• Contact
  • si Sinhala (සිංහල)
  • fr Français
Advertisement
  • එසැණ පුවත්
  • කර්තෘ සටහන
  • දේශපාලන
  • ආර්ථික
  • කාලීන සිදුවීම්
  • ජාත්‍යන්තර
  • සංචාරක
  • නව ප්‍රංශ නීති
  • Events
No Result
View All Result
  • එසැණ පුවත්
  • කර්තෘ සටහන
  • දේශපාලන
  • ආර්ථික
  • කාලීන සිදුවීම්
  • ජාත්‍යන්තර
  • සංචාරක
  • නව ප්‍රංශ නීති
  • Events
No Result
View All Result
Voice of Ceylan
No Result
View All Result
Home එසැණ පුවත්

සෙනගාලයේ තරුණ ආණ්ඩුව සමස්ථ අප්‍රිකාවට නව ආර්ථික ව්‍යාපෘතියක් ඉදිරිපත් කරයි!

ඔක්තෝබර් 28, 2024
in එසැණ පුවත්, ජාත්‍යන්තර
0
සෙනගාලයේ තරුණ ආණ්ඩුව සමස්ථ අප්‍රිකාවට නව ආර්ථික ව්‍යාපෘතියක් ඉදිරිපත් කරයි!
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
සෙනගාලයේ නව තරුණ ජනාධිපති වරයා ලෙස තේරී පත් වූ එරට නව රාජ්‍ය නායකයා වන Diyomaye Faye සහ ඔහුගේ අගමැති Ousmane Sonko සඳුදා රටේ සංවර්ධනය සඳහා හා අප්‍රිකානු මහද්වීපය ඉලක්ක කර ගත් නව ආර්ථික හා සමාජ ව්‍යාපෘතියක් එළිදක්වා ඇත. ” 2050 දී සෙනගාලය”ලෙස නම් කර ඇති මෙම ව්‍යාපෘතිය මගින් රටේ අනාගතය පිළිබඳ සිය දැක්ම එරට අගනුවර වන Dakar හි දී ආණ්ඩුවේ සාමාජිකයන්, සිවිල් සමාජ නියෝජිතයන්, රටේ පෞද්ගලික අංශයේ සහ ජාත්‍යන්තර ආයෝජකයින් මෙන්ම තානාපතිවරුන් හමුවේ ඉදිරිපත් කරනු ලැබුහ. ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිතය තුන් ගුණයකින් වැඩි කිරීම, වසරකට 7 හෝ 8% ක ආර්ථික වර්ධන වේගයක් අත්කර ගැනීම සහ රටේ දරිද්‍රතා අනුපාතය 4 න් බෙදීම යන අරමුණු තුනක් යටතේ මෙම නව ව්‍යාපෘතිය ඉදිරිපත් කර ඇත.
” ස්වාධීන, සෞභාග්‍යමත්, නිවහල් සෛවරී සෙනෙගාල රාජ්‍යයක් 2050″ දී බිහිකර ගැනීම සඳහා ඉහත අරමුණු තුන මත ගොඩ නැගුනු මේ ව්‍යපෘතිය සාර්ථක කර ගැනීම සඳහා ජනාධිපති හා අගමැති සොන්කෝ විසින් සෙනගාලය පහල සිට ඉහල දක්වාත් ඉහල සිට පහලටත් නව ආර්ථික, සමාජීය, දේශපාලන ප්‍රතිසංස්කරණ හඳුන්වා දිය යුතු බවට යෝජනා කරති. රටේ සියලු පුරවැසියන් එක්ව, “2050 දී සෙනගාලය”නම් සැලැස්ම මගින් දූෂණයට එරෙහිව වඩා හොඳින් සටන් කිරීමට නව නීති හඳුන්වා දිම, ස්වාභාවික සම්පත් ආරක්ෂා කිරීම, රටේ කෘෂිකාර්මික ආකෘතිය නව රැඩිකල් පරිවර්තනයකට ලක් කිරීම, රට නැවත කාර්මිකකරණය කිරීම සහ සෞඛ්‍ය හා අධ්‍යාපන පද්ධති යලි සමාලෝචනය කිරීමට හා ජලය සහ විදුලිය ලබා ගැනීම සඳහා සියලු පුරවැසියන්ට 100% ප්‍රවේශය ලබා ගැනීමේ අයිතිය තහවුරු කිරීමටද රජය බලා පොරොත්තු වේ.
