• Contact
  • si Sinhala (සිංහල)
  • fr Français
Advertisement
  • එසැණ පුවත්
  • කර්තෘ සටහන
  • දේශපාලන
  • ආර්ථික
  • කාලීන සිදුවීම්
  • ජාත්‍යන්තර
  • සංචාරක
  • නව ප්‍රංශ නීති
  • Events
No Result
View All Result
  • එසැණ පුවත්
  • කර්තෘ සටහන
  • දේශපාලන
  • ආර්ථික
  • කාලීන සිදුවීම්
  • ජාත්‍යන්තර
  • සංචාරක
  • නව ප්‍රංශ නීති
  • Events
No Result
View All Result
Voice of Ceylan
No Result
View All Result
Home එසැණ පුවත්

මෙක්සිකානු වාමාංශික පාලනයේ ජනප්‍රියතාවය අසාමාන්‍ය ලෙස ඉහලට !

ඔක්තෝබර් 18, 2025
in එසැණ පුවත්, ජාත්‍යන්තර
0
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

මෙම වසරේ ඔක්තෝම්බර් පළමු වැනි දිනයට බලයට පැමිණ වසරක් පිරුණු මෙක්ෂිකොවේ වාමාංශික පාලනයේ ජනාධිපතිනි ක්ලෝඩියා ෂයින්බෝම් පාලනය ඉතා ඉහල ජනතා විශ්වාසයක් දිනා ගනිමින් තිබෙන බව යුරෝපා ලිබරල් මාධ්‍ය අද දින වාර්තා කර සිටි. ට්‍රම්ප්ගේ තීරුබදු හමුවේ කාන්තාවක් ලෙස රටේ ස්වාධීනත්වය, භෞමික අඛණ්ඩතාවය ආරක්ෂා කර ගැනීම සඳහා ඇය විසින් ගනු ලැබූ පියවරයන් සමස්ථ ජනතාව අනුමත කර ඇති බව ඔවුන් වැඩි දුරටත් පෙන්වා දේ. මෙක්සිකානු ජනාධිපති ධුරයට වසරක් ගත වන විට, සෑම මෙක්සිකානුවන් දස දෙනෙකුගෙන් අට දෙනෙකු ලතින් ඇමරිකාවේ දෙවන විශාලතම ආර්ථිකයේ සුක්කානම හසුරුවන ජනාධිපතිනි ක්ලෝඩියා ෂයින්බෝම් විසින් ගනු ලැබූ ක්‍රියාමාර්ග ඉහලින් වර්ණා කරනු ලබන අතර ඩොනල්ඩ් ට්‍රම්ප් සමඟ සිදු කල දුෂ්කර සාකච්ඡා ඇය ඉතා දක්ෂ ලෙස හැසිරවූ බව ඔවුන් විදේශ මාධ්‍ය හමුවේ කියා සිටි.

මෙක්සිකෝවේ පළමු කාන්තා ජනාධිපතිනිය වන ක්ලෝඩියා ෂයින්බෝම්, ප්‍රධාන ආරක්ෂක සහ භූ දේශපාලනික අභියෝග නොතකා, ඇයගේ මැතිවරණයෙන් වසරකට පසු 79% ක අනුමත කිරීමේ ශ්‍රේණිගත කිරීම් සමඟ වාර්තාගත ජනප්‍රියත්වයක් මේ අනුව භුක්ති විඳිමින් සිටි. ලතින් ඇමරිකාවේ දෙවන විශාලතම ආර්ථිකයට නායකත්වය දෙන පළමු කාන්තාව වන මෙක්සිකෝ නගරයේ හිටපු නගරාධිපතිනිය “ඡන්දදායකයින් කලකිරීමට පත් නොකළ නමුත්, සියල්ලටම වඩා, ඇයට පෙර එරට පාලනය කල වාමාංශික ජනාධිපතිවරයාගේ දේශපාලන උරුමක් කාරිය ක්ලෝඩියා ෂයින්බෝම් වේ යන්න අමතක කල යුතු නැත යයි දේශපාලන නිරීක්ෂකයින් මේ අතර පෙන්වා දේ. විශේෂයෙන්ම ඇගේ පූර්වගාමියා සහ උපදේශකයා වන හිටපු ජනාධිපති මොරේනාගේම ඇන්ඩ්‍රෙස් මැනුවෙල් ලෝපෙස් ඔබ්‍රඩෝර් (2018-2024) විසින් ක්‍රියාත්මක කරන ලද සමාජ සුබසාධන ක්‍රියාමාර්ගවල ජනප්‍රියතාවයෙන් ඇය මෙන්ම එරට ජනතාව මේ වනවිට ප්‍රතිලාභ භුක්ති වින්ඳමින් සිටී.

