• Contact
  • si Sinhala (සිංහල)
  • fr Français
Advertisement
  • එසැණ පුවත්
  • කර්තෘ සටහන
  • දේශපාලන
  • ආර්ථික
  • කාලීන සිදුවීම්
  • ජාත්‍යන්තර
  • සංචාරක
  • නව ප්‍රංශ නීති
  • Events
No Result
View All Result
  • එසැණ පුවත්
  • කර්තෘ සටහන
  • දේශපාලන
  • ආර්ථික
  • කාලීන සිදුවීම්
  • ජාත්‍යන්තර
  • සංචාරක
  • නව ප්‍රංශ නීති
  • Events
No Result
View All Result
Voice of Ceylan
No Result
View All Result
Home එසැණ පුවත්

ට්‍රම්ප්ට මුහුණ දීමට යුරෝපා සංගමය චීනය හා ඉන්දියාව දෙසට හැරේ!

ජනවාරි 22, 2025
in එසැණ පුවත්, ජාත්‍යන්තර
0
ට්‍රම්ප්ට මුහුණ දීමට යුරෝපා සංගමය චීනය හා ඉන්දියාව දෙසට හැරේ!
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter

ඊයේ ස්විස්ටර්ලන්තයේ ඩාවෝස්හිදී, ලෝක ආර්ථික කොංග්‍රසයේ(world economic forum) සමුළුව ඇමතූ යුරෝපා කොමිසමේ සභාපතිනිය උර්සුලා වොන් ඩර් ලේන් පවසන්නේ ඩොනල්ඩ් ට්‍රම්ප් සමඟ කටයුතු කිරීමේදී යුරෝපා සංගමය “ප්‍රායෝගික” වනු ඇති බවත් ඒ අනුව යුරෝපය චීන හා ඉන්දියානු වෙළඳ පල දෙසට වැඩි නැඹුරුවක් ඇති කර ගැනීමට යුරෝපා හවුල සුදානම් බවයි. අද දිනයේ එයට ප්‍රතිචාර ලෙස ට්‍රම්ප් පවසන්නේ යුරෝපා සංගමය ඇමරිකාවෙන් මෝටර් රථ, කෘෂි නිෂ්පාදන මිලදී නොගන්නා බවත් එම නිසාම යුරෝපය හා ඇමරිකාව අතර වෙළඳ හිඟය පමණක් ඩොලර් බිලියන 131ක් බවත් එය එක්සත් ජනපදයට චීනයට වඩා “පුංචි චීනයක්” වී තමන්ට විශාල බරක් වී ඇති බවයි.

මේ අතර චීනය පවසා සිටින්නේ ට්‍රම්ප්ගේ ආර්ථික ආරක්ෂණවාදය හා වෙළඳ යුද්ධය හේතුවෙන් ලෝක ආර්ථිකය දැවැන්ත අර්බුධයකට තල්ලු කිරීමට නියමිත බවත් එයට මුහුණ දීම සඳහා නායකත්වය දීමට තම රට සුදානම් බවය.

තම දිවුරුම් දීමෙන් අනතුරුව ට්‍රම්ප් විසින් ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ඉවත්වීම, මිලියන 7ක සංක්‍රමිකයන් රටින් පිටුවහල් කිරීම, කියුබාවට යලි තහංචි පැනවීම, කැපිටෝල් ප්‍රහාරයට සම්බන්ධ වී චෝදනා ලැබූ 1500කට සමාව දීම, දේශගුණය පිලිබඳ පැරිස් ගිවිසුමෙන් ඉවත් වීම, LGBT wok සංස්කෘතිය අවසන් කිරීම, රජයේ සේවකයින් 1000ක් ගෙදර යැවීම, දින 50කට විදේශ රටවලට ලබාදෙන ආර්ථික, සෞඛ්‍යය සහ අධ්‍යාපන සංවර්ධනය සඳහා ලබාදෙන සියළු ආධාර නවත්වා දැමීම, රැකියා ලබා දීමේදී සිදුවන අක්‍රමිකතා අවසන් කිරීම සඳහා පිහිටුවා තිබුණු සමානාත්මතාවය සඳහා වූ රාජ්‍ය ආයතනය වූ DEIA වසා දැමීම ඇතුළු නියෝග රැසකට අත්සන් තැබීම ලොව පුරා දැඩි කතා බහට ලක් වී ඇත.

