• Contact
  • si Sinhala (සිංහල)
  • fr Français
Advertisement
  • එසැණ පුවත්
  • කර්තෘ සටහන
  • දේශපාලන
  • ආර්ථික
  • කාලීන සිදුවීම්
  • ජාත්‍යන්තර
  • සංචාරක
  • නව ප්‍රංශ නීති
  • Events
No Result
View All Result
  • එසැණ පුවත්
  • කර්තෘ සටහන
  • දේශපාලන
  • ආර්ථික
  • කාලීන සිදුවීම්
  • ජාත්‍යන්තර
  • සංචාරක
  • නව ප්‍රංශ නීති
  • Events
No Result
View All Result
Voice of Ceylan
No Result
View All Result
Home එසැණ පුවත්

ප්‍රංශ දේශප්‍රේමී ජාතික ව්‍යාපාරයේ විමුක්ති භටයෙකුට වසර 80කට පසු රාජ්‍ය ගෞරව!

පෙබරවාරි 19, 2024
in එසැණ පුවත්, කාලීන සිදුවීම්, ජාත්‍යන්තර
0
ප්‍රංශ දේශප්‍රේමී ජාතික ව්‍යාපාරයේ විමුක්ති භටයෙකුට වසර 80කට පසු රාජ්‍ය ගෞරව!
0
SHARES
12
VIEWS
Share on FacebookShare on Twitter

1940-45 කාලය යනු ප්‍රංශ ජනතාවට අද දක්වාත් අමතක නොවන කාල පරිච්ඡේදයක් ලෙස සැලකෙන යුගයක් ලෙස සැලකේ. ප්‍රංශයේ නාසි ගැති මාර්ෂල් පෙතාන්ගේ ආණ්ඩුව විසින් හිට්ලර් සමග ගසන ලද යටත්වීමේ ද්‍රෝහී ගිවිසුම හා එහි ප්‍රථිපලයක් ලෙස පැමිණි ආක්‍රමණික හමුදාවට එරෙහිව ප්‍රංශ ජනතාව ආයුධ අතට ගත්හ. මෙම ද්‍රෝහී ගිවිසුම ප්‍රතික්‍ෂේප කරමින් ප්‍රංශ හමුදාවේ ජෙනරල් ඩිගොල් මව්බිමේ ඓතිහාසික සතුරාට එරෙහිව විමුක්ති අරගලයට එක්වන ලෙස ප්‍රංශ ජනතාවගෙන් ඉල්ලා සිටියේය.

මෙම ආක්‍රමණයත් සමගින් ප්‍රංශ කොමියුනිස්ට් පක්‍ෂය වහා තහනම් කරන ලදී. ප්‍රංශය ජර්මන් ආක්‍රමණයෙන් හා රූකඩ පෙතාන් රජයෙන් මුදාගැනීම සඳහා දේශප්‍රේමී ජාතික ව්‍යාපාරය (CNR) බිහි වනුයේ ජෙනරල් ඩිගොල් හා කොමියුනිස්ට් පක්ෂය එක් වීමෙනි. එහි එක් අංශයක් වූ MOI නම් ගරිල්ලා කණ්ඩායම යුරෝපයේ සතර දෙසින් පැමිණි විදේශීය ජාත්‍යන්තරවාදීන්ගෙන් සමන්විත වූ අතර එයට නායකත්වය දෙනු ලැබුවේ ආර්මේනියානු ජාතික misaak manouchianවේ. ඔහු ඇතුළු ඔහුගේ සගයින් 23දෙනෙකු නාසීන් විසින් මරා දමා වසර 80ක් පිරෙන 2024 දී ඔවුන්ට රාජ්‍ය ගෞරවය ලබා දීමට ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මක්රෝන් පසුගිය ජුනි 18 වැනිදා අවසානයේ තීරණය කරනු ලැබුවේය.

