ආර්ජන්ටිනාවේ ජනාධිපති නව ලිබරල් වාදී Javier Milei ගේ දේශපාලන පැවැත්ම ආරක්ෂා කර ගැනීම සඳහා ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් එරටට අඛණ්ඩව ආධාර කිරීමේ වැඩ පිළිවෙල මත කොන්දේසි සහිතව ඩොලර් බිලියන 20 ක ලබා දී ඇති බව පැවසේ. මේ වන විට දූෂණය හා දැඩි ලිබරල් ආර්ථික කොන්දේසි මත Javier Mileiගේ පාලනය ජනතා කෝපයට ලක් වී ඇති අතර ට්‍රම්ප් තම මිතුරා ආරක්ෂා කර ගැනීමට මෙම ණය මුදල ලබා දෙමින් පවසනු ලැබුවේ ඔක්තෝබර් 26 වැනිදා පාර්ලිමේන්තු මැතිවරණයෙන් ඔහු පරාජය වුනොත් ලබා දෙන නය මුදල් කපා හරිනු ලබන බවයි.
මේ වනවිට මාස 22ක් කාලය තුල 2023 සිට ආර්ජන්ටිනාවේ ජනාධිපති ලෙස පත් වී සිටින Javier Milei විසින් රටේ ආර්ථිකයට රජයේ මැදිහත් වීම අවසන් කරමින් අතිශයින් ආර්ථික වශයෙන් පිඩාකාරි පාලනයක් ගෙනයමින් සිටින අතර රජයේ රැකියා, සුබසාධක, හා රජය වියදම් විශාල ලෙස කප්පාදු කරමින් සිටි. ඒ සඳහා Javier Milei විසින් කම්කරු නීති, මිල නියම කිරීම්, ආර්ථික තරඟය , ඖශධ, රාජ්‍ය දේපල පුද්ගලික කරණය යන කේෂ්ත්‍ර වල දැඩි ලිබරල් කරණයක් සිදු කරමින් සිටි. නමුත් එරට පාර්ලිමේන්තුව තුල Javier Milei ගේ පක්ෂයට ඇත්තේ සුළු තර බලයක් වන නිසා ඔහුට අපේක්ෂා කරන ප්‍රතිසංස්කරණ සිදු කිරීමට අපෝසත් වී ඇත. දුෂණය නැති කිරීමට යන සටන් පාඨය ඔස්සේ බලයට පැමිණි Javier Milei ගේ සොයුරිය විසින් සිදු කල අල්ලස් ගැනීමක් නිසා මේ වන විට ඔහුගේ චන්ද දායකයින්ගේ කෝපයට භාජනය වී ඇත. පසුගිය සැප්තැම්බර් 8 වැනිදා පැවැත් වුනු පළාත් පාලන චන්දයකින් Javier Milei ගේ පක්ෂය ලබා ගනු ලැබුවේ 33%ක් වන අතර සමාජවාදී පෙරනෝ පක්ෂය 47%ක් ලබා ගෙන තිබිණි.
තමන් anarcho-capitalist හෙවත් අරාජිකවාදී-ධනවාදියෙක් ලෙස හඳුන්වා ගන්න Javier Milei සියළුම රාජ්‍ය ආයතන විසුරුවා හරමින් රටේ ආර්ථිකය පුද්ගලික සමාගම් වලට ලබා දෙනු ලැබිණි. නමුත් මේ වන විට ට්‍රම්ප් ඇතුළු බහුතර රටවල් ආර්ථික ආරක්ෂනවාදයක් වෙත ගමන් කරමින් සිටිද්දී Javier Milei විසින් රටේ ණය අර්බුධය විසඳීම සඳහා රටේ සම්පත් ලිබරල් කරණය කිරීම හේතුවෙන් රටේ ජනතාව තව තවත් කබලෙන් ලිපට වැටීමක් සිදු වී ඇතැයි ආර්ථික විශේෂඥයයින් මේ අතර පෙන්වා දේ. එසේම ඩොලර් මිලියන 200ක ආයෝජන සිදු කරන විදේශ සමාගම් වලට ඔහු විසින් වසර 30ක කාලය සඳහා බදු ආදායම් අය නොකිරීම රටේ වාම පක්ෂ යන්හි විවේචනයට ලක් වී ඇත. මෙම ලිබරල් ප්‍රතිසංස්කරණ හේතුවෙන් ආර්ජන්ටිනාව නිතර නිතර වැඩ වර්ජන වල තෝතැන්නක් වී ඇත.