එරට අවම වැටුප ඉහල දැමීමත් සමග 2018 සහ 2024 අතර කාලය තුළ මිලියන 13 කට ආසන්න ජනතාවක් දරිද්‍රතාවයෙන් මුදා ගැනීමට ඇයගේ පාලනය මේ අනුව සමත් වී ඇත. කාන්තාවන්, තරුණයින් සහ වැඩිහිටි ප්‍රජාව ඉලක්ක කරගත් නව සමාජ සුබසාධන වැඩසටහන් තුනක් නිර්මාණය කිරීමත් සමඟ නව ජනාධිපතිවරිය ගේ පැමිණීමෙන් පසු මෙම ප්‍රතිපත්තිය අඛණ්ඩව ඉහලට පැමිණි අතර රටේ දරිද්‍රතාවය 2018 සිට 42% සිට 29.6 කින් පහල දැමු බව එරට රාජ්‍ය සංඛ්‍යා ලේඛන හා ජාත්‍යන්තර මුලාශ්‍ර පෙන්වා දේ’. 2025 වන විට, ඩොලර් බිලියන 850 ක් හෙවත් දළ දේශීය නිෂ්පාදිතයෙන් 2.3% ක්”, “මෙක්සිකානු පවුල් මිලියන 32 කට ආසන්න සංඛ්‍යාවක්” ගේ සුබසාධනය ඉහල නැංවීම සඳහා ලබා දීමට සමත් වී ඇති බව ටද එම වාර්තා තවදුරටත් පෙන්වා දේ.

නමුත් ඇයගේ ධුරයේ පළමු වසර තුළ, 63 හැවිරිදි ජනාධිපතිවරියට ප්‍රධාන විදේශ ප්‍රතිපත්ති අභියෝගයකට මුහුණ දීමට සිදු විණි. ඩොනල්ඩ් ට්‍රම්ප් ධවල මන්දිරයට නැවත පැමිණීම සහ තීරුබදු පිළිබඳ සිදු කරන ලද අසීරු සාකච්ඡා මෙක්සිකෝවට විශේෂයෙන් සංවේදී කාරණයක් විණි. මක්නිසාදයත් ඇමරිකානු වෙළඳ පල සමග විශාලතම වෙළඳ හවුල්කරුවෙකු වන මෙක්සිකානු අපනයන වලින් 83% ක් එක්සත් ජනපදයට යැවෙන අතර එය 2024 දී පමණක් ඒ අනුව රටට ලැබෙන ආදායම ඩොලර් බිලියන 466ක් ලෙස වාර්තා වේ. ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් හඳුන්වා දුන් දැඩි 50% ඉක්මවන තීරු බදු හමුවේ කැනඩාව, මෙක්ෂිකෝව එක පෙරමුණකට පැමිණ සාකච්චා කල බව විදේශ මාධ්‍ය වාර්තා කර සිටියහ. එසේම ට්‍රම්ප් ගේ තර්ජනය හමුවේ යුරෝපා සංගමය හා චීනය සමග සම්බන්ධතා තර කර ගනු ලැබුවාය. යුරෝපා සංගමය සමග සේවා, ඍජු ආයෝජන, කෘෂිකර්මය හා වෙළඳ පල සඳහා නිදහස් ගිවිසුම් කීපයකට එළඹුණු අතර චීස් වර්ග, මස්, පලතුරු වැනි භාණ්ඩ සඳහා 100%ක තීරුබදු ඉවත් කර ගැනීමටද ඇය සමත් වූවාය.

