• Contact
  • si Sinhala (සිංහල)
  • fr Français
Advertisement
  • එසැණ පුවත්
  • කර්තෘ සටහන
  • දේශපාලන
  • ආර්ථික
  • කාලීන සිදුවීම්
  • ජාත්‍යන්තර
  • සංචාරක
  • නව ප්‍රංශ නීති
  • Events
No Result
View All Result
  • එසැණ පුවත්
  • කර්තෘ සටහන
  • දේශපාලන
  • ආර්ථික
  • කාලීන සිදුවීම්
  • ජාත්‍යන්තර
  • සංචාරක
  • නව ප්‍රංශ නීති
  • Events
No Result
View All Result
Voice of Ceylan
No Result
View All Result
Home එසැණ පුවත්

ට්‍රම්ප් ආගමනය සමරන හයි-ටෙක් ලොක්කන්ට ඔක්ස්ෆාම් වෙතින් චෝදනා

ජනවාරි 21, 2025
in එසැණ පුවත්, ජාත්‍යන්තර
0
ට්‍රම්ප් ආගමනය සමරන හයි-ටෙක් ලොක්කන්ට ඔක්ස්ෆාම් වෙතින් චෝදනා
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter

2023ට වඩා 2024 දී ලෝක බිලියනපතියන්ගේ ධනය තුන් ගුණයකින් වේගයෙන් වර්ධනය වී ඇතැයි ඔක්ස්ෆාම් රාජ්‍ය නොවන ආයතනය නිකුත් කල නවතම වාර්තාව මගින් පෙන්වා දේ. ජනවාරි 20 වන සඳුදා ප්‍රකාශයට පත් කරන ලද එම වාර්තාවෙන් අදාළ රාජ්‍ය නොවන සංවිධානය පවසන්නේ ගෝලීය ආර්ථික අසමානතාවයන් ද ඒ හා සමානවම ඉහල ගොස් ඇති බවයි. 2024 වසරට පමණක් ඩොලර් බිලියන 2000ක් උපයා ගෙන ඇති හයි ටෙක් බිලියනපතියන් සංඛ්‍යාව වැඩිවීම මගින් ඇති කරන ලොව පුරා ඉහල නැග ඇති දරිද්‍රතාවය සහ එහි ප්‍රජාතන්ත්‍ර විරෝධී අවදානමට එරෙහිව සටන් කිරීම සඳහා පියවර මාලාවක් අදාළ වාර්තාව මගින් යෝජනා කරයි.

දේශපාලන, ආර්ථික නායකයින් 2500-3000ක සහබාගිත්වයෙන් ජනවාරි 20 වනදා ස්විස්ටර්ලන්තයේ davos නගරයේ ආරම්හ වන ලෝක ආර්ථික සමුළුවට(world economic Forum) සමගාමිව මෙම වාර්තාව නිකුත් වන විට ලෝක හයි ටෙක් නායකයින් වන MUSK, BEZOS, ZUCKERBERG ට්‍රම්ප් ගේ ආගමනය සනිහුටන් කරන උත්සවයට ද සහාභාගී වී සිටි. ට්‍රම්ප් ගේ දෙවන වාරයේ කැබිනෙට්ටුවේ බහුතරය ඇමරිකාවේ ප්‍රකෝටිපතියන් ගෙන් සමන් විත වේ. ඊයේ ට්‍රම්ප් ගේ දිවුරුම්දීමට සමගාමිව පැවැත්වූ උත්සවයට සහභාගී වූ සාමාජිකයින් අමතමින් එලන් මස්ක් විසින් “නාසි සැලයුට් ” එකක් ගැසීම ද මේ වන විට ලෝකය පුරා කතා බහට ලක් වී ඇත. එලන් මස්ක් ගේ මෙම අනිසි ෆැසිස්ට්වාදී ප්‍රතිචාරයන් නිසා ප්‍රංශ හා යුරෝපීය වාම බුද්ධිමතුන් x සමාජ ජාලයෙන් ඉවත්වීමේ පෙත්සමක් අත්සන් කරමින් සිටි.

