• Contact
  • si Sinhala (සිංහල)
  • fr Français
Advertisement
  • එසැණ පුවත්
  • කර්තෘ සටහන
  • දේශපාලන
  • ආර්ථික
  • කාලීන සිදුවීම්
  • ජාත්‍යන්තර
  • සංචාරක
  • නව ප්‍රංශ නීති
  • Events
No Result
View All Result
  • එසැණ පුවත්
  • කර්තෘ සටහන
  • දේශපාලන
  • ආර්ථික
  • කාලීන සිදුවීම්
  • ජාත්‍යන්තර
  • සංචාරක
  • නව ප්‍රංශ නීති
  • Events
No Result
View All Result
Voice of Ceylan
No Result
View All Result
Home එසැණ පුවත්

ප්‍රංශයේ නව සංක්‍රමණික නීති හා ප්‍රංශ විප්ලවය !

ජනවාරි 28, 2024
in එසැණ පුවත්, කාලීන සිදුවීම්, නව ප්‍රංශ නීති
0
ප්‍රංශයේ නව සංක්‍රමණික නීති හා ප්‍රංශ විප්ලවය !
0
SHARES
102
VIEWS
Share on FacebookShare on Twitter

අප මීට පෙරද පෙන්වා දුන් පරිදි ප්‍රංශ ව්‍යවස්ථා සම්පාදක සභාව පසුගිය දා ප්‍රංශ පාර්ලිමේන්තුව විසින් සම්මත කර ගන්නා ලද විදේශික සංක්‍රමණිකයින් සම්බන්ධ නීති කෙටුම්පතේ ඇතුලත් වූ විශාල වගන්ති ප්‍රමාණයක් ප්‍රංශ ව්‍යවස්ථාව, යුරෝපා මානව හිමිකම් සම්මුතිය හා ප්‍රංශය විසින් අත්සන් කරන ලද ජාත්‍යන්තර සම්මුති රාශියක් උල්ලංඝණය කර ඇතැයි සලකා ඉවත් කර දමා ඇත. ලෝක සාමය හා ප්‍රජාතන්ත්‍රවාදය හා ආර්ථික නව ලිබරල් වාදය වෙනුවෙන් පෙනී සිටින රටක් ලෙස ප්‍රංශයට රටේ අන්ත ජාතිවාදීන් සතුටු කිරීමට ඉදිරිපත් කල මෙම නීති සම්මත කල නොහැකි බව අප මීට පෙරත් පෙන්වා දුන්නෙමු. මෙම නීති කෙටුම්පත ප්‍රංශ විප්ලවය විසින් 1789 දී සහතික කරන ලද සියළු මානව අයිතිවාසිකම් ඉතා බරපතල ලෙස උල්ලංඝණය කරනු ලැබුවා පමණක් නොව එතැන් සිට සම්මත කර ගන්නා ලද 1848, 1905, 1946 සියළුම විප්ලවීය ප්‍රකාශණයන් ඉතා නිර්ලජ්ජිත ලෙස අපහරණයට ලක් කරනු ලැබ තිබිණි.

පැහැදිලිවම මෙම නීතිය මගින් යලි මතු වී ආවේ පැරණි රාජාණ්ඩුවාදීන් හා ජනරජවාදීන් අතර 1789 සිට තවදුරටත් පවතින පස මිතුරු භාවයයි. එම නිසාම ඉදිරි මැතිවරණ වලදී ඇතිවිය හැකි බාධක මග හරවා ගැනීම සඳහා මක්රෝන් හා ඔහුගේ ආරක්ෂක ඇමතිවරයාට අකමැත්තෙන් වුවත් පාර්ලිමේන්තුවේ පත් කර ගත් නීති කෙටුම්පත ව්‍යවස්ථාවට එකඟ නොවන බවට පැවසීමට ද අවසානයේ සිදු විය. එසේම මේ වන විට ප්‍රංශය විසින් මුහුණ දී සිටින උග්‍ර ආර්ථික අර්බුධය හමුවේ ප්‍රංශ ජාතිකයින් හට නව සතුරෙකු ලෙස විදේශ සංක්‍රමිකයින් පෙන්වා තම බලය රැක ගැනීමට ප්‍රංශ ධනපති පංතිය පැරැණි උපක්‍රම භාවිතා කරන බවද අප මෙහිදී අමතක කල යුතු නැත. මේ වන විට ප්‍රංශය පුරා හඹා යන උද්ධමනය ඉහල යාම,ගොවි නැගිටීම එයට කදිම නිදසුනකි.

එම නිසා අප ප්‍රංශයේ වෙසෙන සියළුම ශ්‍රී ලංකික ප්‍රජාවගෙන් ඉල්ලා සිටිනුයේ තම අයිතිවාසිකම් දිනා ගැනීම සඳහා සටන් කරන අනෙකුත් සංක්‍රමික ප්‍රජාවන් හා වාමාංශික ව්‍යාපාරයන් සමග හැකි සෑම අවස්ථාවකදීම අත් වැල් බැඳ ගන්නා ලෙසයි. අනෙකුත් සංක්‍රමික ප්‍රජාවන් පමණක් සිදු කරන අරගල වලින් “මටත් වීසා ලැබෙයි” කියා නොසිතා එම අරගල වලට නිතර සහය දීමෙන් තමන්ගේ අයිතිවාසිකම් ද දිනා ගැනීමට ඔබට හැකි වනු ඇත.