“සෙනෙගල් 2050” වැඩසටහන ප්‍රධාන අක්ෂ හතරක් මත පදනම් වේ. පළමුව, ආර්ථික කේෂ්ත්‍රය තුල දේශීය අමුද්‍රව්‍ය දේශීයව සැකසීම සඳහා කුඩා හා මධ්‍යම සමාගම් වලට අත දීම මගින් සෙනගාලියානු ආර්ථිකය විවිධාංගීකරණයකට ලක් කිරීම, අනාගත පරම්පරාවට බලපෑමක් නොවන පරිදි තෙල් හා ගෑස් ප්‍රමුඛ රටේ ජාතික සම්පත් යම් පාලනයකට ලක්‌ කර පරිභෝජනය කිරීම මගින් පාරිසරික ගැටළු ඇතිවීම අවම කිරීම හා රටේ පවතින අසමතුලිතතාවයන් හා අසමානත්වයන් කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරමින් මානව ප්‍රාග්ධනය සහ සමාජ සමානාත්මතාවයේ සුදුසුකම් මත රැකියා අවස්ථා වැඩි කිරීම Diomaye Faye සහ Ousmane Sonko සැලසුම් කරයි. මෙම ව්‍යපෘතිය සාර්ථක කර ගැනීමට නම් දූෂණය පිටුදැකීම සඳහා වූ යහ පාලන ආණ්ඩුකරණයක් රට තුල ස්ථාපිත කල යුතු බවටද ඔවුන් අවධාරණය කරති.
සියලු ප්‍රතිසංස්කරණවල ප්‍රතිඵලයක් ලෙස වසර 25ක් තුල දී සෙනගාල ජාතිකයින්ට නව ජිවිතයක් ලබා දීමට අපේක්ෂා කරයි එනම් පළමුව, වසර 5ක් තුලදී ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිතය ඩොලර් 1,660 සිට ඩොලර් 4,500 දක්වා වැඩි කරනු ඇත. රටේ දරිද්‍රතා අනුපාතය අද 37.5% සිට වසර විසිපහකින් 10% දක්වා පහත දැමීමට අපේක්ෂා කෙරේ. බලශක්ති අංශය සම්බන්ධයෙන් ගත් කල, 2050 වන විට සෙනගාලය මෙගාවොට් 10,000 ක අතිරේක ධාරිතාවක් ලබා ගත යුතුය. “සෙනෙගල් 2050” සැලැස්මේ ඉදිරිපත් කර ඇති නිල සංඛ්‍යාලේඛනවලට අනුව, වර්තමාන ස්ථාපිත ධාරිතාව මෙගාවොට් 1 789 කි. මෙමගින් සියලුම සෙනගාල වැසියන්ට විදුලිය ලබාගැනීමට ඒ අනුව හැකි වනු ඇත.
එසේම සෙනගාලයේ කාන්තාවන් සඳහා, මෙම නව වැඩසටහනෙන් ලැබෙන ප්‍රධාන ප්‍රතිලාභ අතර මාතෘ මරණ අනුපාතිකය සජීවී උපත් 100,000කට මරණ 216 සිට (2023 දී) 2050 දී 70 දක්වා අඩු කිරීම ද ඇතුළත් වේ. අවසානයේදී මේ වන විට 10.4% GDP පවතින අයවැය හිඟය 3%GDP දක්වා 2029 දී අඩුකර ගැනීමටත්, රටේ ආර්ථික වර්ධන වේගය 6.5% දක්වා වැඩි කර ගැනීමට ද රජයේ ඉලක්කයක් වේ. අධ්‍යාපනය, යටිතල පහසුකම් සංවර්ධනය හා