Misaak Manouchian උපත ලබනුයේ 1906 සැප්තැම්බර් 1වැනිදා වර්තමාන ආර්මේනියාවේ hisn-mansur ප්‍රදේශයේ දීය. පළමුවන ලෝක මහා යුධ සමයේ තුර්කිය විසින් ආර්මේනුයානු ජනතාවට එරෙහිව සිදු කල මහා ජන සංහාරයෙන්(1915-1923) ඔහුගේ මව්පියන් මරා දමනු ලැබීය. පසුව ඔහු දිවි ගලවා ගනිමින් 1925 දී ප්‍රංශයට පැමිණේ. එහි දී ඔහුට තමන් සේම දෙමව්පියන් අහිමි වී අනාථ දැරියක් ලෙස ප්‍රංශයට පැමිණි Melinee සමග 1936 පෙබරවාරි 22 වනදා විවාහ වේ. ඒ කාලය වන විට යුරෝපය පුරා පැතිරී ගිය ෆැසිස්ට්වාදයට හා නාසි වාදයට එරෙහිව ඔවුන් දෙදනාම පසුව ප්‍රංශ කොමියුනිස්ට් පක්‍ෂයට එක් වේ.

එහිදී මිසාක් මනුෂියාන් පැරිසියේ සෙන්ට් මිෂෙල් කලාප කමිටුවේ ලේකම් ලෙස පත් වේ. ඔවුන් දෙදනාම ප්‍රංශයට පැමිණෙන විදේශීය කම්කරුවන්ගේ අයිතිවාසිකම්, වීසා ප්‍රශ්න, ප්‍රංශ භාෂාව ඉගැන්වීම වැනි ඔවුන්ගේ සුබසාධන කටයුතු වෙනුවෙන් පෙනී සිටීම මෙන්ම එසේ පැමිණි විදේශික කම්කරුවන්ට දේශපාලන පංතිද පවත්වනු ලබයි. පුනරුදය, ප්‍රංශ විප්ලවය, බෝල්ෂෙවික් විප්ලවය හා පැරිස් කොමියුනයෙන් ආභාෂය ලැබූ මිසාක් මනුෂියාන් කවියෙකුද වූ අතර ප්‍රංශයේ පර්ජෝ මෝටර් රථ කම්හලක කම්කරුවෙකු ලෙසද සේවය කළේය.

පසුව යුරෝපය පුරා නැගී එන ෆැසිස්ට්වාදය හා නාසිවාදය හමුවේ ඔවුන් දෙදනාම ලෙනින් විසින් ගොඩනගන ලද සෝවියට් දේශයේ තුන්වැනි ජාත්‍යන්තරයේ සාමාජිකයින්(Komintern) බවටද පත්වේ. විශේෂයෙන් 1936-1939 කාලයේදී ස්පාඤ්ඤයේ ඒකාධිපති ෆ්‍රෑන්කෝගේ හමුදාවට එරෙහිව සටන් වැදි කොමියුනිස්ට්වාදීන් වෙනුවෙන් ෆැරෑන්ක් මිලියනක මුදලක් හා ඖෂධ එකතුකර ලබා දී ඔවුන්ගේ සටනට සහය දක්වන ලදී.

1939 සැප්තැම්බර් 2 වැනිදා හිට්ලර් හා ස්ටාලින් අතර අත්සන් කරනු ලැබූ යුධ නොවදින ගිවිසුම හේතුවෙන් ප්‍රංශ කොමියුනිස්ට් පක්ෂය තහනම් කිරීමත් සමග මිසාක් මනුෂියාන් අත්අඩංගුවට පත් වේ. ඔහුගේ බිරිඳ Melineeද රහසිගතව දේශපාලනය ආරම්භ කරනුයේ තමන් සතු පක්‍ෂයේ ලියකියවිලි ගිනි තබා විනාශ කර පදිංචි ස්ථාන වහා වෙනස් කරමිනි. පොලීසිය කීපවතාවක් ඇය පංදිචිව සිටි ස්ථානවලට පැමිණියත් එයින් පලා යාමට ඇය සමත් වී තිබිණි.

