• Contact
  • si Sinhala (සිංහල)
  • fr Français
Advertisement
  • එසැණ පුවත්
  • කර්තෘ සටහන
  • දේශපාලන
  • ආර්ථික
  • කාලීන සිදුවීම්
  • ජාත්‍යන්තර
  • සංචාරක
  • නව ප්‍රංශ නීති
  • Events
No Result
View All Result
  • එසැණ පුවත්
  • කර්තෘ සටහන
  • දේශපාලන
  • ආර්ථික
  • කාලීන සිදුවීම්
  • ජාත්‍යන්තර
  • සංචාරක
  • නව ප්‍රංශ නීති
  • Events
No Result
View All Result
Voice of Ceylan
No Result
View All Result
Home එසැණ පුවත්

 සෙනෙගාලය ගිනි ගනී!

පෙබරවාරි 15, 2024
in එසැණ පුවත්, ජාත්‍යන්තර
0
 සෙනෙගාලය ගිනි ගනී!
0
SHARES
6
VIEWS
Share on FacebookShare on Twitter

සෙනෙගාල ජනාධිපති MACKY SALL විසින් එරට පාර්ලිමේන්තුවට 2024 පෙබරවාරි 25 වැනිදාට සැලසුම් කර තිබූ ජනාධිපතිවරණය කල් දැමීමේ අරමුණින් ගෙන ආ පනත විපක්‍ෂයේ මන්ත්‍රී වරුන් කීපදෙනෙක් ද මුදලට ගනිමින් සම්මත කර ගැනීමත් සමග රට පුරා අරාජික තත්වයක් ඇති වී ඇතැයි වාර්තා වේ. පෙබරවාරි 9 සිකුරාදා එරට අගනුවර ඩකා වෙතට ප්‍රජාතන්ත්‍රවාදය රැක ගැනීම සඳහා වූ ඉල්ලීමට සියලුම වයස්වල සෙනගාල ජාතිකයන් දහස් ගණනක් ප්‍රතිචාර දැක්වූහ. මේ වන විට මෙම වසරේ දෙසැම්බර් 15 වැනිදා දක්වා ජනාධිපතිවරණය කල් යැවූ තීරණයට එරෙහිව යුරෝපා සංගමය, ඇමරිකාව හා ප්‍රංශය හා අප්‍රිකානු කලාපීය සංගමය(CEDEO) මෙන්ම එක්සත් ජාතීන්ගේ සංවිධානය ද ප්‍රතිචාර දක්වා ඇත.

2012 සිට තම විරුද්ධ පාක්ෂිකයින් මර්දනය කරමින් බලයේ සිටින සෙනගාල ජනාධිපති MACKY SALL තුන්වෙනි වරටත් ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට ගනු ලැබූ උත්සාහයත් සමග ඇවිලී ගිය ආණ්ඩු විරෝධය මේ වන විට දැවැන්ත දේශපාලන අර්බුධයක් දක්වා වර්ධනය වෙමින් පවතී. තම ප්‍රධාන විරුද්ධ වාදියා වන ඔස්මාන් සොන්කෝ තරුණ නායකයා ස්ත්‍රී දුෂණ චෝදනා ඉදිරිපත් කරමින් සිර ගෙට දක්කා චන්ද සටනෙන් ඉවත් කල MACKY SALL මෙවර ව්‍යවස්ථානුකුලව පැවැත්වීමට නියමිත චන්දය කල් දැමුවේ පාර්ලිමේන්තුවට ඒ සම්බන්ධයෙන් වූ පනතක් ගෙනෙමින් සම්මත කර ගනිමිනි. මේ සමගම රටම ආණ්ඩු විරෝධයෙන් ගිනි ගෙන ඇති අතර මේ වන විට පොලිස් වෙඩි පහරින් ශිෂ්‍යයින් දෙදෙනෙකු මිය ගොස් ඇත.

ඡන්දය කල්දැමීමට එරෙහිව හා සැලසුම් කළ පරිදි ජනාධිපතිවරණය පවත්වන ලෙස ඉල්ලා විපක්‍ෂයේ ඒකාබද්ධ පෙරමුණක් පිහිටුවීමට තීරණය කිරීමත් සමඟ ජනතාව සහ පොලිසිය අතර සමස්ථ රට පුරා මුහුණට මුහුණ ගැටුම් ආරම්භ වී ඇති අතර විපක්‍ෂයේ රැස්වීම් MACKY SALL රජය විසින් ප්‍රචණ්ඩ ලෙස මර්දනය කරමින් සිටින බව වාර්තා වේ. එසේම “මැකී සාල්, ඒකාධිපතියා, මැකී සල්, මිනීමරුවා,” රට පුරා පෝස්ටර් ඇලවෙමින් හා බිත්ති පුරා ලියවෙමින් තිබේ.

