• Contact
  • si Sinhala (සිංහල)
  • fr Français
Advertisement
  • එසැණ පුවත්
  • කර්තෘ සටහන
  • දේශපාලන
  • ආර්ථික
  • කාලීන සිදුවීම්
  • ජාත්‍යන්තර
  • සංචාරක
  • නව ප්‍රංශ නීති
  • Events
No Result
View All Result
  • එසැණ පුවත්
  • කර්තෘ සටහන
  • දේශපාලන
  • ආර්ථික
  • කාලීන සිදුවීම්
  • ජාත්‍යන්තර
  • සංචාරක
  • නව ප්‍රංශ නීති
  • Events
No Result
View All Result
Voice of Ceylan
No Result
View All Result
Home එසැණ පුවත්

රුසියානු, යුක්රේන සංචාරකයින් සඳහා දීර්ඝ කාලීන වීසා බලපත්‍ර ලබාදීම ශ්‍රී ලංකාව අවසන් කරයි!

පෙබරවාරි 27, 2024
in එසැණ පුවත්
0
රුසියානු, යුක්රේන සංචාරකයින් සඳහා දීර්ඝ කාලීන වීසා බලපත්‍ර ලබාදීම ශ්‍රී ලංකාව අවසන් කරයි!
0
SHARES
5
VIEWS
Share on FacebookShare on Twitter

මේ වන විට රුසියානු-යුක්රේන යුද්ධය හේතුවෙන් ශ්‍රී ලංකාවට සංක්‍රමණය වී සිටින දහස් ගණන් රුසියානු සහ යුක්රේන ජාතිකයන් සඳහා දීර්ඝ කාලීන සංචාරක වීසා බලපත්‍ර ලබාදීම අවසන් කරන බව ශ්‍රී ලංකාව පෙබරවාරි 25 ඉරිදා නිවේදනය කරනු ලැබ ඇත. 2022 පෙබරවාරි මාසයේදී මොස්කව් පාලනය විසින් යුක්රේනය ආක්‍රමණය කළ දා සිට මෙම රටවල් දෙකේ පුරවැසියන් දිවයිනේ ජීවත් වීම සඳහා යොදා ගනු ලැබ ඇති බව ශ්‍රී ලංකා ආගමන විගමන ආරංචි මාර්ග සඳහන් කරයි.

“රජය තවදුරටත් වීසා දීර්ඝ කිරීම් මෙම රටවල් දෙකෙහි ජනතාව සඳහා ලබා දෙන්නේ නැත,” යයි ශ්‍රී ලංකා ආගමන කොමසාරිස් ජනරාල් හර්ෂ ඉලුක්පිටිය ප්‍රංශ පුවත් සේවය වෙත පැවසුවේ ඔවුන් දිවයිනෙන් පිටත්වීමේ අවසාන දිනය මාර්තු 7 ලෙසට නියම කරමිනි. “මේ රටවල් දෙක අතර ගුවන් ගමන් දැන් සාමාන්‍ය තත්ත්වයට පත් වී ඇති අතර ඔවුන්ට ආපසු නිවෙස් කරා යාමට අපහසු නැත,” ඔහු වැඩිදුරටත් මාධ්‍ය වෙත පවසා සිටියේය.

නිල සංඛ්‍යාලේඛනවලට අනුව පසුගිය වසර දෙක තුළ රුසියානුවන් 288,000 කට වැඩි පිරිසක් සහ යුක්රේන ජාතිකයන් 20,000 කට ආසන්න පිරිසක් ශ්‍රී ලංකාවට පැමිණ තිබේ. සාමාන්‍ය දින තිහක සංචාරක වීසා බලපත්‍රයට වඩා වැඩි කාලයක් රට තුල රැඳී සිටින ප්‍රමාණය මේ දක්වා සංඛ්‍යාලේඛන ගත කර නොමැත. එහෙත් රුසියානුවන් දහස් ගණනක් සහ යුක්රේන ජාතිකයන් කුඩා සංඛ්‍යාවක් ශ්‍රී ලංකාවේ පදිංචි වී ඇති බව විශ්වාස පල කෙරෙන අතර ඇතැමුන් රටවල් දෙකෙහි යුද්ධය සඳහා හමුදාවට බඳවා ගැනීම් වලින් මිදීම සඳහා මෙසේ රට තුල ජීවත්වීමට තීරණය කර ඇති අතර එයින් සමහරු අවන්හල් හෝ රාත්‍රී සමාජශාලා ද විවෘත කර ඇත.