1941 ජුනි 22 ජර්මනිය විසින් සෝවියට් දේශයට පහර දීමත් සමග එම වසරේම දෙසැම්බර් අවසානයේ misaak manouchian නිදහස් වන අතර ඔවුන් දෙදනා වසරකට පසු නැවතත් පැරීසියේදී එක්විණි. ඒ වන විටත් ප්‍රංශ අගනුවරට පැමිණි සිටි නැගෙනහිර යුරෝපයේ හා හිට්ලර් විරෝධී ජර්මානු කොමියුනිස්ට්වාදීන් සමග කුඩා ගරිල්ලා කණ්ඩායමක්(MOI) බිහි කිරීම ආරම්භ වනුයේ මෙම යුගයේදීය. මෙම ගරිල්ලා කණ්ඩායම නිර්මාණය වනුයේ පෝලන්ත, යුදෙව්, හංගේරියානු, චෙක්, ඉතාලියානු, ප්‍රංශ හා නායක ආර්මේනියානු ජාතික මිසාක් මනුෂියාන් ඇතුළු රටවල් 15කින් පැමිණි සාමාජිකයින් 63 දෙනෙකු ගෙනි.

මේ වන විට ප්‍රංශය ජර්මනියට යටත් වී තිබුණු අතර ජෙනරල් ඩිගොල් හා ප්‍රංශ කොමියුනිස්ට් පක්‍ෂය ආක්‍රමණීකයාගෙන් ප්‍රංශය මුදවා ගැනීම සඳහා විසිරී සටන් කරන සියළු ගරිල්ලා සංවිධාන එක් කර දේශප්‍රේමී ජාතික ව්‍යාපාරය(CNR) බිහි කිරීම සඳහා සාකච්ඡා ආරම්භ වෙමින් පැවතිණි. කෙසේවෙතත් ආරම්භයේදී කොමියුනිස්ට් පක්‍ෂයට ආයුධ ලබා දීමට බ්‍රිතාන්‍ය අගමැති චර්චිල් හා ඩිගොල් එතරම් කැමැත්තක් දැක්වුයේ නැත.

මේ නිසා misaak manouchian විසින් ගොඩ නගන ලද ගරිල්ලා කණ්ඩායමට (CNR-MOI) ආයුධ ලබා දෙනු ලැබුවේ 1942 දී ජර්මන් කොමියුනිස්ට් පක්ෂය විසිනි. ඔවුන්ගේ මුල්ම ප්‍රහාරය රහසිගත ලෙස ප්‍රංශයට පැමිණි ජර්මන් ජෙනරල් වරයෙකු වූ Julius Ritter වෙත එල්ල කෙරුණු අතර 1943 සැප්තැම්බර් 28 වනදා සිදුකළ මෙම ප්‍රහාරයෙන් ඔහු මරා දැමීමෙනි. එය අහම්බෙන් වූ සිදුවීමක් වූ අතර තමන් මරා දමා ඇත්තේ ජර්මන් හමුදාවේ ලොක්කෙකු බව ගරිල්ලා කණ්‌ඩායම දැනගනු ලබනුයේ පසුවදා පුවත් පත් මගිනි. කෙසේවෙතත් MOI ගරිල්ලන් ක්‍රියාත්මක වනුයේ Melinee විසින් මෙම පුද්ගලයා විශේෂිත පුද්ගලයෙකු විය හැකි බවට දින ගණනාවක් ඇය විසින් කරන ලද විමර්ෂණ වාර්තාවක් අධ්‍යයනය කිරීමෙන් පසුවය. ගරිල්ලා කණ්ඩායමේ සම්බන්ධීකරණය, ආයුධ ප්‍රවාහණය, හා ප්‍රචාරක කටයුතු සිදුකලේ ඇය විසිනි. ඇය නිතර ධනවත් කාන්තාවක් ලෙස පෙනී සිටීම නිසා පොලීසියට ඇය පිළිබඳව සැකයක් ඇති වුයේ නැත.

