• Contact
  • si Sinhala (සිංහල)
  • fr Français
Advertisement
  • එසැණ පුවත්
  • කර්තෘ සටහන
  • දේශපාලන
  • ආර්ථික
  • කාලීන සිදුවීම්
  • ජාත්‍යන්තර
  • සංචාරක
  • නව ප්‍රංශ නීති
  • Events
No Result
View All Result
  • එසැණ පුවත්
  • කර්තෘ සටහන
  • දේශපාලන
  • ආර්ථික
  • කාලීන සිදුවීම්
  • ජාත්‍යන්තර
  • සංචාරක
  • නව ප්‍රංශ නීති
  • Events
No Result
View All Result
Voice of Ceylan
No Result
View All Result
Home එසැණ පුවත්

ඊශ්‍රාලයට යුධ ආයුධ ලබා දීම ප්‍රංශය ප්‍රතික්‍ෂේප කරයි?

ඔක්තෝබර් 6, 2024
in එසැණ පුවත්, ජාත්‍යන්තර
0
ඊශ්‍රාලයට යුධ ආයුධ ලබා දීම ප්‍රංශය ප්‍රතික්‍ෂේප කරයි?
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter

මේ වන විට ඊශ්‍රාලයට එරෙහිව හාමස් සංවිධානය එල්ල කල ප්‍රහාරයට වසරක් පිරි තිබෙන අතර යුද්ධය ගාසා තිරයේ සිට ලෙබනනය දක්වා ත්‍රීව වෙමින් ද පවතී. මැද පෙරදිග ගැටුම් හේතුවෙන් විශාල පිරිසක් මිය ගොස් ඇති අතර ඉන් බොහෝ දෙනෙක් සිවිල් වැසියන් වේ. මේ අතර පසුගිය සතියේ ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මක්රෝන් විසින් ඊශ්‍රාලයට ආයුධ ලබා දීම නතර කලයුතුව ඇතැයි සිදු කරන ලද ප්‍රකාශයක් හේතුවෙන් දෙරට අතර මත බේදාත්මක තත්වයක් උද්ගත වී ඇත. එහිදී ඊශ්‍රාල අගමැති නෙතන්යාහු ප්‍රංශ ජනාධිපතිවරයාව නිර්දය ලෙස විවේචනය කරන ලදී. එහෙත් ප්‍රංශ ආරක්ෂක ඇමති ජීන් ලුවී තියරියට් ඊශ්‍රායලයට එරෙහිව ආයුධ සම්බාධක පැනවීම සම්බන්ධයෙන් එමානුවෙල් මැක්‍රොන්ගේ ප්‍රකාශයේ කිසිදු වෙනසක් නොමැති බවට තවදුරටත් අවධාරණය කර සිටියේ නෙතන්යාහුගේ විවේචන බැහැර කරමිනි.

“ප්‍රංශය ඊශ්‍රායලයට ආයුධ ලබා දෙන්නේ නැත,” ඔහු නැවත නැවතත් මාධ්‍ය වෙත කියා සිටියේ ප්‍රංශය මින් පසුව මිලිටරි සංරචක ලෙස ඊශ්‍රායලයට සපයනු ලබන්නේ රොකට් සහ මිසයිල ප්‍රහාරවලට මුහුණ දීම සඳහා ස්ථාපනය කර ඇති “යකඩ ඩෝම්” වැනි ආම්පන්න පමණයි. යේමන හූතිවරුන්ට හෝ හිස්බුල්ලාවරුන්ට ඉරානයේ ආයුධ බෙදා හැරීම කෙරෙහි සැලකිල්ලට ගනිමින් ඒවායින් සිදුවන සිවිල් ජීවිත බේරා ගැනීමට පමණක් අප සහය ලබා දෙනවා” යයි ආරක්ෂක අමාත්‍ය වරයා පවසා සිටියේය.

පසුගිය සතියේ ප්‍රංශ රජයේ ස්ථාවරය ලබා දෙමින් ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහුගෙන් ඉල්ලා සිටියේ ජාත්‍යන්තර ප්‍රජාව ඔහුට පවසන දේට සංවේදී වන ලෙස අවධාරණය කරනු ලබන බවයි. ලෙබනනයේ හිස්බුල්ලා සංවිධානයට එරෙහි ඊශ්‍රායල මෙහෙයුම සම්බන්ධයෙන් ප්‍රංශ ජනාධිපතිවරයා පැවසුවේ “ලෙබනන් ජනතාව බිල්ලට දිය නොහැකි අතර ලෙබනනය නව ගාසා තීරයක් බවට පත් වීමට ද ” ඉඩ දිය නොහැකි බවයි.