යුරෝපීය කොමිසමේ සභාපතිනිය උර්සුලා වොන් ඩර් ලේන්ගේ බෙහෙවින් මුළු ලොවම අපේක්ෂාවෙන් සිටි කතාවේදී, වොෂින්ටනය ඉවත් වෙමින් සිටින පැරිස් දේශගුණික ගිවිසුම ආරක්ෂා කළ අතර බීජිනය සමඟ සබඳතා නැවත සමතුලිත කිරීම සඳහා සුදානම් වන ලෙස තම සාමාජික රටවලින් ඉල්ලා සිටියාය.

කෙසේවෙතත් ධවල මන්දිරයේදී ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පදවි ප්‍රාප්තියෙන් පසු දින, එය ඩාවෝස් ආර්ථික සංසදයේ වඩාත්ම අපේක්ෂිත දේශනවලින් යුරෝපීය කොමිසමේ සභාපති උර්සුලා වොන් ඩර් ලේයන්ගේ දේශනය තරමක් කටුක ස්වරූපයෙන් ආරම්භ වූ මැදිහත්වීමක් ලෙස ආර්ථික විචාරකයින් මේ අතර පෙන්වා දේ.

“වසර විසිපහකට පෙර අප සිතින් මවාගත් ආර්ථික සහයෝගිතා වෙළඳ හුවමාරුව යථාර්ථයක් බවට පත්ව නැත. ඊට පටහැනිව, අපි දරුණු භූ මූලෝපායික හා තරඟකාරිත්වයේ නව වෙළඳ යුධමය යුගයකට පිවිස ඇත්තෙමු”

“මේ තරඟයක ආරම්භයි,” යනුවෙන් ඇය තවදුරටත් පැවසූ අතර, ඉදිරි වසර පහ සඳහා වූ යුරෝපීය මාර්ග සිතියමක් ලබන සතියේ ඉදිරිපත් කරන බව පැහැදිලි කළාය. ඒ අනුව යුරෝපා ආර්ථිකය ප්‍රධාන කුළුණු තුනක් මත පදනම්ව යලි සංවිධාන කරනු ඇත: නවෝත්පාදනය හරහා ඵලදායිතාව, තරඟකාරිත්වය සහ ගල් අඟුරු ඉවත් කිරීම සඳහා පොදු සැලැස්මක් සහ කුඩා හා මධ්‍යම සමාගම් ඇතිකරලීම සඳහා සරල ක්‍රියා පටිපාටියක් ඇති කරලීම සඳහා වූ නව නීති ද හඳුන්වා දෙනු ලබනු ඇත.

උර්සුලා වොන් ඩර් ලේන් 47 වන ඇමරිකානු ජනාධිපතිවරයාගේ නම සඳහන් නොකළද, ඇයගේ සම්පුර්ණ කතාව පුරාවටම ට්‍රම්ප්ගේ ආර්ථික වැඩ පිළිවෙල ඉලක්ක කරමින් යුරෝපා වැඩ පිළිවෙල ඉදිරිපත් කලාය. විශේෂයෙන්ම ඇය “නිර්දය භූ මූලෝපායික එදිරිවාදිකම්වල” “නව යුගයක්” යන වචන වලින් ට්‍රම්ප් විවේචනයට ලක් කරනු ලැබිණි. යුරෝපා සංගමය එක්සත් ජනපදය කෙරෙහි “ප්‍රායෝගික” වනු ඇති බව විශේෂයෙන් තහවුරු කළාය.

“අපගේ ප්‍රමුඛතාවය වනුයේ ප්‍රමාදයකින් තොරව සංවාදයක යෙදීම, අපගේ පොදු අවශ්‍යතා මොනවාදැයි පරීක්ෂා කිරීම සහ සාකච්ඡා සඳහා සූදානම් වීමයි,” යයි ඇය පැහැදිලි කළේ පැරණි යුරෝපා මහාද්වීපය එහි “අවශ්‍යතා” සහ එහි “වටිනාකම්” ආරක්ෂා කිරීමට කැපවෙන බවට ද අවධාරණය කරමිනි.

නමුත් “ගෝලීය ආර්ථිකයේ සම්බන්ධතා බිඳී යාම ගැන සමහරුන්ට උනන්දුවක් නැත,” ඇය යුරෝපයේ ට්‍රම්ප් හිතවාදීන්ට චෝදනා කලාය.

