• Contact
  • si Sinhala (සිංහල)
  • fr Français
Advertisement
  • එසැණ පුවත්
  • කර්තෘ සටහන
  • දේශපාලන
  • ආර්ථික
  • කාලීන සිදුවීම්
  • ජාත්‍යන්තර
  • සංචාරක
  • නව ප්‍රංශ නීති
  • Events
No Result
View All Result
  • එසැණ පුවත්
  • කර්තෘ සටහන
  • දේශපාලන
  • ආර්ථික
  • කාලීන සිදුවීම්
  • ජාත්‍යන්තර
  • සංචාරක
  • නව ප්‍රංශ නීති
  • Events
No Result
View All Result
Voice of Ceylan
No Result
View All Result
Home එසැණ පුවත්

දකුණු ඇමරිකාවේ උරුගුවත් වමට හැරෙයි?තීරණය නොවැම්බර් 24

ඔක්තෝබර් 28, 2024
in එසැණ පුවත්, කාලීන සිදුවීම්, ජාත්‍යන්තර
0
දකුණු ඇමරිකාවේ උරුගුවත් වමට හැරෙයි?තීරණය නොවැම්බර් 24
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter

දකුණු ඇමරිකාවේ දුප්පත්ම ජනාධිපතිවරයා ලෙස සැලකෙන JOSE MUJICA ජනාධිපති ධූරය දැරු දකුණු ඇමරිකාවේ උරුගුවේ රාජ්‍යයේ ඔක්තෝම්බර් 27 වනදා පැවැත් වූ මැතිවරණයෙන් MUJICAගේ වාමාංශික Frente Amplio පක්‍ෂ අපේක්‍ෂකයා වූ YASMANDU ORSI පළමු වටයෙන් 43%ක බහුතරයක් දිනා ගැනීමට සමත් වී ඇති බව වාර්තා වේ. ජනාධිපතිවරණයේ දෙවන වටය නොවැම්බර් 24 වනදා වාමාංශික මහාචාර්යවරයෙකු වන ORSI සහ ගතානුගතික දක්ෂිණාංශික පශු වෛද්‍යවරයෙකු වන ALVARO DELGADO අතර ද්වන්ධ සටනක් බවට පත් වනු ඇති බවට විදේශ මාධ්‍ය වාර්තා කර සිටි.

57 හැවිරිදි වාමාංශික Frente Amplio පක්‍ෂයේ අපේක්ෂකයා වන මහාචාර්ය යමණ්ඩු ඔර්සි, මැතිවරණ කොමිසම් සභා වාර්තාවට අනුව 43.9% ඡන්ද ප්‍රතිශතයක් ලබා ගනිමින් ඉරිදා පළමු වටයේදී පළමු ස්ථානයට පත්විය. ඒ අනුව ඔහු නොවැම්බර් 24දා ලිබරල් අපේක්‍ෂකයෙක, පශු වෛද්‍ය Alvaro Delgado (26.7%) ට එරෙහිව සටන් වැදෙනු ඇත. වාමාංශික පක්ෂ අපේක්‍ෂක යමන්ඩු ඔර්සි ලෝකයේ දුප්පත්ම ජනාධිපතිවරයා හා හිටපු ගරිල්ලා නායකයෙකු වූ jose mujikaගේ අනුගාමිකයෙකු වේ.

රූපවාහිනී නාලිකා විසින් ඔක්තෝබර් 27 ඉරිදා විකාශනය කරන ලද මත පල කිරීම් වලට අනුව වාමාංශික නායකයා රටේ ජනතාවගේ දැඩි ආකර්ෂණයක් දිනා ගෙන ඇති අතර නොවැම්බර් 24 දා පැවැත්වෙන මැතිවරණයේ දෙවන වටයේදී මිලියන 3.4ක ජනතාවක් වෙසෙන උරුගුවේ ඊළඟ රාජ්‍ය නායකයා වීමට ඉඩ ඇති බව පැවසේ. මෙවර මැතිවරණයේ ප්‍රධාන තේමාව බවට පත්ව ඇත්තේ මහජන ආරක්ෂාව වේ. කලාපයේ අනෙකුත් රටවල් හා සසඳන විට උරුගුවේ ඉතා ඉහළ ඒක පුද්ගල ආදායමක් සහ දරිද්‍රතාවය සහ අසමානතාවය අඩු මට්ටමක පවතින නමුත් පාතාල කල්ලි හා බැඳුනු මත්ද්‍රව්‍ය සම්බන්ධ ප්‍රචණ්ඩත්වය රට තුල ඉහල යාමෙන් එරට ජනතාව එයින් ඉතා දැඩි ලෙස පීඩා විඳිති.

