• Contact
  • si Sinhala (සිංහල)
  • fr Français
Advertisement
  • එසැණ පුවත්
  • කර්තෘ සටහන
  • දේශපාලන
  • ආර්ථික
  • කාලීන සිදුවීම්
  • ජාත්‍යන්තර
  • සංචාරක
  • නව ප්‍රංශ නීති
  • Events
No Result
View All Result
  • එසැණ පුවත්
  • කර්තෘ සටහන
  • දේශපාලන
  • ආර්ථික
  • කාලීන සිදුවීම්
  • ජාත්‍යන්තර
  • සංචාරක
  • නව ප්‍රංශ නීති
  • Events
No Result
View All Result
Voice of Ceylan
No Result
View All Result
Home එසැණ පුවත්

බුරුමය මහජන විප්ලවයක් අබිමුව ?

පෙබරවාරි 4, 2024
in එසැණ පුවත්, ජාත්‍යන්තර, දේශපාලන
0
බුරුමය මහජන විප්ලවයක් අබිමුව ?
0
SHARES
12
VIEWS
Share on FacebookShare on Twitter

2021 පෙබරවාරි 1 වැනිදා හමුදා කුමන්ත්‍රණයකින් බලයට පැමිණි බුරුම මිලිටරි ජුන්ටාව රටේ ස්ථාවරත්වයක් නොමැති බව පවසමින් යලිත් වරක් මැතිවරන සංවිධාන කිරීම ප්‍රතික්‍ෂේප කර හදිසි නීතිය තවත් මාස හයකට දීර්ඝ කර ඇත. නමුත් වර්තමානය වන විට බුරුම හමුදාව සහ එහි දේශපාලන සහ වාර්ගික විරුද්ධවාදීන් අතර ප්‍රචණ්ඩත්වය උත්සන්න වී රට තුල සාමය බරපතල ලෙස කඩා වැටී ඇත. සටන් හේතුවෙන් සිවිල් වැසියන් මිලියන 2.5 වැඩි පිරිසක් අවතැන් වී 4000කට අධික පිරිසක් මියගොස්, විශාල පිරිසක් සිර ගෙවල් වලට ගාල් කර ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය මේ අතර ඊයේ මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටියේය.

මීට වසර තුනකට පෙර බුරුම හමුදා ජුන්ටාව ලේ වැකි කුමන්ත්‍රණයකින් නොබෙල් සාම ත්‍යාග ලාභී Aung San Suu Kyiගේ රජය පෙරලා දැමුවේය. අද වන විට රටේ පාලනය කැරලිකාර කණ්ඩායම් කිහිපයක ග්‍රහණයට ලක් වී ඇත. යුධ විශ්ලේෂකයින්ට අනුව, ප්‍රජාතන්ත්‍රවාදී රජය 2021 වසරේ බලයෙන් පහකිරීමෙන් පසුව රට පුරා හිස එසවූ විවිධ සන්නද්ධ මහජන ආරක්ෂක කණ්ඩායම් එකතු කර ගොඩ නැගු මහජන ආරක්ෂක බලකාය වන PDF, හා ඔවුන්ගේ කාර්යක්ෂම ගරිල්ලා ප්‍රහාරයන් රජයේ හමුදාව ව්‍යාකුල තත්වයට පත් කර ඇත.

පසුගිය වසරේ ජනවාර්ගික ගරිල්ලා කණ්ඩායම් තුනක් විසින් ඒකා බද්ධව එල්ල කරන ලද විශ්මිත ප්‍රහාර රාශියක් මගින් චීන-බුරුම දේශසීමාව ආසන්නයේ, චීනය සමඟ වෙළඳාම සඳහා බුරුම මිලිටරි ජුන්ටාව විසින් යොදා ගන්නා උපාය මාර්ගිකව වැදගත් නගර සහ මාර්ග රාශියක් අල්ලා ගැනීමට සමත් විණි. 2023 ඔක්තෝම්බර් 27 දා එල්ල කරන ලද මෙම ඒකාබද්ධ ප්‍රහාරය මගින් හමුදා කඳවුරු 300ක් අල්ලා ගැනීමට ද ගරිල්ලා කණ්ඩායම් සමත් විණි. මිලිටරි ජුන්ටාවට දැන් රටෙන් 50%කට වඩා පාලනය අහිමි වී ඇති අතර, ඉන්දියාවට මායිම්ව ඇති චින් ප්‍රාන්තයේ, විශාල හමුදා කඳවුරු පහක් ද ඇතුළුව පළාතෙන් 70% ක් නැවත අත්පත් කර ගැනීමට ප්‍රාදේශීය ගරිල්ලා සංවිධානයක් වන CNA ගරිල්ලා හමුදා මේ අතර සමත් වූ බව පැවසේ.

