• Contact
  • si Sinhala (සිංහල)
  • fr Français
Advertisement
  • එසැණ පුවත්
  • කර්තෘ සටහන
  • දේශපාලන
  • ආර්ථික
  • කාලීන සිදුවීම්
  • ජාත්‍යන්තර
  • සංචාරක
  • නව ප්‍රංශ නීති
  • Events
No Result
View All Result
  • එසැණ පුවත්
  • කර්තෘ සටහන
  • දේශපාලන
  • ආර්ථික
  • කාලීන සිදුවීම්
  • ජාත්‍යන්තර
  • සංචාරක
  • නව ප්‍රංශ නීති
  • Events
No Result
View All Result
Voice of Ceylan
No Result
View All Result
Home එසැණ පුවත්

ඉරානය හා රුසියාව උපායමාර්ගික සහයෝගීතා ගිවිසුමකට අත්සන් තබයි!

ජනවාරි 20, 2025
in එසැණ පුවත්, ජාත්‍යන්තර
0
ඉරානය හා රුසියාව උපායමාර්ගික සහයෝගීතා ගිවිසුමකට අත්සන් තබයි!
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ඉරාන ජනාධිපති මසූඩ් පෙසෙෂ්කියන් ජනවාරි 17වන සිකුරාදා මොස්කව් වෙත පැමිණ “විස්තීර්ණ උපායමාර්ගික හවුල්කාරිත්ව” ගිවිසුමක් අත්සන් කිරීම බටහිර දැඩි කතා බහට ලක් වී ඇත. පසුගිය සතියේ AFP මාධ්‍ය සේවය විසින් වාර්තා කල පරිදි මෙම ගිවිසුම “බලශක්ති, පරිසරය, ආර්ථික හා වාණිජ සහයෝගීතාව” සහ ආරක්ෂාව යන කේෂ්ත්‍ර මත පදනම් ව අත්සන් තබා ඇත. කෙසේ වෙතත් බටහිර මාධ්‍ය තව දුරටත් පෙන්වා දෙන්නේ ට්‍රම්ප් බලයට පත් වීමට පෙර රුසියාව විසින් 2024 දී උතුරු කොරියාව සමඟ ද එම නමින්ම ගිවිසුමක් අවසන් කල නිසා මෙම ගිවිසුම් ඇමරිකාව ඉලක්ක කරමින් සිදු කරණ නව වෝර්සෝ සම්මුතීන් ලෙස සැකකළ හැකි බවයි.
2025 ජනවාරි 17 වන සිකුරාදා මොස්කව්හි ක්‍රෙම්ලිනයේ පැවති හමුවකදී රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් සහ ඉරාන ජනාධිපති මැසූඩ් පෙසෙෂ්කියන් විසින් අත්සන් කරනු ලැබූ ගිවිසුම සම්බන්ධයෙන් ඇතැම් යුරෝපීය යුධ විශේෂඥයින් පවසන්නේ නව සීතල යුද්ධයක ආරම්හයක් බවය. ඔවුන් පෙන්වා දෙන්නේ මෙවැනිම සමාන ගිවිසුම් රාශියක් රුසියාව විසින් චීනය, උතුරු කොරියාව හා ඉන්දියාව සමගත් අත්සන් කරනු ලැබූ නිසා මෙය පැරණි සෝවියට් පන්නයේ වෝර්සෝ යුධ පෙරමුණක් නිර්මාණය කිරීමට රුසියාව දරන උත්සහයක් යයි කියා සිටින්නේ රුසියානු ජනාධිපතිවරයාගේ KGB අතීතයත් මතක් කර දෙමිනි.
නමුත් ක්‍රේම්ලනය මෙම චෝදනා තරයේ ප්‍රතික්‍ෂේප කරනු ලැබුවේය.
එහෙත් රුසියාව කර්ස්ක් කලාපයේ උතුරු කොරියානු සොල්දාදුවන් කැඳවා ඇතැයි චෝදනා කරන බටහිර රුසියාව හා උතුරු කොරියාව විසින් අනුමත කරන ලද ගිවිසුම මගින් සන්නද්ධ ආක්‍රමණයකදී “ක්ෂණික හමුදා ආධාර”සැපයීම සඳහා විශේෂ වගන්තියක් එම සම්මුතියේ ඇතුලත් කර ඇති බව ඔවුන් තවදුරටත් පෙන්වා දේ. එවැනිම වගන්තියක් ඉරානය හා අත්සන් කරන ලද සහයෝගිතා ගිවිසුමේ ඇති බවට ද චෝදනා එල්ල වේ. යුක්රේනය තුල රුසියාව විසින් දියත් කරන ලද යුධ මෙහෙයුම් වලදී ඉරානයේ නිෂ්පාදිත “ෂහීඩ් ඩ්‍රෝන” යානා මගින් සිදු කරන දැවැන්ත ප්‍රහාර නේටෝව විසින් හෙලා දකිමින් සිටි. එහෙත් ඉරානයද නේටෝ චෝදනා ප්‍රතික්‍ෂේප කරනු ලබයි.
මෙම අඟහරුවාදා පැවති මාධ්‍ය හමුවකදී රුසියානු රාජ්‍ය තාන්ත්‍රික ප්‍රධානියා සර්ජ් ලැව්රොව් පැවසුවේ
