• Contact
  • si Sinhala (සිංහල)
  • fr Français
Advertisement
  • එසැණ පුවත්
  • කර්තෘ සටහන
  • දේශපාලන
  • ආර්ථික
  • කාලීන සිදුවීම්
  • ජාත්‍යන්තර
  • සංචාරක
  • නව ප්‍රංශ නීති
  • Events
No Result
View All Result
  • එසැණ පුවත්
  • කර්තෘ සටහන
  • දේශපාලන
  • ආර්ථික
  • කාලීන සිදුවීම්
  • ජාත්‍යන්තර
  • සංචාරක
  • නව ප්‍රංශ නීති
  • Events
No Result
View All Result
Voice of Ceylan
No Result
View All Result
Home එසැණ පුවත්

ඉක්වදෝරය යළි වමට කැරකෙයි !

පෙබරවාරි 13, 2025
in එසැණ පුවත්, කර්තෘ සටහන
0
ඉක්වදෝරය යළි වමට කැරකෙයි !
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

පෙබරවාරි 9 වන ඉරිදා ඉක්වදෝරයේ රෆායල් කොරයා ගේ වාමාංශික ව්‍යාපාරය මුළු ලොවම පුදුමයට පත් කරමින් එරට පැවැත් වූ ජනාධිපතිවරණය දෙවන වටයකට තල්ලු කරනු ලැබ ඇති බව විදේශ මාධ්‍ය වාර්තා කර සිටි. එරට වත්මන් ජනාධිපති ඩැනියෙල් නොබෝවා සහ ඔහුගේ වාමාංශික ප්‍රතිවාදියා වන ලුයිසා ගොන්සාලෙස් අතර තියුණු තරඟයකින් පසුව, ඉක්වදෝරය ජනාධිපතිවරණයේ දෙවන වටය සඳහා නැවත ඡන්ද විමසීමට අප්‍රියෙල් 13 වනදාට නියම කරගෙන ඇත. දක්ෂිණාංශික පාලක ජනාධිපති ඩැනියෙල් නොබෝවා ජයග්‍රහණය සැමරීමට අපේක්ෂාවෙන් සිටියද දෙවන වටයකට යා යුතු යයි ප්‍රකාශ වීමත් සමග මැතිවරණය තුල දූෂණ සිදුවී ඇතිබවට චෝදනා කරනු ලැබුවේය.

නමුත් යුරෝපා මැතිවරණ නිරීක්ෂණ කණ්ඩායම එම චෝදනා තරයේ ප්‍රතික්‍ෂේප කර ඇත. දෙවන වටයට තේරී ඇති අපේක්‍ෂකයින් දෙදනාම රට පුරා පැතිරී ඇති මත්ද්‍රව්‍ය ජාවාරම් ප්‍රචණ්ඩත්වය අවසන් කිරීමටත් ආර්ථික අර්බුධය විසඳීමටත් පොරොන්දු වී සිටිති. යම් විදිහකින් සමාජවාදී අපේක්ෂිකා ජයග්‍රහණය කල හොත් ට්‍රම්ප් පාක්‍ෂික ඩැනියෙල් නොබෝවාගේ පරාජය ට්‍රම්ප්ගේ ප්‍රතිරූපටයද බලපෑමක් සිදු කරනු ඇතැයි දේශපාලන විචාරකයින් පෙන්වා දෙන්නේ ඔහුගේ දිවුරුම් දීමේ උත්සවයට සහභාගී වූ ප්‍රධාන අමුත්තෙකු ලෙස ඩැනියෙල් නොබෝවා ද සිටි නිසාවෙනි.

වෘත්තියෙන් නීතිඥ වරියක් වන “සමාජවාදී පුරවැසි විප්ලවීය ව්‍යාපාරයේ” ජනාධිපති අපේක්ෂිකා ලුයිසා ගොන්සාලෙස් වලංගු චන්ද සංඛ්‍යාවෙන් 43.91ක් ලබා ගත්තාය. ඔහුගේ විරුද්ධ අපේක්ෂක හිටපු ජනාධිපති ඩැනියෙල් නොබෝවා 44.1% ලබා ගෙන තිබුනේ ඔහු ජයග්‍රහණය කරනු ලබන බවට සියළු මත විමසුම් උඩු යටිකුරු කරමිනි. මත්ද්‍රව්‍ය ජාවාරම් ප්‍රචණ්ඩත්වයෙන් පීඩාවට පත් වූ රටේ දෙවන වටයක අපේක්ෂාව මතු කරනු ලැබුවේ ඡන්ද පත්‍රිකා ගණන් කරන විට, අපේක්ෂකයින් 16 දෙනෙකුගෙන් යුත් මෙම මැතිවරණයේ ප්‍රියතමයන් දෙදෙනා අතර පරතරය අඩු වී සමස්ථ ප්‍රථිපලයම වෙනස් වීමෙනි.