මෙම ප්‍රහාරයත් සමග හිට්ලර් ඇතුළු සමස්ථ ජර්මනියම කලබලයට පත් වන අතර ප්‍රහාරකයින් කෙසේ හෝ අත් අඩංගුවට ගන්නා ලෙස හිම්ලර් විසින් ප්‍රංශ නාසි රූකඩ ආණ්ඩුවට නියෝග කරනු ලැබිණි. පළමු ප්‍රහාරය අතිශයින් සාර්ථක වූ පසු ගරිල්ලා කණ්ඩායම දිනකට ප්‍රහාර දෙක බැගින් ඉතාමත් කෙටි කාලයකදී ප්‍රංශයේ රඳවා සිටි ජර්මන් සොල්දාදුවන් හා ප්‍රංශ හමුදා හා පොලිසී ඉලක්ක කරමින් ප්‍රහාර 229ක් එල්ල කරමින් 600 කට අධික පිරිසක් මරා දැමීමට සමත් වීණි. ඒ අතර ජෙනරල්වරුන් තිදෙනෙකු හා ජර්මන් හා ප්‍රංශ කර්නල්වරුන් 25ක් අයත් වී තිබිණි. මෙම හදිසි ගරිල්ලා ප්‍රහාර වලින් ආරක්ෂා වීමට ජර්මන් හා ප්‍රංශ හමුදා ලොක්කන්ට සිවිල් ඇඳුම්වලට පවා බැසීමට සිදු වී තිබිණි.

කෙසේවෙතත් එවකට ප්‍රංශ පොලීසියේ කොමියුනිස්ට්වාදීන් අත්අඩංගුවට ගැනීමට පිහිටුවා තිබුණු විශේෂ බ්‍රිගේඩයට(BS2) ලැබුණු රහස් ඔත්තුවක් මත MOI ගරිල්ලා කණ්ඩායමේ නායක misaak manouchian ඇතුළු 24දෙනෙකු අල්ලා ගැනීමට සමත් විනි. සෑම ප්‍රහාරයකින් පසුව තම පංදිචි ස්ථාන වෙනස් නොකිරීමත්, ඇතැම් අවස්ථාවලදී තමන් එල්ල කල ප්‍රහාරයෙන් පසුව නැවත පැමිණ ප්‍රහාරයේ සාර්ථකත්වය නිරීක්ෂණය කිරීමට ඇතැම් ගරිල්ලන් ක්‍රියා කිරීමත් මත ඔවුන් මෙම පොලිස් දැලට හසු වූ බව යුධ විශේෂඥයින්ගේ මතයයි.

ගරිල්ලා කණ්ඩායම සාමාජිකයින් සියළු දෙනා විදේශිකයින් බව සැලවීමත් සමග නාසි හමුදාව වික්ෂිප්ත වන අතර ප්‍රංශය පුරා ගරිල්ලන්ගේ ජායාරූප රැගත් “රතු පෝස්ටර්”(affiche rouge) 15000ක් අලවන ලද්දේ ප්‍රංශ ජනතාව තුල ජාතිවාදය ඇවිස්සීමේ උපක්‍රමය මතය. එසේම ඔවුන් මරා දැමීම සඳහා අවශ්‍ය පරිසරය නිර්මාණය කර ගැනීමටයි.1944 පෙබරවාරි 15 වැනිදා නාසි යුධ අධිකරණය ගරිල්ලන් සියළු දෙනාටම මරණිය දණ්ඩනය නියම කරන ලදී. එක් සාමාජිකයෙකු වූ ජර්මන් ජාතික olga Bancic කාන්තාවක් වූ අතර ඇයව ජර්මනියේ ගෙස්තාපෝ පොලීසියට භාර දුන් පසු වද හිංසනයට ලක් කර ගෙල කපා මරා දමා තිබිණි.