“අපගේ බටහිර සගයන්ට සැමවිටම අවශ්‍ය වන්නේ රුසියාව සහ ඉරානය, රුසියාව සහ චීනය, රුසියාව සහ උතුරු කොරියාව සෑම විටම යමෙකුට එරෙහිව යමක් සූදානම් කරන බව පෙන්වන ඕනෑම කාරණයක් පිළිබඳ මාතෘකාවක් සොයා ගනිමින් බොරු බිල්ලෙකු මැවීම පමණයි” යයි කියා සිටියේය.
සිරියාවේ බෂාර් අල්-අසාද්ගේ වැටීමෙන් පසුව ලෙබනනයේ දුර්වල වූ ඉරානය මොස්කව් සමඟ වේගවත් සහයෝගීතාවයක් ආරම්භ කර තිබෙන බව බටහිර මාධ්‍ය යලි යලිත් කියා සිටි. ඒ අතර යුරෝපය ද හිටපු අල්කයිඩා සංවිධානයට අයත් සිරියානු කණ්ඩායම ලෙස සැලකෙන අල්නුස්රා සංවිධානයට අයත් සිරියානු නව ඉස්ලාමීය පාලනයට මීට දින කීපයකට පෙර ඩොලර් මිලියන 235ක් ලබා දෙන ලද්දේ නව පාලනය විසින් එරට නව ව්‍යවස්ථාව මගින් ඉස්ලාම් ආගම රාජ්‍ය ආගම බවට පත් කරන බවට සපත කරන තත්වයක් තුලය.
එහෙත් ඇමරිකාව විසින් සිරියානු නව පාලනයට එරෙහිව කුර්දි ගරිල්ලන්ට තම සහය ලබා දෙමින් සිටින්නේ සිරියාවේ සියළු තෙල් සංචිත කුර්දි ජාතිකයන් බහුතරයක් ජීවත්වෙන සිරියානු උතුරු කලාපය තුල ඇති බවට හොඳින් අවබෝධ කර ගනිමිනි.
ඉරානය හා රුසියාව අතර මෙම නව ආරක්ෂක ගිවිසුම ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පදවි ප්‍රාප්තියට දින තුනකට පෙර සිදු කිරීම වොෂින්ටනයට ලබා දුන් සංඥාවක් ලෙස දැකිය යුතු බවට යුරෝපා මාධ්‍ය විශාල ප්‍රචාරයක් සිදු කරමින් සිටි.
“ඉරානය සහ රුසියාව අතර ගිවිසුම අත්සන් කළ දිනය ට්‍රම්ප්ගේ පදවි ප්‍රාප්ති දිනය සමඟ කිසිදු සම්බන්ධයක් නැත,” ක්‍රෙම්ලිනයේ විදේශ අමාත්‍යංශ ප්‍රකාශකයා මේ සතියේ තරයේ ප්‍රකාශ කළේය.
කෙසේවෙතත් ට්‍රම්ප් හා රුසියාව අතර යුක්රේන යුද්ධය අවසාන කිරීම සඳහා ඇතිවිය හැකි ගිවිසුමක් පිළිබඳව නේටෝව එතරම් සතුටින් සිටින බවක් නොපෙනේ. බයිඩන් විසින් පසුගිය සතියේ රුසියානු තෙල් හා ගෑස් ප්‍රවාහනය කරනු ලබන වෙළඳ නෞකා රාශියක් අසාදු ලේඛණ වලට ඇතුල් කරන ලද්දේ චීනය හා ඉන්දියාව මගින් සිදු කරන තෙල් හා ගෑස් අපනයනයට බාධා පමුනු වමින්ය. බයිඩන් විසින් මෙම තීරණය ගනු ලැබුවේ ට්‍රම්ප් විසින් ඇමරිකානු තෙල් හා ගෑස්‌ මිල දී ගන්න ලෙසට යුරෝපා සංගමයට තර්ජනය කරමින් හා එසේ නොවුනහොත් යුරෝපා ආනයන සඳහා 20-50% දක්වා බදු අයකරන බවටද පවසා සිටින තත්වයක් තුලය. මේ අනුව ලෝක වෙළඳ ගනුදෙනු වලදී රජයන් වෙනස් වූ නිසා ඇමරිකානු ප්‍රතිපත්තියේ වෙනසක් සිදු නොවනු ඇත.
කෙසේවෙතත් මෙම ගිවිසුම මගින් සිවිල් න්‍යෂ්ටික කේෂ්ත්‍රයේ විශේෂඥ සහය හුවමාරු කර ගැනීම, සතුරු රටවල් සමග සිදුකරන යුද්ධ වලදී දෙරට අතර මැදිහත්වීමක් සිදු නොවන බවටද සඳහන් කරමින් වගන්තියක් අඩංගු වුවද රුසියාව හා උතුරු කොරියාව සමග අත්සන් කරන ලද සම්මුතියේ එවැනි සාමුහික යුධ සහයක් ලබා දීමට එකඟ වී ඇත.
ගිවිසුම අත්සන් කිරීමෙන් පසුව ඉරාන ජනාධිපතිවරයා හා රුසියානු ජනාධිපතිවරයා යුක්රේනය හා ගාසා යුද්ධ අවසාන කිරීම සඳහා ඇමරිකානු නව ජනාධිපතිවරයාට මැදිහත් වන ලෙස ආරාධනා කරනු ලැබුහ.
කෙසේ වෙතත් මෙම ගිවිසුම අත්සන් කිරීමෙන් පසුව ඉරාන විදේශ ඇමති අබ්බාස් අරගච්චි රුසියානු පුවත්පතක් වන RIA NOVOSTI වෙත පැවසුවේ බටහිර අධිරාජ්‍යවාදී අත්තනෝමතික මැදිහත් වීම වලට එරෙහිව සාමකාමී හා මිත්‍රශීලි විසඳුම් සඳහා මෙම ගිවිසුම අත්සන් කරනු ලැබූ බවයි.
Previous Post