ඩොනල්ඩ් ට්‍රම්ප් විදේශීය නිෂ්පාදන සඳහා රේගු බදු වැඩි කිරීමට තර්ජනයට මුහුණ දීම සඳහා යුරෝපා සංගමයේ අභිලාෂය ලෝකයේ එහි වෙළඳ හවුල්කාරිත්වයන් විවිධාංගීකරණය කිරීම බව සිහිපත් කිරීමට පෙර ඇය නැවත නැවතත් උත්සහ කළාය.

වඩාත් නිශ්චිතවම, ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ගන්නා ලද පළමු පියවරවලින් එකක් වූයේ එක්සත් ජනපදය ලෝක දේශගුණ සම්මුතියෙන් ඉවත් වන බව නිවේදනය කිරීම වුවද, ඇය පැරිස් දේශගුණික ගිවිසුම ආරක්ෂා කළාය. මෙම ගිවිසුම “සියලු මනුෂ්‍ය වර්ගයාගේ හොඳම බලාපොරොත්තුව ලෙස පවතී,” යයි ඇය අවධාරණය කරනු ලැබුවාය. යුරෝපය “එබැවින් ස්වභාවධර්මය ආරක්ෂා කිරීමට සහ ගෝලීය උණුසුම නැවැත්වීමට කැමැත්තක් ඇති සියලුම ජාතීන් සමඟ දිගටම සහයෝගයෙන් කටයුතු කරන අතර එම මාර්ගයේම දිගටම රැඳී සිටිනු ඇත” යයි පවසා සිටියාය.

වඩාත් පොදුවේ ගත් කල, “යුරෝපය අපගේ වටිනාකම් බෙදා ගන්නා අපගේ දිගුකාලීන මිතුරන් සමඟ පමණක් නොව, අපට පොදු අවශ්‍යතා ඇති සියලුම රටවල් සමඟ ද සහයෝගීතාවය වෙනුවෙන් පෙනී සිටිනු ඇත. “ලෝකයේ සෙසු රටවලට අපගේ පණිවිඩය සරලයි: මෙය අන්‍යෝන්‍ය ප්‍රතිලාභවලට හේතු විය හැකි නම්, ඔබ සමඟ සංවාදයක යෙදීමට අපි සූදානම්,” යයි ඇය පෙන්වා දුන්නේ ඒ සඳහා චීනයට හා ඉන්දියාවට ආරාධනය කරමිනි.

“මෑත වසරවලදී බ්‍රසල්ස් සහ බීජිං අතර ආතතීන් වැඩි වී ඇති බැවින්, චීනය සමඟ අපගේ සම්බන්ධතාවය සාධාරණත්වය සහ අන්‍යෝන්‍ය වශයෙන් නැවත සමතුලිත කිරීමට කාලය පැමිණිලා තිබෙනවා ” යයි සඳහන් කර සිටියාය.

පසුගිය කාලයේ යුරෝපා සංගමය හා චීනය අතර විදුලි මෝටර් රථ හා සූර්ය පැනල අපනයනය, ටෙලිකොම් ක්ෂේත්‍රය තුළ සිදු කරන ලද බුද්ධිමය මැදිහත් වීම්, මානව අයිතිවාසිකම් උල්ලංඝනය, රුසියාව සමග සම්බන්ධකම් ඇතුළු කේෂ්ත්‍ර රාශියක් පිලිබඳ ගැටුම් ඇතිවී තිබිණි.

නමුත් අද යුරෝපා කොමිසමේ සභාපතිනිය පවසන්නේ චීනය පරිණත වී ඇති බවයි.

“චීන රාජ්‍ය අනුග්‍රහය ලත් අධි ධාරිතා නිෂ්පාදන” මගින් අවුලුවන ලද “දෙවන චීන කම්පනයක්” ගැන වොන් ඩර් ලේන් ඇගේ කතාවේදී කතා කළ අතර එමඟින් ගෝලීය වෙළඳපොළවල් “ලාභ චීන නිෂ්පාදන” අපනයනවලින් පිරී ඉතිරී යාම පිළිබඳව සංවර්ධිත සහ සංවර්ධනය වෙමින් පවතින රටවල් දෙපිරිසම චීනයට එල්ල කරන පොදු පැමිණිල්ලක් බව ඇය පෙන්වා දේ. චීනයේ නිෂ්පාදිත භාණ්ඩ නිෂ්පාදන පරිමාව පාලනය කිරීම අරමුණු කරගත් වෙළඳ සීමාවන් මාලාවක අවශ්‍යතාවය ඇය අවධාරණය කර සිටියාය.