ඔහුගේ දෙවසරක පාලනය කාලය තුල දී සෞඛ්‍යය, අධ්‍යාපනය, ගමනා ගමනය, බල ශක්තිය, සඳහා වූ රාජ්‍ය වියදම් කපා හැරණු ලැබිණි. රාජ්‍ය සේවකයින් 15000ක් සේවයෙන් පහ කරනු ලැබිණි. තවත් 50000ක් ගෙදර යැවීමට නියමිතව ඇත. ආර්ථික උද්ධමනය 87% සිට 17.3% දක්වා පහල බැස තිබුණත් එහි වාසිය ජනතාවට ලැබී නැත. අයවැය හිඟය 3.5%GDB ලෙස දැක්වේ. මුල්‍ය අරමුදල් වාර්තා අනුව ආර්ජන්ටිනාව තව දුරටත් ආර්ථික අවපාතය තුල ගමන් කරමින් සිටි. රටේ ද්‍රවිද්‍රතාවය තවමත් 55%ක අගයක පවතී. එසේම ඔහු හා යුරෝපා නාසි වාදී පක්ෂ සමග සම්බන්ධතා හා එරට පැවති ඒකාධිපති හමුදා පාලනය විසින් සිදු කරන ලද ඝාතන සාධාරණිකරනය කිරීම, වෘත්තීය සමිති හා වාමාංශික පක්ෂ මර්දනය වැනි කාරණා නිසා මෙන්ම විශේෂයෙන් ඔහුගේ සොයුරියගේ දූෂණ ක්‍රියා නිසා Javier Milei ගේ පාලනය ලබන මැතිවරණයේදී පරාජය වීමට ඉඩ ඇති බව දේශපාලන විචාරකයින් මේ අතර පෙන්වා දේ. මෙම අසීරු තත්වය සැලකිල්ලට ගනිමින් ට්‍රම්ප් පාලනය වහා Javier Milei ගේ පාලනය රැක ගැනීමට ඍජුව මැදිහත් වී ඇත.
“ඔහු ජයග්‍රහණය නොකළහොත්, අපි පිටව යනවා”: ඩොනල්ඩ් ට්‍රම්ප් ඔක්තෝබර් 14 වන අඟහරුවාදා, ඔහුගේ සගයා වන අතිශය ලිබරල් ජනාධිපති Javier Milei , මෙම මස අගදී පැවැත්වෙන පාර්ලිමේන්තු මැතිවරණයෙන් පරාජයට පත් වුවහොත් ආර්ජන්ටිනාවට ආධාර කපා හරින බවට ඒ අනුව තර්ජනය කළේය.
“මම මේ මිනිසාට සහාය දෙමි, මන්ද ඔහුගේ දර්ශනය නිවැරදි එකකි,” එක්සත් ජනපද ජනාධිපතිවරයා තම ආර්ජන්ටිනා සගයා ධවල මන්දිරයට කළ සංචාරයකදී පැවසීය. “මම හිතන්නේ ඔහු දිනයි,” ඔහු තවදුරටත් පැවසීය. “ඔහු දිනුවොත්, අපි ඔහු සමඟ රැඳී සිටිමු. අපගේ සහයෝගය, එක්තරා ආකාරයකින්, මැතිවරණයෙන් දිනන්නේ කවුරුන්ද යන්න සමඟ බැඳී ඇත.” » යයි ට්‍රම්ප් තවදුරටත් පවසා සිටියේය.
ලතින් ඇමරිකාවේ තුන්වන විශාලතම ආර්ථිකයට හිමි කම් කියන ආර්ජන්ටිනාවට එක්සත් ජනපදය විසින් ඩොලර් බිලියන 20ක ද්විපාර්ශ්වික මුදල් හුවමාරුවක් සහ විදේශ විනිමය වෙළඳපොළට සෘජු මැදිහත්වීමක් ලබා දීමත් සමග ආර්ජන්ටිනා මහ බැංකුවේ සංචිත ලිහිල් විය.
කෙසේවෙතත් ඇමරිකාවේ වර්තමානය වන විට සිදු වී ඇති අයවැය අර්බුධය තුන්වන සතියට ඇතුළු වී තිබෙන අවස්ථාවක “ඇමරිකාව පළමුව” මූලධර්මයේ මත ක්‍රියා කරන ට්‍රම්ප් පාලනය විසින් විදේශ ආධාර විශාල වශයෙන් කපා හැරීමට ද තීරණය කර තිබෙද්දී ට්‍රම්ප්ගේ මෙම තීරණය අතිශයින් ආන්දෝලත්මක වේ. කෙසේවෙතත් ලෝකයේ ප්‍රමුඛ ආර්ථික බලවතාගේ තල්ලුව පසුගිය සතියේ පහත වැටුණු ආර්ජන්ටිනාවේ එරට ප්‍රධාන මුල්‍ය ඒකකය වන පෙසෝව ශක්තිමත් කර ඇත. වොෂින්ටනයේ සහයෝගය හේතුවෙන් පසුගිය මාසය තුළ එය තරමක් යථා තත්ත්වයට පත් වුවද, වසර ආරම්භයේ සිට එය 23% කින් පහත වැටී තිබිණි.
ඇමරිකානු සහයෝගය ලැබෙන්නේ ආර්ජන්ටිනා ජනාධිපතිවරයාට තීරණාත්මක අවස්ථාවක ය. ඔක්තෝබර් 26 වන දින, ඔහු අවිනිශ්චිත ප්‍රතිඵලයක් සහිත මධ්‍ය කාලීන මහා මැතිවරණයකට මුහුණ දෙනු ඇත, එය ඔහුගේ පාර්ලිමේන්තු බලය සහ ඔහුගේ ධූර කාලයෙහි ඉතිරි වසර දෙක සඳහා පාලනය කිරීමට ඔහුට ඇති හැකියාව තීරණය කරනු ඇත.
