• Contact
  • si Sinhala (සිංහල)
  • fr Français
Advertisement
  • එසැණ පුවත්
  • කර්තෘ සටහන
  • දේශපාලන
  • ආර්ථික
  • කාලීන සිදුවීම්
  • ජාත්‍යන්තර
  • සංචාරක
  • නව ප්‍රංශ නීති
  • Events
No Result
View All Result
  • එසැණ පුවත්
  • කර්තෘ සටහන
  • දේශපාලන
  • ආර්ථික
  • කාලීන සිදුවීම්
  • ජාත්‍යන්තර
  • සංචාරක
  • නව ප්‍රංශ නීති
  • Events
No Result
View All Result
Voice of Ceylan
No Result
View All Result
Home එසැණ පුවත්

ඕන් ලයින් ආරක්ෂක පනතට හා ත්‍රස්ත්‍ර-විරෝධී මර්දන පනතට ජාත්‍යන්තර විරෝධය!

පෙබරවාරි 3, 2024
in එසැණ පුවත්, ජාත්‍යන්තර
0
ඕන් ලයින් ආරක්ෂක පනතට හා ත්‍රස්ත්‍ර-විරෝධී මර්දන පනතට ජාත්‍යන්තර විරෝධය!
0
SHARES
5
VIEWS
Share on FacebookShare on Twitter

1978 සිට ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත වෙනුවට ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව විසින් දැනට සලකා බලමින් සිටින නව ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත පිළිබඳව අපි ඉතා කනස්සල්ලට පත්ව සිටිමු” යනුවෙන් සඳහන් කරමින් එ.ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය (OHCHR) නිවේදනයක් නිකුත් කරමින් කියා සිටි.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කර රටේ අභ්‍යන්තර ආරක්ෂාව සම්බන්ධයෙන් අර්ථවත් ජාතික සමගිය ඇති කිරීමේ ප්‍රතිසංස්කරණයක් සඳහා වූ හැරවුම් ලක්ෂ්‍යයක් සිදු කිරීම වෙනුවට ශ්‍රී ලංකා රජය විසින් ඉදිරිපත් කර ඇති යෝජිත නීති කෙටුම්පත මගින් පැරණි පනතේ විවාදයට ලක් වූ වගන්ති ඉවත් කිරීමට වෙනුවට ඒවා තවදුරටත් පවත්වාගෙන යාමේ පිළිවෙතක් සිදු කරමින් සිටින බව එජා මානව අයිතිවාසිකම් කොමිසමේ ප්‍රකාශිකා Ravina Shamdasani එක්සත් ජාතීන්ගේ මාධ්‍ය හමුවේදී සඳහන් කර සිටියාය.

එක්සත් ජාතීන්ගේ මානව අයිතිවාසිකම් කොමිසමේ (OHCHR) නිවේදනයට අනුව, යෝජිත නීති කෙටුම්පතට එරෙහිව එල්ලවූ ජාත්‍යන්තර හා ජාතික විරෝධතා වලින් පසුවත් ඒවා සංශෝධන කර යලි සභාගත කිරීමට උත්සහ කරන නව කෙටුම්පතත පැරණි කෙටුම්පතට බොහෝ දුරට සමාන වේ.

මෙම නව කෙටුම්පත තුල “ත්‍රස්තවාදී” ක්‍රියාවන් යන පරිච්චේදය ඉතා පුළුල් ලෙස නිර්වචනය කරයි: විශේෂයෙන් රැඳවුම් නියෝගවල නීත්‍යානුකූලභාවයට එරෙහිව අභියෝග කිරීම සම්බන්ධයෙන් අධිකරණ ක්‍රියාමාර්ග වල විෂය පථය දැඩි ලෙස සීමා කරනු ලබයි. එසේම අනෙකුත් ගැටළු සහගත විධිවිධාන අතර රැඳවුම් ස්ථාන වෙත යාමට මානව හිමිකම් කොමිසමට ඇති හැකියාව සීමා කර ඇති බව එජා මහ කොමසාරිස් කාර්යාලයේ ප්‍රකාශකයා මාධ්‍ය අමතා ප්‍රකාශ කර සිටියාය.

ඒ අනුව නීති කෙටුම්පතේ වත්මන් ස්වරූපයෙන්ම එය සම්මත වුවහොත්, පනත් කෙටුම්පත රටේ විධායකයට සිරකරුවන්ගේ අයිතිවාසිකම් සීමා කිරීමට අධික බලතල ලබා දෙනු ඇත. විධායකයට ලබා දෙන මෙම බලතල අනිසි ලෙස භාවිතා කිරීමට එරෙහිව සීමිත හෝ ආරක්ෂාවක් වින්දිතයන්ට ලබා දීමේ ක්‍රමවේදයක් මෙහි දක්නට නොලැබේ.