චීන විදුලි වාහන අපනයන අර්බුධය සම්බන්ධයෙන් ගනු ලැබූ පියවර මෙන්, ඕනෑම අසාධාරණ ක්‍රියාවකට තම රජය දිගටම ප්‍රතිචාර දක්වන බවත්, නමුත් හැකි සෑම තැනකම ආර්ථික සබඳතා පුළුල් කිරීම සඳහා බීජිං සමඟ “ඵලදායී ලෙස” කටයුතු කිරීමට උත්සාහ කරන බවත් වොන් ඩර් ලේන් පෙන්වා දුන්නාය.

“ලෝක බලවතුන් අතර සම්බන්ධතා නීති වෙනස් වෙමින් පවතී. අපි කිසිවෙක් සුළු කොට නොතැකිය යුතුයි. යුරෝපයේ සමහරුන්ට මෙම නව යථාර්ථයට අකමැති විය හැකි නමුත්, අපි එයට මුහුණ දීමට සූදානම්,” ඇය ඩාවෝස් හි කතාව අවසානයේ පැවසුවාය.

“අපගේ වටිනාකම් වෙනස් නොවේ. නමුත් වෙනස් වන ලෝකයක ඒවා ආරක්ෂා කිරීමට නම්, අප ක්‍රියා කරන ආකාරය වෙනස් කළ යුතුය. ඒවා ඇති වන ඕනෑම තැනක අපි නව ආර්ථික හා වෙළඳ අවස්ථා සෙවිය යුතුය. කණ්ඩායම් සහ තහනම් කිරීම් වලින් ඔබ්බට ගොස් ලෝක වෙළඳ පල සමග සම්බන්ධ වීමට දැන් කාලය පැමිණ ඇත. සැබෑ වෙනසක් සඳහා යුරෝපය සූදානම්”යයි ඇය අවසාන වශයෙන් පවසා සිටියාය.

පසුගිය කාලයේ රුසියාව, ඉරානය, වෙනිසුවේලාවට එරෙහිව පැනවූ සම්බාධක වලදී පෙරමුණේ සිටියේ යුරෝපා කොමිසමේ සභාපතිනි උර්සුලා මහත්මිය බව දේශපාලන විචාරකයින් මේ අතර පෙන්වා දේ.

ට්‍රම්ප් ගේ මෙම නව ස්ථාවරය පිලිබඳ චීනය හා රුසියාව ඒකාබද්ධ ප්‍රකාශනයක් නිකුත් කරමින් පවසන්නේ තම රටවල් දෙක ලෝකයේ සමානාත්මතාවය හා යුක්තිය වෙනුවෙන් පෙනී සිටින බවය. 1940-45 නාසි පැසිස්ට්වාදය අවසන් කිරීම සඳහා සෝවියට් දේශයේ කැපවීමත්, ජපානයට එරෙහිව චීනය සිදුකල දේශප්‍රේමී අරගලයන්ට හා දෙවන ලෝක මහා යුද්ධය අවසන් කර වසර 80ක් පිරෙන මෙම වසරේ දෙරට අතර වෙන කවරදාටත් වඩා මිත්‍රත්වය, අනෝන්‍යය විශ්වාසය, ලෝක සාමය ඇති කිරීමේ අවශ්‍ය තාවය යලි යලිත් එම නිවේදනය තුල පුටීන් හා ජින්පින් රාජ්‍ය නායකයින් විසින් මතක් කර තිබිණි.

මේ අතර ට්‍රම්ප් විසින් නිකුත් කල තවත් නිවේදනයකට අනුව 2021 දී ඩොලර් මිලියන 750ක් උපයන ලෝක බහුජාතික සමාගම් වලට 15%ක බද්ධයක් අයකර ගැනීම සඳහා ඇමරිකාව ඇතුළු රටවල් 140ක් සමග යුරෝපීය ජාත්‍යන්තර ආර්ථික සංවිධානයක් වන OCDE අත්සන් කරනු ලැබූ ගිවිසුම ඉරා දමන බවටද තර්ජනය කර ඇත්තේ එසේ බදු අයකරගන්නා රටවලට සම්බාධක පනවන බවටද අනතුරු හඟවමිනි. ආර්ථික විශේෂඥයින් පෙන්වා දෙන්නේ එමගින්ද ඇමරිකාව යුරෝපා සංගමයට විශාල පහරක් එල්ල කර ඇති බවයි. මෙම ගිවිසුම අත්සන් කරන අවස්ථාවේදී බයිඩන් පරිපාලනය 20%ක බදු අයකිරීමක් යෝජනා කර සිටියත් එය පසුව 15% දක්වා පහත දැමීමට යුරෝපා සංගමය යෝජනා කලාය.