අනෙකුත් ව්‍යපෘති සඳහා වසරකට 14.7%ක් දල ජාතික නිෂ්පාදනයෙන් 2025-2029 අතර කාලය තුලදී වෙන් කිරීම‍ට රජය තීරණය කර ඇත. මෙම ව්‍යාපෘතිය සාක්ෂාත් කර ගැනීම සඳහා ඩොලර් බිලියන 27ක මුදලක් අවශ්‍ය වන බව Bloomberg ආයතනය නිකුත් කල වාර්තාවක් මගින් පෙන්වා දෙන අතර තෙල් හා ගෑස් ආදායමෙන් මෙම ඉලක්කය සපුරා ගැනීමට යම් හැකියාවක් ඇති බව ද ඔවුන් පෙන්වා දේ. සෙනගාලය මේ වන විට දිනකට තෙල් බැරල් 100000ක් හා 1250000ක් සංඛ්‍යාවක් ලෝක වෙළඳ පලට ලබා දේ.
නිදහස ලැබුණු දා සිට රට පාලනය කල පාලකයින් විසින් රටේ සම්පත් හොර කම් කරමින් දූෂණයෙන් රට පාලනය කර ඇතැයි අගමැති සොන්කෝ හිටපු ජනාධිපති MACKY SALL ට ඍජුවම චෝදනා එල්ල කරනු ලැබුවේ දූෂිත දේශපාලකයින් හා රජයේ නිලධාරීන් රාශියක නම් ඇතුලත් කල ලැයිස්තුවක් සභා ගත කරමිනි.
පසුගිය සැප්තැම්බර් 4 වැනිදා සිට මෙම පුද්ගලයන්ට රටින් පිටවීම තහනම් කර ඇත. සමහරුන් මේ වන විට රහසිගතව ජිවත් වන බවටද වාර්තා වේ. පසුගිය රජයන් හි දුෂණ වල නියැලුණු සියලුම පුද්ගලයන්ට එරෙහිව අධිකරණ ක්‍රියා මාර්ග ගැනීම සඳහා විශේෂ කොමිසමක් පත් කර ඇති අතර එය දූෂණ විරෝධී විනිසුරුවන් 27 දෙනෙකුගේ සාමාජිකත්වයෙන් පිහිටුවා ඇත. මෙම චෝදනා ඉදිරිපත් කර වරදකරු ලෙස නම් කිරීමට පුර්ණ බලතල ලබා දී ඇති මෙම නව අධිකරණ කොමිසම මගින් ලබාදෙන නඩු තීන්දු වලට එරෙහිව චුදිතයින්ගේ අභියාචනය කිරීමේ අයිතිය, විත්තියට තමන් නිර්දෝෂී බව ඔප්පු කිරීම සඳහා සාක්ෂි ඉදිරිපත් කිරීමේ පුර්ණ අයිතිය ලබා දී ඇති අතර රජයේ බලපෑමෙන් මිදුණු ස්වාධීන ආයතනයක් ලෙස ක්‍රියා කරයි.
“රටේ දකුණු පළාත වන කසමන් කලාපය යනු කෘෂිකාර්මික වශයෙන් සශ්‍රිය වූ ප්‍රදේශයක්. උතුරේ මටාම් ප්‍රදේශය යනු පොස්පේට් වලින් ග්‍රහණ වූ කලාපයක්. 1960 නිදහසේ සිට රට පාලනය කල කිසිදු පාලකයෙක් මෙම සෑම කලාපයකම තිබෙන විශේෂත්වයන් අවබෝධ කර ගෙන නෑ. ඒ නිසා රටේ දිස්ත්‍රික්ක අතර අසමානත්වයන් නිර්මාණය කර තිබෙනවා. ඒ නිසා රටේ ආර්ථිකය විවිධාංගකරණයකට ලක් කර සියලු බලතල ප්‍රාදේශීය සබා දක්‌වා යන විමධ්‍යකරණයකට ලක් කල යුතුව තිබෙනවා. රටේ ආර්ථික සෛවරීභාවය තහවුරු කර ගැනීම සඳහා මුල්‍ය නිදහස ලබා ගත යුතු බව අපි නැවත නැවතත් පවසා සිටිනවා. අපේ මෙම නව වැඩ පිළිවෙල දේශප්‍රේමී, සමාජීය හා සමස්ථ අප්‍රිකානු මහද්වීපයටම