අධිකරණයේදී මිසාක් මනුෂියන් විසින් ප්‍රහාර 56 කට නායකත්වය ලබා දී 150 දෙනෙකු මරා දැමීම සම්බන්ධයෙන් නිදහසට කරනු ඉදිරිපත් කරන ලෙස ඉල්ලු විට විනිශ්වකරු අමතමින් පවසා සිටියේ මාගේ දෙවැනි මව්බිම වන ප්‍රංශය ජර්මන් හමුදාවෙන් මුදා ගැනීමට සිදු කල කිසිදු ප්‍රහාරයක් පිළිබඳව කිසිදා කණගාටු නොවන බවත් වරදාන, වරප්‍රසාද වෙනුවෙන් තම කණ්ඩායම පාවා දුන් ද්‍රෝහීන් සමග හැර ජර්මන් ජනතාව සමග හෝ අනෙකුත් කිසිම ජනතාවක් සමග හෝ තමන්ට වද හිංසා සිදු කල කිසිදු අයෙකු සමග තමන්ට පුද්ගලික වෛරයක් නොමැති බවත්ය.

වෙනත් රටක් වෙනුවෙන් තම ජීවිතයෙන් වන්දි ගෙවීමට සිදුවීම පිළිබඳව ඔහු පවසා සිටියේ
“ඔබලා ප්‍රංශ ජාතිකයින් වී ඇත්තේ ලේ උරුමය මතය. අප ප්‍රන්සුවන් වුයේ අපගේ ජාත්‍යන්තරවාදි භාවිතාව තුලිනි. අපගේ උත්තරීතර කැපකිරීම හා උතුම් වූ ජිවිත පරිත්‍යාගය ප්‍රංශ ජනතාව කවදා හෝ ගෞරවාන්විතව සමරනු ඇති බවට මට විශ්වාශයි”යයි පවසා සිටියේ විනිසුරුවරයා ලැජ්ජාවට පත් කරමිනි.

ප්‍රංශ දේශප්‍රේමී විමුක්ති අරගලයේ චේගුවේරා ලෙස පසුකලෙක හඳුන්වනු ලැබූ මිසාක් මනුෂියන් ඇතුළු CNR-MOI ගරිල්ලා සාමාජිකයින් 23 දෙනා ජාත්‍යන්තර ගීතය ගායනා කරද්දී 1944 පෙබරවාරි 21 වැනිදා හවස 3ට ප්‍රංශ-ජර්මන් හමුදා විසින් එක පෙලට තබා වෙඩි තබා ඝාතනය කරන ලදී. මිය යාමට පෙර අත්අඩංගුවට පත් නොවී සැඟවී සිටින තම බිරිඳ Melinee වෙත ලියු තම අවසන් ලිපියෙන් ඔහු මෙසේ සඳහන් කර තිබිණි.

ආදර මෙලිනේ !

” තව පැය කීපයකින් මා මේ ලොවේ නොමැත. අද හවස 3ට උන් අපව වෙඩි තබා මරා දැමීමට තීරණය කර ඇත. මෙය මා ජීවිතයේ මුහුණ දෙන හදිසි අනතුරක් ලෙස දකිමි. නුඹට නැවතත් මා හමු නොවනු ඇත. විමුක්ති හමුදාවේ භටයෙකු ලෙස මා මිය යන්නේ විමුක්ති සටනේ ජයග්‍රහණය “ඇඟිලි දෙකින් සංකේතවත්” කර පෙන්වමිනි. නිදහස සඳහා වූ අපේ සටනේ ප්‍රථිපල අනාගත පරම්පරාව ඔවුන් උදා කරගන්නා සාමය තුල භුක්ති විඳුනු ඇත.