“විශිෂ්ට ජයග්‍රහණයක් ලබාගෙන අපි දිනුවා. අපි තාක්ෂණිකව දැන් එක සමානයි. රටේ හිටපු පාලකයා අපේ අසල් වැසි මෙක්ෂිකොව ඇතුළු රටවල් රාශියක් සමග ගැටුම් ඇතිකරගෙන තිබෙනවා. ඒවා සමනය කරගනිමින් සියළු රටවල් සමග හොඳ හිත පවත්වා ගැනීමට කාලය පැමිණ තිබෙනවා. ඔහු නියෝජනය කරන්නේ බිය හා භීෂණයයි. අපි පෙනී සිටින්නේ රටේ අනාගත පරම්පරාවේ අපේක්‍ෂාව වෙනුවෙන්. පාතාලයට එරෙහිව යුද්ධය අවසන් කල හැක්කේ ආර්ථික වශයෙන් සෑම දෙනාටම සාධාරණ බෙදී යන ක්‍රමවේදයක් ඇති කිරීමෙන් පමණයි. මර්දනයෙන් පමණක් රටේ අපරාධ අවසන් කල හැකියි යයි සිතන පාලකයන්ට සමාජ යුක්තිය ලබා දිය නොහැකියි ” යයි 47 හැවිරිදි නීතිඥවරියක් සහ හිටපු සමාජවාදී ජනාධිපති රෆායෙල් කොරියාගේ (2007-2017) උරුමක්කාරයෙකු වන ක්විටෝ ලුයිසා ගොන්සාලෙස් උද්දාමයට පත් ආධාරකරුවන් ඉදිරියේ පවසා සිටියාය.

තනි වටයකින් ජයග්‍රහණය කිරීමට බලාපොරොත්තුවෙන් සිටි කෝටිපති ව්‍යාපාරික හා ට්‍රම්ප්ගේ සමීප හිතවතෙකුද වන ඩැනියෙල් නොබෝවා මාධ්‍ය අමතමින් සඳහන් කර සිටියේ මැතිවරණ දිනයේ තම ප්‍රතිවාදී අපේක්ෂිකා ලුයිසා ගොන්සාලේස් හට චන්දය ලබා දෙන ලෙස බලකරමින් රටේ පාතාල කල්ලි චන්දදායකයින්ට තර්ජන සිදු කර ඇති බවයි. නමුත් මෙම මැතිවරණය නිරීක්ෂණය සඳහා පැමිණි යුරෝපා මැතිවරණ නිරීක්ෂණ කණ්ඩායමේ නායක ගාබ්‍රියෙල් මටෝ එය තරයේ ප්‍රතික්‍ෂේප කරනු ලැබිණි. ඒ හා සමානවම ඇමරිකානු රාජ්‍ය සංවිධාන (OEA)මැතිවරණ නිරීක්ෂණ කණ්ඩායම් ද එය පිළිගත නොහැකි චෝදනාවක් ලෙස පෙන්වා බැහැර කරනු ලැබිණි.

මත්ද්‍රව්‍ය ආශ්‍රිත ප්‍රචණ්ඩත්වයෙන් හා ආර්ථික අර්බුදයකට මුහුණ දී සිටින රට යහපත් අතට හැරවිය හැකි පාලනයක් පිලිබඳ ඉක්වදෝරියානුවන් බලාපොරොත්තු වෙන් සිටි. ඉක්වදෝර වරායන් හරහා, කොලොම්බියාවේ සහ පේරු හරහා යුරෝපයට හෝ ඇමරිකා එක්සත් ජනපදයට මත්ද්‍රව්‍ය හා රත්‍රං ජාවාරම සිදුකරන අපරාධ කණ්ඩායම් අතර දරුණු අරගලයක් මේ වන විට ඇවිළෙමින් පවතින්නේ රටේ පාලන තන්ත්‍රය ට ඍජුවම අභියෝග කරමිනි.