මක්රෝන් රජය විසින් ඉදිරිපත් කරන ලද මූලික නීති කෙටුම්පතේ වගන්ති 27 ක් හා පාර්ලිමේන්තුව විසින් ඡන්දය දුන් පාඨයෙහි වගන්ති 86 අතරින් වගන්ති 35ක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විසින් වාරණය කර ඇත. නමුත් මෙය අවසන් නැත. ඒ අනුව ප්‍රතික්‍ෂේප වූ වගන්ති නැවත වෙනත් ආකාරයින් පැමිණීමේ හැකියාව ඇති බව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සභාවේ සභාපති වරයා විසින්ද පෙන්වා දේ. නමුත් සුළු ජාතිකයන්ගේ අයිතිවාසිකම් පාගා දමා මහ ජාතිය සැනසීමට නීති පැනවීමට ප්‍රංශයට හැකියාවක් නොමැත.

සම්මත වූ සංක්‍රමණ නීතියේ අත්‍යවශ්‍ය පැති කිහිපයක් ඇත: එය විදේශ සංක්‍රමිකයන්ගේ ශ්‍රමය, ස්වීයකරණය(integration හෝ assimilation ), පිටුවහල් කිරීම, විදේශිකයන්ගේ දේශපාන රැකවරණ ලැබීම සහ ඒ හා සම්බන්ධ අධිකරණ කාරණා මෙහි ඉදිරිපත් වන වැදගත් කාරණා වේ.

1)විදේශිකයන්ගේ ශ්‍රම දායකත්වය අත්‍යවශ්‍ය වන හා ප්‍රංශ ශ්‍රමිකයන් හිඟ කේෂ්ත්‍ර ලෙස සැලකෙන ඉදිකිරීම්, සාත්තු සේවය, හෝටල් හා ආපන ශාලා යන කේෂ්ත්‍රයන්හි කම්කරුවන් ලෙස සේවය කරන විසා බල පත්‍ර නොමැති අයට “තාවකාලික සේවක වීසා අයදුම් පතක් ” හෝ “සේවය ලබා දීම පිණිස බලපත්‍රයක්” යන සුවිශේෂී තත්වයන් සැලකිල්ලට ගෙන ලබා දීමට රජය තීරණය කර ඇත.

2) කෙසේ වෙතත්, මෙම කාඩ්පත සඳහා අයදුම් කරුවන්ට තවදුරටත් ඔවුන්ගේ සේවායෝජකයා හෝ ස්වාමියා හරහා යාමට අවශ්‍ය නොවනු ඇත. විශේෂයෙන්ම පසුගිය මාස 24 තුළ අවම වශයෙන් මාස 12 ක් (අඛණ්ඩව හෝ නොමැතිව) ප්‍රංශ ආයතනයක සේවය කර ඇති බව ඔප්පු කළ යුතු අතර වසර 3 ක් ප්‍රංශයේ පදිංචිව සිටීම සහ ප්‍රංශ භාෂාව කතා කිරීමට ඇති හැකියාව පෙන්විය යුතුව ඇත. ඒ අනුව තමන්ට අවශ්‍ය වීසා බල පත්‍රය ලබා ගැනීමට කිසිදු බාහිර පුද්ගලයෙකු ගේ සහය නොමැතිව තනිව අදාළ පොලිස් ස්ථානයට යාමට අයදුම් කරුට සිදු වේ. එමගින් තමන්ට ප්‍රංශ භාෂාව හැසිරවීමේ හා ප්‍රංශ සමාජයට අනුගත වී ඇති බව ඔප්පු කිරීමට හැකි වේ. නව නීතිය අනුව වීසා බල පත්‍රය නිකුත් කිරීමේ හා තීරණය කිරීමේ සම්පුර්ණ අයිතිය ඇත්තේ අදාල දිස්ත්‍රික්කයේ පොලිස් දෙපාර්තමේන්තුවට බැවින් මෙම කොන්දේසිය සැපරීම අත්‍යවශ්‍ය වේ. එම නිසා අතරමැදියන්ගේ මුදල් ගසා කෑම් වලට මුහුණ නොදී අදාල අයදුම් කරුවන්ට ඍජුවම තම අයැදුම් පත ඉල්ලා සිටීමට මෙයින් හැකි වනු ඇත.

3)මෙම වීසා බලපත්‍ර ලබා දීම 2026 අවසානය දක්වා අත්හදා බැලීමට රජය තීරණය කර ඇත. රජයේ මූලික අරමුණ “ශ්‍රමිකයින් හිඟ කේෂ්ත්‍ර වල ශ්‍රමිකයින් සඳහා ස්ථිර වීසා බලපත්‍රයක් යම් යම් කොන්දේසි යටතේ ස්වයංක්‍රීයව නිකුත් කිරීම මෙන්ම ඒ සඳහා ක්ෂණික ප්‍රවේශයක් ලබා දීම සඳහා ද වැඩි ඉඩකඩක් ලබා දීමය.