ඉදිරිපත් කරන වැඩ පිළිවෙලක්. සෑම සෙනගාල ජාතිකයින් 10 දෙනෙකුටම හතර දෙනෙක් ජීවත්වන්නේ අන්ත දුප්පත් කමේ. රටේ විරැකියාව 21.6%ක් වෙනවා. ජනතාව අපිට චෝදනා කරනවා දුෂිතයන්ට එරෙහිව රජය සිදුකරන විමර්ශන පන මදි හා ප්‍රමාදයි කියා. රජය දූෂණ සම්බන්ධයෙන් ක්‍රියා මාර්ග ගනු ලබන්නේ රටේ නීතියට හා අධිකරණ තීරණ මත විනිවිධ භාවයකට අනුව විනා පුද්ගලික හා දේශපාලන තීරණ මත නොවන බවට සෑම දෙනාම තේරුම් ගත යුතුයි” යයි සොන්කෝ අවසාන වශයෙන් අවධාරණය කර සිටියේය.
Bloomberg ආයතනය තම වාර්තාව තුලින් තව දුරටත් පවසන්නේ මෙම ව්‍යාපෘතිය ඉතාමත් අපේක්‍ෂා සහගත වැඩ පිළිවෙලක් වුවත් මෙයට යන සම්පුර්ණ වියදම සපුරා ගැනීම සඳහා ලෝක වෙළඳ පලට ලබා දෙන තෙල් හා ගෑස් මගින් ලබා ගන්නා ආදායම(දිනකට තෙල් බැරල් 100000-125000ක් ලබා දේ), රටේ බදු ආදායම වැඩි කර ගැනීම, පුද්ගලික අංශ -රාජ්‍ය අංශ අතර සම්බන්ධතාවය, රාජ්‍ය වියදම් පාලනය කිරීම වැනි අත්‍යවශ්‍ය අංග අඩංගු වන්නේ නැති බවයි. රටේ ණය ප්‍රමාණය වන 76.3% දක්වා අඩු කර ගන්නා ආකාරයද වාර්තාව තුල සඳහන් නොවන බවත් ඔවුන් පෙන්වා දේ.
මෙම ව්‍යාපෘතිය පිළිබඳව මුල්‍ය අරමුදලද(IMF) අනතුරු හඟවන්නේ රටේ මුල්‍ය ආයතන ප්‍රතිසංස්කරණයකට ලක් කිරීමක් සිදු නොකිරීම හා බදු ප්‍රතිපත්තිය වෙනස් නොකිරීම නිසා අදාළ ඉලක්ක සැපිරීම පහසු නොවනු ඇති බවයි. මේ අතර MOODY ආයතනය ද සෙනගාලය B සිට B1 දක්වා පහල දමා ඇත. මේ හේතුවෙන් රටේ විදේශ ආයෝජන ලබා ගැනීමේ දුෂ්කර තාවයන්ට මුහුණ දීමට සිදු වුවත් සොන්කෝ රජය ලොව සියළුම ආයෝජකයින්ට රට තුල ආයෝජනය සඳහා ආරාධනා කරනු ලබන්නේ 50%-50% ප්‍රතිපත්තිය මතය. මේ වන විට TOTAL ENERGIES, ORANGE, AUCHAN ඇතුළු ප්‍රංශ සමාගම් 250ක් සෙනෙගාලය තුල ආයෝජනය කර ඇති අතර සෙනගාල නව රජය පසුගිය රජයන් ඔවුන් සමග අත්සන් කරන ලද සියළුම සම්මුතීන් නැවත සමාලෝචනය කිරීමට අපේක්‍ෂා කරයි. විශේෂයෙන් ගෑස් හා පෙට්රෝල් ගිවිසුම් අත්සන් කර ඇති බ්‍රිතාන්‍ය BP හා ඕස්ට්‍රේලියානු සමාගමක් වන woodside සමග අත්සන් කරන ලද ගිවිසුම් නැවත සංශෝධනය කිරීමට රජය අපේක්ෂා කරයි.