රටෙහි දකුණු දිග කලාපයේ සංචාරක නිකේතන නගරයක් වන උණවටුනෙහි “සුදු ජාතිකයින්ට පමණක්” යයි සඳහන් කරමින් සාදයක් පැවැත්වූ රුසියානු ජාතිකයින් විසින් පවත්වාගෙන යනු ලබන රාත්‍රී සමාජ ශාලාවකට එරෙහිව ශ්‍රී ලංකාවේ සමාජ මාධ්‍ය හරහා තරුණයන් විසින් එල්ල කල දැවැන්ත විරෝධතා ව්‍යාපාරයකින් පසුව රජය මෙම තීරණය ගෙන ඇත. එසේම ඇතැම් අවස්ථාවලදී යුක්රේන හා රුසියානුවන් වෙරළ බඩ කලාපය තුල ගැටුම් ඇති කර ගැනීම ද මෙම තීරණය ගැනීමට හේතු වී ඇත.

2022 හි ඇති වූ ආර්ථික අර්බුධයෙන් පසුව රට තුල මතු වූ දැවැන්ත විදේශ මුදල් හිඟය හේතුවෙන් දින තිහක හා ඊට ඉක්මවා ගිය වීසා බලපත්‍ර ලබා දීමෙන් සංචාරක ව්‍යාපාරය නංවාලීමට ශ්‍රී ලංකාව උත්සාහ කළේය. 2022 අප්‍රේල් මාසයේ සිට ශ්‍රී ලංකාව ඩොලර් බිලියන 46 ක විදේශ ණය ගෙවීම පැහැර හැර ඇති තත්වය තුල අර්බුධය සමනය කර ගැනීමට සංචාරක කර්මාන්තය ඉවහල් විණි.

මාස ගණනාවක් පුරා පැවති ජනතා විරෝධතා හේතුවෙන් එවකට රට පාලනය කල ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට ඉල්ලා අස්වී රටින් පලායාමට පවා සිදු විය. ඉන් පසුව ඩොලර් බිලියන 2.9 ක මුදලක් අන්තර් ජාතික ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් රටේ ආර්ථිකය ස්ථාවර කිරීමට සහ ආහාර, ඉන්ධන සහ ඖෂධ වැනි අත්‍යවශ්‍ය හිඟය අවසන් කිරීම සඳහා ලබා දීමෙන් එරට ඩොලර් හිඟය තාවකාලිකව අවසන් වී තිබේ. එහෙත් පසුගිය වසරේ අප්‍රියෙල් මාසයේ සිට ශ්‍රී ලංකාව තම ණය වාරිකය ගෙවීම නතර කර ඇති තත්වයක් තුල රටේ යම් ස්ථාවර භාවයක් කෙටි කාලීනව දක්නට ලැබුනද එම ණය වාරිකයන් ගෙවීමට පටන් ගත් විට යලිත් අර්බුධ කාරී තත්වයක් ඇති විය හැකි බව ආර්ථික විශේඥයන්ගේ අදහසයි.

Previous Post

යාපනයේ හදවත ගිනිතැබූ මහා අපරාධකරුවන්!-රසල් බණ්ඩාරවත්ත

Next Post

එජාප කැත දේශපාලන ඉතිහාසයෙන් බිඳක්!-රසල් බණ්ඩාරවත්ත

Next Post
“ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරන්ට ගල් ගැස්සූ රනිල්”-රසල් බණ්ඩාරවත්ත!

එජාප කැත දේශපාලන ඉතිහාසයෙන් බිඳක්!-රසල් බණ්ඩාරවත්ත

  • Trending
  • Comments
  • Latest
ප්‍රංශයේ නව සංක්‍රමණික නීති හා ප්‍රංශ විප්ලවය !

ප්‍රංශයේ නව සංක්‍රමණික නීති හා ප්‍රංශ විප්ලවය !

ජනවාරි 28, 2024
මරණීය දණ්ඩනයෙන් රනිල් බේරාගත් චන්ද්‍රිකා !-රසල් බණ්ඩාරවත්ත

මරණීය දණ්ඩනයෙන් රනිල් බේරාගත් චන්ද්‍රිකා !-රසල් බණ්ඩාරවත්ත

පෙබරවාරි 20, 2024
වසර 100ක් පිරෙන ලෙනින්ගේ දර්ශනය හා නවීන ලිබරල් ලෝකය

වසර 100ක් පිරෙන ලෙනින්ගේ දර්ශනය හා නවීන ලිබරල් ලෝකය !

