• Contact
  • si Sinhala (සිංහල)
  • fr Français
Advertisement
  • එසැණ පුවත්
  • කර්තෘ සටහන
  • දේශපාලන
  • ආර්ථික
  • කාලීන සිදුවීම්
  • ජාත්‍යන්තර
  • සංචාරක
  • නව ප්‍රංශ නීති
  • Events
No Result
View All Result
  • එසැණ පුවත්
  • කර්තෘ සටහන
  • දේශපාලන
  • ආර්ථික
  • කාලීන සිදුවීම්
  • ජාත්‍යන්තර
  • සංචාරක
  • නව ප්‍රංශ නීති
  • Events
No Result
View All Result
Voice of Ceylan
No Result
View All Result
Home එසැණ පුවත්

වෙනිසුවෙලාවේ මදුරෝ පාලනයට එරෙහිව ඇමරිකානු මැදිහත් වීමක් ?

ඔක්තෝබර් 18, 2025
in එසැණ පුවත්, ජාත්‍යන්තර
0
වෙනිසුවෙලාවේ මදුරෝ පාලනයට එරෙහිව ඇමරිකානු මැදිහත් වීමක් ?
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

පසුගිය දා නොබෙල් සාම ත්‍යාගය වෙනිසුවෙලාව විපක්ෂ නායිකා මරියා මචාඩෝ වෙත ලබා දීමත් සමග ඇමෙරිකාව හා වෙනිසුවෙලාව අතර රාජතාන්ත්‍රික ගැටුම් උග්‍ර වී ඇති බව වාර්තා වේ. ඇමරිකන් ආක්‍රමණයකට එරෙහිව මදුරෝ රජය විසින් තම පාක්ෂිකයින් සන්නද්ධ කිරීම ආරම්හ කිරීම හා එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයට වෙනිසුවෙලාව විසින් ඇමරිකාවට එරෙහිව පැමිණිලි කිරීම් වලින් පසුව ට්‍රම්ප් පරිපාලනය විසින් මදුරෝ පාලනයට එරෙහිව සීඅයිඒ මෙහෙයුම් වලට අනුමැතිය ලබා දී ඇතැයි NEWYORK TIMES පුවත්පත වාර්තා කර සිටියේය. එහෙත් එම හෙළිදරව්ව ට්‍රම්ප් ප්‍රතික්‍ෂේප කල නමුත් අවශ්‍ය නම් භුමියේ ප්‍රහාරයක් සඳහා සලකා බලන බව ට්‍රම්ප් ජනාධිපතිවරයා අද දිනයේ මාධ්‍ය වෙත පවසා ඇති බව වාර්තා වේ.

මත්ද්‍රව්‍ය විරෝධී යුධ මෙහෙයුම් ලෙස ලෙස හුවා දක්වමින් ඇමරිකාව විසින් සිදු කිරීමට යන මෙම යුධමය මැදිහත් වීම වෙනිසුවේලාව තරයේ හෙලා දැක ඇත. පසුගිය දා ඇමරිකානු හමුදා විසින් වෙනිසුවේලියානු අවට කැරබියානු මුහුදේ යාත්‍රා කල නෞකා දෙකකට එල්ල කල ප්‍රහාරයකින් පුද්ගලයින් 27 දෙනකු මිය ගොස් තිබුණු අතර වෙනිසුවෙලාව අවට මුහුදේ ඇමරිකානු න්‍යෂ්ටික අවි රැගත් නෞකා යාත්‍රා ඇතුළු කර තිබුණු බව විදේශ මාධ්‍ය වාර්තා කර සිටියහ.

ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් වෙනිසුවෙලාව “මත්ද්‍රව්‍ය නිෂ්පාදනය” කරනු ලබන මාෆියා රාජ්‍යයක් බවට චෝදනා කරයි. වෙනිසුවෙලාව පවසන්නේ එක්සත් ජනපදයට අවශ්‍ය වී ඇත්තේ එහි පාලනය නැවත ලබා ගෙන රටේ ගෑස් හා තෙල් නිෂ්පාදනය අතට ගැනීමට බවයි. ඒ අනුව ජනාධිපති නිකොලා මදුරෝට එරෙහිව වෙනිසියුලාවේ රහසිගත මෙහෙයුම් ක්‍රියාත්මක කිරීමට සීඅයිඒ සංවිධානයට රහසිගතව අවසර දුන් බවට නිව් යෝර්ක් ටයිම්ස් පුවත්පත හෙළි කල වාර්තා ගැන විස්තරාත්මකව අදහස් දැක්වීම ඩොනල්ඩ් ට්‍රම්ප් තරයේ ප්‍රතික්‍ෂේප කර තිබේ.