කෙසේවෙතත් ඇමරිකානු ජනාධිපතිවරයාගේ බොහෝ තර්ජන නොතකා, මෙක්සිකෝව තාවකාලිකව ඇමරිකාව සමගද දරුණුතම තීරුබදු පැනවීම වළක්වා ගැනීමට සමත් වී ඇත. වර්තමානයේ, එක්සත් ජනපදය, කැනඩාව සහ මෙක්සිකෝව අතර නිදහස් වෙළඳ ගිවිසුමෙන්(ACEM) ආවරණය නොවන නිෂ්පාදන සඳහා තීරුබදු 25% ක් ගෙවීමට ක්ලෝඩියා ෂයින්බෝම් එකඟත්වය පල කල අතර වානේ, මෝටර් රථ සහ කෘෂිකාර්මික නිෂ්පාදන සඳහා බදු අඩු කිරීම සඳහා මෙම මුදල නැවත සාකච්ඡා කිරීමට මේ වන විට උත්සහ දරමින් සිටි.

එසේම මෙක්සිකෝව එක්සත් ජනපද ජනාධිපතිවරයාගේ නව සංක්‍රමණ ප්‍රතිපත්ති හේතුවෙන් ද සෘජුවම පීඩා විඳින අතර මෙක්සිකානු සංක්‍රමණිකයන්ගෙන් ලැබෙන ප්‍රේෂණවල තියුණු පහත වැටීමක් සමඟ බොහෝ මෙක්සිකානු පවුල්වල ප්‍රධාන ආදායම් මාර්ගය වන මෙම ප්‍රේෂණ පසුගිය මැයි මාසයේදී 4.5% කින් පහත වැටුණි. මේ වන විට එක්සත් ජනපදයේ සිටින මිලියන 4.8 ක වීසා බලපත්‍ර නොමැති මෙක්සිකානුවන් නැවත යැවීමට ට්‍රම්ප් පාලනය තීරණය කර ඇත.

කෙසේවෙතත් මෙම තීරුබදු පැනවීම හා සංක්‍රමණික අර්බුධය හමුවේ කාන්තාවක් ලෙස ක්ලෝඩියා ෂයින්බෝම් ඩොනල්ඩ් ට්‍රම්ප් ඉදිරියේ ඉතා වෘත්තීය ප්‍රතිරූපයක් ඉදිරිපත් කල බව එරට ජනතාවගේ මතය වී ඇති බව ස්පාඥ ප්‍රධාන පුවත්පතක් වන “එල් පයිස්” වාර්තා කර සිටි. එම පුවත් පත විසින් “එන්කොල්” නමින් සිදු කල ජන මත විමසුමකට අනුව, ඇමරිකානු ජනාධිපතිවරයා සමඟ ඇයගේ දැඩි පීඩන කාරී සාකච්ඡා වලදී ඇය දැක්වූ සටන් කාමිත්වය පිළිබඳව මෙක්සිකානුවන්ගෙන් 65% ක් පමණ ඇයව විශ්වාසය පාලකර ඇත.

ඉහළ බදු වළක්වා ගැනීම සඳහා, මෙක්සිකානු රජයට මත්ද්‍රව්‍ය ජාවාරමට එරෙහිව වොෂින්ටනයේ ඉල්ලීම්වලට එකඟ වීමෙන් ද සැලකිය යුතු සහන ලබා ගැනීමට ඇය සමත් විණි. ඇයට පෙර මෙක්ෂිකොව පාලනය කල පාලකයින් මීට පෙර එසේ කිරීම ප්‍රතික්ෂේප කළද, ක්ලෝඩියා ෂයින්බෝම් මෙක්සිකානු මත්ද්‍රව්‍ය කාටෙල් නායකයින් කිසිදු පැකලීමකින් තොරව එක්සත් ජනපදයට පිටුවහල් කිරීමට ද පියවර ගනු ලැබුවාය. මෙක්ෂිකොවේ සිට සිදු කරන ෆෙන්ටැනයිල් මත්ද්‍රව්‍ය ජාවාරම මර්දනය කිරීම සඳහා 10000ක හමුදා සමාජිකයින් ප්‍රමාණයක් දේශසීමා වෙත යැවීම වැනි තවත් බොහෝ පියවර හේතුවෙන් එම මත්ද්‍රව්‍ය වෙළඳාම 50% කින් අඩු කිරීමට හා රටේ අපරාධ සිදුවීම 25%කින් අඩු කිරීමට ඇය ඇමරිකාව සමග සමත් වී ඇති බව ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව ද පෙන්වා දේ. කෙසේ වෙතත් මත්ද්‍රව්‍ය නිරාවරණය සඳහා ඇමරිකානු හමුදා මෙක්ෂිකොවට මැදිහත් වීම ඇය තරයේ ප්‍රතික්‍ෂේප කරනු ලැබීමත් ඇය එරට ජනතාවගේ ගෞරවයට භාජනය වීමට තවත් හේතුවක් වූ බව විදේශ මාධ්‍ය වාර්තා කර සිටි.