අද හිරු එලිය ඇති දවසක්. මා ඇතුළු මගේ සගයින් 23 දෙනා මේ ලොව තුල නිරවුල් හෘදය සාක්ෂියක් ඇතිව ජිවත් වූ නිවහල් මිනිසුන් ලෙස ධෛර්යයෙන් හා නිර්භයව මරණයට මුහුණ දෙනු ඇත. මන්දයත් අප කිසිවෙකු පුද්ගලිකව කිසිවෙකුට හානියක් සිදු නොකළ අතර එවැනි දෙයක් සිදු කලේද කිසිදු වෛරයක් සිත තුල රඳවාගෙන නොවන නිසාය.

යම් දිනක ප්‍රංශ ජනතාව හා ලොව සියළුම නිදහස් සටන් කාමින් අපව ගෞරවයෙන් සමරණු ඇති බවට මාහට විශ්වාශය. ජර්මන් ජනතාව සමග මා හට කිසිදු වෛරයක් හෝ පිළිකුලක් නොමැත. මා ඇතුළු මාගේ සගයින් පාවාදී අපව විකුණපු ද්‍රෝහීන් සමග හැර මා හට වද හිංසා පැනවූ කිසිදු ජර්මන් අළුගෝසුවෙකු සමග මා හට වෛරයක් නොමැත. අනාගතයේ දී යුද්ධයෙන් පසුව ජර්මන් ජනතාව හා ලොව සියළුම ජනතාව සාමයෙන් හා සහෝදරත්වයෙන් ජිවත් වනු ඇති බවට මා හට විශ්වාශය.

මාගේ පුංචි මෙලිනේ, නුඹට ප්‍රීතිමත් ජීවිතයක් ලබාදීමට නොහැකි වීම පිළිබඳව මම දහස් වාරයක් දුක්වෙමි. නුඹට දරුවෙක් ලබා දී සාර්ථක පවුල් ජීවිතයක් ගත කිරීමට, ආදරණිය සැමියෙකු වීමට, දයාබර පියෙකු වීමට මම දිනපතා සිහින මැව්වෙමි. මාගේ මරණයෙන් පසුව ආපසු විවාහ වන ලෙස මා නුඹෙන් ඉල්ලා සිටිමි”.

මෙයට,

මා නුඹේ දයාබර සැමියා, සමීපතම මිතුරා, සටන් සගයා මනුෂියන් මිසාක් බන්ධනාගාරයේ සිට

කෙසේවෙතත් මෙලිනේ මනුෂියන් නැවත විවාහ නොවූවාය. තම සැමියාට හා ඔහුගේ සගයන්ට යුක්තිය, සාධාරණත්වය හා ඉතිහාසයේ නිසිතැන ලබා දෙන ලෙස ඉල්ලා ඇය සියළු ප්‍රංශ රජයන්ට බලකර සිටියාය. පසුව සෝවියට් දේශයට සංක්‍රමණය වන ඇය එහි ප්‍රංශ ගුරුවරියක ලෙස සේවය කලාය. සෞඛ්‍ය හේතු මත නැවතත් ප්‍රංශයට පැමිණෙන ඇය 1989 දෙසැම්බර් 8 වැනිදා මෙලොවින් සමු ගත්තාය.

මෙම MOI ගරිල්ලා කණ්ඩායමේ බහුතරය කොමියුනිස්ට් ජාත්‍යන්තරවාදීන් වීම තුල හා විදේශිකයින් වීම තුල ඔවුන්ට ලැබිය යුතු ඉතිහාසයේ නිසි ගෞරවය කිසිදු වාමාංශික හෝ දක්ෂිණාංශික ලේබලය අලවා ගත් කවර හෝ ප්‍රංශ රජයකින් ලබා දුන්නේ නැත. කෙසේවෙතත් වසර 80ක් පුරා සියළු ප්‍රංශ කොමියුනිස්ට්වාදීන්, ප්‍රගතිශීලින්, මානව හිතවාදීන්, බුද්ධිමතුන්,ඉතිහාසඥයන් විසින් සිදුකල අරගලයක ප්‍රථිපලයක් ලෙස ඔවුන්ට නිසි ගෞරවය ලබාදීමට අවසානයේ ප්‍රංශ රජය තීරණය කර ඇත.