“අඩ සියවසකට පමණ පෙර අප ප්‍රජාතන්ත්‍රවාදයට නැවත පැමිණීමෙන් පසු ඇති වූ දරුණුතම අර්බුදය මෙයයි. රටේ තත්වය ඉතා තීරණාත්මකයි, ගොඩක් අනාරක්ෂිතයි. රැකියා අර්බුධය උග්‍රයි. බොහෝ අය රට අත්හැරලා යනවා. ඉක්වදෝරය දැනටමත් වෙනස් වී ඇති අතර එය දිගටම වෙනස් වීමට අවශ්‍යයි, එයට අවශ්‍ය වන්නේ එහි ජයග්‍රහණය තහවුරු කර ගැනීමටයි,” මධ්‍යස්ථ ජනතාව මාධ්‍ය අමතා කියා සිටියහ.

කෙසේ වෙතත්, හිටපු ජනාධිපති ඩැනියෙල් නොබෝවාගේ වාර්තාව ජාත්‍යන්තර ප්‍රජාවේ විවේචනයට ලක් වී ඇත. ඔහු විසින් පාතාල කල්ලි මර්දනය සඳහා සිදුකල ආරක්ෂක ක්‍රියා මාර්ග සම්බන්ධයෙන් ලෝක මානව හිමිකම් සංවිධානවල දැඩි විවේචන වලට භාජනය වී ඇත. පසුගිය දෙසැම්බර් මාසයේදී, රටම කම්පනයට පත් කළ සිද්ධියක් වූයේ පිළිස්සුණු යෞවනයන් සිව්දෙනෙකු ගේ මල සිරුරු ඔවුන් බලහත්කාරයෙන් අත්අඩංගුවට ගැනීමෙන් පසු හමුවීම නිසාවෙනි. මේ සිද්ධිය සම්බන්ධයෙන් සැක කෙරෙන සොල්දාදුවන් 16 දෙනෙකු තාවකාලිකව රඳවා තබා ගැනීමට ඉන් අනතුරුව අධිකරණය නියෝග කළේය. ඔහුගේ පාතාල මර්දනයේදී සිදු කල සිරකරුවන් අඩ නිරුවතින් තැබීම,වදහිංසා, මරා දැමීම්, පාසල් වෙනුවට තරුණයන් රඳවා තැබීමට දැවැන්ත සිර කඳවුරු රට පුරා ගොඩ නැගීම වැනි ක්‍රියා මාර්ග ඇම්නෙස්ටි ජාත්‍යන්තරය පවා හෙලා දකින ලදී.

ඉක්වදෝරය මේ වන විට රටේ ණය ප්‍රතිශතය 57%GDB ලෙස වර්තා වන අතර රටේ ද්‍රවිද්‍රතාවය 28%ක් ලෙස දැක්වේ. ඉක්වදෝරය ලෝකයේ තෙල් නිපදවන රටක් ලෙස ඔපෙක් සංවිධානයේ සාමාජිකයෙක් වන අතර දිනකට තෙල් බැරල් 526000ක් ලෝක වෙළඳ පලට අපනයනය කරනු ලබයි. එසේම ගෑස්, රත්‍රං, මිනිරන්, රිදී, ගල් අඟුරු, යපස් වලින් ගහන රටක් ද වේ.

ඉක්වදෝරය පාලනය කල එරට හිටපු සමාජවාදී ජනාධිපති රෆායල් කොරෙයා මේ වන විට සිටින්නේ බෙල්ජියමේ දේශපාලන රැකවරණ ලබමිනි. අප්‍රියෙල් 13 වනදා පැවැත්වෙන ජනාධිපතිවරණයේ දෙවන වටයේදී සමාජවාදී අපේක්ෂිකා ලුයිසා ගොන්සාලේස් ජයග්‍රහණය කල හොත් යලි තම උපන් බිමට පැමිණීමට ඔහු අපේක්ෂාවෙන් සිටි. රෆායල් කොරෙයා යනු සුප්‍රසිද්ධ මාධ්‍යවේදී ජුලියන් අසංගේ හට ඉක්වදෝර මහා බ්‍රිතාන්‍ය තානාපති කාර්යාලයේ දේශපාලන රැකවරණ ලබා දුන් නිසා ඇමරිකාවේ උදහසට ලක් වූ දකුණු ඇමරිකානු වාමාංශික නායකයෙකි. ඔහුගේ පාලනය කාලය තුලදී ඉක්වදෝරයේ දුප්පත්කම 36%සිට 22% දක්වා පහත හෙලමින් ලෝකයට “21 වන සියවස සඳහා සමාජවාදය ” යන තේමාව සමාජ ගත කළේය.

