ප්‍රංශයේ chateaubriand හිදී ආක්රමණික නාසීන් හා ප්‍රංශ පොලිස් රූකඩ කල්ලිය විසින් කොමියුනිස්ට් සිරකරුවන් ප්‍රාණ ඇපකරුවන් ලෙස ගනිමින් 27 දෙනෙකුට වෙඩි තබා මරා දැමු දිනය ප්‍රංශයේ දේශප්‍රේමී අරගලය දියත් කල දිනය ලෙස සැලකේ.
මේ වන විට ප්‍රංශ දේශප්‍රේමින් අසම්පුර්ණ ලෙස ගොඩ නගා තිබු දේශප්‍රේමී ජාතික ව්‍යාපාරය(CNR) විසින් ජර්මානු නිලධාරියෙකු ඝාතනය කිරීමට පළිගැනීමක් ලෙස, නාසීන් Loire-Atlantique දිස්ත්‍රික්කයේ Châteaubriant හමුදා කඳවුරේ අත්අඩංගුවට ගෙන රඳවා සිටි කොමියුනිස්ට් ක්‍රියාකාරීන් 27 දෙනෙකු මරා දමනු ලැබිණි.
ඔවුන් අතර: 17 හැවිරිදි පාසැල් ශිෂ්‍යයෙකු වූ Guy Môquet; පැරිසියේ 15 හි කොමියුනිස්ට් පක්ෂ කමිටුවේ නියෝජ්‍ය නායක චාල්ස් මයිකල්; සහ CGT හි ලෝහ කම්කරු වෘත්තීය සමිතිවාදියෙකු වන ජීන්-පියරේ ටිම්බෝඩ් විය.
මරණ දඬුවම නියම කිරීමට පෙර, ඔවුන් ප්‍රංශයට සහ කම්කරු පන්තියට ඔවුන්ගේ පක්ෂපාතිත්වය ප්‍රකාශ කරමින් ප්‍රංශ ජාතික ගීය (La Marseillaise) සහ ජාත්‍යන්තර ගීතය (Internationale) ගායනා කරනු ලැබූ අතර මරණය ඉදිරියේ ඔවුන් පෙන්වූ මෙම නිර්භීත බව දේශප්‍රේමී ජාතික ව්‍යාපාරයේ සහ එයට නායකත්වය දුන් කොමියුනිස්ට් කාඩර් වරුන් ගේ ධෛර්යයේ සංකේත බවට පසුව පත්වන අතර, ෆැසිස්ට්වාදයට එරෙහි සටන මුලින්ම දියත් කළේ කම්කරුවන්, වෘත්තීය සමිතිවාදීන් සහ රතු ක්‍රියාකාරීන් විසින් බව ට ද ප්‍රංශ ඉතිහාසයේ මෙම ජිවිත පරිත්‍යාගය රන් අකුරින් ලියවී ඇත.
තම මරණයට මුහුණ දීමට පෙර මධ්‍යම මහා විද්‍යාල ශිෂ්‍යයෙකු වූ කොමියුනිස්ට් පක්ෂ තරුණ අංශයේ සාමාජිකයෙකු වූ Guy Môquet විසින් අවසාන වරට තම මවට ලියු ලිපිය පහත දැක්වේ. 1940-1945 ප්‍රංශය ජර්මනියට යටත් වූ පසු රූකඩ පෙතාන් රජය හා නාසි පරිපාලනය විසින් මර දැමු ලාබාලතම දේශප්‍රේමී භටයා වුයේ ද Guy Môquet වේ.
මෙම ලිපිය පසුව අද සිර ගෙදෙරට නියම වී ඇති ප්‍රංශ ජනාධිපති නිකොලා සර්කොසි විසින් සෑම වසරකම පාසැල් වාරය ආරම්හ වන මුල් දිනයේ පාසැල් වල කියවිය යුතු බවට දක්වා චක්‍ර ලේඛණයක් යවන ලදී. සර්කොසි එසේ සිදු කලේ ඔහු බලයට පැමිණි 2007මැයි 16 පළමු දිනයේ සිටම රට පුරා වාමාංශික ශිෂ්‍ය හා කම්කරු කණ්ඩායම් විසින් පෙළපාලි උත්සන්න කරලීම නිසාවෙනි. එයට හේතුව වුයේ සර්කොසි අන්ත කොමියුනිස්ට් විරෝධියෙක් වීම, ලිබරල් වාදියෙකු වීම හා ඇමරිකන් ගැත්තෙකු වූ නිසාවෙනි. 1968 ශිෂ්‍ය මැයි අරගලය කාලයේදී සර්කොසි අරාජිකවාදී හා මාවෝ වාදී ශිෂ්‍ය ව්‍යාපාර වලට එරෙහිව පහර දීමට පවා ඉදිරිපත් වී තිබිණි. ඒ අනුව සර්කොසි බලයට පැමිණීමට විරෝධය පා මෙම උද්ඝෝෂණ සතියක් පමණ පැවති අතර විදි සටන් අවසන් කිරීමට ඔහු Guy Môquet විසින් අවසන් වරට ලියන ලද ලිපිය මෙසේ සමාජගත කර පාසල් මුළු දිනයේ කියවීමට සලස්වා තමන් රටේ ජනාධිපති විනා තව දුරටත් කොමියුනිස්ට් විරෝධියෙක් නොවන බවට රටට සහතික විය. එපමණක් නොව ඔහු අපේක්ෂා කල කිසිදු ලිබරල් මැතිවරණ පොරොන්දු වක් සපල කර ගැනීමටද අපෝසත් විය. ඒ අනුව උද්ඝෝෂණ හකුලා ගැනිණි. ඒ අනුව 1941 සිටම ප්‍රංශ කොමියුනිස්ට් පක්ෂය විසින් රටට කරනු ලබන බලපෑම තවමත් එසේමය. පසුගිය දා මිය ගිය ප්‍රංශ දේශප්‍රේමී ජාතික ව්‍යාපාරයේ කොමියුනිස්ට් නායකයෙකු වූ Léon Landiniගේ අවසන් කටයුතු සිදු කලේ ප්‍රංශ පොලිසීයේ ද සහභාගිත්වයෙනි.
