• Contact
  • si Sinhala (සිංහල)
  • fr Français
Advertisement
  • එසැණ පුවත්
  • කර්තෘ සටහන
  • දේශපාලන
  • ආර්ථික
  • කාලීන සිදුවීම්
  • ජාත්‍යන්තර
  • සංචාරක
  • නව ප්‍රංශ නීති
  • Events
No Result
View All Result
  • එසැණ පුවත්
  • කර්තෘ සටහන
  • දේශපාලන
  • ආර්ථික
  • කාලීන සිදුවීම්
  • ජාත්‍යන්තර
  • සංචාරක
  • නව ප්‍රංශ නීති
  • Events
No Result
View All Result
Voice of Ceylan
No Result
View All Result
Home එසැණ පුවත්

යුරෝපීය නිදහස් වෙළඳ සංගමය (EFTA)සමඟ ඉන්දියාව නිදහස් වෙළඳ ගිවිසුමක් අත්සන් කරයි!

මාර්තු 13, 2024
in එසැණ පුවත්, ජාත්‍යන්තර
0
යුරෝපීය නිදහස් වෙළඳ සංගමය (EFTA)සමඟ ඉන්දියාව නිදහස් වෙළඳ ගිවිසුමක් අත්සන් කරයි!
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter

ඉන්දියාව විසින් යුරෝපීය නිදහස් වෙළඳ සංගමයේ (EFTA) සාමාජිකයින් හතර දෙනා වන නෝර්වේ, ස්විට්සර්ලන්තය, අයිස්ලන්තය සහ Liechtenstein සමග ආයෝජන සහ අපනයන ප්‍රවර්ධනය කිරීම සඳහා ඩොලර් බිලියන 100 ක් වටිනා නිදහස් වෙළඳ ගිවිසුමකට ඉරිදා අත්සන් කළ බව විදේශ මාධ්‍ය වාර්තා කර සිටි. EFTA – EU නොවන රටවල් වන නෝර්වේ, අයිස්ලන්තය, ස්විට්සර්ලන්තය සහ Liechtenstein වලින් සමන්විත – ලොව පස්වන විශාලතම ආර්ථිකය වන ඉන්දියාවේ වසර 15 ක් තුළ ඩොලර් බිලියන 100 ක් වටිනාකමකින් යුතු ආයෝජනය එමගින් සිදු කරනු ඇතැයි මෙම අත්සන් කරන ලද ගිවිසුමෙන් පසුව මාධ්‍ය ඇමතු ඉන්දීය වාණිජ අමාත්‍ය Piyush Goyal මාධ්‍ය වෙත පැවසුවේය.

“ඉන්දියාව සහ EFTA අතර ආර්ථික සහ වෙළඳ හවුල්කාරිත්ව ගිවිසුම අපගේ පුළුල් වන වෙළඳ හවුල්කාරිත්වයේ ඓතිහාසික සන්ධිස්ථානයක් සනිටුහන් කරයි,” නවදිල්ලියේ දී ගිවිසුම අත්සන් කිරීමෙන් පසු පියුෂ් ගෝයල් එසේ අවධාරණය කළේය. මෙමගින් අපගේ අපනයනයන් ඉහළ නැංවීම, ආයෝජන දිරිගැන්වීම සහ රැකියා උත්පාදනය කිරීම මගින් “අන්‍යෝන්‍ය වර්ධනයට සහ සමෘද්ධියට මග පාදනු ඇත” යනුවෙන් ඔහු වැඩිදුරටත් මාධ්‍ය වෙත පවසා සිටියේය.

වසර 16ක් පුරා පැතිර ගිය පුළුල් සාකච්ඡා වට රාශියකින් පසුව මෙම ගිවිසුම අත්සන් කිරීමට ඉන්දියාව අවසානයේ තීරණය කර ඇත. මෙම ගිවිසුම සම්බන්ධයෙන් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි පවසා සිටින්නේ මෙවැනි කතාවකි.

“මෙම වෙළඳ ගිවිසුම මගින් “විවෘත, නිදහස් සහ සාධාරණ වූ වෙළඳාමක් සඳහා වූ අපගේ කැපවීම සංකේතවත් කරන එකඟතාවයක් ඇති කරනු ලබනු බවට ඉන්දියාව අපේක්‍ෂා කරනවා “යයි පවසා සිටියේය.