“පසුගිය දිනවල අපි මෙම මෙහෙයුම් නවත්වන ලෙස ඉල්ලා සිටියේ තවත් සිවිල් ජනතාවක් බිල්ලට දී ත්‍රස්තවාදයට සහ ත්‍රස්තවාදීන්ට එරෙහිව සටන් කරන්න හා ඊශ්‍රායලයේ ආරක්ෂාවට යයි පවසමින් යුද්ධය සාධාරණය කිරීම බරපතල වැරැද්දක් ලෙස තේරුම් අරන්. අපි එය ලෝක මහජන මතවල ද පැහැදිලිව විද්‍යමාන වන බව දකිමින් සිටිමු. එසේම මැදපෙරදිග කලාපයේ මහජන මතවල එය ඊටත් වඩා භයානක ආකාරයකින් පිළිබිඹු වන බව අපි දකිමු. මේ නිරර්ථක යුද්ධයෙන් මූලික වශයෙන් උපදින්නේ දීර්ඝ කාලීන අමනාපයන් හා වෛරයන් පමණයි ” ඔහු දැඩිව කියා සිටියේය.

“මම හිතන්නේ අද ප්‍රමුඛතාවය දිය යුත්තේ දේශපාලන විසඳුමකට ආපසු ගමන් කිරීම සඳහායි. ඒ සඳහා සිදු කල යුතු පළමු කාර්යය වනුයේ ගාසා තීරයේ සටන් පවත්වාගෙන යාම සඳහා ආයුධ බෙදා හැරීම නතර කිරීමයි. සටන් විරාමයක් සඳහා බලකරමින් දිගටම ආයුධ සැපයීම මගින් සාමය හෝ දේශපාලන විසඳුමක් ලබා දිය නොහැකියි “යයි ප්‍රංශ ජනාධිපතිවරයා තවදුරටත් පවසා සිටියේ ඇමරිකාවට ද සිහින් තරවටුවක් කරමිනි.

2002 වසරේදී පමණක් ඇමරිකාව විසින් ඩොලර් බිලියන 27ක යුධ ආධාර ඊශ්‍රාලය වෙත ලබා දී ඇත. ප්‍රංශය එහිදී ඩොලර් මිලියන 20ක් යුධ ආධාර ලබා දී ඇත. කැනඩාව, ස්පාන්ඥය, ඕලන්දය හා ජර්මනිය ද යුධ ආධාර ලබා දීම නතර කිරීමට තීරණය කර ඇති අතර තම යුධ සංචිත දිගටම පවත්වාගෙන යාම සඳහා ඊශ්‍රාලය ඉන්දියාව හා සර්බියාව වෙත යොමු වී ඇත.

“අපි ලෙබනනය සමඟ අපගේ සහයෝගීතාවය ප්‍රකාශ කළෙමු. ක්ෂනික සහ කල් පවත්නා සටන් විරාමයක් සඳහා එකඟ වන ලෙස සියළුම පාර්ශ්වයන්ට ඒකමතිකව බලකර සිටිමු. මැදපෙරදිග කලාපයේ යුධ ආතතීන් සමනය කිරීමට අත්‍යාවශ්‍ය බව යලි යලිත් යලි තහවුරු කරන්නෙමු” යයි එමානුවෙල් මක්රෝන් පවසා සිටියේ ප්‍රංශ භාෂාව කතා කරන රටවල රාජ්‍ය නායකයින් ගේ සහභාගිත්වයෙන් 2024 ඔක්තෝබර් 4 වන දින පැරිසියේ පැවති සමුළුවක් අතරතුර දීය.

එමානුවෙල් මැක්‍රොන්ගේ ප්‍රකාශය අනුමත කරමින් ලෙබනන් විදේශ අමාත්‍ය Ziad Makary විසින් ද එය ප්‍රතිරාවය කරන ලද අතර, අඛණ්ඩව තම රටට එරෙහිව සිදුවන ඊශ්‍රායල ප්‍රහාර සහ මෑතදී හිස්බුල්ලා නායක හසන් නස්රල්ලා ඝාතනය ද හෙළාදකිමින් ඔහු සඳහන් කලේ “ඉක්මන් සටන් විරාමයක් සහ රාජ්‍යතාන්ත්‍රික විසඳුමක් ගැටුම සඳහා ලබා දෙන ලෙස ජාත්‍යන්තර ප්‍රජාවගෙන් ඉල්ලා සිටින” බවය.