“සාමය ගොඩනැගීම සඳහා අපට සමාජ සාධාරණත්වය අවශ්‍යයි. “දේශසීමා සහ වරායන් හමුදාකරණය කිරීම” හරහා මත්ද්‍රව්‍ය හා රත්‍රං ජාවාරම මැඩ පැවැත්වීමට මා බලාපොරොත්තු වෙනවා. ඒ නිසා මගේ ජීවිතයට පවා තර්ජන එල්ල වෙමින් පවතිනවා. මට ඇත්තේ ජීවිතය බේරා ගැනීමට ඇති අභියෝගයක් නොවේ. මට තිබෙන විශාලතම අභියෝගය තමා රට නව විප්ලවීය යුගයකට පරිවර්තනය කිරීමේ අභියෝගය. වර්තමාන දක්ෂිණාංශික පාලනය විසින් ලෝකයේ වඩාත්ම ප්‍රචණ්ඩකාරී රටක් බවට පත් කළ අතිශයින් මර්දනකාරී ප්‍රවණතාවය ආපසු හැරවිය හැක්කේ සංවිධානාත්මක හා ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක් බවට ඉක්වදෝරය පත්කිරීමෙන් පමණයි. සෞඛ්‍යය, අධ්‍යාපනය, සමාජ සාධාරණත්වය, මානව අයිතිවාසිකම් සහතික කිරීම, ඵලදායී සංවර්ධනයට හිතකර කොන්දේසි ජනනය කිරීම සහ සංචාරක හා විදේශ ආයෝජන ආකර්ෂණය කර ගැනීම සඳහා රටේ යටිතල පහසුකම් සංවර්ධනය කරනු ලබන නව රාජ්‍යයක් අපට අවශ්‍යයි,” යයි ඇය තවදුරටත් ප්‍රංශ කොමියුනිස්ට් පක්‍ෂයේ මධ්‍යම පුවත්පත වන Humanite වෙත සම්මුඛ සාකච්චාවක් ලබා දෙමින් ද පවසා සිටියාය.

Previous Post

ට්‍රම්ප්ට මුහුණ දීමට යුරෝපා සංගමය චීනය හා ඉන්දියාව දෙසට හැරේ!

Next Post

සිරියානු උතුරු කලාපයේ “කුර්දි රෝජාවා සමාජවාදී කොමියුනය” අනතුරේ ?

Next Post
සිරියානු උතුරු කලාපයේ “කුර්දි රෝජාවා සමාජවාදී කොමියුනය” අනතුරේ ?

සිරියානු උතුරු කලාපයේ "කුර්දි රෝජාවා සමාජවාදී කොමියුනය" අනතුරේ ?

  • Trending
  • Comments
  • Latest
ප්‍රංශයේ නව සංක්‍රමණික නීති හා ප්‍රංශ විප්ලවය !

ප්‍රංශයේ නව සංක්‍රමණික නීති හා ප්‍රංශ විප්ලවය !

ජනවාරි 28, 2024
මරණීය දණ්ඩනයෙන් රනිල් බේරාගත් චන්ද්‍රිකා !-රසල් බණ්ඩාරවත්ත

මරණීය දණ්ඩනයෙන් රනිල් බේරාගත් චන්ද්‍රිකා !-රසල් බණ්ඩාරවත්ත

පෙබරවාරි 20, 2024
වසර 100ක් පිරෙන ලෙනින්ගේ දර්ශනය හා නවීන ලිබරල් ලෝකය

වසර 100ක් පිරෙන ලෙනින්ගේ දර්ශනය හා නවීන ලිබරල් ලෝකය !

ජනවාරි 26, 2024
ෆොන්සේකා දෙලොවක් අතර ?

ෆොන්සේකා දෙලොවක් අතර ?

ජනවාරි 31, 2024
දෙසැම්බර් සංචාරකයින් ලක්ෂ 02 ඉක්මවයි

දෙසැම්බර් සංචාරකයින් ලක්ෂ 02 ඉක්මවයි

0
සයිනොපෙක් ඉන්ධන මිල අඩු කරයි.. ඔවුන්ගේ මිල මෙන්න..

සයිනොපෙක් ඉන්ධන මිල අඩු කරයි.. ඔවුන්ගේ මිල මෙන්න..

0
කියුබාවේ ක්‍රමය අපට හරියන්නෑ.. මාලිමාව කරන්නේ වෙනස්ම එකක්…

කියුබාවේ ක්‍රමය අපට හරියන්නෑ.. මාලිමාව කරන්නේ වෙනස්ම එකක්…

0

තැන තැන වෙඩි තැබීම් මැතිවරණ වලට පෙර භිෂණය පැතිරීම සඳහා වූ සුදානමක්ද ?