ජනාධිපතිවරණය කල්දැමීම හෙළා දැකීමට සහ මැතිවරණ දිනය යලි ප්‍රකාශයට පත් කරන ලෙස ඉල්ලා සිවිල් හා ආගමික සංවිධාන සහ වෘත්තීය සමිති වලින් ව්‍යාපාර තිහකට අධික සංඛ්‍යාවක් ඒකාබද්ධ කරමින් “ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරමු”, යයි සංවිධානයක් බිහිකර ඇත. මෙම පෙරමුණට ප්‍රාථමික හා ද්විතීයික පාසල්වල සිසුන් හා ගුරුවරුන් එක් වී ඇත. තවද රටේ විදුලි සංදේශ, ප්‍රවාහන, සෞඛ්‍ය යනාදී වෙනත් අංශවලින් වෘත්තීය සමිති බලමුලු ගැන්වීම සඳහා පෙබරවාරි 12 වැනි සඳුදා විශාල රැස්වීමක් රටේ අගනුවරදී සංවිධානය කිරීමට සැලසුම් කර ඇත. පෙබරවාරි 13 අඟහරුවාදා සවස 3 සිට 7 දක්වා අගනුවර සාමකාමී පාගමනක් පැවැත්වීමටද සැලසුම් කර ඇත.

මෙම දේශපාලන අර්බුදයේ ප්‍රධාන ගොදුර බවට රටේ තරුණයන් පත් වී ඇති අතර මේ වන විට සිය ගනනක් තරුණයන් තම ජීවිත වලින් වන්දි ගෙවා සැලකිය යුතු තරුණ පිරිසක් තවමත් අත්අඩංගුවේ ද පසුවේ. පාසල් සහ විශ්ව විද්‍යාල වසා දැමීම නිසාද ඔවුන් තව තවත් අර්බුධයට පත් වී ඇත. සෙනගාල ජාතිකයින් දෙදෙනෙකුගෙන් එක් අයෙකු වයස අවුරුදු 18 ට අඩු වන අතර ඔවුන් ජනගහනයෙන් 55%ක් නියෝජනය කරනු ලබයි.

“දීර්ඝ කාලයක් පුරා සෙනෙගාල තරුණ තරුණියන්ගෙන් එරට පාලකයෝ ඉල්ලා සිටියේ සන්සුන්ව සිටින ලෙසත්, ඡන්දයෙන් ක්‍රමය වෙනස් කිරීමට මැතිවරණ එනතෙක් බලා සිටින ලෙසත් ය. නමුත් මැතිවරණ කල් දැමීමත් සමඟ රටේ තරුණ පරපුර අපේක්‍ෂා භංගත්වයට පත් වීම නිසා රට පුරා විරෝධතා වල ඔවුන් පෙරමුණු ගනිමින් සිටිනවා” යයි එරට විශ්ව විද්‍යාල ආචාර්ය වරුන්ගේ සංගමය නිකුත් කල නිවේදනයක සඳහන් වේ.

මේ අතර සෙනෙගාල ජනාධිපති MACKY SALLගේ මෙම “ව්‍යවස්ථා කුමන්ත්‍රණයට එරෙහිව ජාත්‍යන්තර ප්‍රජාව තම විරෝධය පල කර ඇත. මැතිවරණ කල් දැමීම පිටුපස මේ වන විට තම පැරණි යටත් විජිත වන මාලි, නයිජර් හා බුර්කිනා අහිමි වී චීනය හා රුසියාව සමග අර්බුධයක පැටලී සිටින ප්‍රංශය සිටින බවට පැතිරෙන වාර්තා නිසා ප්‍රංශ ජනාධිපති වරයා නිවේදනයක් නිකුත් කරමින් වහා මැතිවරණය පවත්වන ලෙස ඉල්ලා ඇත. ඒ හා සමානව ඇමරිකාව, යුරෝපා සංගමය හා එක්සත් ජාතීන්ගේ සංවිධානය ද මර්දනය අවසන් කර මැතිවරණ සඳහා සමීප දිනයක් යෝජනා කරන ලෙස MACKY SALL පාලනයට මේ අතර බල කර සිටි.

Previous Post

යුක්රේන යුද පෙරමුණ දෙකඩ වෙද්දී රුසියාවේ ආර්ථිකය ඉහලට !

Next Post

ප්‍රංශ දේශප්‍රේමී ජාතික ව්‍යාපාරයේ විමුක්ති භටයෙකුට වසර 80කට පසු රාජ්‍ය ගෞරව!

Next Post
ප්‍රංශ දේශප්‍රේමී ජාතික ව්‍යාපාරයේ විමුක්ති භටයෙකුට වසර 80කට පසු රාජ්‍ය ගෞරව!

ප්‍රංශ දේශප්‍රේමී ජාතික ව්‍යාපාරයේ විමුක්ති භටයෙකුට වසර 80කට පසු රාජ්‍ය ගෞරව!

  • Trending
  • Comments
  • Latest
ප්‍රංශයේ නව සංක්‍රමණික නීති හා ප්‍රංශ විප්ලවය !

ප්‍රංශයේ නව සංක්‍රමණික නීති හා ප්‍රංශ විප්ලවය !

