන රහස් ඔත්තු සේවා(SBU) වාර්තාවක් පෙන්වා දෙනුයේ කාල තුවක්කු උණ්ඩ මිලදී ගැනීමේදී ඩොලර් මිලියන 40ක දුෂණයක් සිදු වී ඇති අතර එහි ප්‍රථිපලයක් ලෙස අදාළ ලක්‍ෂයක කාලතුවක්කු උණ්ඩ තොගය යුධ පෙරමුණේ සටන් කරන හමුදාව වෙත ලැබී නැත.

මේ අතර යුක්රේන මාධ්‍ය පෙන්වා දෙනුයේ ජනාධිපති හා හමුදාපතිවරයා අතර ගොඩ නැගී ඇති ගැටුම සැකය හා අවිශ්වාසය මත ගොඩනැගුනු දේශපාලනික ස්වභාවයක් ගනු ලැබ ඇති බවයි. තම මහ හමුදාපති වරයාට දේශපාලන අභිලාෂයන් ඇතැයි ජනාධිපතිවරයා සැක කරන බවත් යුද්ධයෙන් පසුව එළඹිය හැකි ජනාධිපතිවරණයකදී ඔහු විපක්‍ෂය නියෝජනය කරමින් චන්දයට ඉදිරිපත් වීමට ඉඩ ඇති බව විදේශ මාධ්‍ය ද පෙන්වා දේ. මේ අතර වෙනත් මූලාශ්‍රවලින් පෙන්වා දෙනුයේ ජෙනරාල්වරයා සේවයෙන් පහ කිරීම පිළිබඳ තොරතුරු සමාජයට කාන්දු කිරීම මගින් ජනාධිපතිවරයා මහජන මතය පරීක්ෂා කරනු ඇති බවයි. කෙසේවෙතත් යුක්‍රේන ආරංචි මාර්ග සඳහන් කරනුයේ මෑතකදී සිදුකරන ලද මහජන මත විමසුමකදී ජෙනරල් Valery Zaluzhnyහට 92%ක යුක්‍රේන ජනතාවගේ කැමැත්තක් පල වී ඇති බවයි.

මේ අතර ඇමරිකානු මධ්‍යම රහස් ඔත්තු සේවයේ අධ්‍යක්ෂ william Burns යුක්රේන යුද්ධය පිළිබඳව සඳහන් කරමින් පවසනුයේ රුසියාව 2024 වසරේදී තම න්‍යෂ්ටික අවි බලය අසීමිත ලෙස වර්ධනය කර ගනු ඇති බවයි. එයට මුහුණ දීම සඳහා යුරෝපා සංගමය නොකඩවා මුදල් හා ආයුධ යුක්රේනයට ලබා දිය යුතුව ඇත. නමුත් මේ වන විට ඇමරිකානු මැතිවරණය හා ට්‍රම්ප් නැවත බලයට පැමිණීමේ ප්‍රවණතාවය ඉහලා යාමත්, කොංග්‍රසය යුක්රේනයට ආධාර කිරීම නතර කිරීමත් මෙයට හේතු වී ඇත. යුරෝපා රටවල ගෑස් හා බලශක්ති අර්බුධය හේතුවෙන් උද්ගත වී ඇති දේශපාලන හා ආර්ථික අර්බුධ හේතුවෙන් එය නොකඩවා සිදු කිරීම තම මිත්‍ර පාර්ශ්වයන්ට අපහසු වී ඇතැයි යුක්රේන හමුදාපති Valery Zaloujny CNN ප්‍රවෘත්ති සේවයට කරන ලද ප්‍රකාශයේ දී සඳහන් කිරීම ද මහත් ආන්දෝලනයකට ලක් වූ පුවතක් බවට මේ වනවිට පත්ව ඇත.

කෙසේ වෙතත් පෙබරවාරි 11 වැනිදා වොෂිංටන් පොස්ට් පුවත්පතේ වාර්තාව සනාථ කරමින් යුක්රේන ජනාධිපතිවරයා තම හමුදාපතිවරයා තනතුරෙන් පහ කර දැමුවේය.