මේ අතර මෙම නිදහස් ආර්ථික ගිවිසුම පිළිබඳ ස්විට්සර්ලන්ත ආර්ථික අමාත්‍ය ගයි පර්මලින් සඳහන් කරනුයේ “අපගේ ආර්ථික හැකියාවන් වඩා කාර්යක්‍ෂම කරලීමටත් ඉන්දියාව සහ EFTA සාමාජික රටවල් සඳහා අමතර ආයෝජන අවස්ථා ඉන්දියාව තුල නිර්මාණය කර ගැනීමටත් මෙම ගිවිසුමෙන් අපට ඉඩ කඩ සැලසෙනවා” යයි කියා සිටි.

“EFTA හෙවත් යුරෝපා නිදහස් වෙළඳ සංගමය රටවල සාමාජිකයන් සඳහා මේ වන විට ඉතා සිඝ්‍රයෙන් සංවර්ධනය වන විශාල වෙලඳපොලකට ප්‍රවේශ වීමෙන් ලබා ගත හැකි ප්‍රතිලාභ ඉතාමත් ඉහල තත්වයක පවතිනවා. එයට ප්‍රතිඋපකාර වශයෙන්, ඉන්දියාව EFTA රටවල් වෙතින් වැඩි විදේශ ආයෝජන ප්‍රමාණයක් තම වෙළඳ පලට ආකර්ශනය කර ගනු ඇත. අවසානයේ එයින් ලබා ගන්නා ගුණාත්මක ප්‍රථිපල ගිවිසුමේ සාමාජික රටවල රැකියා සංඛ්‍යාව වැඩි කිරීමට ද හේතු වනු ඇත,” ස්විස්ටර්ලන්ත ආර්ථික අමාත්‍යවරයා ඉන්දීය අගනුවර දී මාධ්‍ය වෙත වැඩිදුරටත් පවසා සිටියේය.

ඒ අනුව ඉන්දියාව හා EFTA රටවල් අතර කාර්මික නිෂ්පාදන සඳහා බොහෝ තීරු බදු ඉවත් කරනු ලබයි. ඉන්දියාව ද එම රටවල් සඳහා වසර දහයක් දක්වා වූ සංක්‍රාන්ති කාලයකට යටත්ව ඇතැම් කෘෂි නිෂ්පාදන සඳහා තීරු බදු රහිත ප්‍රවේශය සිය වෙළඳ පලට පැමිණීමට අවස්ථාව ලබා දෙනු ඇත. නමුත් ඉන්දියාවේ වෙළඳ පලට මෙම රටවල ඖෂධ සඳහා තීරු බදු ඉවත් කිරීමක් සිදු කර නොමැත. බුද්ධිමය දෙපළ, පේටන්ට් බල පත්‍ර ඉහත සාමාජික රටවල සන්නාහන නාමයන් ආරක්ෂා කිරීමට ඉන්දියාව මෙහිදී බැඳී සිටිති. කෙසේ වෙතත් අදාල ගිවිසුම ඉන් පසුව ඉන්දියානු පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කෙරෙනු ඇත.

1960 දී EFTA යුරෝපා නිදහස් වෙළඳ සංගමය පිහිටුවන ලද්දේ එහි සාමාජිකයින් අතර නිදහස් වෙළඳාම සහ ආර්ථික ඒකාබද්ධතාවය ප්‍රවර්ධනය කිරීම සඳහා ය. 2021 දී, එය භාණ්ඩ අපනයනය හා ආනයනය සම්බන්ධයෙන් ලෝකයේ දහවන විශාලතම වෙළෙඳ හවුල වූ අතර සේවා කේෂ්ත්‍රය අංශයෙන් ලොව අටවන ස්ථානයේ පසුවේ. මෑත වසරවලදී ඉන්දියාව ඕස්ට්‍රේලියාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය සමඟ ද වෙළඳ ගිවිසුම් අත්සන් කරනු ලැබූ අතර බ්‍රිතාන්‍යය සමඟ ද නිදහස් ගිවිසුමක් අත්සන් කිරීම සඳහා සාකච්ඡා පැවැත්වෙමින් තිබේ.