මැතිවරණ කොමිසම විසින් සඳුදා ප්‍රකාශයට පත් කරන ලද ප්‍රතිඵලවලට අනුව, Frente Amplio පක්‍ෂයේ වාමාංශික අපේක්ෂක යමණ්ඩු ඔර්සි, එරට හිටපු වාමාංශික ජනාධිපති වරයා වූ ජොසේ මුජිකා හෙවත් “පෙපේ” නම් (සුරතල් නාමයෙන් එරට ජනතාව හැඳුන් වූ,2010-2015 ජනාධිපති ) ජනාධිපතිවරණයෙන් ලබා ගත් 43.9% ක ඡන්ද ප්‍රතිශතයකට සමාන හිමිකම් පළමු වටයේදී පෙන්වා ඇත. ප්‍රකාශිත ඡන්දවලින් 99%කට වඩා වැඩි ප්‍රතිශතයක් මත පදනම් වූ මෙම නිල සංඛ්‍යාලේඛනවලට අනුව, පාලක ලිබරල්-දක්ෂිණාංශික ජාතික පක්ෂයේ අපේක්ෂකයා වන 55 හැවිරිදි අල්වාරෝ ඩෙල්ගාඩෝ ඡන්දවලින් ලබා ගෙන ඇත්තේ 26.7% ක් පමණක් වේ.

“මෙම ඉදිරි දින 27 තුළ, අපි වෙන කවරදාටත් වඩා උද්යෝගයෙන් අවසන් තල්ලුවත් දෙමු! ජයග්‍රහණය සඳහා අපට අවශ්‍ය වනුයේ ඉතාමත් සුළු චන්ද ප්‍රමාණයක් පමණයි” දහස් ගණනක් වූ ආධාරකරුවන් ඉදිරියේ Frente Amplio වාමාංශික පක්ෂයේ ජයග්‍රාහි අපේක්‍ෂක මහාචාර්‍යය Yamandu Orsi අවධාරණය කර සිටියේය.

උරුගුවේ ස්ථාපිත කර ඇති “ප්‍රජාතන්ත්‍රවාදී පරිසරය ” ඔහු විසින් අගය කළ අතර 2020 දී වාම කඳවුර පරාජය වීමෙන් පසු Frente Amplio පක්‍ෂය නොවැම්බර් 24 වැනිදා නැවත බලයට පැමිනීම කිසිවෙකුට නතර කල නොහැකි බව තව දුරටත් ප්‍රකාශ කර සිටියේය.

ඔහුගේ දේශපාලන න්‍යායාචාර්ය වරයා වන 89 හැවිරිදි හිටපු ජනාධිපති ජෝස් මුජිකා 2010 සිට 2015 දක්වා උරුගුව පාලනය කළේය. 89 හැවිරිදි හිටපු ගරිල්ලා නායකයා esophageal පිළිකා සම්බන්ධ විවිධ සෞඛ්‍ය ගැටලුවලින් පසුව සුවය ලබමින් සිටින අතර මැතිවරණ කාර්යාල විවෘත වූ වහාම ගොස් ඡන්දය ප්‍රකාශ කරමින් පැවසුවේ “මෙය මගේ අවසාන ඡන්ද පත්‍රය” විය හැකි යයි මාධ්‍ය වෙත පෙන්වමිනි.

මේ අතර ලිබරල් අපේක්‍ෂක ALVARO DELGADO වාමාංශික අපේක්‍ෂකයාට එරෙහිව ඒකාබද්ධ පෙරමුණක් සඳහා පරාජිත අපේක්ෂකයින්ට ආරාධනා කළේය. ඔර්සි සහ ඩෙල්ගාඩෝ තරඟයට ඉදිරිපත් වූ තවත් අපේක්ෂකයින් නව දෙනෙකු පරාජය කළහ. Alvaro Delgado යනු වසර හතරක් වර්තමාන දක්ෂිණාංශික පක්‍ෂයේ ජනාධිපති Luis Lacalle ලේකම්වරයා වීම නිසාම වාමාංශික කඳවුරේ ජයග්‍රහණය තහවුරු වීමට ඇති අමතර “වාසියක්” බව එරට දේශපාලන නිරීක්ෂකයින්ගේ මතයයි

මේ අතර තෙවන ස්ථානය ලබා ගත් කොලරාඩෝ පක්ෂයේ අපේක්‍ෂක 40 හැවිරිදි Andrés Ojeda පවසන්නේ “අපි නැතුව වර්තමාන ආණ්ඩුවට දිනන්න බැරි බවයි.