ඔක්තෝම්බර් 4 වැනිදා ප්‍රංශ ප්‍රධාන වාමාංශික හවුලේ නායක (France Insoumise) Jean-Luc Mélenchon ඊශ්‍රායලයේ හමාස් ප්‍රහාරයේ වාර්ෂික සංවත්සරයට පසු දින සිට එනම් ලබන සතියේ අඟහරුවාදා සිට “ප්‍රංශයේ හැකි සෑම තැනකම පලස්තීන කොඩි ඔසවා තබන ලෙස” ප්‍රංශ ජනතාවගෙන් ඉල්ලා සිටියේය.

Jean-Luc Mélenchon මෙම හදිසි ප්‍රචාරක ව්‍යාපාරය දියත් කරනු ලැබුවේ ඔක්තෝම්බර් 7 වෙනිදාට ආසන්න දිනකදී ප්‍රංශ උසස් අධ්‍යාපන අමාත්‍ය පැට්‍රික් හෙට්සෙල් විසින් විශ්ව විද්‍යාල තුල “ඊශ්‍රාල විරෝධී ක්‍රියා කලාපයන් පාලනය කර අදාළ ස්ථාන පිළිවෙලට පවත්වා ගැනීම” යාම සඳහා කියමින් නිකුත් කල චක්‍රලේඛයකට ප්‍රතිචාරයක් වශයෙනි.

පලස්තීන හමාස් සංවිධානය විසින් ඊශ්‍රායලයට එල්ල කරන ලද පෙර නොවූ විරූ ප්‍රහාරයේ පළමු සංවත්සරය සඳුදාට දී ඇත.

ඊශ්‍රාලයට හාමස් සංවිධානය විසින් ඔක්තෝබර් 7 ප්‍රහාරයෙන් මියගිය සංඛ්‍යාව 1205 කි. ප්‍රහාරයේදී පැහැරගත් 251 දෙනාගෙන් 97 දෙනෙක් තවමත් ගාසා තීරයේ ප්‍රාණ ඇපකරුවන් ලෙස රඳවා තිබෙන අතර, එයින් 64 දෙනෙක් තවමත් ජීවතුන් අතර සිටින බවට විශ්වාස කෙරේ. එහිදී ඊශ්‍රායල ප්‍රතිප්‍රහාර හා හමුදා මෙහෙයුම් නිසා ගාසා තීරයේ අවම වශයෙන් පුද්ගලයන් 41,825ක් මිය ගොස් ඇති අතර ඉන් බොහෝ දෙනෙක් සාමාන්‍ය සිවිල් වැසියන් ය.

එසේම 2023 ඔක්තෝම්බර් මාසයේ සිට ලෙබනනයට එල්ල කල ඊශ්‍රාල ප්‍රහාර විසින් ලෙබනන් වැසියන් 2,000 කට වැඩි පිරිසක් මරා දමා ඇති අතර, සැප්තැම්බර් 23 සිට මිලියන 1.2 ක පමණ ජනතාවක් තම රට තුලම අවතැන් වී ඇත

Previous Post

ලිබරල් ඇමරිකාව ජනතාවට අධිකරණ බලය ලබා දුන් ආකාරය!

Next Post

දකුණු ඇමරිකාවේ උරුගුවත් වමට හැරෙයි?තීරණය නොවැම්බර් 24

Next Post
දකුණු ඇමරිකාවේ උරුගුවත් වමට හැරෙයි?තීරණය නොවැම්බර් 24

දකුණු ඇමරිකාවේ උරුගුවත් වමට හැරෙයි?තීරණය නොවැම්බර් 24

  • Trending
  • Comments
  • Latest
ප්‍රංශයේ නව සංක්‍රමණික නීති හා ප්‍රංශ විප්ලවය !

ප්‍රංශයේ නව සංක්‍රමණික නීති හා ප්‍රංශ විප්ලවය !

ජනවාරි 28, 2024
මරණීය දණ්ඩනයෙන් රනිල් බේරාගත් චන්ද්‍රිකා !-රසල් බණ්ඩාරවත්ත

මරණීය දණ්ඩනයෙන් රනිල් බේරාගත් චන්ද්‍රිකා !-රසල් බණ්ඩාරවත්ත

පෙබරවාරි 20, 2024
වසර 100ක් පිරෙන ලෙනින්ගේ දර්ශනය හා නවීන ලිබරල් ලෝකය

වසර 100ක් පිරෙන ලෙනින්ගේ දර්ශනය හා නවීන ලිබරල් ලෝකය !