බුරුම මිලිටරි ජුන්ටාව දුර්වලවීමත් සමග චීනය මේ වන විට රජය හා ගරිල්ලා කණ්ඩායම් අතර සාම සාකච්චා සඳහා මැදිහත් වී ඇති අතර පසුගිය වසරේ දෙසම්බර් 14 වැනිදා සටන් විරාමයක් ද දෙපාර්ශය අතර ප්‍රකාශයට පත් කිරීමට සමත් විණි. බුරුම ජුන්ටාව විසින් චීන බුරුම දේශ සීමා කලාපයන් තුල කැසිනෝ, මත්ද්‍රව්‍ය, ගණිකා මඩම් හා විවිධ සයිබර් අපරාධ පවත්වාගෙන යන කාරණා හේතුවෙන් හා මෙම සංවිධානාත්මක අපරාධ වල වින්දිතයින් බවට පත්ව ඇත්තේ චීන ජාතිකයින් නිසා චීනය මේ වන විට සිටිනුයේ බුරුම රජය සමග උරණ වෙමිනි. බෙයිජිං හි අනුග්‍රහය යටතේ ඇති වූ සටන් විරාම ගිවිසුම මගින් කලාපයේ ප්‍රචණ්ඩ ක්‍රියා නැවතී ඇති අතර, චීනය ඒකාබද්ධ ගරිල්ලා සන්ධානයට තම අනුග්‍රහය දක්වන බව ද බටහිර මාධ්‍ය මේ අතර වාර්තා කර සිටි.

තවද හමුදා කුමන්ත්‍රණයට වසර තුනක් පිරෙන මේ මොහොතේ බුරුම විපක්‍ෂය(NUG) 2024 වසර නිදහසේ වසර ලෙස ප්‍රකාශයට පත් කර ඇත.

ඒ අනුව බුරුම විපක්‍ෂය(NUG) මිලිටරි ජුන්ටාව පෙරලා දමා බිහිකරන නව රජයේ ප්‍රතිපත්ති ලෙස ජාතික ප්‍රශ්ණය විසඳීම සඳහා එරට වෙසෙන සංඛ්‍යාවෙන් 141 වන විවිධ ජනවර්ග සඳහා සමානාත්මතාවය සහතික කරන ෆෙඩරල් ව්‍යවස්ථාවක් සහිත බහු වාර්ගික රාජ්‍යයක් බිහි කිරීමත්, හමුදාව දේශපාලනයෙන් නිදහස් කර ප්‍රජාතන්ත්‍රවාදිව මහජන චන්දයෙන් පත්වන සිවිල් රජයේ පාලනයකට ලක් කිරීමත්, මේ දක්වා සියළු හමුදා පාලනයන් ගෙන් පීඩාවට පත් වූ ජනතාවට වන්දි ගෙවීම සඳහා ජාතික කොමිසමක් පත් කිරීමත් යන යෝජනා සහිත වැඩපිළිවෙලක් ඉදිරිපත් කර ඇත.

මේ වන විට බුරුම සිවිල් යුද්ධය හේතුවෙන් අවම වශයෙන් 4,400 ක් මිය ගොස් ඇති අතර දස දහස් ගණනක් අත්අඩංගුවට ගැනීම් වලට ලක් වී ඇත. නමුත් වසර තුනක කාලය සිදු වූ මර්දනය ඉදිරියේ ජනතාව සංවිධානය වෙමින් පවතී. මුලදී ඔවුන් කැරලිකාර ජනවාර්ගික කණ්ඩායම් ලෙස බෙදී පැවතියද වර්තමානය වන විට හොඳින් පුහුණව ලැබූ සැබෑ මහජන හමුදාවක්(PDF) බවට පත්ව ඇත. සෑම දිනකම, නව බඳවා ගැනීම් සිදු වන අතර ඉතා අධිෂ්ඨානශීලී පිරිමි සහ ගැහැණු සන්නද්ධ ව්‍යාපාරය වටා ගොනු වෙමින් පවතී.