කෙසේවෙතත් උරුගුවේහි ඡන්දය ප්‍රකාශ කිරීම රහසිගත හා අනිවාර්ය වන නිසා ප්‍රධාන අපේක්‍ෂකයින් දෙදෙනාට මෙම පරාජිත අපේක්‍ෂකයින් සමග යම් හෝ එකඟතාවයකට යාමට සිදු වීම අනිවාර්‍ය වේ. එසේම එරට ව්‍යවස්ථාව අනුව කෙනෙකුට එරට ජනාධිපති විය හැක්කේ එක් අවස්ථාවක් පමණි. දෙවන වටයට තේරෙන ජනාධිපතිවරණ අපේක්‍ෂකයින් දෙදනා අනිවාර්යයෙන්ම ප්‍රසිද්ධ විවාදයකයට ද ඉදිරිපත් වීමද නීතියෙන් තහවුරු කර ඇත.

වාමාංශික පෙරමුණේ Frente Amplio පක්‍ෂය බලයට පැමිණීමේ “බලාපොරොත්තුව සැමරීම” සඳහා පැරණි මොන්ටෙවීඩියෝ නගරයේ ඔවුන් දැවන්ත රැලියක් සංවිධානය කළේය.

“අපට අවශ්‍ය වන්නේ කිහිප දෙනෙකුට වරප්‍රසාද ලබා දෙන පාලනයක් නොව සැමට සමානව හා සාධාරණව රටේ සම්පත් බෙදී යන ක්‍රම වේදයක් ලබා දෙන රජයක්,” එම පක්ෂයේ කථිකයන් අවධාරණය කළේය.

මෙම රැස්වීමට එරෙහිව පාලක ලිබරල් සභාගය, “ප්‍රජාතන්ත්‍රවාදයේ සැමරුමක්” නමින් රැළියක් සංවිධානය කළේය. ෆ්‍රෙන්ටේ ඇම්ප්ලියෝ වාමාංශික පෙරමුණ ගැන සඳහන් කරමින් “ඔවුන් ආපසු නොඑනු ඇත” යන ගීත ඇතුලත් සංගීතයෙන් සහ ගායනාවලින් එම රැලිය උත්සවශ්‍රීයක් ගත් බව මාධ්‍ය වාර්තා කර සිටියහ.

සෙනෙට් සභිකයින් 30 දෙනෙකු සහ නියෝජ්‍ය මන්ත්‍රීවරුන් 99 දෙනෙකු තෝරා පත් කර ගැනීම ද මෙම මැතිවරණය තුලින්ම සිදු කර තිබිණි. දෙවන වටයෙන් ජයග්‍රණය කරන අපේක්‍ෂකයා ජනවාරි මස දිවුරුම් දෙනු ඇත. උරුගුව දීර්ඝ කාලීන සිවිල් යුද්ධයකින් පසුව ප්‍රජාතන්ත්‍රවාදය දිනාගෙන වසර 40ක් පිරෙන සංවත්සරය ද 2025ට යෙදී තිබීමද විශේෂ සිදු වීමකි.

Previous Post

ඊශ්‍රාලයට යුධ ආයුධ ලබා දීම ප්‍රංශය ප්‍රතික්‍ෂේප කරයි?

Next Post

සෙනගාලයේ තරුණ ආණ්ඩුව සමස්ථ අප්‍රිකාවට නව ආර්ථික ව්‍යාපෘතියක් ඉදිරිපත් කරයි!

Next Post
සෙනගාලයේ තරුණ ආණ්ඩුව සමස්ථ අප්‍රිකාවට නව ආර්ථික ව්‍යාපෘතියක් ඉදිරිපත් කරයි!

සෙනගාලයේ තරුණ ආණ්ඩුව සමස්ථ අප්‍රිකාවට නව ආර්ථික ව්‍යාපෘතියක් ඉදිරිපත් කරයි!

  • Trending
  • Comments
  • Latest
ප්‍රංශයේ නව සංක්‍රමණික නීති හා ප්‍රංශ විප්ලවය !

ප්‍රංශයේ නව සංක්‍රමණික නීති හා ප්‍රංශ විප්ලවය !

ජනවාරි 28, 2024
මරණීය දණ්ඩනයෙන් රනිල් බේරාගත් චන්ද්‍රිකා !-රසල් බණ්ඩාරවත්ත

මරණීය දණ්ඩනයෙන් රනිල් බේරාගත් චන්ද්‍රිකා !-රසල් බණ්ඩාරවත්ත

පෙබරවාරි 20, 2024
වසර 100ක් පිරෙන ලෙනින්ගේ දර්ශනය හා නවීන ලිබරල් ලෝකය

වසර 100ක් පිරෙන ලෙනින්ගේ දර්ශනය හා නවීන ලිබරල් ලෝකය !