කෙසේවෙතත් FAYE-SONKO දෙපල පවසන්නේ 2025-2029 කාලය තුළ 6.5 සහ 7% අතර වාර්ෂික ආර්ථික වර්ධනයක් රජය අපේක්ෂා කරන බවයි. 2023 දී දළ දේශීය නිෂ්පාදිතයෙන් 83.7%GDP පවතින ණය ප්‍රතිශතය 70% දක්වා රාජ්‍ය ණය අඩු කිරීමට අදහස් කරන අතර අයවැය හිඟය “සාධාරණ කාලයක් තුළ” 3% දක්වා අඩු කිරීමට අදහස් කරනු ලබන බවයි. රටේ ජනතාවට බදු වැඩි නොකර රටේ බදු පදනම පුළුල් කරමින් බදු ආදායම වැඩි කිරීමේ අවශ්‍යතාවය මෙන්ම වත්මන් වියදම් පාලනය කිරීමේ අවශ්‍යතාවය පෙන්වා දෙන අතර උද්ධමනය “ඉදිරි වසර පහ සඳහා 2% කින් පමණ පාලනය කරනු ලබන බව ඔවුන් කියා සිටි.
Diomaye Faye සහ Ousmane Sonko විසින් නොවැම්බර් 17 වෙනිදා පැවැත්වීමට නියමිත මහා මැතිවරණය ඉලක්ක කර ගනිමින් මෙම වැඩසටහන ඉදිරිපත් කර ඇතැයි මේ අතර එරට විපක්‍ෂය චෝදනා කරයි. කෙසේවෙතත් සෙනගාලයේ ජනතාවගෙන් 80%ක් පමණ තම ජීවිතය සරි කර ගනු ලබන්නේ වක්‍ර ආර්ථික ක්‍රියා මාර්ග මගිනි. එම නිසාම රාජ්‍ය ප්‍රාග්ධනය නැවත යථා තත්ත්වයට පත් කිරීමට යම් කාලයක් ගතවන බව නොරහසකි. පසුගිය සතිවලදී රටේ ආර්ථික දර්ශක කිහිපයක් රතු පැහැයට හැරී ඇත. ඔක්තෝබර් මස මුලදී, ජනාධිපතිවරනයෙන් පසුව සිදු කරන ලද විගණනය මත පදනම්ව, Ousmane Sonko “බංකොලොත් රාජ්‍යයක්” තමාට උරුම වී ඇති බවට පුවත්පත්වලට ප්‍රකාශ කළ අතර රට පාලනය කල කණ්ඩායම් මුල්‍ය අරමුදලෙන් හා අනෙකුත් මුල්‍ය ආයතන වලින් ණය ගැනීමේදී රාජ්‍ය ගිණුම් වසන් කර ඒවා ලබාගෙන ඇති බවට ද චෝදනා කළේය. එහෙත් එම චෝදනාව හිටපු ජනාධිපති MACKY SALL තරයේ ප්‍රතික්‍ෂේප කරයි.
අවසාන වශයෙන්, “සෙනෙගල් 2050” මැතිවරණ සටන් පාඨයක් ලෙස ඉදිරිපත් වී ඇති බව රහසක් නොවේ. පසුගිය සැප්තැම්බරයේ ජනාධිපති FAYE පාර්ලිමේන්තුව විසුරුවා හැරීමෙන් පසුව ඔහුගේ පක්ෂය වන පැස්ටෙෆ් මෙම ආර්ථික වැඩසටහන ක්‍රියාත්මක කිරීමට නම් ප්‍රථමයෙන්ම ලබන නොවැම්බර් මාස 17 වැනිදා පැවැත්වෙන පාර්ලිමේන්තු මැතිවරණයෙන් බහුතර ආසන සංඛ්‍යාවක් දිනා ගත යුතුව ඇත. වර්තමාන පාර්ලිමේන්තුවේ FAYE හා SONKO ගේ පක්ෂය වන PASTEFහට පාර්ලිමේන්තුවේ ඇත්තේ 163ක් අතරින් මන්ත්‍රීන් 23 දෙනෙකු පමණි. FAYE රජය ඉදිරිපත් කල නව ව්‍යාපෘති රැසක් පාර්ලිමේන්තුව තුල බහුතර විපක්‍ෂය විසින් පසුගිය මාස 6 පුරා ප්‍රතික්‍ෂේප කිරීම නිසා හා ජනාධිපති වරයාට එරෙහිව විශ්වාස භංගයක් ද ඉදිරිපත් කිරීමට උත්සාහ කිරීම නිසා FAYE විසින් සැප්තැම්බර් 12 වැනිදා පාර්ලිමේන්තුව විසිරුවා හැර මහා මැතිවරණයක් කැඳවන ලදී.
Previous Post