ජනතා විමුක්ති පෙරමුණ සහිත NPP පාලනය තුල අද ත්‍රිවිධ හමුදාව සිදු කරන ආචාර සමාචාර වලින් කියවන්නේ ද අද ඔබගේ මර්දනය තුල සතුරන් වන අය හෙට ඔබගේ නායකයින් වීම ඉතිහාසයට වෙනස් කල නොහැකි බවයි. එය ප්‍රංශයට මෙන්ම ශ්‍රී ලංකාවටද පොදු ධර්මතාවයකි. එහිදී වැදගත් වනුයේ ඔබේ අවිය ඔබ කුමන ආකාරයෙන්, කුමන අරමුණක් සඳහා යොදා ගත්තා ද යන්න පමණකි. 1848 ප්‍රංශ විප්ලව සමයේ මර්දකයෙකු වූ ජෙනරල් CLUSERET Gustave, Paul පසුව පැරිස් කොමියුනයේ කීර්තිමත් නායකයෙකු හා මාක්ස් ගේ ගෞරවයට පාත්‍ර වූ මිලිටරි නායකයෙකු විය. අද දිනයේ NPP සමග එක් වූ හමුදා නායකයින් 87-89 මර්දනයට සහභාගි වුනා කියමින් ඇතැම් වාම කල්ලි ඔවුන්ට පරිභව කරමින් සිටීම තුල ඇත්තේද ඔවුන් නොදන්නා මාක්ස්වාදයක් තවමත් ඉතිරිව ඇත යන්නයි එනම් ඔවුන් “භාග මාක්ස්වාදීන්” බව යන්න විනා වෙන යමක් නොවේ.
1939 සැප්තැම්බර් 26 වන දින එවකට ප්‍රංශය පාලනය කල රූකඩ රාජ්‍ය නායක එඩ්වඩ් ඩලාඩියර් විසින් කොමියුනිස්ට් පක්ෂය තහනම් කරන ලද ආඥා නීතියක ප්‍රතිඵලයක් ලෙස, කොමියුනිස්ට් විරෝධී මර්දනය සඳහා වූ විශේෂ පොලිස් ඒකකයේ (BS) ප්‍රංශ පොලිස් පරීක්ෂකවරුන් තිදෙනෙකු විසින්, බිල්ලෙකුගේ ආධාරයෙන් 1940 ඔක්තෝබර් 13 වන දින René Pignard සමඟ GARE DE L ‘EST දුම්රිය ස්ථානයේදී Guy Môquet (එවකට ඔහුගේ වයස අවුරුදු 16) අත්අඩංගුවට ගන්නා ලදී. 1941 ඔක්තෝබර් 20 වන දින, ප්‍රංශ දේශප්‍රේමීන්ගේ විශේෂ බලකායට සහ තරුණ බලඇණිවල කොමියුනිස්ට්වාදීන් තිදෙනෙකු විසින් පිහිටුවන ලද ඒකාබද්ධ මෙහෙයුමකදී එහි කමාන්ඩෝ භටයෙකු විසින් Loire-Inférieure හි ජර්මානු ආක්රමණික හමුදා අණදෙන නිලධාරි කාල් හොට්ස් Nantes හි දී ඝාතනය කරන ලදී. එයට පලිගැනීමක් ලෙස ඔවුන්ගේ අත්අඩංගුවේ සිටි Guy Môquet ඇතුළු කොමියුනිස්ට් පක්ෂ සාමාජිකයින් 27 දෙනෙකු ඝාතණය කිරීමට ප්‍රංශ රූකඩ ආණ්ඩුව හා නාසි පරිපාලනය තීරණය කරන ලදී.