ජනවාරි 26, 2024
ෆොන්සේකා දෙලොවක් අතර ?

ෆොන්සේකා දෙලොවක් අතර ?

ජනවාරි 31, 2024
දෙසැම්බර් සංචාරකයින් ලක්ෂ 02 ඉක්මවයි

දෙසැම්බර් සංචාරකයින් ලක්ෂ 02 ඉක්මවයි

0
සයිනොපෙක් ඉන්ධන මිල අඩු කරයි.. ඔවුන්ගේ මිල මෙන්න..

සයිනොපෙක් ඉන්ධන මිල අඩු කරයි.. ඔවුන්ගේ මිල මෙන්න..

0
කියුබාවේ ක්‍රමය අපට හරියන්නෑ.. මාලිමාව කරන්නේ වෙනස්ම එකක්…

කියුබාවේ ක්‍රමය අපට හරියන්නෑ.. මාලිමාව කරන්නේ වෙනස්ම එකක්…

0

තැන තැන වෙඩි තැබීම් මැතිවරණ වලට පෙර භිෂණය පැතිරීම සඳහා වූ සුදානමක්ද ?

0
යුක්රේන භූ සම්පත් අල්ලාගැනීමට ට්‍රම්ප්, රුසියාව හා යුරෝපා සංගමය අතර ගැටුම් උග්‍ර වේ !

යුක්රේන භූ සම්පත් අල්ලාගැනීමට ට්‍රම්ප්, රුසියාව හා යුරෝපා සංගමය අතර ගැටුම් උග්‍ර වේ !

මාර්තු 2, 2025
සිරියානු උතුරු කලාපයේ “කුර්දි රෝජාවා සමාජවාදී කොමියුනය” අනතුරේ ?

සිරියානු උතුරු කලාපයේ “කුර්දි රෝජාවා සමාජවාදී කොමියුනය” අනතුරේ ?

මාර්තු 2, 2025
ඉක්වදෝරය යළි වමට කැරකෙයි !

ඉක්වදෝරය යළි වමට කැරකෙයි !

පෙබරවාරි 13, 2025
ට්‍රම්ප්ට මුහුණ දීමට යුරෝපා සංගමය චීනය හා ඉන්දියාව දෙසට හැරේ!

ට්‍රම්ප්ට මුහුණ දීමට යුරෝපා සංගමය චීනය හා ඉන්දියාව දෙසට හැරේ!

ජනවාරි 22, 2025

Recent News

Welcome to the Voice of Ceylan, your go-to source for the latest news and stories from the heart of Sri Lanka. Operating from France, we bring you up-to-date and insightful coverage on diverse topics, providing a unique perspective on the vibrant culture, politics, and events shaping the island. Stay informed with us as we bridge the miles to connect you with the pulse of Sri Lanka.

Follow Us

Browse by Category

  • ආර්ථික
  • එසැණ පුවත්
  • කර්තෘ සටහන
  • කාලීන සිදුවීම්
  • ජාත්‍යන්තර
  • දේශපාලන
  • නව ප්‍රංශ නීති
  • සංචාරක

Recent News

යුක්රේන භූ සම්පත් අල්ලාගැනීමට ට්‍රම්ප්, රුසියාව හා යුරෝපා සංගමය අතර ගැටුම් උග්‍ර වේ !

යුක්රේන භූ සම්පත් අල්ලාගැනීමට ට්‍රම්ප්, රුසියාව හා යුරෝපා සංගමය අතර ගැටුම් උග්‍ර වේ !

මාර්තු 2, 2025
සිරියානු උතුරු කලාපයේ “කුර්දි රෝජාවා සමාජවාදී කොමියුනය” අනතුරේ ?

සිරියානු උතුරු කලාපයේ “කුර්දි රෝජාවා සමාජවාදී කොමියුනය” අනතුරේ ?

මාර්තු 2, 2025
  • About
  • Advertise
  • Privacy & Policy
  • Contact

© 2024 Voice of Ceylan All rights reserved.

No Result
View All Result
  • එසැණ පුවත්
  • කර්තෘ සටහන
  • දේශපාලන
  • ආර්ථික
  • කාලීන සිදුවීම්
  • ජාත්‍යන්තර
  • සංචාරක
  • නව ප්‍රංශ නීති

© 2024 Voice of Ceylan All rights reserved.

  • Sinhala (සිංහල)