ජනවාරි 26, 2024
ෆොන්සේකා දෙලොවක් අතර ?

ෆොන්සේකා දෙලොවක් අතර ?

ජනවාරි 31, 2024
දෙසැම්බර් සංචාරකයින් ලක්ෂ 02 ඉක්මවයි

දෙසැම්බර් සංචාරකයින් ලක්ෂ 02 ඉක්මවයි

0
සයිනොපෙක් ඉන්ධන මිල අඩු කරයි.. ඔවුන්ගේ මිල මෙන්න..

සයිනොපෙක් ඉන්ධන මිල අඩු කරයි.. ඔවුන්ගේ මිල මෙන්න..

0
කියුබාවේ ක්‍රමය අපට හරියන්නෑ.. මාලිමාව කරන්නේ වෙනස්ම එකක්…

කියුබාවේ ක්‍රමය අපට හරියන්නෑ.. මාලිමාව කරන්නේ වෙනස්ම එකක්…

0

තැන තැන වෙඩි තැබීම් මැතිවරණ වලට පෙර භිෂණය පැතිරීම සඳහා වූ සුදානමක්ද ?

0
යුක්රේන භූ සම්පත් අල්ලාගැනීමට ට්‍රම්ප්, රුසියාව හා යුරෝපා සංගමය අතර ගැටුම් උග්‍ර වේ !

යුක්රේන භූ සම්පත් අල්ලාගැනීමට ට්‍රම්ප්, රුසියාව හා යුරෝපා සංගමය අතර ගැටුම් උග්‍ර වේ !

මාර්තු 2, 2025
සිරියානු උතුරු කලාපයේ “කුර්දි රෝජාවා සමාජවාදී කොමියුනය” අනතුරේ ?

සිරියානු උතුරු කලාපයේ “කුර්දි රෝජාවා සමාජවාදී කොමියුනය” අනතුරේ ?

මාර්තු 2, 2025
ඉක්වදෝරය යළි වමට කැරකෙයි !

ඉක්වදෝරය යළි වමට කැරකෙයි !

පෙබරවාරි 13, 2025
ට්‍රම්ප්ට මුහුණ දීමට යුරෝපා සංගමය චීනය හා ඉන්දියාව දෙසට හැරේ!

ට්‍රම්ප්ට මුහුණ දීමට යුරෝපා සංගමය චීනය හා ඉන්දියාව දෙසට හැරේ!

ජනවාරි 22, 2025

Recent News

Welcome to the Voice of Ceylan, your go-to source for the latest news and stories from the heart of Sri Lanka. Operating from France, we bring you up-to-date and insightful coverage on diverse topics, providing a unique perspective on the vibrant culture, politics, and events shaping the island. Stay informed with us as we bridge the miles to connect you with the pulse of Sri Lanka.

Follow Us

Browse by Category

  • ආර්ථික
  • එසැණ පුවත්
  • කර්තෘ සටහන
  • කාලීන සිදුවීම්
  • ජාත්‍යන්තර
  • දේශපාලන
  • නව ප්‍රංශ නීති
  • සංචාරක

Recent News

යුක්රේන භූ සම්පත් අල්ලාගැනීමට ට්‍රම්ප්, රුසියාව හා යුරෝපා සංගමය අතර ගැටුම් උග්‍ර වේ !

යුක්රේන භූ සම්පත් අල්ලාගැනීමට ට්‍රම්ප්, රුසියාව හා යුරෝපා සංගමය අතර ගැටුම් උග්‍ර වේ !

මාර්තු 2, 2025
සිරියානු උතුරු කලාපයේ “කුර්දි රෝජාවා සමාජවාදී කොමියුනය” අනතුරේ ?

සිරියානු උතුරු කලාපයේ “කුර්දි රෝජාවා සමාජවාදී කොමියුනය” අනතුරේ ?

මාර්තු 2, 2025
  • About
  • Advertise
  • Privacy & Policy
  • Contact

© 2024 Voice of Ceylan All rights reserved.

No Result
View All Result
  • එසැණ පුවත්
  • කර්තෘ සටහන
  • දේශපාලන
  • ආර්ථික
  • කාලීන සිදුවීම්
  • ජාත්‍යන්තර
  • සංචාරක
  • නව ප්‍රංශ නීති

© 2024 Voice of Ceylan All rights reserved.

  • Sinhala (සිංහල)