ලෝක දරිද්‍රතාවයට එරෙහි රාජ්‍ය නොවන සංවිධානයක් වන ඔක්ස්ෆෑම් ජනවාරි 20 වන සඳුදා වාර්ෂික වාර්තාවෙන් පෙන්වා දෙන්නේ “2024 දී බිලියනපතියන්ගේ ධනය ඩොලර් ට්‍රිලියන 2 කින් වර්ධනය වී” ඇති බවයි. එය 2023 ට වඩා තුන් ගුණයකින් වේගවත් වී තිබේ. ඒ අනුව අනාගතයේදී මෙම ප්‍රකෝටිපතියන්ට රටවල් පවා මිලදී ගැනීමට හැකියාව ඇතැයි වාර්තාව පෙන්වා දේ. ස්විට්සර්ලන්තයේ ඩාවෝස් හි ආරම්හ වන ලෝක ආර්ථික සංසදයේ ජනවාරි 20 ආරම්භක දිනයේ සහ බිලියනපති ඩොනල්ඩ්ගේ පදවි ප්‍රාප්ති උත්සවය ද මතක් කරමින් වාර්තාව පෙන්වා දෙන්නේ ඔහුගේ සමීපතම හයි ටෙක් ලොක්කන් තම සමස්ථ ආදායම ඩොලර් බිලියන 15000 දක්වා ඉහල නංවාගෙන ඇත්තේ 2024 සඳහා පමණක් ඩොලර් බිලියන 2000ක් උපයා ගනිමිනි. ඔහුගේ නව ආගමනය සමග ලෝක අසමානත්වය තවත් උත්සන්න විය හැකි බව ඔක්ස්ෆාම් අනතුරු හඟවයි.

එසේම 2024 දී ලොව පුරා තවත් පුද්ගලයින් 204 දෙනෙකු ප්‍රකෝටිපතියන් බවට පත් වී ඇති අතර, සතියකට සාමාන්‍යයෙන් නව ප්‍රකෝටිපතියන් හතර දෙනෙකු පමණ බිහිවන බව රාජ්‍ය නොවන සංවිධානය පෙන්වා දෙයි. මෙම අනුපාතය අනුව, වසර දහයක් ඇතුළත ලොව පුරා “ඩොලර් ට්‍රිලියන 1 කට වඩා” වත්කම් ඇති බහු-ප්‍රකෝටිපතියන් පස් දෙනෙකු බිහිවනු ඇතැයි අපේක්ෂා කෙරේ. 2024 වසරේදී ප්‍රකෝටිපතියන් 2769ක් බිහි වී ඇති අතර එය 2023 දී 2565ක් ලෙස ගණන් බලා ඇත. ප්‍රංශයේ, 2024 දී බිලියනපතියන්ගේ සමුච්චිත ධනය වැඩි වී නොමැති අතර, එය “2019 සිට මේ දක්වා යුරෝ බිලියන 24 කට වඩා වැඩි වී ඇත. නැතහොත් දිනකට යුරෝ මිලියන 13 කින්” වර්ධනය වී ඇත.

ලෝකයේ ධනවත්ම හයිටෙක් පොහොසතුන් හතර දෙනා වන MUSK, BEZOS, ZUCKERBERG සහ larry ellison ඇමරිකානුවන් වන අතර ඔවුන්ගේ සමස්ථ ප්‍රාග්ධනය ඇමරිකාවේ ඉතා අන්ත දරිද්‍රතාවයෙන් පෙලෙන ඇමරිකානු ජනගහනයෙන් අඩක අදායමට සමාන බව ඩිමොක්‍රටික් වාමාංශික නායක Bernie sanders පෙන්වා දේ. ඔක්ස්ෆාම් වාර්තාව අනුව ලෝකයේ බිලියනපතියන්ගෙන් තුනෙන් එකකට වඩා වැඩි පිරිසක් එසේ වන්නේ ඔවුන්ගේ ව්‍යවසායකත්වය නිසා නොව, ඔවුන් විසින් සිදුකරන ආර්ථික හා දේශපාලන බලපෑම් නිසා බව රාජ්‍ය නොවන සංවිධානය තවදුරටත් පෙන්වා දේ. ඒ අතරම, ලෝක බැංකුවට අනුව, 2024 දී මානව වර්ගයාගෙන් 44% ක් දරිද්‍රතා රේඛාවට පහළින් ජීවත් වේ.