වෙනිසියුලානු මදුරෝ පාලනය අවසන් කිරීමට සීඅයිඒ සංවිධානයට අවසර දුන්නේ දැයි මාධ්‍යවේදීන් විමසූ විට ට්‍රම්ප් තරමක් කෝපයට පත් වී තිබිණි .

“එය මගෙන් මෙහි අසන හාස්‍ය ජනක ප්‍රශ්ණයක්. එය ඇත්තෙන්ම සත්‍යමය නොවන කිසිදු පදනමක් නැති ප්‍රශ්ණයක්. එයට පිළිතුරු දීමට යාම තුලින් මා විහිළුවක් බවට පත්වෙනවා නොවේද? යයි ඔහු පෙරලා ප්‍රශ්න කර සිටියේය.

ට්‍රම්ප් පරිපාලනය වසින් වෙනිසුවෙලාව අවට මෑතකදී “ජාත්‍යන්තර මුහුදේ” මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් ලෙස ඉදිරිපත් කරන ලද බෝට්ටු පහකට පහර දුන් අතර අවම වශයෙන් පුද්ගලයින් 27 දෙනෙකු එහිදී මිය ගියෝය.

වෙනිසියුලාවට එරෙහිව ගොඩබිම් ප්‍රහාර එල්ල කිරීමේ හැකියාව පිළිබඳ මාධ්‍ය වේදියෙකුගේ ප්‍රශ්ණයකට පිළිතුරු දෙමින් ජනාධිපති ට්‍රම්ප් පැවසුවේ

“මට ඔබට පුන පුනා පැවසීමට අවශ්‍ය නෑ , නමුත් අපි දැන් භූමිය දෙස එවැනි මෙහෙයුමක් සඳහා නිරීක්ෂණය කරමින් සිටිමු, මන්ද මේ වෙන කොට අපි මුහුද ඉතා හොඳින් පාලනය කරනවා ” යයි අදාළ මිලිටරි මෙහෙයුම සනාථ කරමිනි.

ඒ අනුව වෙනිසියුලාව එක්සත් ජනපද හමුදා මෙහෙයුමට එරෙහිව මිලිටරි අභ්‍යාස තම මුහුද වටා ත්‍රිව කර ඇති අතර සහ ස්වෙච්චා භටයින් බලමුලු ගැන්වීමක්ද දියත් කර ඇත.

“කැරිබියානු කලාපයට යුද්ධ එපා,” වෙනිසුවෙලා ජනාධිපති නිකොලස් මදුරෝ බදාදා ජාතිය අමතා පවසා සිටියේය.

“ඇෆ්ගනිස්ථානය, ඉරානය, ඉරාකයේ අසාර්ථක සදාකාලික ඇමරිකානු යුද්ධ අපට මතක් කර දෙන පාලන තන්ත්‍ර වෙනස එපා! සීඅයිඒ කුමන්ත්‍රණ එපා, ආර්ජන්ටිනාවේ සිදු කල හමුදා කුමන්ත්‍රණ අතරතුර සීඅයිඒ සංවිධානය විසින් අතුරුදහන් කල හා මරා දැමුණු ප්‍රමාණය 30,000 ක්, චිලියේ පිනෝචේගේ පාලනය විසින් තරුණයන් 5,000 ක් ඝාතනය කර අතුරුදහන් කළා. ලොව පුරා සිදු කල සීඅයිඒ කුමන්ත්‍රණ තව කොපමණ කාලයක් පවතිනු ඇත්ද? ලතින් ඇමරිකාවට ඒවා තවදුරටත් අවශ්‍ය නැත, ඒවා දකුණු ඇමරිකානු ජනතාව ඉතිහාසයේ’ කුණු කූඩයට විසි කරල ඉවරයි ” යයි නිකොලා මදුරෝ සැප්තැම්බර් මාසයේදී මෙම අර්බුදය සඳහා විශේෂයෙන් පිහිටුවන ලද ආයතනයක් වන ස්වෛරීභාවය සහ සාමය සඳහා වූ ජාතික කවුන්සිලය ඉදිරියේ සිට ජාතිය අමතමින් පවසා සිටියේය.