මැතිවරණය වටා ඇති අවිනිශ්චිතතාවය සහ ඔහුගේ සුබ සාධක කප්පාදු ප්‍රතිපත්ති පවත්වා ගන්නේද නැද්ද යන්න මෑත සතිවල ආර්ජන්ටිනාවේ කතා බහට ලක් වී තිබු අතර ආර්ථික මූල්‍ය අර්බුධය එය තවත් උග්‍ර කරන ලදී. ඒ අනුව එක්සත් ජනපදය වහා ආර්ජන්ටිනාවට සහය දීම සඳහා ඉදිරිපත් වුයේ Javier Milei රජය රැක ගැනීමටය. මීට පෙර අප්‍රේල් මාසයේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ද ඩොලර් බිලියන 20 ක ණය මුදලක් ලබා දුන්නේය.
මෙම ණය මුදල් ලබා දීමෙන් පසුව ආර්ජන්ටිනාවට අමතරව, ලතින් ඇමරිකානු රටවල් කිහිපයක් එක්සත් ජනපදයට සමීප වෙමින් පවතින බව ඇමරිකානු ජනාධිපතිවරයා පිළිගත්තේය. “අප දෙසට බොහෝ රටවල් පැමිණෙමින් තිබේ” යනුවෙන් ඔහු ප්‍රකාශ කළේ බොලිවියාවේ ද දක්ෂිණාංශික පක්ෂයක් වසර 20ක සමාජවාදී පාලනය අවසන් කර බිහි වීම ද සිහිපත් කරමිනි. එක්සත් ජනපද විදේශ අමාත්‍ය මාර්කෝ රුබියෝ විසින් ඇමරිකාව සමග ආර්ජන්ටිනාව ප්‍රමුඛ රටවල් අටක් හෝ නවයක්, දහයක්” ගැන කතා කළේය. ඔහු විශේෂයෙන් කොස්ටාරිකාව සහ එල් සැල්වදෝරය හා බොලිවියාව ගැන විශේෂයෙන් සඳහන් කළේය. මේ වන විට කියුබාවට එරෙහිව ද සම්බාධක තව දුරටත් ත්‍රිව කිරීමට ට්‍රම්ප් පරිපාලනය තීරණය කර ඇත.
ඔක්තෝම්බර් 19 වනදා පැවැත්වෙන බොලිවියාවේ ජනාධිපතිවරනයේදී එරට ප්‍රධාන ආර්ථික මුලාශ්‍ර වන ගෑස් හා ලිතියුම් ප්‍රධාන මාර්තෘකා වී ඇතැයි රොයිටර් පුවත් සේවය වාර්තා කර සිටි. විශේෂයෙන් බොලිවියාව, වෙනිසුවෙලාව, කොලොම්බියාව හා බ්‍රසීලය ඇතුළු දකුණු ඇමරිකාව තුල චීනයේ හා රුසියාවේ මැදිහත් වීම අවසන් කිරීමට ඇමරිකාව මෙහි දී අපේක්ෂා කරනු ලබයි. ඊයේ ට්‍රම්ප් විසින් වෙනිසුවෙලාවට මිලිටරි මැදිහත් වීමක් පිළිබඳව ද අනතුරු හැඟුවේය.
ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ජේවියර් මිලෙයි, එක්සත් ජනපද ණය ආධාර සඳහා අත්සන් කරන ලද ගිවිසුම පිළිබඳව මාධ්‍ය සමඟ සාකච්ඡා කළේ නැත. 2024 දී අලුත් කරන ලද ආර්ජන්ටිනාව සහ චීනය අතර මුදල් හුවමාරු ගිවිසුම අවසන් කරන ලෙස එක්සත් ජනපදය ඉල්ලා ඇති බව මාධ්‍ය වාර්තා කර තිබේ. එහෙත් ආර්ජන්ටිනා ජනාධිපති Javier Milei නැවත නැවතත් ට්‍රම්ප්ගෙන් එවැනි ඉල්ලීමක් සිදු නොවූ බව කියා සිටි. එම නිසාම Javier Milei පරාජය වුවහොත් ලබා දුන් ණය අහෝසි කරන බවටද ට්‍රම්ප් තර්ජනය කරනු ලබයි.
“ලතින් ඇමරිකාව සහ කැරිබියන් දූපත් කිසිවෙකුගේ පසුපස මිදුලක් නොවන බව එක්සත් ජනපදය තේරුම් ගත යුතු” බව ආර්ජන්ටිනාවේ චීන තානාපති කාර්යාලය මෙම සති අන්තයේ අනතුරු හැඟ වූ බව ඇමරිකානු මාධ්‍ය අද දිනයේ වාර්තා කර සිටියහ.