ලෝකයේ බොහෝ සුපිරි ධනවතුන් ඔවුන්ගේ ධනයෙන් කොටසක් උපයා ගෙන ඇත්තේ ඓතිහාසික යටත් විජිතවාදයට සහ දුප්පත් රටවල සූරාකෑමට ණයගැතිව බව ඔක්ස්පාම් හෙළි කර සිටි. “ධනය ඒකරාශී කර ගැනීමේ තරඟය අදටත් එසේම පවතී. උදාහරණයක් ලෙස දකුණේ රටවල ණය උතුරේ රටවල ණයහිමියන්ට ආපසු ගෙවීමේ බලපෑම් සිදු කිරීම වාර්තාව තරයේ හෙලා දකී.

“මෙම වර්ධනය වන ප්‍රාග්ධන සංකේන්ද්‍රණය වීම ඒකාධිකාරී දේශපාලනික බල සංකේන්ද්‍රණයන් සමඟ අත්වැල් බැඳගනී. “ප්‍රකෝටිපතියන් තම කර්මාන්ත මගින් අධිපතිවාදී මතය කෙරෙහි වැඩි වැඩියෙන් බලපෑම් කරනු ලබයි ” එක්ස් හි ලොක්කා සහ ටෙස්ලා අධිපති ප්‍රකෝටිපති එලොන් මස්ක් විසින් ප්‍රකෝටිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ජනාධිපති අපේක්ෂකත්වයට සහාය දුන් ඇමරිකානු උදාහරණය රාජ්‍ය නොවන සංවිධානය මෙහිදී සාක්ෂි සහිතව පෙන්වා දේ.

“අද ගැටලුව වන්නේ මෙම හයි ටෙක් බිලියනපතියන් සිදු කරන්නේ තම නායකයා තෝරා පත් කර ගැනීමට දායක වීම පමණක් නොව, ඔවුන් ඍජුවම ඔවුන් නිර්මාණය කිරීමට ද සහබාගි වීමයි. එක්සත් ජනපදයේ පමණක් නොව, බිලියනපති වින්සන්ට් බොලොරේ ප්‍රංශ “අන්ත දක්ෂිණාංශික දේශපාලන න්‍යාය පත්‍රයට සේවය කිරීම සඳහා තම පෞද්ගලික ධනය භාවිතා කරන”බව ප්‍රංශයේ ඔක්ස්ෆෑම් හි බදු යුක්තිය සහ අසමානතා විශේෂඥ ලයිලා අබ්දෙල්කේ යකුබ් පෙන්වා දේ.

දරිද්‍රතාවයට සහ වැඩිවන අසමානතාවයන් මගින් ඇති කරන ප්‍රජාතන්ත්‍රවාදී අවදානමට එරෙහිව සටන් කිරීම සඳහා, ඔක්ස්ෆාම් රාජ්‍ය නොවන සංවිධානය “යටත් විජිත සූරා කෑමෙන් උරුම කර ගත් හෝ අසාධාරණ ලෙස උපයාගත් ධනයෙන් විජාමාන වන ප්‍රකෝටිපතියන්ට එරෙහිව ඉහළ බදු අය කිරීම”, අදාළ ආයතන වල ප්‍රධාන විධායක සභාවේ නිලධාරීන්ගේ වේතනය යම් අගයකට සීමා කිරීම සහ “සංවර්ධනය වෙමින් පවතින රටවල ණය අවලංගු කිරීම” ඇතුළු පියවර මාලාවක් යෝජනා ලෙස ඉදිරිපත් කරයි.

ජනවාරි 20 වන සඳුදා සිට ආරම්හ වන 55 වැනි වාර්ෂික ඩාවෝස් ආර්ථික සංසදය මෙවර රැස් වෙන්නේ ආර්ථික යුද්ධය මත බෙදී ඇති ලෝකයක, “බුද්ධිමය යුගයේ සහයෝගීතාවය” යන ප්‍රධාන මාතෘකාව යටතේ වේ. ව්‍යාපාරික නායකයින්, දේශපාලනඥයින්, විද්වතුන්, මාධ්‍යවේදීන් – 3,000 කට ආසන්න පිරිසක් 24 වන සිකුරාදා දක්වා ස්විට්සර්ලන්ත ස්කී නිකේතනයේ දැවැන්ත සම්මේලන මධ්‍යස්ථානයේදී මෙසේ හමුවනු ඇත.