එක්සත් ජනපදය “වෙනිසියුලාවේ සාමයට හා ස්ථාවරත්වයට එරෙහිව ක්‍රියා කිරීම අරමුණු කරගත් හමුදා මෙහෙයුම් වලට අවසර දුන් බව අද දිනයේදී ප්‍රසිද්ධියේ පිළි ගනු ලැබූ අතර මෙම පෙර නොවූ විරූ ට්‍රම්ප්ගේ අනිසි ප්‍රකාශය ජාත්‍යන්තර නීතිය බරපතල ලෙස උල්ලංඝනය කිරීමක්” යයි මේ අතර වෙනිසුවෙලානු විදේශ අමාත්‍යංශය අද සවස නිවේදනයක් නිකුත් කරමින් පැවසීය.

“වෙනිසියුලාවට එල්ල වන ආක්‍රමණ, තර්ජන සහ යුධමය මැදිහත් වීම් අරමුණු මත සිදු කරමින් පවතින සීඅයිඒ ක්‍රියා කාරකම් මෙන්ම කැරිබියානු කලාපයේ සිදු කරමින් පවතින යුධ හා නාවික මිලිටරි යෙදවීම අපි අතිශයින් කනස්සල්ලෙන් යුතුව නිරීක්ෂණය කරමු” යයි එහි තවදුරටත් සඳහන් වේ.

ජනාධිපති මදුරෝ මීට පෙර සිටම රට පුරා මිලිටරි උපාමාරු වැඩසටහනක් දිගටම කරගෙන ගිය අතර, කොලොම්බියාව දේශසීමාවට සමීප ටචිරා, අපූර් සහ ඇමසෝනාස් ප්‍රාන්ත්‍ර වල වෙනිසුවෙලානු හමුදා යෙදවීමට නියෝග කළේය.
ජනාධිපති නිකොලස් මදුරෝ ට්‍රම්ප්ට චෝදනා කරනුයේ වොෂින්ටනය මත්ද්‍රව්‍ය ජාවාරමට එරෙහි යුධ මෙහයුම් ගැන කතා කරමින් රටේ පාලන තන්ත්‍ර වෙනසක් සිදු කිරීමට සහ රටේ ඇති විශාල තෙල් සංචිත අල්ලා ගැනීමට කුරුමානම් අල්ලන බවය. මේ අතර නොබෙල් සාම ත්‍යාගය මෙවර හිමි කර ගත් වෙනිසුවෙලානු විපක්ෂ නායිකා මරිනා මචාඩෝ මාධ්‍ය වෙත පවසා සිටියේ ඇමරිකානු යුධ මෙහෙයුම් සඳහා තමන්ගේ උපරිම සහය ට්‍රම්ප් ජනාධිපතිවරයාට ලබා දෙන බවයි.

නමුත් මේ අතර තවත් එරට විපක්ෂ නායකයෙකු වන, දෙවරක් ජනාධිපති අපේක්ෂකයෙකු වූ හෙන්රික් කැප්‍රිල්ස්, පවසා සිටින්නේ වෙනිසියුලානු භූමියේ සිදුවිය හැකි එක්සත් ජනපද මිලිටරි මැදිහත්වීමකට තම පක්ෂය හෝ තමන් කිසිදු සහාය නොදක්වන බවත්, ට්‍රම්ප් පරිපාලනයේ අත්තනෝමතික ක්‍රියාමාර්ග ප්‍රතිපලදායක නොවන බවත්, ඒවා “බලයේ සිටින අය ශක්තිමත් කරණ ” බවත් ය.

මේ අතර වෙනිසියුලානු ආරක්ෂක අමාත්‍ය ව්ලැඩිමීර් පැඩ්‍රිනෝ ලෝපෙස්, පවසා සිටින්නේ වෙනිසියුලාවේ වෙරළට ඔබ්බෙන් වූ ජාත්‍යන්තර මුහුදු තීරයේ එක්සත් ජනපදය විසින් හමුදා යෙදවීම සහ සිදු කරන ප්‍රහාර තම රටට එරෙහිව සිදු කරන “ප්‍රකාශ නොකළ යුද්ධයක්” ලෙස සලකන බවයි. වෙනිසියුලානු සන්නද්ධ හමුදා එක්සත් ජනපද මැදිහත්වීමකට එරෙහිව ප්‍රතිචාර දැක්වීමට සූදානම් බව ඔහු සහතික කර කියා සිටියේය. එරට මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ මේ වන විට දහස් ගණනක් වෙනිසියුලානු ජාතිකයන් සිවිල් වැසියන්ගෙන් සැදුම්ලත් හමුදා බලකායක් වන “සමාජවාදී මිලිෂියාවට” වේගයෙන් එක් වෙමින් සිටින බවයි. මේ සඳහා කියුබාව හා නිකරගුවාවේ සහය ද ඍජුවම ලැබී ඇති බව වෙනත් තහවුරු නොකළ වාර්තා පෙන්වා දේ.