මේ වන විට ඉතා ඉක්මනින් දියුණු වන හා බිලියන 5ක ජනගහනය කින් සමන් විත වන ඉන්දියානු වෙළඳ පල වෙත චීනය සමග පසමිතුරු ලොව සියළු රටක්ම ඇදී එන තත්වයක් දක්නට ලැබේ. 2025 දී ආර්ථික වර්ධන වේගය 7.3% ක් ලෙස පෙන්නුම් කරනු ලබන අතර එහි ප්‍රධාන මුලාශ්‍ර බවට සේවා, කෘෂි බෝග අපනයනය, කාර්මික භාණ්ඩ, පුද්ගලික ක්‍රේෂ්ත්‍රය හා රටේ විශාල අභ්‍යන්තර වෙළඳ පල යන ක්‍රේෂ්ත්‍ර හඳුනා ගෙන ඇත. ලෝකයේ 5 වන ආර්ථික බලවතා ලෙස රටේ සමස්ථ ප්‍රාග්ධනය මේ වන විට ඩොලර් බිලියන 3.730 ක් ලෙස සටහන් වේ.

අන්තර් ජාතික මුල්‍ය අරමුදලේ 2023 වාර්තාවකට අනුව ඉන්දියාව තම ආයෝජන වසර 10ක් තුලදී එරට දල ජාතික නිෂ්පාදනයෙන් ඩොලර් බිලියන 63 සිට 208 දක්වා වැඩි කර ගැනීමට නියමිතව ඇත. එසේම තවත් වසර තුනක් තුලදී ඩොලර් බිලියන 5000ක අදායමක් ලබා ගැනීමට හැකියාවක් ඇති අතර ඒ ඔස්සේ ලොව තුන්වෙනි ආර්ථික බලවතා බවට පත් වීමේ කඩ ඉමට පැමිණෙනු ඇති බවටද එම වාර්තාව වැඩි දුරටත් සඳහන් කර සිටි. නමුත් මේ සම්බන්ධයෙන් වාර්තාවක් ඉදිරිපත් කරන කරන FITCH ආයතනය පවසන්නේ එම ඉලක්කය කරා යාමට ඇති ප්‍රධාන බාධක ලෙස පශ්වාත් කොරෝනා තත්වයත්, යුක්රේන යුද්ධය පමණක් නොව රතු මුහුදේ නාවික ගමනා ගමනයට එල්ලවන හුතිස් ගරිල්ලන්ගේ ප්‍රහාරයන් ද දැඩි බලපෑමක් ඉන්දියානු ආර්ථිකයට සිදු කරනු ඇති බවයි.

Previous Post

තම සටන් සගයන්ගේ අයිතිය වෙනුවෙන් ප්‍රංශ ජනාධිපතිට අභියෝග කල 98 හැවිරිදි මාක්ස්-ලෙනින්වාදියා!

Next Post

ප්‍රංශයට පුටින්ගෙන් යුධ අනතුරු හැඟවීමක් !

Next Post
ප්‍රංශයට පුටින්ගෙන් යුධ අනතුරු හැඟවීමක් !

ප්‍රංශයට පුටින්ගෙන් යුධ අනතුරු හැඟවීමක් !

  • Trending
  • Comments
  • Latest
ප්‍රංශයේ නව සංක්‍රමණික නීති හා ප්‍රංශ විප්ලවය !

ප්‍රංශයේ නව සංක්‍රමණික නීති හා ප්‍රංශ විප්ලවය !

ජනවාරි 28, 2024
මරණීය දණ්ඩනයෙන් රනිල් බේරාගත් චන්ද්‍රිකා !-රසල් බණ්ඩාරවත්ත

මරණීය දණ්ඩනයෙන් රනිල් බේරාගත් චන්ද්‍රිකා !-රසල් බණ්ඩාරවත්ත

පෙබරවාරි 20, 2024
වසර 100ක් පිරෙන ලෙනින්ගේ දර්ශනය හා නවීන ලිබරල් ලෝකය

වසර 100ක් පිරෙන ලෙනින්ගේ දර්ශනය හා නවීන ලිබරල් ලෝකය !

ජනවාරි 26, 2024
ෆොන්සේකා දෙලොවක් අතර ?