ජනවාරි 26, 2024
ෆොන්සේකා දෙලොවක් අතර ?

ෆොන්සේකා දෙලොවක් අතර ?

ජනවාරි 31, 2024
දෙසැම්බර් සංචාරකයින් ලක්ෂ 02 ඉක්මවයි

දෙසැම්බර් සංචාරකයින් ලක්ෂ 02 ඉක්මවයි

0
සයිනොපෙක් ඉන්ධන මිල අඩු කරයි.. ඔවුන්ගේ මිල මෙන්න..

සයිනොපෙක් ඉන්ධන මිල අඩු කරයි.. ඔවුන්ගේ මිල මෙන්න..

0
කියුබාවේ ක්‍රමය අපට හරියන්නෑ.. මාලිමාව කරන්නේ වෙනස්ම එකක්…

කියුබාවේ ක්‍රමය අපට හරියන්නෑ.. මාලිමාව කරන්නේ වෙනස්ම එකක්…

0

තැන තැන වෙඩි තැබීම් මැතිවරණ වලට පෙර භිෂණය පැතිරීම සඳහා වූ සුදානමක්ද ?

0
යුක්රේන භූ සම්පත් අල්ලාගැනීමට ට්‍රම්ප්, රුසියාව හා යුරෝපා සංගමය අතර ගැටුම් උග්‍ර වේ !

යුක්රේන භූ සම්පත් අල්ලාගැනීමට ට්‍රම්ප්, රුසියාව හා යුරෝපා සංගමය අතර ගැටුම් උග්‍ර වේ !

මාර්තු 2, 2025
සිරියානු උතුරු කලාපයේ “කුර්දි රෝජාවා සමාජවාදී කොමියුනය” අනතුරේ ?

සිරියානු උතුරු කලාපයේ “කුර්දි රෝජාවා සමාජවාදී කොමියුනය” අනතුරේ ?

මාර්තු 2, 2025
ඉක්වදෝරය යළි වමට කැරකෙයි !

ඉක්වදෝරය යළි වමට කැරකෙයි !

පෙබරවාරි 13, 2025
ට්‍රම්ප්ට මුහුණ දීමට යුරෝපා සංගමය චීනය හා ඉන්දියාව දෙසට හැරේ!

ට්‍රම්ප්ට මුහුණ දීමට යුරෝපා සංගමය චීනය හා ඉන්දියාව දෙසට හැරේ!

ජනවාරි 22, 2025

Recent News

Welcome to the Voice of Ceylan, your go-to source for the latest news and stories from the heart of Sri Lanka. Operating from France, we bring you up-to-date and insightful coverage on diverse topics, providing a unique perspective on the vibrant culture, politics, and events shaping the island. Stay informed with us as we bridge the miles to connect you with the pulse of Sri Lanka.

Follow Us

Browse by Category

  • ආර්ථික
  • එසැණ පුවත්
  • කර්තෘ සටහන
  • කාලීන සිදුවීම්
  • ජාත්‍යන්තර
  • දේශපාලන
  • නව ප්‍රංශ නීති
  • සංචාරක

Recent News

යුක්රේන භූ සම්පත් අල්ලාගැනීමට ට්‍රම්ප්, රුසියාව හා යුරෝපා සංගමය අතර ගැටුම් උග්‍ර වේ !

යුක්රේන භූ සම්පත් අල්ලාගැනීමට ට්‍රම්ප්, රුසියාව හා යුරෝපා සංගමය අතර ගැටුම් උග්‍ර වේ !

මාර්තු 2, 2025
සිරියානු උතුරු කලාපයේ “කුර්දි රෝජාවා සමාජවාදී කොමියුනය” අනතුරේ ?

සිරියානු උතුරු කලාපයේ “කුර්දි රෝජාවා සමාජවාදී කොමියුනය” අනතුරේ ?

මාර්තු 2, 2025
  • About
  • Advertise
  • Privacy & Policy
  • Contact

© 2024 Voice of Ceylan All rights reserved.

No Result
View All Result
  • එසැණ පුවත්
  • කර්තෘ සටහන
  • දේශපාලන
  • ආර්ථික
  • කාලීන සිදුවීම්
  • ජාත්‍යන්තර
  • සංචාරක
  • නව ප්‍රංශ නීති

© 2024 Voice of Ceylan All rights reserved.

  • Sinhala (සිංහල)