“භූ දේශපාලනික අවිනිශ්චිතතාව, වෙළඳ ආතතීන්, සංස්කෘතික ධ්‍රැවීකරණය සහ දේශගුණික විපර්යාස” විසින් ආධිපත්‍යය දරන තත්වයක් තුළ ඉතා ඉහළ මට්ටමේ ගෝලීය රැස්වීමක් සංවිධානය කිරීම පහසු නැතැයි සංවිධායකයෝ මේ අතර පවසති.
විවාද සහ රැස්වීම් අවස්ථා 279 ප්‍රධාන තේමාවන් පහක් වටා සංවිධානය කර ඇත: ආර්ථික වර්ධනය නැවත සිතින් මවා ගැනීම, බුද්ධිමය යුගයේ ව්‍යාපාර සිදු කරන ආකාරය, මිනිසුන් තුළ ආයෝජනය කිරීම, ග්‍රහලෝකය සුරැකීම, විශ්වාසය නැවත ගොඩනැගීම. සුපුරුදු පරිදි, “අපි ඊළඟ මූල්‍ය අර්බුදය හඳුනා ගැනීමට උත්සාහ කරමු”, “මැතිවරණවල සත්‍ය සහ මිථ්‍යාවන්”, “ආතතියට පත් ජෛව තාක්ෂණයන්”, “කෘතිම බුද්ධියෙන් ග්‍රැමී සම්මානයක් දිනා ගැනීම”, “මොළ ආර්ථිකය” හෝ වර්තමාන “රක්ෂණ කාන්තාර තර්ජනය”. කුඩා රැස්වීම් වල ප්‍රධාන මාතෘකාවන් වේ.

Previous Post

ජෝ බයිඩන් කියුබාව ත්‍රස්ත ලේබලයෙන් ඉවත් කරයි !

Next Post

ට්‍රම්ප්ට මුහුණ දීමට යුරෝපා සංගමය චීනය හා ඉන්දියාව දෙසට හැරේ!

Next Post
ට්‍රම්ප්ට මුහුණ දීමට යුරෝපා සංගමය චීනය හා ඉන්දියාව දෙසට හැරේ!

ට්‍රම්ප්ට මුහුණ දීමට යුරෝපා සංගමය චීනය හා ඉන්දියාව දෙසට හැරේ!

  • Trending
  • Comments
  • Latest
ප්‍රංශයේ නව සංක්‍රමණික නීති හා ප්‍රංශ විප්ලවය !

ප්‍රංශයේ නව සංක්‍රමණික නීති හා ප්‍රංශ විප්ලවය !

ජනවාරි 28, 2024
මරණීය දණ්ඩනයෙන් රනිල් බේරාගත් චන්ද්‍රිකා !-රසල් බණ්ඩාරවත්ත

මරණීය දණ්ඩනයෙන් රනිල් බේරාගත් චන්ද්‍රිකා !-රසල් බණ්ඩාරවත්ත

පෙබරවාරි 20, 2024
වසර 100ක් පිරෙන ලෙනින්ගේ දර්ශනය හා නවීන ලිබරල් ලෝකය

වසර 100ක් පිරෙන ලෙනින්ගේ දර්ශනය හා නවීන ලිබරල් ලෝකය !

ජනවාරි 26, 2024
ෆොන්සේකා දෙලොවක් අතර ?

ෆොන්සේකා දෙලොවක් අතර ?

ජනවාරි 31, 2024
දෙසැම්බර් සංචාරකයින් ලක්ෂ 02 ඉක්මවයි

දෙසැම්බර් සංචාරකයින් ලක්ෂ 02 ඉක්මවයි

0
සයිනොපෙක් ඉන්ධන මිල අඩු කරයි.. ඔවුන්ගේ මිල මෙන්න..

සයිනොපෙක් ඉන්ධන මිල අඩු කරයි.. ඔවුන්ගේ මිල මෙන්න..

0
කියුබාවේ ක්‍රමය අපට හරියන්නෑ.. මාලිමාව කරන්නේ වෙනස්ම එකක්…

කියුබාවේ ක්‍රමය අපට හරියන්නෑ.. මාලිමාව කරන්නේ වෙනස්ම එකක්…

0

තැන තැන වෙඩි තැබීම් මැතිවරණ වලට පෙර භිෂණය පැතිරීම සඳහා වූ සුදානමක්ද ?

0
යුක්රේන භූ සම්පත් අල්ලාගැනීමට ට්‍රම්ප්, රුසියාව හා යුරෝපා සංගමය අතර ගැටුම් උග්‍ර වේ !