මේ අතර කියුබාවේ හවානාහි විදේශ කටයුතු අමාත්‍යාංශය පසුගිය සිකුරාදා ප්‍රකාශයක් නිකුත් කරමින් වෙනිසියුලාව තුළ එක්සත් ජනපදය සිදු කරන ආක්‍රමන හෙලා දකිනු ලැබූ අතර එයට එරෙහිව නැගී සිටින ලෙස සමස්ථ ලෝක ප්‍රජාවගෙන් ඉල්ලා සිටියේය.

“ජනාධිපති නිකොලා මධුරෝගේ ව්‍යවස්ථාපිත රජය පෙරලා දමා තෙල්, ගෑස් ඇතුළු අනෙකුත් වැදගත් ස්වාභාවික සම්පත් සහ මෙම සහෝදර රටේ ස්වෛරීභාවය පවා එක්සත් ජනපදයට පවරා දෙන “යටත් විජිත රජයක් ස්ථාපිත කිරීම” එක්සත් ජනපදයේ අරමුණ බව කියුබාව ඒ අනුව තම නිල ප්‍රකාශයෙන් අවධාරණය කර සිටියේය.

මේ අතර එක්සත් ජාතීන්ගේ සංවිධානයේ රුසියානු තානාපති වැසිලි නෙබෙන්සියාට අනුව ” වෙනිසියුලානු ජනාධිපති නිකොලස් මධුරෝ මත්ද්‍රව්‍ය ජාවාරම් ජාලයක ප්‍රධානියා වන “CARTEL OF SUN හි ප්‍රධානියා බවට සිදු කරන වොෂින්ටනයේ චෝදනා “කිසිදු කරුණක් මත පදනම් ව ඉදිරිපත් කරනු ලබන චෝදනා නොවේ”, නමුත් “ඇමරිකානුවන් නැවත වරක් ලෝකය බේරා ගන්නා හොලිවුඩ් බ්ලොක්බස්ටර් චිත්‍රපටයකට විශිෂ්ට මාතෘකාවක් සපයමින් සිටිනවා “යයි උපහාසාත්මකව පවසා සිටියේ එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයට ඇමරිකානු යුධ මැදිහත් වීමට එරෙහිව වෙනිසුවෙලා ව ඔක්තෝම්බර් 12 වනදා ඉදිරිපත් කල යෝජනාවට සහය පල කරමින් සිදු කල දේශනයේදී ය. මෙම ඇමරිකානු ක්‍රියා කාරකම් චීනය විසින්ද හෙලා දකින ලදී.

Previous Post

ආර්ජන්ටිනාවේ ආර්ථිකයට ට්‍රම්ප්ගෙන් ඩොලර් බිලියන 20ක් !

Next Post

Next Post

  • Trending
  • Comments
  • Latest
ප්‍රංශයේ නව සංක්‍රමණික නීති හා ප්‍රංශ විප්ලවය !

ප්‍රංශයේ නව සංක්‍රමණික නීති හා ප්‍රංශ විප්ලවය !

ජනවාරි 28, 2024
මරණීය දණ්ඩනයෙන් රනිල් බේරාගත් චන්ද්‍රිකා !-රසල් බණ්ඩාරවත්ත

මරණීය දණ්ඩනයෙන් රනිල් බේරාගත් චන්ද්‍රිකා !-රසල් බණ්ඩාරවත්ත

පෙබරවාරි 20, 2024
Pourquoi la victoire de gauche au Sri Lanka était-elle inévitable?

Pourquoi la victoire de gauche au Sri Lanka était-elle inévitable?

ඔක්තෝබර් 15, 2024
ෆොන්සේකා දෙලොවක් අතර ?

ෆොන්සේකා දෙලොවක් අතර ?

ජනවාරි 31, 2024
දෙසැම්බර් සංචාරකයින් ලක්ෂ 02 ඉක්මවයි

දෙසැම්බර් සංචාරකයින් ලක්ෂ 02 ඉක්මවයි

0
සයිනොපෙක් ඉන්ධන මිල අඩු කරයි.. ඔවුන්ගේ මිල මෙන්න..