ට්‍රම්ප් ගේ මෙම නව බදු ප්‍රතිපත්තිය හා ආර්ථික ආරක්ශනවාදය ඉදිරියේ යුරෝපා සංගමය තම ආර්ථිකය විවිධාංකරණයකට ලක් කරමින් මැලේසියාව, මෙක්ෂිකෝව සමගත් ආර්ථික හුවමාරු ගිවිසුම් අත්සන් කිරීමට සාකච්චා ආරම්හ කල බවට අද දිනයේ නිවේදනය කරනු ලැබුවේ කුඩා රටවල වෙළඳ පල පවා මෙම තරඟයේදී අව තක්සේරු නොකරන බවට යලි යලිත් සනාථ කරමිනි.

ඒ අනුව ඇමරිකාව, යුරෝපා සංගමය,චීනය හා රුසියාව තුල ඇතිවී තිබෙන මෙම නව වෙළඳ තරඟය තුල ශ්‍රී ලංකාවටද වාසි දායක තත්වයක් නිර්මාණය කර ගැනීමට හැකි වනු නොවනුමානය.

Previous Post

ට්‍රම්ප් ආගමනය සමරන හයි-ටෙක් ලොක්කන්ට ඔක්ස්ෆාම් වෙතින් චෝදනා

Next Post

ඉක්වදෝරය යළි වමට කැරකෙයි !

Next Post
ඉක්වදෝරය යළි වමට කැරකෙයි !

ඉක්වදෝරය යළි වමට කැරකෙයි !

  • Trending
  • Comments
  • Latest
ප්‍රංශයේ නව සංක්‍රමණික නීති හා ප්‍රංශ විප්ලවය !

ප්‍රංශයේ නව සංක්‍රමණික නීති හා ප්‍රංශ විප්ලවය !

ජනවාරි 28, 2024
මරණීය දණ්ඩනයෙන් රනිල් බේරාගත් චන්ද්‍රිකා !-රසල් බණ්ඩාරවත්ත

මරණීය දණ්ඩනයෙන් රනිල් බේරාගත් චන්ද්‍රිකා !-රසල් බණ්ඩාරවත්ත

පෙබරවාරි 20, 2024
වසර 100ක් පිරෙන ලෙනින්ගේ දර්ශනය හා නවීන ලිබරල් ලෝකය

වසර 100ක් පිරෙන ලෙනින්ගේ දර්ශනය හා නවීන ලිබරල් ලෝකය !

ජනවාරි 26, 2024
ෆොන්සේකා දෙලොවක් අතර ?

ෆොන්සේකා දෙලොවක් අතර ?

ජනවාරි 31, 2024
දෙසැම්බර් සංචාරකයින් ලක්ෂ 02 ඉක්මවයි

දෙසැම්බර් සංචාරකයින් ලක්ෂ 02 ඉක්මවයි

0
සයිනොපෙක් ඉන්ධන මිල අඩු කරයි.. ඔවුන්ගේ මිල මෙන්න..

සයිනොපෙක් ඉන්ධන මිල අඩු කරයි.. ඔවුන්ගේ මිල මෙන්න..

0
කියුබාවේ ක්‍රමය අපට හරියන්නෑ.. මාලිමාව කරන්නේ වෙනස්ම එකක්…

කියුබාවේ ක්‍රමය අපට හරියන්නෑ.. මාලිමාව කරන්නේ වෙනස්ම එකක්…

0

තැන තැන වෙඩි තැබීම් මැතිවරණ වලට පෙර භිෂණය පැතිරීම සඳහා වූ සුදානමක්ද ?

0
යුක්රේන භූ සම්පත් අල්ලාගැනීමට ට්‍රම්ප්, රුසියාව හා යුරෝපා සංගමය අතර ගැටුම් උග්‍ර වේ !