පසුගිය සැප්තැම්බර් 15 වැනිදා එරට නිදහස් දිනය වෙනුවෙන් ජනාධිපති මන්දිරය ඉදිරියේ රැස්වුණු 250000 කට අධික මක්ෂිකානු ජනතාව ඇමතූ ක්ලෝඩියා ෂයින්බෝම්

“අපේ සංක්‍රමණික සහෝදරියන්ට සහ සහෝදරයන්ට දිරිය හා ශක්තිය ලැබේවා! නිදහස්, ස්වාධීන සහ ස්වෛරී මෙක්සිකෝව දිගු කල් දිනේවා.” යයි පවසා සිටියේ රැස්ව සිටි ජනතාවගේ අත්පොලසන් මධ්‍යයේය.

ඉතාමත් විවේචනාත්මක දැඩි ඇමරිකානු ජනාධිපතිවරයෙකු විසින් එරට පාලනය කරන මෙම තීරණාත්මක කාල පරිච්ඡේදය තුළ, ඇය ට්‍රම්ප් සමග සිදු කරන සාකච්ඡා වලදී ඇය විසින් පෙන්වනු ලබන නොසැලෙන ආත්ම විශ්වාසය පිලිබඳ එරට හාම්පුතුන් හා දේශීය වෙළඳ කේෂ්ත්‍රයේ ආයෝජකයින් : “අපි ජනාධිපතිවරිය සමඟ එක්සත් පෙරමුණක් ගොඩනඟමින් සිටිමු,” යයි පවසා සිටින අතර දූෂණයට සහ පාතාල හා මාෆියා ප්‍රචණ්ඩත්වයට එරෙහිව මක්ෂිකානු පුරවැසියන්ගෙන් අතිමහත් බහුතරයක් ක්ලෝඩියා ෂයින්බෝම් ජනාධිපතිවරිය වටා ඒකරාශී වෙමින් ඒ සඳහා තම සහය දක්වා සිටි.

Previous Post

වෙනිසුවෙලාවේ මදුරෝ පාලනයට එරෙහිව ඇමරිකානු මැදිහත් වීමක් ?

  • Trending
  • Comments
  • Latest
ප්‍රංශයේ නව සංක්‍රමණික නීති හා ප්‍රංශ විප්ලවය !

ප්‍රංශයේ නව සංක්‍රමණික නීති හා ප්‍රංශ විප්ලවය !

ජනවාරි 28, 2024
මරණීය දණ්ඩනයෙන් රනිල් බේරාගත් චන්ද්‍රිකා !-රසල් බණ්ඩාරවත්ත

මරණීය දණ්ඩනයෙන් රනිල් බේරාගත් චන්ද්‍රිකා !-රසල් බණ්ඩාරවත්ත

පෙබරවාරි 20, 2024
Pourquoi la victoire de gauche au Sri Lanka était-elle inévitable?

Pourquoi la victoire de gauche au Sri Lanka était-elle inévitable?

ඔක්තෝබර් 15, 2024
ෆොන්සේකා දෙලොවක් අතර ?

ෆොන්සේකා දෙලොවක් අතර ?

ජනවාරි 31, 2024
දෙසැම්බර් සංචාරකයින් ලක්ෂ 02 ඉක්මවයි

දෙසැම්බර් සංචාරකයින් ලක්ෂ 02 ඉක්මවයි

0
සයිනොපෙක් ඉන්ධන මිල අඩු කරයි.. ඔවුන්ගේ මිල මෙන්න..

සයිනොපෙක් ඉන්ධන මිල අඩු කරයි.. ඔවුන්ගේ මිල මෙන්න..