ෆොන්සේකා දෙලොවක් අතර ?

ජනවාරි 31, 2024
දෙසැම්බර් සංචාරකයින් ලක්ෂ 02 ඉක්මවයි

දෙසැම්බර් සංචාරකයින් ලක්ෂ 02 ඉක්මවයි

0
සයිනොපෙක් ඉන්ධන මිල අඩු කරයි.. ඔවුන්ගේ මිල මෙන්න..

සයිනොපෙක් ඉන්ධන මිල අඩු කරයි.. ඔවුන්ගේ මිල මෙන්න..

0
කියුබාවේ ක්‍රමය අපට හරියන්නෑ.. මාලිමාව කරන්නේ වෙනස්ම එකක්…

කියුබාවේ ක්‍රමය අපට හරියන්නෑ.. මාලිමාව කරන්නේ වෙනස්ම එකක්…

0

තැන තැන වෙඩි තැබීම් මැතිවරණ වලට පෙර භිෂණය පැතිරීම සඳහා වූ සුදානමක්ද ?

0
යුක්රේන භූ සම්පත් අල්ලාගැනීමට ට්‍රම්ප්, රුසියාව හා යුරෝපා සංගමය අතර ගැටුම් උග්‍ර වේ !

යුක්රේන භූ සම්පත් අල්ලාගැනීමට ට්‍රම්ප්, රුසියාව හා යුරෝපා සංගමය අතර ගැටුම් උග්‍ර වේ !

මාර්තු 2, 2025
සිරියානු උතුරු කලාපයේ “කුර්දි රෝජාවා සමාජවාදී කොමියුනය” අනතුරේ ?

සිරියානු උතුරු කලාපයේ “කුර්දි රෝජාවා සමාජවාදී කොමියුනය” අනතුරේ ?

මාර්තු 2, 2025
ඉක්වදෝරය යළි වමට කැරකෙයි !

ඉක්වදෝරය යළි වමට කැරකෙයි !

පෙබරවාරි 13, 2025
ට්‍රම්ප්ට මුහුණ දීමට යුරෝපා සංගමය චීනය හා ඉන්දියාව දෙසට හැරේ!

ට්‍රම්ප්ට මුහුණ දීමට යුරෝපා සංගමය චීනය හා ඉන්දියාව දෙසට හැරේ!

ජනවාරි 22, 2025

Recent News

Welcome to the Voice of Ceylan, your go-to source for the latest news and stories from the heart of Sri Lanka. Operating from France, we bring you up-to-date and insightful coverage on diverse topics, providing a unique perspective on the vibrant culture, politics, and events shaping the island. Stay informed with us as we bridge the miles to connect you with the pulse of Sri Lanka.

Follow Us

Browse by Category

  • ආර්ථික
  • එසැණ පුවත්
  • කර්තෘ සටහන
  • කාලීන සිදුවීම්
  • ජාත්‍යන්තර
  • දේශපාලන
  • නව ප්‍රංශ නීති
  • සංචාරක

Recent News

යුක්රේන භූ සම්පත් අල්ලාගැනීමට ට්‍රම්ප්, රුසියාව හා යුරෝපා සංගමය අතර ගැටුම් උග්‍ර වේ !

යුක්රේන භූ සම්පත් අල්ලාගැනීමට ට්‍රම්ප්, රුසියාව හා යුරෝපා සංගමය අතර ගැටුම් උග්‍ර වේ !

මාර්තු 2, 2025
සිරියානු උතුරු කලාපයේ “කුර්දි රෝජාවා සමාජවාදී කොමියුනය” අනතුරේ ?

සිරියානු උතුරු කලාපයේ “කුර්දි රෝජාවා සමාජවාදී කොමියුනය” අනතුරේ ?

මාර්තු 2, 2025
  • About
  • Advertise
  • Privacy & Policy
  • Contact

© 2024 Voice of Ceylan All rights reserved.

No Result
View All Result
  • එසැණ පුවත්
  • කර්තෘ සටහන
  • දේශපාලන
  • ආර්ථික
  • කාලීන සිදුවීම්
  • ජාත්‍යන්තර
  • සංචාරක
  • නව ප්‍රංශ නීති

© 2024 Voice of Ceylan All rights reserved.

  • Sinhala (සිංහල)