යුක්රේන යුධ පෙරමුණ මෙසේ දෙදරද්දී ඇමරිකානු හා යුරෝපා සංගම් ආර්ථික සම්බාධක පරදවමින් මෝටර් රථ, බැංකු, යුධ ආයුධ, ඛණිජ තෙල් හා ගෑස් යන කේෂ්ත්‍ර වලින් පමණක් රුසියානු බැංකු ඩොලර් බිලියන 30ක ආදායමක් උපයා ගැනීමට සමත් වී ඇතැයි එරට මහා බැංකු වාර්තා හෙළි කර සිටි. ඒ අනුව 2023 වසරේ එරට දල ජාතික නිෂ්පාදනය 3.6%කින් වර්ධනය කර ගැනීමට හා 2024 සඳහා ආර්ථික වර්ධන වේගය 2.6 % දක්වා ඉහල දමා ගැනීමට සමත් වී ඇත.

මේ අතර රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටීන් විසින් ඇමරිකානු ජනාධිපති ට්‍රම්ප් ගේ ආධාර කරුවෙකු ලෙස සැලකෙන TUCKER CARLSON සමග සිදු කරන ලද සාකච්චාවකදී පවසා සිටියේ යුධ පෙරමුණේ සිටින යුක්රේන හමුදාවේ බහුතරය ඇමරිකාවෙන්, යුරෝපයෙන්, පෝලන්තයෙන් ඇතුළු රටවල් 34 කින් පැමිණි කුලී සොල්දාදුවන් බවත් NORD Stream ගෑස් නල මාර්ගය පුපුරා දැමීම සම්බන්ධයෙන් ඔහු ඇමරිකානු රහස් ඔත්තු සේවයට චෝදනා කරනු ලැබුවේය. මේ අතර අද දිනයේ විදේශ පුවත් පත් වාර්තා කරනු ලැබුවේ නේටෝවට පහර දීමට තමන් පුටීන්ට උනන්දු කරවන බවට ඩොනල්ඩ් ට්‍රම්ප් පැවසූ බවයි.

Previous Post

අනුර දිසානායක smart විදිහට ඉංදියාවට යාම!(විශේෂ ලියුම් කරුවෙකුගේ ඇසින්) )

Next Post

 සෙනෙගාලය ගිනි ගනී!

Next Post
 සෙනෙගාලය ගිනි ගනී!

 සෙනෙගාලය ගිනි ගනී!

  • Trending
  • Comments
  • Latest
ප්‍රංශයේ නව සංක්‍රමණික නීති හා ප්‍රංශ විප්ලවය !

ප්‍රංශයේ නව සංක්‍රමණික නීති හා ප්‍රංශ විප්ලවය !

ජනවාරි 28, 2024
මරණීය දණ්ඩනයෙන් රනිල් බේරාගත් චන්ද්‍රිකා !-රසල් බණ්ඩාරවත්ත

මරණීය දණ්ඩනයෙන් රනිල් බේරාගත් චන්ද්‍රිකා !-රසල් බණ්ඩාරවත්ත

පෙබරවාරි 20, 2024
වසර 100ක් පිරෙන ලෙනින්ගේ දර්ශනය හා නවීන ලිබරල් ලෝකය

වසර 100ක් පිරෙන ලෙනින්ගේ දර්ශනය හා නවීන ලිබරල් ලෝකය !

ජනවාරි 26, 2024
ෆොන්සේකා දෙලොවක් අතර ?

ෆොන්සේකා දෙලොවක් අතර ?

ජනවාරි 31, 2024
දෙසැම්බර් සංචාරකයින් ලක්ෂ 02 ඉක්මවයි

දෙසැම්බර් සංචාරකයින් ලක්ෂ 02 ඉක්මවයි

0
සයිනොපෙක් ඉන්ධන මිල අඩු කරයි.. ඔවුන්ගේ මිල මෙන්න..

සයිනොපෙක් ඉන්ධන මිල අඩු කරයි.. ඔවුන්ගේ මිල මෙන්න..

0
කියුබාවේ ක්‍රමය අපට හරියන්නෑ.. මාලිමාව කරන්නේ වෙනස්ම එකක්…

කියුබාවේ ක්‍රමය අපට හරියන්නෑ.. මාලිමාව කරන්නේ වෙනස්ම එකක්…

0

තැන තැන වෙඩි තැබීම් මැතිවරණ වලට පෙර භිෂණය පැතිරීම සඳහා වූ සුදානමක්ද ?

0
යුක්රේන භූ සම්පත් අල්ලාගැනීමට ට්‍රම්ප්, රුසියාව හා යුරෝපා සංගමය අතර ගැටුම් උග්‍ර වේ !