0
කියුබාවේ ක්‍රමය අපට හරියන්නෑ.. මාලිමාව කරන්නේ වෙනස්ම එකක්…

කියුබාවේ ක්‍රමය අපට හරියන්නෑ.. මාලිමාව කරන්නේ වෙනස්ම එකක්…

0

තැන තැන වෙඩි තැබීම් මැතිවරණ වලට පෙර භිෂණය පැතිරීම සඳහා වූ සුදානමක්ද ?

0

ඔක්තෝබර් 18, 2025
වෙනිසුවෙලාවේ මදුරෝ පාලනයට එරෙහිව ඇමරිකානු මැදිහත් වීමක් ?

වෙනිසුවෙලාවේ මදුරෝ පාලනයට එරෙහිව ඇමරිකානු මැදිහත් වීමක් ?

ඔක්තෝබර් 18, 2025
ආර්ජන්ටිනාවේ ආර්ථිකයට ට්‍රම්ප්ගෙන් ඩොලර් බිලියන 20ක් !

ආර්ජන්ටිනාවේ ආර්ථිකයට ට්‍රම්ප්ගෙන් ඩොලර් බිලියන 20ක් !

ඔක්තෝබර් 18, 2025
රුසියානු-යුක්රේන යුද්ධය අවසන් කරන ලෙස ට්‍රම්ප් බල කර සිටි

රුසියානු-යුක්රේන යුද්ධය අවසන් කරන ලෙස ට්‍රම්ප් බල කර සිටි

ඔක්තෝබර් 18, 2025

Recent News

ඔක්තෝබර් 18, 2025
වෙනිසුවෙලාවේ මදුරෝ පාලනයට එරෙහිව ඇමරිකානු මැදිහත් වීමක් ?

වෙනිසුවෙලාවේ මදුරෝ පාලනයට එරෙහිව ඇමරිකානු මැදිහත් වීමක් ?

ඔක්තෝබර් 18, 2025
ආර්ජන්ටිනාවේ ආර්ථිකයට ට්‍රම්ප්ගෙන් ඩොලර් බිලියන 20ක් !

ආර්ජන්ටිනාවේ ආර්ථිකයට ට්‍රම්ප්ගෙන් ඩොලර් බිලියන 20ක් !

ඔක්තෝබර් 18, 2025
රුසියානු-යුක්රේන යුද්ධය අවසන් කරන ලෙස ට්‍රම්ප් බල කර සිටි

රුසියානු-යුක්රේන යුද්ධය අවසන් කරන ලෙස ට්‍රම්ප් බල කර සිටි

ඔක්තෝබර් 18, 2025
Voice of Ceylan

Welcome to the Voice of Ceylan, your go-to source for the latest news and stories from the heart of Sri Lanka. Operating from France, we bring you up-to-date and insightful coverage on diverse topics, providing a unique perspective on the vibrant culture, politics, and events shaping the island. Stay informed with us as we bridge the miles to connect you with the pulse of Sri Lanka.

Follow Us

Browse by Category

  • ආර්ථික
  • එසැණ පුවත්
  • කර්තෘ සටහන
  • කාලීන සිදුවීම්
  • ජාත්‍යන්තර
  • දේශපාලන
  • නව ප්‍රංශ නීති
  • සංචාරක

Recent News

ඔක්තෝබර් 18, 2025
වෙනිසුවෙලාවේ මදුරෝ පාලනයට එරෙහිව ඇමරිකානු මැදිහත් වීමක් ?

වෙනිසුවෙලාවේ මදුරෝ පාලනයට එරෙහිව ඇමරිකානු මැදිහත් වීමක් ?

ඔක්තෝබර් 18, 2025
  • About
  • Advertise
  • Privacy & Policy
  • Contact

© 2024 Voice of Ceylan All rights reserved.

No Result
View All Result
  • එසැණ පුවත්
  • කර්තෘ සටහන
  • දේශපාලන
  • ආර්ථික
  • කාලීන සිදුවීම්
  • ජාත්‍යන්තර
  • සංචාරක
  • නව ප්‍රංශ නීති

© 2024 Voice of Ceylan All rights reserved.

  • Sinhala (සිංහල)