යුක්රේන භූ සම්පත් අල්ලාගැනීමට ට්‍රම්ප්, රුසියාව හා යුරෝපා සංගමය අතර ගැටුම් උග්‍ර වේ !

මාර්තු 2, 2025
සිරියානු උතුරු කලාපයේ “කුර්දි රෝජාවා සමාජවාදී කොමියුනය” අනතුරේ ?

සිරියානු උතුරු කලාපයේ “කුර්දි රෝජාවා සමාජවාදී කොමියුනය” අනතුරේ ?

මාර්තු 2, 2025
ඉක්වදෝරය යළි වමට කැරකෙයි !

ඉක්වදෝරය යළි වමට කැරකෙයි !

පෙබරවාරි 13, 2025
ට්‍රම්ප්ට මුහුණ දීමට යුරෝපා සංගමය චීනය හා ඉන්දියාව දෙසට හැරේ!

ට්‍රම්ප්ට මුහුණ දීමට යුරෝපා සංගමය චීනය හා ඉන්දියාව දෙසට හැරේ!

ජනවාරි 22, 2025

Recent News

යුක්රේන භූ සම්පත් අල්ලාගැනීමට ට්‍රම්ප්, රුසියාව හා යුරෝපා සංගමය අතර ගැටුම් උග්‍ර වේ !

යුක්රේන භූ සම්පත් අල්ලාගැනීමට ට්‍රම්ප්, රුසියාව හා යුරෝපා සංගමය අතර ගැටුම් උග්‍ර වේ !

මාර්තු 2, 2025
සිරියානු උතුරු කලාපයේ “කුර්දි රෝජාවා සමාජවාදී කොමියුනය” අනතුරේ ?

සිරියානු උතුරු කලාපයේ “කුර්දි රෝජාවා සමාජවාදී කොමියුනය” අනතුරේ ?

මාර්තු 2, 2025
ඉක්වදෝරය යළි වමට කැරකෙයි !

ඉක්වදෝරය යළි වමට කැරකෙයි !

පෙබරවාරි 13, 2025
ට්‍රම්ප්ට මුහුණ දීමට යුරෝපා සංගමය චීනය හා ඉන්දියාව දෙසට හැරේ!

ට්‍රම්ප්ට මුහුණ දීමට යුරෝපා සංගමය චීනය හා ඉන්දියාව දෙසට හැරේ!

ජනවාරි 22, 2025
Voice of Ceylan

Welcome to the Voice of Ceylan, your go-to source for the latest news and stories from the heart of Sri Lanka. Operating from France, we bring you up-to-date and insightful coverage on diverse topics, providing a unique perspective on the vibrant culture, politics, and events shaping the island. Stay informed with us as we bridge the miles to connect you with the pulse of Sri Lanka.

Follow Us

Browse by Category

  • ආර්ථික
  • එසැණ පුවත්
  • කර්තෘ සටහන
  • කාලීන සිදුවීම්
  • ජාත්‍යන්තර
  • දේශපාලන
  • නව ප්‍රංශ නීති
  • සංචාරක

Recent News

යුක්රේන භූ සම්පත් අල්ලාගැනීමට ට්‍රම්ප්, රුසියාව හා යුරෝපා සංගමය අතර ගැටුම් උග්‍ර වේ !

යුක්රේන භූ සම්පත් අල්ලාගැනීමට ට්‍රම්ප්, රුසියාව හා යුරෝපා සංගමය අතර ගැටුම් උග්‍ර වේ !

මාර්තු 2, 2025
සිරියානු උතුරු කලාපයේ “කුර්දි රෝජාවා සමාජවාදී කොමියුනය” අනතුරේ ?

සිරියානු උතුරු කලාපයේ “කුර්දි රෝජාවා සමාජවාදී කොමියුනය” අනතුරේ ?

මාර්තු 2, 2025
  • About
  • Advertise
  • Privacy & Policy
  • Contact

© 2024 Voice of Ceylan All rights reserved.

No Result
View All Result
  • එසැණ පුවත්
  • කර්තෘ සටහන
  • දේශපාලන
  • ආර්ථික
  • කාලීන සිදුවීම්
  • ජාත්‍යන්තර
  • සංචාරක
  • නව ප්‍රංශ නීති

© 2024 Voice of Ceylan All rights reserved.

  • Sinhala (සිංහල)