සයිනොපෙක් ඉන්ධන මිල අඩු කරයි.. ඔවුන්ගේ මිල මෙන්න..

0
කියුබාවේ ක්‍රමය අපට හරියන්නෑ.. මාලිමාව කරන්නේ වෙනස්ම එකක්…

කියුබාවේ ක්‍රමය අපට හරියන්නෑ.. මාලිමාව කරන්නේ වෙනස්ම එකක්…

0

තැන තැන වෙඩි තැබීම් මැතිවරණ වලට පෙර භිෂණය පැතිරීම සඳහා වූ සුදානමක්ද ?

0

ඔක්තෝබර් 18, 2025
වෙනිසුවෙලාවේ මදුරෝ පාලනයට එරෙහිව ඇමරිකානු මැදිහත් වීමක් ?

වෙනිසුවෙලාවේ මදුරෝ පාලනයට එරෙහිව ඇමරිකානු මැදිහත් වීමක් ?

ඔක්තෝබර් 18, 2025
ආර්ජන්ටිනාවේ ආර්ථිකයට ට්‍රම්ප්ගෙන් ඩොලර් බිලියන 20ක් !

ආර්ජන්ටිනාවේ ආර්ථිකයට ට්‍රම්ප්ගෙන් ඩොලර් බිලියන 20ක් !

ඔක්තෝබර් 18, 2025
රුසියානු-යුක්රේන යුද්ධය අවසන් කරන ලෙස ට්‍රම්ප් බල කර සිටි

රුසියානු-යුක්රේන යුද්ධය අවසන් කරන ලෙස ට්‍රම්ප් බල කර සිටි

ඔක්තෝබර් 18, 2025

Recent News

ඔක්තෝබර් 18, 2025
වෙනිසුවෙලාවේ මදුරෝ පාලනයට එරෙහිව ඇමරිකානු මැදිහත් වීමක් ?

වෙනිසුවෙලාවේ මදුරෝ පාලනයට එරෙහිව ඇමරිකානු මැදිහත් වීමක් ?

ඔක්තෝබර් 18, 2025
ආර්ජන්ටිනාවේ ආර්ථිකයට ට්‍රම්ප්ගෙන් ඩොලර් බිලියන 20ක් !

ආර්ජන්ටිනාවේ ආර්ථිකයට ට්‍රම්ප්ගෙන් ඩොලර් බිලියන 20ක් !

ඔක්තෝබර් 18, 2025
රුසියානු-යුක්රේන යුද්ධය අවසන් කරන ලෙස ට්‍රම්ප් බල කර සිටි

රුසියානු-යුක්රේන යුද්ධය අවසන් කරන ලෙස ට්‍රම්ප් බල කර සිටි

ඔක්තෝබර් 18, 2025
Voice of Ceylan

Welcome to the Voice of Ceylan, your go-to source for the latest news and stories from the heart of Sri Lanka. Operating from France, we bring you up-to-date and insightful coverage on diverse topics, providing a unique perspective on the vibrant culture, politics, and events shaping the island. Stay informed with us as we bridge the miles to connect you with the pulse of Sri Lanka.

Follow Us

Browse by Category

  • ආර්ථික
  • එසැණ පුවත්
  • කර්තෘ සටහන
  • කාලීන සිදුවීම්
  • ජාත්‍යන්තර
  • දේශපාලන
  • නව ප්‍රංශ නීති
  • සංචාරක

Recent News

ඔක්තෝබර් 18, 2025
වෙනිසුවෙලාවේ මදුරෝ පාලනයට එරෙහිව ඇමරිකානු මැදිහත් වීමක් ?

වෙනිසුවෙලාවේ මදුරෝ පාලනයට එරෙහිව ඇමරිකානු මැදිහත් වීමක් ?

ඔක්තෝබර් 18, 2025
  • About
  • Advertise
  • Privacy & Policy
  • Contact

© 2024 Voice of Ceylan All rights reserved.

No Result
View All Result
  • එසැණ පුවත්
  • කර්තෘ සටහන
  • දේශපාලන
  • ආර්ථික
  • කාලීන සිදුවීම්
  • ජාත්‍යන්තර
  • සංචාරක
  • නව ප්‍රංශ නීති

© 2024 Voice of Ceylan All rights reserved.

  • Sinhala (සිංහල)