බ්‍රිතාන්‍ය වහල් වෙළඳාමට එරෙහිව පොදු රාජ්‍ය මණ්ඩල සමුළුව උණුසුම් වේ !

Next Post

2024 දී චීනය 40%ක වාර්තාගත අපනයන ආදායමක් ලබා ගනී !

Next Post
2024 දී චීනය 40%ක වාර්තාගත අපනයන ආදායමක් ලබා ගනී !

2024 දී චීනය 40%ක වාර්තාගත අපනයන ආදායමක් ලබා ගනී !

  • Trending
  • Comments
  • Latest
ප්‍රංශයේ නව සංක්‍රමණික නීති හා ප්‍රංශ විප්ලවය !

ප්‍රංශයේ නව සංක්‍රමණික නීති හා ප්‍රංශ විප්ලවය !

ජනවාරි 28, 2024
මරණීය දණ්ඩනයෙන් රනිල් බේරාගත් චන්ද්‍රිකා !-රසල් බණ්ඩාරවත්ත

මරණීය දණ්ඩනයෙන් රනිල් බේරාගත් චන්ද්‍රිකා !-රසල් බණ්ඩාරවත්ත

පෙබරවාරි 20, 2024
වසර 100ක් පිරෙන ලෙනින්ගේ දර්ශනය හා නවීන ලිබරල් ලෝකය

වසර 100ක් පිරෙන ලෙනින්ගේ දර්ශනය හා නවීන ලිබරල් ලෝකය !

ජනවාරි 26, 2024
ෆොන්සේකා දෙලොවක් අතර ?