2024 පෙබරවාරි මස 21 වනදා මනුෂියන් මිසාක් සහෝදරයාගේ හා මනුෂියන් මෙලනේ සහෝදරියගේ භෂ්මාවශේෂ ප්‍රංශය වෙනුවෙන් දිවි පිදු වීරයන් වන වොල්ටයර්, වික්ටර් හියුගෝ, ඩිගොල්ගේ සොහොන් බිමට(panthéon) අවසානයේ එක් වනු ඇත.

Previous Post

 සෙනෙගාලය ගිනි ගනී!

Next Post

මරණීය දණ්ඩනයෙන් රනිල් බේරාගත් චන්ද්‍රිකා !-රසල් බණ්ඩාරවත්ත

Next Post
මරණීය දණ්ඩනයෙන් රනිල් බේරාගත් චන්ද්‍රිකා !-රසල් බණ්ඩාරවත්ත

මරණීය දණ්ඩනයෙන් රනිල් බේරාගත් චන්ද්‍රිකා !-රසල් බණ්ඩාරවත්ත

  • Trending
  • Comments
  • Latest
ප්‍රංශයේ නව සංක්‍රමණික නීති හා ප්‍රංශ විප්ලවය !

ප්‍රංශයේ නව සංක්‍රමණික නීති හා ප්‍රංශ විප්ලවය !

ජනවාරි 28, 2024
මරණීය දණ්ඩනයෙන් රනිල් බේරාගත් චන්ද්‍රිකා !-රසල් බණ්ඩාරවත්ත

මරණීය දණ්ඩනයෙන් රනිල් බේරාගත් චන්ද්‍රිකා !-රසල් බණ්ඩාරවත්ත

පෙබරවාරි 20, 2024
වසර 100ක් පිරෙන ලෙනින්ගේ දර්ශනය හා නවීන ලිබරල් ලෝකය

වසර 100ක් පිරෙන ලෙනින්ගේ දර්ශනය හා නවීන ලිබරල් ලෝකය !

ජනවාරි 26, 2024
ෆොන්සේකා දෙලොවක් අතර ?

ෆොන්සේකා දෙලොවක් අතර ?

ජනවාරි 31, 2024
දෙසැම්බර් සංචාරකයින් ලක්ෂ 02 ඉක්මවයි

දෙසැම්බර් සංචාරකයින් ලක්ෂ 02 ඉක්මවයි

0
සයිනොපෙක් ඉන්ධන මිල අඩු කරයි.. ඔවුන්ගේ මිල මෙන්න..

සයිනොපෙක් ඉන්ධන මිල අඩු කරයි.. ඔවුන්ගේ මිල මෙන්න..

0
කියුබාවේ ක්‍රමය අපට හරියන්නෑ.. මාලිමාව කරන්නේ වෙනස්ම එකක්…

කියුබාවේ ක්‍රමය අපට හරියන්නෑ.. මාලිමාව කරන්නේ වෙනස්ම එකක්…

0

තැන තැන වෙඩි තැබීම් මැතිවරණ වලට පෙර භිෂණය පැතිරීම සඳහා වූ සුදානමක්ද ?

0
යුක්රේන භූ සම්පත් අල්ලාගැනීමට ට්‍රම්ප්, රුසියාව හා යුරෝපා සංගමය අතර ගැටුම් උග්‍ර වේ !

යුක්රේන භූ සම්පත් අල්ලාගැනීමට ට්‍රම්ප්, රුසියාව හා යුරෝපා සංගමය අතර ගැටුම් උග්‍ර වේ !

මාර්තු 2, 2025
සිරියානු උතුරු කලාපයේ “කුර්දි රෝජාවා සමාජවාදී කොමියුනය” අනතුරේ ?