ජනවාරි 28, 2024
මරණීය දණ්ඩනයෙන් රනිල් බේරාගත් චන්ද්‍රිකා !-රසල් බණ්ඩාරවත්ත

මරණීය දණ්ඩනයෙන් රනිල් බේරාගත් චන්ද්‍රිකා !-රසල් බණ්ඩාරවත්ත

පෙබරවාරි 20, 2024
වසර 100ක් පිරෙන ලෙනින්ගේ දර්ශනය හා නවීන ලිබරල් ලෝකය

වසර 100ක් පිරෙන ලෙනින්ගේ දර්ශනය හා නවීන ලිබරල් ලෝකය !

ජනවාරි 26, 2024
ෆොන්සේකා දෙලොවක් අතර ?

ෆොන්සේකා දෙලොවක් අතර ?

ජනවාරි 31, 2024
දෙසැම්බර් සංචාරකයින් ලක්ෂ 02 ඉක්මවයි

දෙසැම්බර් සංචාරකයින් ලක්ෂ 02 ඉක්මවයි

0
සයිනොපෙක් ඉන්ධන මිල අඩු කරයි.. ඔවුන්ගේ මිල මෙන්න..

සයිනොපෙක් ඉන්ධන මිල අඩු කරයි.. ඔවුන්ගේ මිල මෙන්න..

0
කියුබාවේ ක්‍රමය අපට හරියන්නෑ.. මාලිමාව කරන්නේ වෙනස්ම එකක්…

කියුබාවේ ක්‍රමය අපට හරියන්නෑ.. මාලිමාව කරන්නේ වෙනස්ම එකක්…

0

තැන තැන වෙඩි තැබීම් මැතිවරණ වලට පෙර භිෂණය පැතිරීම සඳහා වූ සුදානමක්ද ?

0
යුක්රේන භූ සම්පත් අල්ලාගැනීමට ට්‍රම්ප්, රුසියාව හා යුරෝපා සංගමය අතර ගැටුම් උග්‍ර වේ !

යුක්රේන භූ සම්පත් අල්ලාගැනීමට ට්‍රම්ප්, රුසියාව හා යුරෝපා සංගමය අතර ගැටුම් උග්‍ර වේ !

මාර්තු 2, 2025
සිරියානු උතුරු කලාපයේ “කුර්දි රෝජාවා සමාජවාදී කොමියුනය” අනතුරේ ?

සිරියානු උතුරු කලාපයේ “කුර්දි රෝජාවා සමාජවාදී කොමියුනය” අනතුරේ ?

මාර්තු 2, 2025
ඉක්වදෝරය යළි වමට කැරකෙයි !

ඉක්වදෝරය යළි වමට කැරකෙයි !

පෙබරවාරි 13, 2025
ට්‍රම්ප්ට මුහුණ දීමට යුරෝපා සංගමය චීනය හා ඉන්දියාව දෙසට හැරේ!

ට්‍රම්ප්ට මුහුණ දීමට යුරෝපා සංගමය චීනය හා ඉන්දියාව දෙසට හැරේ!

ජනවාරි 22, 2025

Recent News

Welcome to the Voice of Ceylan, your go-to source for the latest news and stories from the heart of Sri Lanka. Operating from France, we bring you up-to-date and insightful coverage on diverse topics, providing a unique perspective on the vibrant culture, politics, and events shaping the island. Stay informed with us as we bridge the miles to connect you with the pulse of Sri Lanka.

Follow Us

Browse by Category

  • ආර්ථික
  • එසැණ පුවත්
  • කර්තෘ සටහන
  • කාලීන සිදුවීම්
  • ජාත්‍යන්තර
  • දේශපාලන
  • නව ප්‍රංශ නීති
  • සංචාරක

Recent News

යුක්රේන භූ සම්පත් අල්ලාගැනීමට ට්‍රම්ප්, රුසියාව හා යුරෝපා සංගමය අතර ගැටුම් උග්‍ර වේ !

යුක්රේන භූ සම්පත් අල්ලාගැනීමට ට්‍රම්ප්, රුසියාව හා යුරෝපා සංගමය අතර ගැටුම් උග්‍ර වේ !

මාර්තු 2, 2025
සිරියානු උතුරු කලාපයේ “කුර්දි රෝජාවා සමාජවාදී කොමියුනය” අනතුරේ ?

සිරියානු උතුරු කලාපයේ “කුර්දි රෝජාවා සමාජවාදී කොමියුනය” අනතුරේ ?

මාර්තු 2, 2025
  • About
  • Advertise
  • Privacy & Policy
  • Contact

© 2024 Voice of Ceylan All rights reserved.

No Result
View All Result
  • එසැණ පුවත්
  • කර්තෘ සටහන
  • දේශපාලන
  • ආර්ථික
  • කාලීන සිදුවීම්
  • ජාත්‍යන්තර
  • සංචාරක
  • නව ප්‍රංශ නීති

© 2024 Voice of Ceylan All rights reserved.

  • Sinhala (සිංහල)