දකුණු ඇමරිකාවේ උරුගුවත් වමට හැරෙයි?තීරණය නොවැම්බර් 24

Next Post

බ්‍රිතාන්‍ය වහල් වෙළඳාමට එරෙහිව පොදු රාජ්‍ය මණ්ඩල සමුළුව උණුසුම් වේ !

Next Post
බ්‍රිතාන්‍ය වහල් වෙළඳාමට එරෙහිව පොදු රාජ්‍ය මණ්ඩල සමුළුව උණුසුම් වේ !

බ්‍රිතාන්‍ය වහල් වෙළඳාමට එරෙහිව පොදු රාජ්‍ය මණ්ඩල සමුළුව උණුසුම් වේ !

  • Trending
  • Comments
  • Latest
ප්‍රංශයේ නව සංක්‍රමණික නීති හා ප්‍රංශ විප්ලවය !

ප්‍රංශයේ නව සංක්‍රමණික නීති හා ප්‍රංශ විප්ලවය !

ජනවාරි 28, 2024
මරණීය දණ්ඩනයෙන් රනිල් බේරාගත් චන්ද්‍රිකා !-රසල් බණ්ඩාරවත්ත

මරණීය දණ්ඩනයෙන් රනිල් බේරාගත් චන්ද්‍රිකා !-රසල් බණ්ඩාරවත්ත

පෙබරවාරි 20, 2024
වසර 100ක් පිරෙන ලෙනින්ගේ දර්ශනය හා නවීන ලිබරල් ලෝකය

වසර 100ක් පිරෙන ලෙනින්ගේ දර්ශනය හා නවීන ලිබරල් ලෝකය !

ජනවාරි 26, 2024
ෆොන්සේකා දෙලොවක් අතර ?

ෆොන්සේකා දෙලොවක් අතර ?

ජනවාරි 31, 2024
දෙසැම්බර් සංචාරකයින් ලක්ෂ 02 ඉක්මවයි

දෙසැම්බර් සංචාරකයින් ලක්ෂ 02 ඉක්මවයි

0
සයිනොපෙක් ඉන්ධන මිල අඩු කරයි.. ඔවුන්ගේ මිල මෙන්න..

සයිනොපෙක් ඉන්ධන මිල අඩු කරයි.. ඔවුන්ගේ මිල මෙන්න..

0
කියුබාවේ ක්‍රමය අපට හරියන්නෑ.. මාලිමාව කරන්නේ වෙනස්ම එකක්…

කියුබාවේ ක්‍රමය අපට හරියන්නෑ.. මාලිමාව කරන්නේ වෙනස්ම එකක්…

0

තැන තැන වෙඩි තැබීම් මැතිවරණ වලට පෙර භිෂණය පැතිරීම සඳහා වූ සුදානමක්ද ?

0
යුක්රේන භූ සම්පත් අල්ලාගැනීමට ට්‍රම්ප්, රුසියාව හා යුරෝපා සංගමය අතර ගැටුම් උග්‍ර වේ !

යුක්රේන භූ සම්පත් අල්ලාගැනීමට ට්‍රම්ප්, රුසියාව හා යුරෝපා සංගමය අතර ගැටුම් උග්‍ර වේ !