යුක්රේන භූ සම්පත් අල්ලාගැනීමට ට්‍රම්ප්, රුසියාව හා යුරෝපා සංගමය අතර ගැටුම් උග්‍ර වේ !

මාර්තු 2, 2025
සිරියානු උතුරු කලාපයේ “කුර්දි රෝජාවා සමාජවාදී කොමියුනය” අනතුරේ ?

සිරියානු උතුරු කලාපයේ “කුර්දි රෝජාවා සමාජවාදී කොමියුනය” අනතුරේ ?

මාර්තු 2, 2025
ඉක්වදෝරය යළි වමට කැරකෙයි !

ඉක්වදෝරය යළි වමට කැරකෙයි !

පෙබරවාරි 13, 2025
ට්‍රම්ප්ට මුහුණ දීමට යුරෝපා සංගමය චීනය හා ඉන්දියාව දෙසට හැරේ!

ට්‍රම්ප්ට මුහුණ දීමට යුරෝපා සංගමය චීනය හා ඉන්දියාව දෙසට හැරේ!

ජනවාරි 22, 2025

Recent News

යුක්රේන භූ සම්පත් අල්ලාගැනීමට ට්‍රම්ප්, රුසියාව හා යුරෝපා සංගමය අතර ගැටුම් උග්‍ර වේ !

යුක්රේන භූ සම්පත් අල්ලාගැනීමට ට්‍රම්ප්, රුසියාව හා යුරෝපා සංගමය අතර ගැටුම් උග්‍ර වේ !

මාර්තු 2, 2025
සිරියානු උතුරු කලාපයේ “කුර්දි රෝජාවා සමාජවාදී කොමියුනය” අනතුරේ ?

සිරියානු උතුරු කලාපයේ “කුර්දි රෝජාවා සමාජවාදී කොමියුනය” අනතුරේ ?

මාර්තු 2, 2025
ඉක්වදෝරය යළි වමට කැරකෙයි !

ඉක්වදෝරය යළි වමට කැරකෙයි !

පෙබරවාරි 13, 2025
ට්‍රම්ප්ට මුහුණ දීමට යුරෝපා සංගමය චීනය හා ඉන්දියාව දෙසට හැරේ!

ට්‍රම්ප්ට මුහුණ දීමට යුරෝපා සංගමය චීනය හා ඉන්දියාව දෙසට හැරේ!

ජනවාරි 22, 2025
Voice of Ceylan

Welcome to the Voice of Ceylan, your go-to source for the latest news and stories from the heart of Sri Lanka. Operating from France, we bring you up-to-date and insightful coverage on diverse topics, providing a unique perspective on the vibrant culture, politics, and events shaping the island. Stay informed with us as we bridge the miles to connect you with the pulse of Sri Lanka.

Follow Us

Browse by Category

  • ආර්ථික
  • එසැණ පුවත්
  • කර්තෘ සටහන
  • කාලීන සිදුවීම්
  • ජාත්‍යන්තර
  • දේශපාලන
  • නව ප්‍රංශ නීති
  • සංචාරක

Recent News

යුක්රේන භූ සම්පත් අල්ලාගැනීමට ට්‍රම්ප්, රුසියාව හා යුරෝපා සංගමය අතර ගැටුම් උග්‍ර වේ !

යුක්රේන භූ සම්පත් අල්ලාගැනීමට ට්‍රම්ප්, රුසියාව හා යුරෝපා සංගමය අතර ගැටුම් උග්‍ර වේ !

මාර්තු 2, 2025
සිරියානු උතුරු කලාපයේ “කුර්දි රෝජාවා සමාජවාදී කොමියුනය” අනතුරේ ?

සිරියානු උතුරු කලාපයේ “කුර්දි රෝජාවා සමාජවාදී කොමියුනය” අනතුරේ ?

මාර්තු 2, 2025
  • About
  • Advertise
  • Privacy & Policy
  • Contact

© 2024 Voice of Ceylan All rights reserved.

No Result
View All Result
  • එසැණ පුවත්
  • කර්තෘ සටහන
  • දේශපාලන
  • ආර්ථික
  • කාලීන සිදුවීම්
  • ජාත්‍යන්තර
  • සංචාරක
  • නව ප්‍රංශ නීති

© 2024 Voice of Ceylan All rights reserved.

  • Sinhala (සිංහල)