4)එසේම වඩාත්ම අවදානම් සහිත රටවලින් පැමිණෙන සරණාගතයින් සඳහා අවශ්‍ය ස්ථිර වීසා බලපත්‍රයක් මෙන්ම ඉක්මන් දේශපාලන සරණාගත භාවය ද ඔවුන්ට ලබා දීමට තීරණය කර ඇත.

5)ශ්‍රමිකයින් හිඟ කේෂ්ත්‍රයන් ලෙස සැලකෙන රෝහල්වල සහ පුද්ගලික වෛද්‍ය-සමාජ ආයතනවල බඳවා ගැනීමේ අවශ්‍යතා සපුරාලීම සඳහා, වෛද්‍යවරුන්, දන්ත වෛද්‍යවරුන්, වින්නඹු මාතාවන් හෝ ඖෂධවේදීන් සඳහා නව අවුරුදු 4ක කාලයකට “නිපුණතාවය මත – වෛද්‍ය සහ ෆාමසි වෘත්තිය” සඳහා ස්ථිර වීසා බලපත්‍රයක් හඳුන්වා දී ඇත. මෙය යුරෝපීය සංගමයෙන් පිටත රටවලින් පැමිණෙන සංක්‍රමිකයින් සඳහා ලබා දෙනු ඇත.

6)සුදුසුකම් ලත් සේවකයින් සහ ආර්ථික ව්‍යාපෘති හෝ ආයෝජකයින් සඳහා අදහස් කරන “ටැලන්ට්” පදිංචි බලපත්‍ර ලබා දීමේ ක්‍රමවේදය තවදුරටත් සරල කර ඇත.

7)එක් වසරකට වැඩි වසර කීපයක් සඳහා ලබා දෙන තම ප්‍රථම වීසා බලපත්‍රය ලබා ගැනීම සඳහා අයදුම් කරන විදේශිකයන්ට ප්‍රංශ භාෂාව පිළිබඳ අවම දැනුමක් තිබිය යුතුය: එය A 2 මට්ටම වේ. මෙම වීසා පදිංචි බලපත්‍රය සාමාන්‍යයෙන් වසර 4ක් සඳහා වලංගු වන අතර, රජය හා අයදුම්කරු අත්සන් කරනු ලබන “ජනරජ ඒකාබද්ධතා සම්මුතිය” යටතේ ප්‍රංශ භාෂාව ඉගෙනීම අනුගමනය කිරීමේ එකම කොන්දේසිය මත පමණක් නිකුත් කරනු ලැබේ. වසර 10 ස්ථිර වීසා කාඩ්පත ලබා දීම සඳහා සහ පුරවැසි භාවය ලබා ගැනීම සඳහා අවශ්‍ය ප්‍රංශ භාෂාවේ අවම මට්ටම B1 සහ B2 තීරණය කර ඇත.

8)තමන්ගේ සේවාස්ථානයේ විදේශීය සේවකයින් සඳහා ප්‍රංශ පුහුණුව ලබා දීම හා ඒ සඳහා අදාළ අධ්‍යයන ආයතන වලට යොමු කිරීම සම්බන්ධයෙන් හාම්පුතුන්ගේ මැදිහත් වීම අනිවාර්‍ය කර ඇත. ඒ අනුව තමන්ට අවශ්‍ය ප්‍රංශ අධ්‍යාපනය ලබා ගැනීමට අවශ්‍ය පහසුකම් සැලසීම සඳහා තම හාම්පුතාගෙන් අවශ්‍ය ප්‍රතිපාදන ඉල්ලා සිටීමට සේවකයාට හැකි වනු ඇත.

9)වීසා බලපත්‍රයක් ලබා ගැනීම සඳහා අයදුම් කරන සියලුම විදේශිකයන් නව සම්මුතියක් අත්සන් කිරීමෙන් ජනරජයේ මූලධර්මවලට ගරු කළ යුතුය: ප්‍රකාශනයේ සහ හෘදය සාක්ෂියේ නිදහස, ස්ත්‍රීන් හා පුරුෂයන් අතර සමානාත්මතාවය, ජනරජයේ ආදර්ශ පාඨයන් සහ සංකේතයන්ට ගරු කිරීම..ආදිය ඒ අනුව අයදුම්කරු විසින් පිළිගත යුතුව ඇත. මෙම මූලධර්මවලින් එකක් හෝ ප්‍රතික්ෂේප කළහොත්, තම වීසා බලපත්‍රය ප්‍රතික්ෂේප කිරීමට හෝ අහෝසි වීමට හෝ අලුත් නොකිරීම යන දඬුවම් වලට අයැදුම් කරුට මුහුණ දීමට සිදුවනු ඇත.

10)”වාසස්ථාන ලබා දෙමින් අනාථ කඳවුරු පවත්වාගෙන යන වෙළෙන්දන්ගේ” ගොදුරු බවට පත් වූ අයට සහ ඒ සම්බන්ධයෙන් පැමිණිල්ලක් ගොනු කර ඇති විදේශිකයන්ට අපරාධ නඩු විභාගයේදී වීසා බලපත්‍රයක් නිකුත් කරනු ලැබේ.