මේ අතර චන්දයෙන් තේරී පත් වූ නායිකා අවුන් සාන් සුකීගේ රජය බලයෙන් පහකිරීමේ බුරුම හමුදා ජුන්ටාවේ තෙවැනි සංවත්සරය එරට ඉතිහාසයේ “අඳුරු” දිනයක් සනිටුහන් කරන බව එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස්ගේ ප්‍රකාශක ස්ටෙෆාන් ඩුජාරික් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය.

බුරුම ඉතිහාසයේ ප්‍රථම වරට බුරුම හමුදාවේ සොල්දාදුවන් මානසිකව, සංවිධානත්මක තලයේ හා නායකත්වයක් නොමැති දුර්වල තත්වයකට වැටී ඇති අතර රට පුරා බලය අල්ලා ගෙන සිටින ගරිල්ලා කණ්ඩායම් හමුවේ ගුවන් ප්‍රහාරක බලය පමණක් තමන් අත රඳවාගෙන සිටි. කෙසේවෙතත් මිලිටරි ජුන්ටාව ඇද වැටුනත් බලයට පත්වන විපක්‍ෂය නිර්මාණය කිරීමට සුදානම් වන අනාගත නව රජයේ ෆෙඩරල් ව්‍යවස්ථාව හා රටේ විවිධ ජන කණ්ඩායම් හා බෙදුම්වාදී ඉල්ලීම් හමුවේ බිඳී යාමේ හැකියාවක් පවතින අතර එය රටේ ආර්ථික සම්පත් වන තෙල්,ගෑස්, මිනිරන්, මැණික් කොල්ලකෑමට අපේක්ෂා කරන බහු ජාතික සමාගම් වල පහසු ගොදුරක් බවට බුරුමය පත් වීමේ ඉඩක් ද නිර්මාණය විය හැකි බව දේශපාලන නිරීක්ෂකයින්ගේ මතයයි.

Previous Post

ඕන් ලයින් ආරක්ෂක පනතට හා ත්‍රස්ත්‍ර-විරෝධී මර්දන පනතට ජාත්‍යන්තර විරෝධය!

Next Post

දේශීය මුදල් සංචිත විදේශ ප්‍රේෂණ වලට පරිවර්තනය කිරීමට පැනවූ සීමාවන් ඉවතට !

Next Post
දේශීය මුදල් සංචිත විදේශ ප්‍රේෂණ වලට පරිවර්තනය කිරීමට පැනවූ සීමාවන් ඉවතට !

දේශීය මුදල් සංචිත විදේශ ප්‍රේෂණ වලට පරිවර්තනය කිරීමට පැනවූ සීමාවන් ඉවතට !

  • Trending
  • Comments
  • Latest
ප්‍රංශයේ නව සංක්‍රමණික නීති හා ප්‍රංශ විප්ලවය !

ප්‍රංශයේ නව සංක්‍රමණික නීති හා ප්‍රංශ විප්ලවය !

ජනවාරි 28, 2024
මරණීය දණ්ඩනයෙන් රනිල් බේරාගත් චන්ද්‍රිකා !-රසල් බණ්ඩාරවත්ත

මරණීය දණ්ඩනයෙන් රනිල් බේරාගත් චන්ද්‍රිකා !-රසල් බණ්ඩාරවත්ත

පෙබරවාරි 20, 2024
වසර 100ක් පිරෙන ලෙනින්ගේ දර්ශනය හා නවීන ලිබරල් ලෝකය

වසර 100ක් පිරෙන ලෙනින්ගේ දර්ශනය හා නවීන ලිබරල් ලෝකය !

ජනවාරි 26, 2024
ෆොන්සේකා දෙලොවක් අතර ?

ෆොන්සේකා දෙලොවක් අතර ?