ෆොන්සේකා දෙලොවක් අතර ?

ජනවාරි 31, 2024
දෙසැම්බර් සංචාරකයින් ලක්ෂ 02 ඉක්මවයි

දෙසැම්බර් සංචාරකයින් ලක්ෂ 02 ඉක්මවයි

0
සයිනොපෙක් ඉන්ධන මිල අඩු කරයි.. ඔවුන්ගේ මිල මෙන්න..

සයිනොපෙක් ඉන්ධන මිල අඩු කරයි.. ඔවුන්ගේ මිල මෙන්න..

0
කියුබාවේ ක්‍රමය අපට හරියන්නෑ.. මාලිමාව කරන්නේ වෙනස්ම එකක්…

කියුබාවේ ක්‍රමය අපට හරියන්නෑ.. මාලිමාව කරන්නේ වෙනස්ම එකක්…

0

තැන තැන වෙඩි තැබීම් මැතිවරණ වලට පෙර භිෂණය පැතිරීම සඳහා වූ සුදානමක්ද ?

0
යුක්රේන භූ සම්පත් අල්ලාගැනීමට ට්‍රම්ප්, රුසියාව හා යුරෝපා සංගමය අතර ගැටුම් උග්‍ර වේ !

යුක්රේන භූ සම්පත් අල්ලාගැනීමට ට්‍රම්ප්, රුසියාව හා යුරෝපා සංගමය අතර ගැටුම් උග්‍ර වේ !

මාර්තු 2, 2025
සිරියානු උතුරු කලාපයේ “කුර්දි රෝජාවා සමාජවාදී කොමියුනය” අනතුරේ ?

සිරියානු උතුරු කලාපයේ “කුර්දි රෝජාවා සමාජවාදී කොමියුනය” අනතුරේ ?

මාර්තු 2, 2025
ඉක්වදෝරය යළි වමට කැරකෙයි !

ඉක්වදෝරය යළි වමට කැරකෙයි !

පෙබරවාරි 13, 2025
ට්‍රම්ප්ට මුහුණ දීමට යුරෝපා සංගමය චීනය හා ඉන්දියාව දෙසට හැරේ!

ට්‍රම්ප්ට මුහුණ දීමට යුරෝපා සංගමය චීනය හා ඉන්දියාව දෙසට හැරේ!

ජනවාරි 22, 2025

Recent News

Welcome to the Voice of Ceylan, your go-to source for the latest news and stories from the heart of Sri Lanka. Operating from France, we bring you up-to-date and insightful coverage on diverse topics, providing a unique perspective on the vibrant culture, politics, and events shaping the island. Stay informed with us as we bridge the miles to connect you with the pulse of Sri Lanka.

Follow Us

Browse by Category

  • ආර්ථික
  • එසැණ පුවත්
  • කර්තෘ සටහන
  • කාලීන සිදුවීම්
  • ජාත්‍යන්තර
  • දේශපාලන
  • නව ප්‍රංශ නීති
  • සංචාරක

Recent News

යුක්රේන භූ සම්පත් අල්ලාගැනීමට ට්‍රම්ප්, රුසියාව හා යුරෝපා සංගමය අතර ගැටුම් උග්‍ර වේ !

යුක්රේන භූ සම්පත් අල්ලාගැනීමට ට්‍රම්ප්, රුසියාව හා යුරෝපා සංගමය අතර ගැටුම් උග්‍ර වේ !

මාර්තු 2, 2025
සිරියානු උතුරු කලාපයේ “කුර්දි රෝජාවා සමාජවාදී කොමියුනය” අනතුරේ ?

සිරියානු උතුරු කලාපයේ “කුර්දි රෝජාවා සමාජවාදී කොමියුනය” අනතුරේ ?

මාර්තු 2, 2025
  • About
  • Advertise
  • Privacy & Policy
  • Contact

© 2024 Voice of Ceylan All rights reserved.

No Result
View All Result
  • එසැණ පුවත්
  • කර්තෘ සටහන
  • දේශපාලන
  • ආර්ථික
  • කාලීන සිදුවීම්
  • ජාත්‍යන්තර
  • සංචාරක
  • නව ප්‍රංශ නීති

© 2024 Voice of Ceylan All rights reserved.

  • Sinhala (සිංහල)