11)තාවකාලික පදිංචි කාඩ්පත් නිකුත් කිරීම, අලුත් කිරීම හෝ ඉවත් කිරීම ප්‍රතික්ෂේප කිරීම සඳහා නව හේතුන් ලෙස කූට ලේඛන ඉදිරිපත් කිරීම, වංචා සිදු කිරීම, චන්දෙන් තේරී පත් වූ ජනතා නියෝජිතයින්ට හෝ රාජ්‍ය නිලධාරීන්ට එරෙහිව සිදු කරන ලද හිංසා කාරී ක්‍රියා පිළිබඳව දැඩිව පරික්ෂා කරනු ලැබේ. මහජන සාමයට බරපතල තර්ජනයක් වන පුද්ගලයින්ගේ නේවාසික වීසා කාඩ්පත අලුත් නොකිරීමට හෝ අවලංගු කිරීමට එය හේතුවක් වේ. මීට අමතරව, වසර දහයේ දීර්ඝ වීසා කාඩ්පත් අලුත් කිරීම සඳහා ප්‍රංශයේ අඛණ්ඩ පදිංචිය ඔප්පු කල යුතුව ඇත යන්න කොන්දේසියක් ලෙස පනවනු ලැබ ඇත.

12)නීතිය හා මහජන සාමයට බරපතල තර්ජනයක් වන විදේශිකයන් රටින් පිටුවහල් කිරීම පහසු කර ඇත. නීත්‍යානුකූලව විශාල කාලයක් ජීවත්වන විදේශිකයන්, මෙන්ම වීසා බලපත්‍ර නොමැතිව දීර්ඝ කාලයක් තිස්සේ ප්‍රංශයේ සිටි අය හෝ පෞද්ගලික සහ පවුල් සබඳතා ඇති අය පවා එසේ රටින් පිටුවහල් කල හැකි වේ. විශේෂයෙන් අපරාධ හෝ නීති විරෝධී ක්‍රියා සම්බන්ධයෙන් වරදකරු වී අවම වශයෙන් වසර 3ක් හෝ 5ක් සිරගත කරනු ලැබූ විදේශිකයාගේ තත්වය මත හෝ මහජන චන්දයෙන් තේරී පත් වූ මන්ත්‍රීන්ට හෝ රාජ්‍ය නිලධාරීන්ට එරෙහි ප්‍රචණ්ඩත්වයට සම්බන්ධ වීම යන කාරණා මතද යමෙකු පිටුවහල් කල හැක.

13) එසේම අදාළ තීරණය ලබා දෙන විනිසුරුවරයාට එසේ චෝදනා ලැබූ චුදිතයින් හට ප්‍රංශ භූමිය තහනම් කිරීමට නියෝග කිරීමට හැකි වනු ඇත. ප්‍රංශ භූමියෙන් (OQTF) පිටවීමේ නියෝගයට එරෙහිව ඇතැම් වීසා බල පත්‍ර නොමැති විදේශිකයන් විසින් ඉදිරිපත් කරන තමන් වයස අවුරුදු 13ට පෙර ප්‍රංශයට පැමිණි බව හා ප්‍රංශ ජාතිකයෙකුගේ සහකරු හෝ සහකාරිය ලෙස සඳහන් කරමින් මේ දක්වා භුක්ති විඳි ආරක්ෂාව නව නීතිය මගින් ඉවත් කරනු ලබයි.

14)එහෙත් OQTF හෙවත් ප්‍රංශයෙන් පිටුවහල් කිරීමේ නියෝගය අදාල දිස්ත්‍රික්කයේ පොලිස් දෙපාර්තමේන්තුවට තීරණය කල හැක්කේ රට තුල තවදුරටත් රැඳී සිටීමට ඇති අයිතිය අධ්‍යයනය කිරීමෙන් පසුව, විශේෂයෙන් යම් යම් අංග (රැඳී සිටි කාලය සහ ප්‍රංශය හා ප්‍රංශ සමාජය සමඟ විදේශිකයාගේ ඇති සම්බන්ධතා ආදිය) සැලකිල්ලට ගනිමින් පමණි. විදේශීය බාල වයස්කරුවන් සඳහා OQTF ලබා නොදෙනු ඇත.

15)එසේම පිටුවහල් කිරීමේ නියෝගය වන OQTF ලැබෙන ප්‍රංශයෙන් පිටවීමට නොහැකි දේශපාලන හා යුධ අනාථයින් ලෙස සැලකෙන විදේශිකයින් සඳහා ඇතැම් කොන්දේසීන්ට යටත්ව උපරිම වශයෙන් මේ දක්වා වසරක කාලයක් සඳහා පැවති කොන්දේසිය වසර 3ක කාලයක් දක්වා නිවාස අඩස්සියේ තැබිය හැකිවන ලෙස ඉහල නංවා ඇත.

16)විදේශීය බාල වයස්කරුවන් පරිපාලනමය කඳවුරු වල රඳවා තබා ගැනීම තහනම් කර ඇත.

17)නීතිවිරෝධී සංක්‍රමනිකයන්ව දේශසීමා පැන්නීම් සිදු කරන ජාවාරම්කරුවන්ට සහ “නිවාසවල අනාථ කඳවුරු ” පවත්වා ගෙන යන්නන්ට එරෙහිව සිදු කරන මෙහෙයුම් වලදී ප්‍රංශය අවට “දේශසීමා කලාපයන්හි” වෑන් රථ පමණක් නොව නව නීතිය යටතේ කිසිදු දැනුම් දීමකින් තොරව පුද්ගලික මෝටර් රථ ද පරීක්‍ෂා කිරීමට දේශසීමා පොලීසියට ඒ අනුව අවසර ලැබේ.