මාර්තු 2, 2025
සිරියානු උතුරු කලාපයේ “කුර්දි රෝජාවා සමාජවාදී කොමියුනය” අනතුරේ ?

සිරියානු උතුරු කලාපයේ “කුර්දි රෝජාවා සමාජවාදී කොමියුනය” අනතුරේ ?

මාර්තු 2, 2025
ඉක්වදෝරය යළි වමට කැරකෙයි !

ඉක්වදෝරය යළි වමට කැරකෙයි !

පෙබරවාරි 13, 2025
ට්‍රම්ප්ට මුහුණ දීමට යුරෝපා සංගමය චීනය හා ඉන්දියාව දෙසට හැරේ!

ට්‍රම්ප්ට මුහුණ දීමට යුරෝපා සංගමය චීනය හා ඉන්දියාව දෙසට හැරේ!

ජනවාරි 22, 2025

Recent News

යුක්රේන භූ සම්පත් අල්ලාගැනීමට ට්‍රම්ප්, රුසියාව හා යුරෝපා සංගමය අතර ගැටුම් උග්‍ර වේ !

යුක්රේන භූ සම්පත් අල්ලාගැනීමට ට්‍රම්ප්, රුසියාව හා යුරෝපා සංගමය අතර ගැටුම් උග්‍ර වේ !

මාර්තු 2, 2025
සිරියානු උතුරු කලාපයේ “කුර්දි රෝජාවා සමාජවාදී කොමියුනය” අනතුරේ ?

සිරියානු උතුරු කලාපයේ “කුර්දි රෝජාවා සමාජවාදී කොමියුනය” අනතුරේ ?

මාර්තු 2, 2025
ඉක්වදෝරය යළි වමට කැරකෙයි !

ඉක්වදෝරය යළි වමට කැරකෙයි !

පෙබරවාරි 13, 2025
ට්‍රම්ප්ට මුහුණ දීමට යුරෝපා සංගමය චීනය හා ඉන්දියාව දෙසට හැරේ!

ට්‍රම්ප්ට මුහුණ දීමට යුරෝපා සංගමය චීනය හා ඉන්දියාව දෙසට හැරේ!

ජනවාරි 22, 2025
Voice of Ceylan

Welcome to the Voice of Ceylan, your go-to source for the latest news and stories from the heart of Sri Lanka. Operating from France, we bring you up-to-date and insightful coverage on diverse topics, providing a unique perspective on the vibrant culture, politics, and events shaping the island. Stay informed with us as we bridge the miles to connect you with the pulse of Sri Lanka.

Follow Us

Browse by Category

  • ආර්ථික
  • එසැණ පුවත්
  • කර්තෘ සටහන
  • කාලීන සිදුවීම්
  • ජාත්‍යන්තර
  • දේශපාලන
  • නව ප්‍රංශ නීති
  • සංචාරක

Recent News

යුක්රේන භූ සම්පත් අල්ලාගැනීමට ට්‍රම්ප්, රුසියාව හා යුරෝපා සංගමය අතර ගැටුම් උග්‍ර වේ !

යුක්රේන භූ සම්පත් අල්ලාගැනීමට ට්‍රම්ප්, රුසියාව හා යුරෝපා සංගමය අතර ගැටුම් උග්‍ර වේ !

මාර්තු 2, 2025
සිරියානු උතුරු කලාපයේ “කුර්දි රෝජාවා සමාජවාදී කොමියුනය” අනතුරේ ?

සිරියානු උතුරු කලාපයේ “කුර්දි රෝජාවා සමාජවාදී කොමියුනය” අනතුරේ ?

මාර්තු 2, 2025
  • About
  • Advertise
  • Privacy & Policy
  • Contact

© 2024 Voice of Ceylan All rights reserved.

No Result
View All Result
  • එසැණ පුවත්
  • කර්තෘ සටහන
  • දේශපාලන
  • ආර්ථික
  • කාලීන සිදුවීම්
  • ජාත්‍යන්තර
  • සංචාරක
  • නව ප්‍රංශ නීති

© 2024 Voice of Ceylan All rights reserved.

  • Sinhala (සිංහල)