ජනවාරි 31, 2024
දෙසැම්බර් සංචාරකයින් ලක්ෂ 02 ඉක්මවයි

දෙසැම්බර් සංචාරකයින් ලක්ෂ 02 ඉක්මවයි

0
සයිනොපෙක් ඉන්ධන මිල අඩු කරයි.. ඔවුන්ගේ මිල මෙන්න..

සයිනොපෙක් ඉන්ධන මිල අඩු කරයි.. ඔවුන්ගේ මිල මෙන්න..

0
කියුබාවේ ක්‍රමය අපට හරියන්නෑ.. මාලිමාව කරන්නේ වෙනස්ම එකක්…

කියුබාවේ ක්‍රමය අපට හරියන්නෑ.. මාලිමාව කරන්නේ වෙනස්ම එකක්…

0

තැන තැන වෙඩි තැබීම් මැතිවරණ වලට පෙර භිෂණය පැතිරීම සඳහා වූ සුදානමක්ද ?

0
යුක්රේන භූ සම්පත් අල්ලාගැනීමට ට්‍රම්ප්, රුසියාව හා යුරෝපා සංගමය අතර ගැටුම් උග්‍ර වේ !

යුක්රේන භූ සම්පත් අල්ලාගැනීමට ට්‍රම්ප්, රුසියාව හා යුරෝපා සංගමය අතර ගැටුම් උග්‍ර වේ !

මාර්තු 2, 2025
සිරියානු උතුරු කලාපයේ “කුර්දි රෝජාවා සමාජවාදී කොමියුනය” අනතුරේ ?

සිරියානු උතුරු කලාපයේ “කුර්දි රෝජාවා සමාජවාදී කොමියුනය” අනතුරේ ?

මාර්තු 2, 2025
ඉක්වදෝරය යළි වමට කැරකෙයි !

ඉක්වදෝරය යළි වමට කැරකෙයි !

පෙබරවාරි 13, 2025
ට්‍රම්ප්ට මුහුණ දීමට යුරෝපා සංගමය චීනය හා ඉන්දියාව දෙසට හැරේ!

ට්‍රම්ප්ට මුහුණ දීමට යුරෝපා සංගමය චීනය හා ඉන්දියාව දෙසට හැරේ!

ජනවාරි 22, 2025

Recent News

Welcome to the Voice of Ceylan, your go-to source for the latest news and stories from the heart of Sri Lanka. Operating from France, we bring you up-to-date and insightful coverage on diverse topics, providing a unique perspective on the vibrant culture, politics, and events shaping the island. Stay informed with us as we bridge the miles to connect you with the pulse of Sri Lanka.

Follow Us

Browse by Category

  • ආර්ථික
  • එසැණ පුවත්
  • කර්තෘ සටහන
  • කාලීන සිදුවීම්
  • ජාත්‍යන්තර
  • දේශපාලන
  • නව ප්‍රංශ නීති
  • සංචාරක

Recent News

යුක්රේන භූ සම්පත් අල්ලාගැනීමට ට්‍රම්ප්, රුසියාව හා යුරෝපා සංගමය අතර ගැටුම් උග්‍ර වේ !

යුක්රේන භූ සම්පත් අල්ලාගැනීමට ට්‍රම්ප්, රුසියාව හා යුරෝපා සංගමය අතර ගැටුම් උග්‍ර වේ !

මාර්තු 2, 2025
සිරියානු උතුරු කලාපයේ “කුර්දි රෝජාවා සමාජවාදී කොමියුනය” අනතුරේ ?

සිරියානු උතුරු කලාපයේ “කුර්දි රෝජාවා සමාජවාදී කොමියුනය” අනතුරේ ?

මාර්තු 2, 2025
  • About
  • Advertise
  • Privacy & Policy
  • Contact

© 2024 Voice of Ceylan All rights reserved.

No Result
View All Result
  • එසැණ පුවත්
  • කර්තෘ සටහන
  • දේශපාලන
  • ආර්ථික
  • කාලීන සිදුවීම්
  • ජාත්‍යන්තර
  • සංචාරක
  • නව ප්‍රංශ නීති

© 2024 Voice of Ceylan All rights reserved.

  • French
  • Sinhala (සිංහල)