18)දේශපාලන සරණාගතයින් සඳහා මේ දක්වා පැවැති ප්‍රධාන ආයතන තුන ඒකාබද්ධ කර දැනට පිහිටුවා ඇති පිළිගැනීමේ මධ්‍යස්ථාන (GUDA) ප්‍රතිස්ථාපනය කරමින් “ප්‍රංශ දේශපාලන සරණාගතභාවය”(France asile) ලෙස හඳුන්වන නව ආයතනයක් පිහිටුවනු ඇත. සරණාගතයින් පොලිස් දෙපාර්තමේන්තුව විසින් ලියාපදිංචි කිරීම, ප්‍රංශ ආගමන හා ඒකාබද්ධතා කාර්යාලය (OFII) විසින් අයිතිවාසිකම් විවෘත කිරීම සහ සරණාගතයින් සහ ඔවුන් ආරක්ෂා කිරීම සඳහා වන ප්‍රංශ කාර්යාලයට(OFPRA) ඉල්ලීම ඉදිරිපත් කිරීම සඳහා මෙම ඒකාබද්ධ මධ්‍යස්ථානය තුලදීම ඉඩ ලබා දෙනු ඇත. ඒ අනුව මේ දක්වා OFPRA ආයතනයට ලබා දී තිබුණු ස්වයං බලය අහෝසි වී දේශපාලන රැකවරණ ලබා දීම පොලිස් දෙපාර්තමේන්තුව, ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ අධික්ෂණය මත සිදුවනු ඇත. මෙමගින් දේශපාලන රැකවරණ ලබා ගැනීම සඳහා ව්‍යාජ ලිපි ලේඛණ සකස් කරන්නන්, ව්‍යාජ ගමන් බලපත්‍ර සාදන විවිධ අපරාධ කරුවන් හඳුනාගැනීමට පොලිස් දෙපාර්තමේන්තුව අපේක්ෂා කරනු ලබයි.

19)ජාතික දේශපාලන රැකවරණ ලබාදීමේ අධිකරණය (CNDA) ද ප්‍රතිසංස්කරණය කරනු ලබන අතර, CNDA හි බලය විමධ්‍ය කරමින් ප්‍රාදේශීය ශාඛා පිහිටුවීම සිදුකරනු ලබන අතර සහ එය තනි විනිසුරුවරයෙකුගේ බලයට යටත් කරනු ඇත. සංකීර්ණ නඩු විභාග වලදී සඳහා පමණක් විනිසරුවරුන් කීපදෙනෙකු කැඳවනු ඇත.

20)පිටුවහල් කිරීමේ අවදානමක් ඇති හෝ මහජන සාමයට තර්ජනයක් වන දේශපාලන සරණාගතයින් (බන්ධනාගාරවලින් පිටව ගිය අය, අත්අඩංගුවට පත්වූ අය ආදිය) යම් යම් කොන්දේසි යටතේ නිවාස අඩස්සියේ තබා හෝ රඳවා තබා ගත හැකිය.

21)අවසාන වශයෙන් පිටුවහල් කිරීමට එරෙහිව විදේශිකයන් විසින් ඉදිරිපත් කරන අධිකරණ ක්‍රියාදාමයන් මේ දක්වා ඇති සංඛ්‍යාව 12 සිට 3 දක්වා අඩු කර ඇත.

කෙසේවෙතත් මෙම අවසාන වගන්තිය හා දේශපාලන රැකවරණය ලබාදීමේ ජාතික අධිකරණයේ තීරණ ගැනීමේ තනි අයිතිය එක් විනිසුරුවෙකු වෙත පමණක් ලබා දීම මගින් ඉතා බරපතල ලෙස යුරෝපීය මානව අයිතිවාසිකම් සම්මුතියේ(CEDH) හි 6 වැනි වගන්තිය “සියළුම පුරවැසියන්ට සාධාරණ නඩු විභාගයක් ලබා ගැනීමේ අයිතිය උල්ලංඝණය වී ඇත. ඒ අනුව 2010 සිට ප්‍රංශ නීතියක් මගින් රටේ පුරවැසියන් සඳහා ලබා දුන් යම් නඩු තීන්දුවක් මගින් ප්‍රංශ ව්‍යවස්ථාවේ තහවුරු කර ඇති මිනිස් අයිතිවාසිකම් සම්බන්ධ වගන්ති උල්ලංඝණය වී ඇත්නම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අධිකරණය වෙත යාමේ අයිතිය(QPC) උරගා බැලීමට සංක්‍රමකියන්ටද හැකියාවක් ඇත. එහිදීත් සාධාරණය ඉටු නොවේ නම් යුරෝපීය මානව අයිතිවාසිකම් පිලිබඳ අධිකරණය වෙත යාමටද හැකියාව ඇත. ඒ අනුව මේ නව නීතින් මගින් විදේශිකයින් සම්බන්ධ අධිකරණ ක්‍රියාදාමයන් සරල වීම කෙසේවෙතත් සංකීර්ණ වීම ද සිදුවිය හැකි බව නම් නොකිවමනාය.