කෘර නාසිවාදී පාලනය තුලදී වුවත් එවැනි අයිතියක් යුධ සිර කරුවන්ට ලබා දුන්නත් 87-89 ශ්‍රී ලංකාවේදී මරා දැමු 60000කට ඒ අයිතිය වත් ලැබුනාද ? ඇසිය යුතු ප්‍රශ්ණයකි ! දෙවන ලෝක යුධ සාමය සිදුවුන වකවානුව 40-45 වන විට 87-89 යනු මෑත ඉතිහාසයක් වේ. තමන් මරා දමනුයේ තම පියා නිදහස් කරන ලෙස ඉල්ලා පෝස්ටර් පමණක් ගැසු 17 හැවිරිදි Guy Môquet ඇතුළු 27 දෙනෙකු වුවත් ඔවුන්ට අවම අයිතීන් හෝ ලබා දීමට නාසීන් පියවර ගෙන තිබිණි.
ඒ අනුව මරණයට නියම වූ 17 හැවිරිදි පාසැල් දරුවෙකු ලෙස Guy Môquet ලියු අද රටේ සියළුම පාසැල් වල කියවන එම එයතිහාසික ලිපිය මෙසේ තම දෙමව්පියන්ට මරණයට මුහුණ දීමට මොහොතකට පෙර ලියා එවන ලදී.
“මගේ ආදරණීය අම්මා වෙත !
හා මගේ ආදරණීය පුංචි සහෝදරය SERGE වෙත ලියමි !
මම මරාදැමීමට තීරණය කර ඇත! මම ඔබෙන් ඉල්ලන්නේ, විශේෂයෙන් මගේ ආදරණිය අම්මා ගෙන් මම ඉල්ලන්නේ ධෛර්ය සම්පන්න වෙන්න. මට කලින් මරණය කරා ගිය අය වගේම මමත් එහෙමයි, මටත් එහෙම වෙන්න ඕන. ඇත්ත වශයෙන්ම, මම ජීවත් වෙන්න කැමතියි. නමුත් මගේ මුළු හදවතින්ම මම ප්‍රාර්ථනා කරන්නේ මගේ මරණය තුලින් යම් අරමුණක් එයින් ඉටු වේවා කියලයි. ජීන්ව සිපගන්න මට වෙලාවක් තිබුණේ නැහැ. මම මගේ සහෝදරයන් දෙදෙනා වන රොජර් සහ රිනෝව සිපගත්තා. ඇත්තටම මට ඒ දේ කරන්න දිරියක් තිබුනේ නෑ ! අහෝ, මට ඒක කරන්න බැහැ! නමුත් මම ඔවුන්ව වැලඳ ගත්තා සිර ගෙදර සිට මම ඔබට එවූ මට අයත් සියලු දේ ඔබට ආපසු ලැබේ යැයි මම බලාපොරොත්තු වෙමි; ඒවා මගේ පුංචි සහෝදරයා වන sergeට ප්‍රයෝජනවත් විය හැකිය, ඔහු කවදා හෝ ඒවා පැළඳීමට ලැබීම ගැන ආඩම්බර වනු ඇතැයි මම බලාපොරොත්තු වෙමි. ඔබට, පුංචි තාත්තේ, මම ඔබව සහ සෝකයෙන් සිටින මාගේ ආදරණීය අම්මාව සනසවන්න. මට බොහෝ දුකයි, මම ඔබට අවසන් වරටත් ආචාර කරමි. ඔබ මට පෙන්වූ මාවත අනුගමනය කිරීමට මම මගේ උපරිමය කළ බව දැන ගන්න.
මගේ සියලුම මිතුරන්ට, මම බොහෝ සෙයින් ආදරය කරන ඔබට, මගේ ආදරණීය සහෝදරයාට අවසාන සමුගැනීම මම කරනවා, ඔබ වෙහෙස මහන්සි වී ඉගෙන ගෙන පසුව යහපත් ගරුතර මිනිසෙකු වේවා කියා මම ප්‍රාර්ථනා කරනවා!
අවුරුදු 17 හමාරක්, මගේ ජීවිතය කෙටියි, ඔබ සියල්ලන් හැර යාම හැර මට වෙනත් පසුතැවීමක් නැත. මම අංකල් මයිකල් සමඟ මිය යන්නෙමි. අම්මේ, මම ඔබෙන් ඉල්ලා සිටින්නේ හා ඔබ මට පොරොන්දු විය යුතු දෙය නම්, ධෛර්ය සම්පන්න වී ඔබේ වේදනාව ජය ගැනීමයි.
මට තවත් දේවල් ලියන්න ශක්තියක් නෑ ! ජිවත්ව සිටින ඔබ සියළු දෙනා මරණ දඬුවම නියම වී ඇති අප 27 දෙනා වෙනුවෙන් ආශීර්වාද කරන්න !
ඔබ සැම, අම්මා, serge, සහ තාත්තා,
කුඩා දරුවෙකු සිදු කරන අසීමිත ආදරයෙන් මම ඔබ සියළු දෙනා වැළඳ ගනිමි !
ඔබ සියළු දෙනාට දිරිය හා ශක්තිය
ඔබට ආදරය කරන
මා ඔබේ GUY