මෙම නීතිය මඟින් වරෙන්තුවක් නොමැතිව පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට ආරක්ෂක අංශවලට ඉඩකඩ සැලසීමෙන් රටේ සාමාන්‍ය නීතිමය පදනම් පවා දුර්වල වනු ඇතැයි ද කොමිසම අවධාරණය කර සිටි. තවද, චුදිතයින් දිගුකාලීනව රඳවා තබා ගැනීම් සඳහා වූ හැකියාවද සහතික කර ඇත.

“මෙම පනත් කෙටුම්පත සකස් කිරීමේදී ශ්‍රී ලංකාව හා ජාත්‍යන්තර මානව හිමිකම් බැඳීම් හා සම්මුති සමඟ සම්පුර්ණයෙන්ම අනුකූල වන ලෙසත්, සිවිල් සමාජය සහ අනෙකුත් පාර්ශවකරුවන් සමඟ අර්ථවත් ලෙස සම්බන්ධ වන ලෙසත් සැලකිය යුතු ලෙස සංශෝධනය කර සම්මත කර ගන්නා ලෙස අපි බලධාරීන්ගෙන් ඉල්ලා සිටිමු” එක්සත් ජාතීන්ගේ මානව අයිතිවාසිකම් කොමිසම ශ්‍රී ලංකා රජයට බල කර සිටි.

“ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය හා ආණ්ඩුවේ ජනතා සුබසාධන කප්පාදු පිලිවෙත්වල බලපෑම් නිසා ජනතාව අත්විඳින දුෂ්කරතා සහ එයට එරෙහිව නිතර විරෝධතා සංවිධාන කරන බැවින්, මෙම නීති සම්පාදනය බලධාරීන් විසින් අනිසි ලෙස භාවිතා කිරීමේ අවදානමක් ඇති අතර සමාජ ජාලා අවකාශයන් තවදුරටත් සීමා කිරීමට සහ විරුද්ධවාදීන් මර්දනය කිරීමට ද යොදා ගනු ඇත. මෙම මැතිවරණ වර්ෂයේදී සහ පෙළපාලි මර්දනයේ අප කීර්තිමත් ඉතිහාසයක් ඇති ශ්‍රී ලංකාව මැතිවරණයට පෙර හා පසුව යන කාල වලදී රටේ ජනතාවගේ දේශපාලන අයිතිවාසිකම්වලට ගරු කිරීම සහතික කිරීම සහ එම සහතික කිරීම මගින් ඔවුන්ගේ ජාත්‍යන්තර මානව හිමිකම් බැඳීම් සහ ඒවා ආරක්ෂා කිරීමට කැපවීම් ගරු කිරීම ප්‍රදර්ශනය කළ යුතු. »යයි මේ අතර ශ්‍රී ලංකාව විසින් සම්මත කල ඕන් ලයින් ආරක්ෂක පනත සම්බන්ධයෙන් ඇම්නෙස්ටි ජාත්‍යන්තරය සඳහන් කර සිටි.

“ඔන්ලයින් ආරක්ෂණ පනත සම්මත කිරීම ශ්‍රී ලංකාවේ මානව හිමිකම් ආරක්ෂාවට විශාල පහරක්. මෙම නීති කෙටුම් පත නිදහසේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය උල්ලංඝණය කිරීමටත් විරුද්ධ පක්‍ෂ මර්දනය කිරීමටත් යොදා ගත හැකි ආණ්ඩුවේ ප්‍රධාන තුරුම්පුවක් බවට පත් කර ගැනීමට හැකියාව තිබෙනවා. ඒ නිසා බලධාරීන් එය වහාම ඉවත් කර රටේ සියලුම වැසියන්ගේ මූලික අයිතිවාසිකම්වලට ගරු කිරීම සහතික කළ යුතුයි” යයි ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් හි දකුණු ආසියානු විශේෂඥ ත්‍යාගි රුවන්පතිරණ පවසා සිටියාය.

Previous Post

පකිස්ථානයේ ඉම්රාන් ඛාන්ව මැතිවරණයෙන් ඉවත් කරයි !

Next Post

බුරුමය මහජන විප්ලවයක් අබිමුව ?

Next Post
බුරුමය මහජන විප්ලවයක් අබිමුව ?

බුරුමය මහජන විප්ලවයක් අබිමුව ?

  • Trending
  • Comments
  • Latest
ප්‍රංශයේ නව සංක්‍රමණික නීති හා ප්‍රංශ විප්ලවය !

ප්‍රංශයේ නව සංක්‍රමණික නීති හා ප්‍රංශ විප්ලවය !