මෙම නව නීති සම්බන්ධයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විසින් වාරණය කරන ලද වගන්තීන් සම්බන්ධයෙන් ගත් කල 1789 දී සිදු වූ ප්‍රංශයේ විප්ලවය විසින් තහවුරු කරන ලද නිදහස, සමනාත්මතාවය හා සහෝදරත්වය යන කාරණා උල්ලංඝණය වීම මත ගන්නා ලද තීරණයක් යන්න ඉතාමත් පැහැදිලිය. විශේෂයෙන් ප්‍රංශ විප්ලවය මගින් තහවුරු කරන ලද “ප්‍රංශ ජාතිය” යන නිර්වචනය මෙහිදී දැඩි සැලකිල්ලට භාජනය කර තිබිණි. ප්‍රංශ ජාතිය යනු සියළුම සියළුම සම්භවයන්ට, ආගම් වලට, ලිංගිකත්වයන්ට, විවිධ ලිංගික චර්යාවන්ට, සමේ වර්ණයන්ට අයත් පොදු සංකල්පනයකි. එය ප්‍රංශයේ සුදු හා ක්‍රිස්තියානි ජන ප්‍රජාවක් පමණක් යන්න ප්‍රංශ ජාතිය මගින් නියෝජනය නොවේ. එම නිසා මෙම නීතියට ප්‍රංශයේ අන්ත ජාතිවාදීන් විසින් හඳුන්වා දුන් “ප්‍රංශ ජාතිය පළමුව” යන ෆැසිස්ට් අර්ථ කථනයක් ලබා දීම මගින් 1946 දී ජර්මන් ආක්‍රමණය අවසන් කර ප්‍රංශය නිදහස් කර ගත් ප්‍රංශ දේශප්‍රේමී ජාතික ව්‍යාපාරය(CNR) ඉදිරිපත් කල දේශප්‍රේමී ප්‍රකාශණය ද උල්ලංඝණය කර තිබිණි;

ඒ අනුව ප්‍රංශ ජාතිවාදීන් ඉදිරිපත් කල යෝජනා ඉහත එයතිහාසික කොන්දේසි මත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව මෙසේ ඉවත් කරන ලදී.
-සංක්‍රමණ කෝටා පිහිටුවීම- ප්‍රංශයේ සම්භවය පදනම් කොට වාර්තා සම්පාදනය කිරීම තහනම්ය.
– වීසා බලපත්‍ර ඇති විදේශිකයින්ට රජයෙන් ලබා දෙන ඇතැම් දීමනා වන පුද්ගලික නිවාස සඳහා ආධාර, පවුල් දීමනා, ආදිය සඳහා ප්‍රවේශය වීම සඳහා විදේශිකයන්ට පනවන ලද ප්‍රංශයේ රැඳී සිටී කාලය අවධාරණය කිරීම සමානාත්මතාවය උල්ලංඝණය කර ඇති බවට තහවුරු වීම නිසා ඉවත් කෙරිණි.
-විදේශිකයින්ට තම පවුල් ගෙන්වා ගැනීම සඳහා ඇති කරනු ලැබූ බාධක යුරෝපා මානව අයිතිවාසිකම් සම්මුතිය හා 1946 දේශප්‍රේමී ප්‍රකාශණය උල්ලංඝණය කර තිබිණි.
-දරුණු රෝග වලින් පෙලෙන විදේශිකයන් සඳහා ප්‍රංශයේ රැඳී සිටීමට ඇති ප්‍රවේශය සීමා කිරීම ඉහත යුරෝපා සම්මුතියට එකඟ නැත. රජයෙන් වීසා බලපත්‍ර නැති සංක්‍රමිකයින් සඳහා ලබා දුන් සෞඛ්‍ය උපදෙස් ලබා ගැනීමේ අයිතිය යලි ස්ථාපිත කර ඇත. වයිරසයක් පහර දෙනුයේ පණ ඇති එකා බලා විනා ඔහුට හෝ ඇයට වීසා ඇතැයි සලකා බලා නොවේ.
-විදේශීය සිසුන් සඳහා “ආපසු යැවීම සඳහා වූ ඇප තැන්පතුවක්” තැන්පත් කිරීම ඉවත් කර ඇත.
-නීති විරෝධී පදිංචිව සිටින විදේශිකයින්ට දඩ ගැසීම ඉවත් කර ඇත.
-විදේශීය දෙමව්පියන්ට දාව උපන් දරුවන් සඳහා ප්‍රංශ ජාතිකත්වය ලබා ගැනීම සඳහා වූ 1789 දී තහවුරු කල උපන් බිමේ අයිතිය සඳහා නව නීතින් ඇතිකළ ජාතිවාදී බාධාවන් ද ඉවත් කර ඇත.
-ඔවුන්ගේ අවසරයකින් තොරව නීතිවිරෝධීව ප්‍රංශයේ වාසය කරන විදේශිකයෙකුගේ ඇඟිලි සලකුණු ලබා ගැනීම ද ඉවත් කර ඇත. නමුත් මෙය අධිකරණ තීන්දුවක් මගින් ක්‍රියාවට නැගිය හැක.
-විදේශ සංක්‍රමිකයන්ගේ නීති විරෝධී පැමිණීම වැළැක්වීමට එරෙහි විදේශ රාජ්‍යයන්ගේ සහයෝගීතාවය ලබා ගැනීම සඳහා එම රජයන්ට ප්‍රංශ රජයේ මැදිහත් වීමෙන් පොදු සංවර්ධන මුදල් වෙන් කිරීම හා යෙදවීම ද තහනම් කර ඇත.