යුක්රේන භූ සම්පත් අල්ලාගැනීමට ට්‍රම්ප්, රුසියාව හා යුරෝපා සංගමය අතර ගැටුම් උග්‍ර වේ !

මාර්තු 2, 2025
සිරියානු උතුරු කලාපයේ “කුර්දි රෝජාවා සමාජවාදී කොමියුනය” අනතුරේ ?

සිරියානු උතුරු කලාපයේ “කුර්දි රෝජාවා සමාජවාදී කොමියුනය” අනතුරේ ?

මාර්තු 2, 2025
ඉක්වදෝරය යළි වමට කැරකෙයි !

ඉක්වදෝරය යළි වමට කැරකෙයි !

පෙබරවාරි 13, 2025
ට්‍රම්ප්ට මුහුණ දීමට යුරෝපා සංගමය චීනය හා ඉන්දියාව දෙසට හැරේ!

ට්‍රම්ප්ට මුහුණ දීමට යුරෝපා සංගමය චීනය හා ඉන්දියාව දෙසට හැරේ!

ජනවාරි 22, 2025

Recent News

යුක්රේන භූ සම්පත් අල්ලාගැනීමට ට්‍රම්ප්, රුසියාව හා යුරෝපා සංගමය අතර ගැටුම් උග්‍ර වේ !

යුක්රේන භූ සම්පත් අල්ලාගැනීමට ට්‍රම්ප්, රුසියාව හා යුරෝපා සංගමය අතර ගැටුම් උග්‍ර වේ !

මාර්තු 2, 2025
සිරියානු උතුරු කලාපයේ “කුර්දි රෝජාවා සමාජවාදී කොමියුනය” අනතුරේ ?

සිරියානු උතුරු කලාපයේ “කුර්දි රෝජාවා සමාජවාදී කොමියුනය” අනතුරේ ?

මාර්තු 2, 2025
ඉක්වදෝරය යළි වමට කැරකෙයි !

ඉක්වදෝරය යළි වමට කැරකෙයි !

පෙබරවාරි 13, 2025
ට්‍රම්ප්ට මුහුණ දීමට යුරෝපා සංගමය චීනය හා ඉන්දියාව දෙසට හැරේ!

ට්‍රම්ප්ට මුහුණ දීමට යුරෝපා සංගමය චීනය හා ඉන්දියාව දෙසට හැරේ!

ජනවාරි 22, 2025
Voice of Ceylan

Welcome to the Voice of Ceylan, your go-to source for the latest news and stories from the heart of Sri Lanka. Operating from France, we bring you up-to-date and insightful coverage on diverse topics, providing a unique perspective on the vibrant culture, politics, and events shaping the island. Stay informed with us as we bridge the miles to connect you with the pulse of Sri Lanka.

Follow Us

Browse by Category

  • ආර්ථික
  • එසැණ පුවත්
  • කර්තෘ සටහන
  • කාලීන සිදුවීම්
  • ජාත්‍යන්තර
  • දේශපාලන
  • නව ප්‍රංශ නීති
  • සංචාරක

Recent News

යුක්රේන භූ සම්පත් අල්ලාගැනීමට ට්‍රම්ප්, රුසියාව හා යුරෝපා සංගමය අතර ගැටුම් උග්‍ර වේ !

යුක්රේන භූ සම්පත් අල්ලාගැනීමට ට්‍රම්ප්, රුසියාව හා යුරෝපා සංගමය අතර ගැටුම් උග්‍ර වේ !

මාර්තු 2, 2025
සිරියානු උතුරු කලාපයේ “කුර්දි රෝජාවා සමාජවාදී කොමියුනය” අනතුරේ ?

සිරියානු උතුරු කලාපයේ “කුර්දි රෝජාවා සමාජවාදී කොමියුනය” අනතුරේ ?

මාර්තු 2, 2025
  • About
  • Advertise
  • Privacy & Policy
  • Contact

© 2024 Voice of Ceylan All rights reserved.

No Result
View All Result
  • එසැණ පුවත්
  • කර්තෘ සටහන
  • දේශපාලන
  • ආර්ථික
  • කාලීන සිදුවීම්
  • ජාත්‍යන්තර
  • සංචාරක
  • නව ප්‍රංශ නීති

© 2024 Voice of Ceylan All rights reserved.

  • Sinhala (සිංහල)