0
යුක්රේන භූ සම්පත් අල්ලාගැනීමට ට්‍රම්ප්, රුසියාව හා යුරෝපා සංගමය අතර ගැටුම් උග්‍ර වේ !

යුක්රේන භූ සම්පත් අල්ලාගැනීමට ට්‍රම්ප්, රුසියාව හා යුරෝපා සංගමය අතර ගැටුම් උග්‍ර වේ !

මාර්තු 2, 2025
සිරියානු උතුරු කලාපයේ “කුර්දි රෝජාවා සමාජවාදී කොමියුනය” අනතුරේ ?

සිරියානු උතුරු කලාපයේ “කුර්දි රෝජාවා සමාජවාදී කොමියුනය” අනතුරේ ?

මාර්තු 2, 2025
ඉක්වදෝරය යළි වමට කැරකෙයි !

ඉක්වදෝරය යළි වමට කැරකෙයි !

පෙබරවාරි 13, 2025
ට්‍රම්ප්ට මුහුණ දීමට යුරෝපා සංගමය චීනය හා ඉන්දියාව දෙසට හැරේ!

ට්‍රම්ප්ට මුහුණ දීමට යුරෝපා සංගමය චීනය හා ඉන්දියාව දෙසට හැරේ!

ජනවාරි 22, 2025

Recent News

යුක්රේන භූ සම්පත් අල්ලාගැනීමට ට්‍රම්ප්, රුසියාව හා යුරෝපා සංගමය අතර ගැටුම් උග්‍ර වේ !

යුක්රේන භූ සම්පත් අල්ලාගැනීමට ට්‍රම්ප්, රුසියාව හා යුරෝපා සංගමය අතර ගැටුම් උග්‍ර වේ !

මාර්තු 2, 2025
සිරියානු උතුරු කලාපයේ “කුර්දි රෝජාවා සමාජවාදී කොමියුනය” අනතුරේ ?

සිරියානු උතුරු කලාපයේ “කුර්දි රෝජාවා සමාජවාදී කොමියුනය” අනතුරේ ?

මාර්තු 2, 2025
ඉක්වදෝරය යළි වමට කැරකෙයි !

ඉක්වදෝරය යළි වමට කැරකෙයි !

පෙබරවාරි 13, 2025
ට්‍රම්ප්ට මුහුණ දීමට යුරෝපා සංගමය චීනය හා ඉන්දියාව දෙසට හැරේ!

ට්‍රම්ප්ට මුහුණ දීමට යුරෝපා සංගමය චීනය හා ඉන්දියාව දෙසට හැරේ!

ජනවාරි 22, 2025
Voice of Ceylan

Welcome to the Voice of Ceylan, your go-to source for the latest news and stories from the heart of Sri Lanka. Operating from France, we bring you up-to-date and insightful coverage on diverse topics, providing a unique perspective on the vibrant culture, politics, and events shaping the island. Stay informed with us as we bridge the miles to connect you with the pulse of Sri Lanka.

Follow Us

Browse by Category

  • ආර්ථික
  • එසැණ පුවත්
  • කර්තෘ සටහන
  • කාලීන සිදුවීම්
  • ජාත්‍යන්තර
  • දේශපාලන
  • නව ප්‍රංශ නීති
  • සංචාරක

Recent News

යුක්රේන භූ සම්පත් අල්ලාගැනීමට ට්‍රම්ප්, රුසියාව හා යුරෝපා සංගමය අතර ගැටුම් උග්‍ර වේ !

යුක්රේන භූ සම්පත් අල්ලාගැනීමට ට්‍රම්ප්, රුසියාව හා යුරෝපා සංගමය අතර ගැටුම් උග්‍ර වේ !

මාර්තු 2, 2025
සිරියානු උතුරු කලාපයේ “කුර්දි රෝජාවා සමාජවාදී කොමියුනය” අනතුරේ ?

සිරියානු උතුරු කලාපයේ “කුර්දි රෝජාවා සමාජවාදී කොමියුනය” අනතුරේ ?

මාර්තු 2, 2025
  • About
  • Advertise
  • Privacy & Policy
  • Contact

© 2024 Voice of Ceylan All rights reserved.

No Result
View All Result
  • එසැණ පුවත්
  • කර්තෘ සටහන
  • දේශපාලන
  • ආර්ථික
  • කාලීන සිදුවීම්
  • ජාත්‍යන්තර
  • සංචාරක
  • නව ප්‍රංශ නීති

© 2024 Voice of Ceylan All rights reserved.

  • Sinhala (සිංහල)