ප්‍රංශ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විසින් මෙම නීතින් ඉවත් කිරීමත් සමග පාර්ලිමේන්තුවේ අන්ත ජාතිවාදීන් ව්‍යවස්ථා සංශෝධනයක් ඉල්ලා සිටිනුයේ ව්‍යවස්ථා සභාව ව්‍යවස්ථා කුමන්ත්‍රණයක් සිදු කර ඇති බවට චෝදනා කරමිනි. එහෙත් නව ව්‍යවස්ථා සංශෝධනයන් යලි ගෙන ආවත් 1789 දී ප්‍රංශ විප්ලවීය ප්‍රකාශණයන්, 1946 දේශප්‍රේමී ප්‍රකාශණයන්, 1958 ප්‍රධාන ව්‍යවස්ථා ප්‍රකාශණයන්, යුරෝපා මානව අයිතිවාසිකම් සම්මුතියන්, 1948 විශ්ව මානව ප්‍රකාශණය, ළමුන් පිලිබඳ 1989 විශ්ව සම්මුතිය යන ජාතික හා ජාත්‍යන්තර සම්මුතීන් අමතක කර කිසිදු ජාතිවාදී නීති කෙටුම් පතක් ප්‍රංශයේ සම්මත කල නොහැක. එසේ කල් හැක්කේ 1940 දී මෙන් ප්‍රංශයේ නාසි වාදී පක්‍ෂයක් බලයට පැමිණියොත් පමණි.

එම නිසා අප ප්‍රංශයේ වෙසෙන ශ්‍රී ලාංකියන්ගෙන් යලි යලිත් ඉල්ලා සිටිනුයේ තමන් ජයගත් අයිතිවාසිකම් හා දිනා නොගත් අයිතිවාසිකම් වෙනුවෙන් නිරතුරුවම සටන් කරන සාමකාමී මානව අයිතිවාසිකම් සංවිධාන හා වාමාංශික සංවිධාන සමග එක්වන ලෙසයි. එය ඔබ ඔබගේ වීසා බලපත්‍රය ලබා ගැනීමේදී ප්‍රංශ සමාජය සමග අනුගත වීම පෙන්වන අමතර සුදුසුකමක් වනුයේ සම්මත වූ නව නීතිය මෙම ස්වීයකරණය(Intergration හෝ assimilation වීම) හා ප්‍රංශ බස කතා කිරීම ඉතා දැඩිව අවධාරණය කර ඇති බැවිණි.

ප්‍රංශ විප්ලවයේ න්‍යායාචාර්ය ජන් ජැක් රූසෝ පැවසුවේ ” නිවසේ නිදා සිටින කුසීතයා තම ආත්මාර්ථකාමී ජීවිතය අවසන් කර අඳුරු ගුහාවෙන් පිටට අවුත් තම අයිතිවාසිකම් වෙනුවෙන් සටන් කරන විප්ලවවාදියෙකු බවට පත් වන දිනයේදී ඔහු සැබෑ පුරවැසියෙකු බවට පත් වේ”.

ඒ නිසා ජිවත්වන රට අදාලම නැත! පුරවැසියෙකු වන්න! කුසිතයෙකු නොවන්න!

Previous Post

“ප්‍රජාතන්ත්‍රවාදයෙන් තොරව සමාජ සාධාරණත්වයක් පැවතිය නොහැක”ගෞතමාලාවේ නව ජනාධිපති!

Next Post

ෆොන්සේකා දෙලොවක් අතර ?

Next Post
ෆොන්සේකා දෙලොවක් අතර ?

ෆොන්සේකා දෙලොවක් අතර ?

  • Trending
  • Comments
  • Latest
ප්‍රංශයේ නව සංක්‍රමණික නීති හා ප්‍රංශ විප්ලවය !

ප්‍රංශයේ නව සංක්‍රමණික නීති හා ප්‍රංශ විප්ලවය !

ජනවාරි 28, 2024
මරණීය දණ්ඩනයෙන් රනිල් බේරාගත් චන්ද්‍රිකා !-රසල් බණ්ඩාරවත්ත

මරණීය දණ්ඩනයෙන් රනිල් බේරාගත් චන්ද්‍රිකා !-රසල් බණ්ඩාරවත්ත

පෙබරවාරි 20, 2024
වසර 100ක් පිරෙන ලෙනින්ගේ දර්ශනය හා නවීන ලිබරල් ලෝකය

වසර 100ක් පිරෙන ලෙනින්ගේ දර්ශනය හා නවීන ලිබරල් ලෝකය !

ජනවාරි 26, 2024
ෆොන්සේකා දෙලොවක් අතර ?

ෆොන්සේකා දෙලොවක් අතර ?

ජනවාරි 31, 2024
දෙසැම්බර් සංචාරකයින් ලක්ෂ 02 ඉක්මවයි

දෙසැම්බර් සංචාරකයින් ලක්ෂ 02 ඉක්මවයි

0
සයිනොපෙක් ඉන්ධන මිල අඩු කරයි.. ඔවුන්ගේ මිල මෙන්න..