සිරියානු උතුරු කලාපයේ “කුර්දි රෝජාවා සමාජවාදී කොමියුනය” අනතුරේ ?

මාර්තු 2, 2025
ඉක්වදෝරය යළි වමට කැරකෙයි !

ඉක්වදෝරය යළි වමට කැරකෙයි !

පෙබරවාරි 13, 2025
ට්‍රම්ප්ට මුහුණ දීමට යුරෝපා සංගමය චීනය හා ඉන්දියාව දෙසට හැරේ!

ට්‍රම්ප්ට මුහුණ දීමට යුරෝපා සංගමය චීනය හා ඉන්දියාව දෙසට හැරේ!

ජනවාරි 22, 2025

Recent News

යුක්රේන භූ සම්පත් අල්ලාගැනීමට ට්‍රම්ප්, රුසියාව හා යුරෝපා සංගමය අතර ගැටුම් උග්‍ර වේ !

යුක්රේන භූ සම්පත් අල්ලාගැනීමට ට්‍රම්ප්, රුසියාව හා යුරෝපා සංගමය අතර ගැටුම් උග්‍ර වේ !

මාර්තු 2, 2025
සිරියානු උතුරු කලාපයේ “කුර්දි රෝජාවා සමාජවාදී කොමියුනය” අනතුරේ ?

සිරියානු උතුරු කලාපයේ “කුර්දි රෝජාවා සමාජවාදී කොමියුනය” අනතුරේ ?

මාර්තු 2, 2025
ඉක්වදෝරය යළි වමට කැරකෙයි !

ඉක්වදෝරය යළි වමට කැරකෙයි !

පෙබරවාරි 13, 2025
ට්‍රම්ප්ට මුහුණ දීමට යුරෝපා සංගමය චීනය හා ඉන්දියාව දෙසට හැරේ!

ට්‍රම්ප්ට මුහුණ දීමට යුරෝපා සංගමය චීනය හා ඉන්දියාව දෙසට හැරේ!

ජනවාරි 22, 2025
Voice of Ceylan

Welcome to the Voice of Ceylan, your go-to source for the latest news and stories from the heart of Sri Lanka. Operating from France, we bring you up-to-date and insightful coverage on diverse topics, providing a unique perspective on the vibrant culture, politics, and events shaping the island. Stay informed with us as we bridge the miles to connect you with the pulse of Sri Lanka.

Follow Us

Browse by Category

  • ආර්ථික
  • එසැණ පුවත්
  • කර්තෘ සටහන
  • කාලීන සිදුවීම්
  • ජාත්‍යන්තර
  • දේශපාලන
  • නව ප්‍රංශ නීති
  • සංචාරක

Recent News

යුක්රේන භූ සම්පත් අල්ලාගැනීමට ට්‍රම්ප්, රුසියාව හා යුරෝපා සංගමය අතර ගැටුම් උග්‍ර වේ !

යුක්රේන භූ සම්පත් අල්ලාගැනීමට ට්‍රම්ප්, රුසියාව හා යුරෝපා සංගමය අතර ගැටුම් උග්‍ර වේ !

මාර්තු 2, 2025
සිරියානු උතුරු කලාපයේ “කුර්දි රෝජාවා සමාජවාදී කොමියුනය” අනතුරේ ?

සිරියානු උතුරු කලාපයේ “කුර්දි රෝජාවා සමාජවාදී කොමියුනය” අනතුරේ ?

මාර්තු 2, 2025
  • About
  • Advertise
  • Privacy & Policy
  • Contact

© 2024 Voice of Ceylan All rights reserved.

No Result
View All Result
  • එසැණ පුවත්
  • කර්තෘ සටහන
  • දේශපාලන
  • ආර්ථික
  • කාලීන සිදුවීම්
  • ජාත්‍යන්තර
  • සංචාරක
  • නව ප්‍රංශ නීති

© 2024 Voice of Ceylan All rights reserved.

  • Sinhala (සිංහල)