ජනවාරි 28, 2024
මරණීය දණ්ඩනයෙන් රනිල් බේරාගත් චන්ද්‍රිකා !-රසල් බණ්ඩාරවත්ත

මරණීය දණ්ඩනයෙන් රනිල් බේරාගත් චන්ද්‍රිකා !-රසල් බණ්ඩාරවත්ත

පෙබරවාරි 20, 2024
වසර 100ක් පිරෙන ලෙනින්ගේ දර්ශනය හා නවීන ලිබරල් ලෝකය

වසර 100ක් පිරෙන ලෙනින්ගේ දර්ශනය හා නවීන ලිබරල් ලෝකය !

ජනවාරි 26, 2024
ෆොන්සේකා දෙලොවක් අතර ?

ෆොන්සේකා දෙලොවක් අතර ?

ජනවාරි 31, 2024
දෙසැම්බර් සංචාරකයින් ලක්ෂ 02 ඉක්මවයි

දෙසැම්බර් සංචාරකයින් ලක්ෂ 02 ඉක්මවයි

0
සයිනොපෙක් ඉන්ධන මිල අඩු කරයි.. ඔවුන්ගේ මිල මෙන්න..

සයිනොපෙක් ඉන්ධන මිල අඩු කරයි.. ඔවුන්ගේ මිල මෙන්න..

0
කියුබාවේ ක්‍රමය අපට හරියන්නෑ.. මාලිමාව කරන්නේ වෙනස්ම එකක්…

කියුබාවේ ක්‍රමය අපට හරියන්නෑ.. මාලිමාව කරන්නේ වෙනස්ම එකක්…

0

තැන තැන වෙඩි තැබීම් මැතිවරණ වලට පෙර භිෂණය පැතිරීම සඳහා වූ සුදානමක්ද ?

0
යුක්රේන භූ සම්පත් අල්ලාගැනීමට ට්‍රම්ප්, රුසියාව හා යුරෝපා සංගමය අතර ගැටුම් උග්‍ර වේ !

යුක්රේන භූ සම්පත් අල්ලාගැනීමට ට්‍රම්ප්, රුසියාව හා යුරෝපා සංගමය අතර ගැටුම් උග්‍ර වේ !

මාර්තු 2, 2025
සිරියානු උතුරු කලාපයේ “කුර්දි රෝජාවා සමාජවාදී කොමියුනය” අනතුරේ ?

සිරියානු උතුරු කලාපයේ “කුර්දි රෝජාවා සමාජවාදී කොමියුනය” අනතුරේ ?

මාර්තු 2, 2025
ඉක්වදෝරය යළි වමට කැරකෙයි !

ඉක්වදෝරය යළි වමට කැරකෙයි !

පෙබරවාරි 13, 2025
ට්‍රම්ප්ට මුහුණ දීමට යුරෝපා සංගමය චීනය හා ඉන්දියාව දෙසට හැරේ!

ට්‍රම්ප්ට මුහුණ දීමට යුරෝපා සංගමය චීනය හා ඉන්දියාව දෙසට හැරේ!

ජනවාරි 22, 2025

Recent News

Welcome to the Voice of Ceylan, your go-to source for the latest news and stories from the heart of Sri Lanka. Operating from France, we bring you up-to-date and insightful coverage on diverse topics, providing a unique perspective on the vibrant culture, politics, and events shaping the island. Stay informed with us as we bridge the miles to connect you with the pulse of Sri Lanka.

Follow Us

Browse by Category

  • ආර්ථික
  • එසැණ පුවත්
  • කර්තෘ සටහන
  • කාලීන සිදුවීම්
  • ජාත්‍යන්තර
  • දේශපාලන
  • නව ප්‍රංශ නීති
  • සංචාරක

Recent News

යුක්රේන භූ සම්පත් අල්ලාගැනීමට ට්‍රම්ප්, රුසියාව හා යුරෝපා සංගමය අතර ගැටුම් උග්‍ර වේ !

යුක්රේන භූ සම්පත් අල්ලාගැනීමට ට්‍රම්ප්, රුසියාව හා යුරෝපා සංගමය අතර ගැටුම් උග්‍ර වේ !

මාර්තු 2, 2025
සිරියානු උතුරු කලාපයේ “කුර්දි රෝජාවා සමාජවාදී කොමියුනය” අනතුරේ ?

සිරියානු උතුරු කලාපයේ “කුර්දි රෝජාවා සමාජවාදී කොමියුනය” අනතුරේ ?

මාර්තු 2, 2025
  • About
  • Advertise
  • Privacy & Policy
  • Contact

© 2024 Voice of Ceylan All rights reserved.

No Result
View All Result
  • එසැණ පුවත්
  • කර්තෘ සටහන
  • දේශපාලන
  • ආර්ථික
  • කාලීන සිදුවීම්
  • ජාත්‍යන්තර
  • සංචාරක
  • නව ප්‍රංශ නීති

© 2024 Voice of Ceylan All rights reserved.

  • Sinhala (සිංහල)