සයිනොපෙක් ඉන්ධන මිල අඩු කරයි.. ඔවුන්ගේ මිල මෙන්න..

0
කියුබාවේ ක්‍රමය අපට හරියන්නෑ.. මාලිමාව කරන්නේ වෙනස්ම එකක්…

කියුබාවේ ක්‍රමය අපට හරියන්නෑ.. මාලිමාව කරන්නේ වෙනස්ම එකක්…

0

තැන තැන වෙඩි තැබීම් මැතිවරණ වලට පෙර භිෂණය පැතිරීම සඳහා වූ සුදානමක්ද ?

0
යුක්රේන භූ සම්පත් අල්ලාගැනීමට ට්‍රම්ප්, රුසියාව හා යුරෝපා සංගමය අතර ගැටුම් උග්‍ර වේ !

යුක්රේන භූ සම්පත් අල්ලාගැනීමට ට්‍රම්ප්, රුසියාව හා යුරෝපා සංගමය අතර ගැටුම් උග්‍ර වේ !

මාර්තු 2, 2025
සිරියානු උතුරු කලාපයේ “කුර්දි රෝජාවා සමාජවාදී කොමියුනය” අනතුරේ ?

සිරියානු උතුරු කලාපයේ “කුර්දි රෝජාවා සමාජවාදී කොමියුනය” අනතුරේ ?

මාර්තු 2, 2025
ඉක්වදෝරය යළි වමට කැරකෙයි !

ඉක්වදෝරය යළි වමට කැරකෙයි !

පෙබරවාරි 13, 2025
ට්‍රම්ප්ට මුහුණ දීමට යුරෝපා සංගමය චීනය හා ඉන්දියාව දෙසට හැරේ!

ට්‍රම්ප්ට මුහුණ දීමට යුරෝපා සංගමය චීනය හා ඉන්දියාව දෙසට හැරේ!

ජනවාරි 22, 2025

Recent News

යුක්රේන භූ සම්පත් අල්ලාගැනීමට ට්‍රම්ප්, රුසියාව හා යුරෝපා සංගමය අතර ගැටුම් උග්‍ර වේ !

යුක්රේන භූ සම්පත් අල්ලාගැනීමට ට්‍රම්ප්, රුසියාව හා යුරෝපා සංගමය අතර ගැටුම් උග්‍ර වේ !

මාර්තු 2, 2025
සිරියානු උතුරු කලාපයේ “කුර්දි රෝජාවා සමාජවාදී කොමියුනය” අනතුරේ ?

සිරියානු උතුරු කලාපයේ “කුර්දි රෝජාවා සමාජවාදී කොමියුනය” අනතුරේ ?

මාර්තු 2, 2025
ඉක්වදෝරය යළි වමට කැරකෙයි !

ඉක්වදෝරය යළි වමට කැරකෙයි !

පෙබරවාරි 13, 2025
ට්‍රම්ප්ට මුහුණ දීමට යුරෝපා සංගමය චීනය හා ඉන්දියාව දෙසට හැරේ!

ට්‍රම්ප්ට මුහුණ දීමට යුරෝපා සංගමය චීනය හා ඉන්දියාව දෙසට හැරේ!

ජනවාරි 22, 2025
Voice of Ceylan

Welcome to the Voice of Ceylan, your go-to source for the latest news and stories from the heart of Sri Lanka. Operating from France, we bring you up-to-date and insightful coverage on diverse topics, providing a unique perspective on the vibrant culture, politics, and events shaping the island. Stay informed with us as we bridge the miles to connect you with the pulse of Sri Lanka.

Follow Us

Browse by Category

  • ආර්ථික
  • එසැණ පුවත්
  • කර්තෘ සටහන
  • කාලීන සිදුවීම්
  • ජාත්‍යන්තර
  • දේශපාලන
  • නව ප්‍රංශ නීති
  • සංචාරක

Recent News

යුක්රේන භූ සම්පත් අල්ලාගැනීමට ට්‍රම්ප්, රුසියාව හා යුරෝපා සංගමය අතර ගැටුම් උග්‍ර වේ !

යුක්රේන භූ සම්පත් අල්ලාගැනීමට ට්‍රම්ප්, රුසියාව හා යුරෝපා සංගමය අතර ගැටුම් උග්‍ර වේ !

මාර්තු 2, 2025
සිරියානු උතුරු කලාපයේ “කුර්දි රෝජාවා සමාජවාදී කොමියුනය” අනතුරේ ?

සිරියානු උතුරු කලාපයේ “කුර්දි රෝජාවා සමාජවාදී කොමියුනය” අනතුරේ ?

මාර්තු 2, 2025
  • About
  • Advertise
  • Privacy & Policy
  • Contact

© 2024 Voice of Ceylan All rights reserved.

No Result
View All Result
  • එසැණ පුවත්
  • කර්තෘ සටහන
  • දේශපාලන
  • ආර්ථික
  • කාලීන සිදුවීම්
  • ජාත්‍යන්තර
  • සංචාරක
  • නව ප්‍රංශ නීති

© 2024 Voice of Ceylan All rights reserved.

  • Sinhala (සිංහල)