• Contact
  • si Sinhala (සිංහල)
  • fr Français
Advertisement
  • එසැණ පුවත්
  • කර්තෘ සටහන
  • දේශපාලන
  • ආර්ථික
  • කාලීන සිදුවීම්
  • ජාත්‍යන්තර
  • සංචාරක
  • නව ප්‍රංශ නීති
  • Events
No Result
View All Result
  • එසැණ පුවත්
  • කර්තෘ සටහන
  • දේශපාලන
  • ආර්ථික
  • කාලීන සිදුවීම්
  • ජාත්‍යන්තර
  • සංචාරක
  • නව ප්‍රංශ නීති
  • Events
No Result
View All Result
Voice of Ceylan
No Result
View All Result
Home එසැණ පුවත්

ට්‍රම්ප්ගෙන් කොලොම්බියාවටත් ආක්‍රමණික තර්ජන !

ඔක්තෝබර් 21, 2025
in එසැණ පුවත්, කාලීන සිදුවීම්, ජාත්‍යන්තර, දේශපාලන
0
ට්‍රම්ප්ගෙන් කොලොම්බියාවටත් ආක්‍රමණික තර්ජන !
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

ඊයෙ 21 වනදා කොලොම්බියානු මුහුදේ යාත්‍රා කල ධීවර බෝට්ටුවකට පහර දී ඇමරිකානු නාවික හමුදාව විසින් තුන්දෙනකු මරා දැමීමත් සමග උරණ වූ කොලොම්බියානු ජනාධිපති Gustavo Petro එම ප්‍රහාරය තම රටේ භෞමික අඛණ්ඩතාවයට එල්ල කල මරු පහරක් ලෙස සලකා හෙලා දකින ලදී. එයට ප්‍රතිචාර ලෙස ට්‍රම්ප් ජනාධිපති විසින් කොලොම්බියානු ජනාධිපතිවරයාව “මත්ද්‍රව්‍ය මාෆියා නායකයෙකු” ලෙස නම් කරමින් එරට සඳහා මත්ද්‍රව්‍ය ජාවාරමට එරෙහිව ලබා දෙන මුදල් ආධාර කපා හැරි බවට ප්‍රකාශ කරනු ලැබුවේ එරට ආක්‍රමණය කරන බවටද තර්ජනය කරමිනි.

එයට පිළිතුරු ලෙස වොෂිංටනයේ කොලොම්බියානු තානාපතිවරයා ආපසු කැඳවූ බව ජනාධිපති Gustavo Petro විසින් මාධ්‍ය නිවේදනයක් අද දිනයේ නිකුත් කරමින් කියා සිටි.

ට්‍රම්ප් ජනාධිපතිවරයාගේ දෙවන ආගමනයේ සිට කොලොම්බියානු ජනාධිපති Gustavo Petro ඔහුව හැඳින් වුයේ’ දෙවන හිට්ලර්ගේ යලි බලයට පැමිණීමක් ලෙස නම් කරමිනි. විශේෂයෙන් ට්‍රම්ප් විසින් වීසා නොමැතිව ඇමරිකාවේ රැඳී සිටින දකුණු ඇමරිකානු වැසියන් අල්ලා තම රට වල එවීමට තම දැඩි විරෝධය දැක් වූ අතර එසේ පැමිණි ගුවන් යානා වලට කොලොම්බියාවට පැමිණීමට පවා අවහිර කරනු ලැබුවේ තම වැසියන් අපරාධකරුවන් නොවන බවත් මෙම බලහත් කාරයෙන් විදේශකයින් පිටුවහල් කිරීම හිට්ලර් යුදෙව්වන්ට සිදු කල ආකාරයේ සහාසික අපරාධයක් ලෙස ද සලකමිනි. එහිදී ට්‍රම්ප් කොලොම්බියාවේ ප්‍රථම වාමාංශික ජනාධිපති Gustavo Petroව හැඳින්වුයේ මත්ද්‍රව්‍ය ඇමරිකාවට යවන බරෝන් වරයෙකු හා කොලොම්බියාව තුල කිසිදු ජනතා සහයක් නොමැති රාජ්‍ය නායකයෙකු ලෙස ප්‍රචාරය කරමිනි.

පසුගිය ජුලි මාසයේදී ජනාධිපති Gustavo Petro විසින් තම පාලනයට එරෙහිව ට්‍රම්ප් හමුදා කුමන්ත්‍රණයක් සිදු කරමින් සිටින බවටද අනතුරු හැඟවුයේ ය. විශේෂයෙන් ම ගාසාවේ පලස්තීන සංහාරයට එරෙහිව හා වෙනිසුවෙලාවට එරෙහිව මෑතක සිට සිදු කරන බලපෑම් හමුවේ ජනාධිපති Gustavo Petro ට්‍රම්ප් පරිපාලනය දැඩිව විවේචනය කරනු ලැබුවේය. 2024 මැයි මාසයේදී, ගුස්ටාවෝ පෙට්‍රෝ ඊශ්‍රායලය සමඟ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා අත්හැරීම නිවේදනය කළ අතර, ටෙල් අවිව් හි ඔහුගේ තානාපතිවරයා නැවත කැඳවමින්, ගාසා යුද්ධය හෙළා දුටුවේය, එය ඔහු ජන සංහාරයක් ලෙස සැලකීය. කොලොම්බියාව ඊශ්‍රායලයට ගල් අඟුරු විකිණීම සහ එම රටෙන් ආයුධ මිලදී ගැනීම් ද අවසන් කළේය.

2025 ජූලි මාසයේදී, ගාසා තීරයේ යුද්ධය අවසන් කිරීමට පීඩනය යෙදීම අරමුණු කරගත් හේග් කණ්ඩායමේ පළමු සමුළුවට කොලොම්බියාව සත්කාරකත්වය ලබා දුන්නේය. 2025 ජනවාරි මාසයේදී රටවල් අටක් (කොලොම්බියාව, බොලිවියාව, කියුබාව, හොන්ඩුරාස්, සෙනගල්, නැමීබියාව, මැලේසියාව, දකුණු අප්‍රිකාව) විසින් ආරම්භ කරන ලද මෙම සමුළුව පලස්තීන සංහාරය ඉදිරියේ බටහිර නිහඬතාවය හෙළා දුටු අතර, යුද්ධය අවසන් කිරීම සඳහා දැඩි පියවර ගන්න ලෙස ඉල්ලා සිටියහ. එසේම පසුගිය එජා සංවිධානයේ වාර්ෂික රැස්වීමේදී නිව්යෝක් නුවරදී පලස්තීනයට පක්ෂයව කතාවක් සිදු කරමින් ට්‍රම්ප් පාලනය විසින් දෙනු ලබන නියෝග නොපලදින ලෙස ඉල්ලා සිටීම නිසා ඇමරිකාව විසින් ඔහුගේ වීසා බලපත්‍ර ද අවලංගු කරනු ලැබුවේය.

ඊයේ ට්‍රම්ප් පරිපාලනය විසින් කොලොම්බියාවේ petro පාලනය “වහාම” මත්ද්‍රව්‍ය නිෂ්පාදනය නතර නොකළහොත් එක්සත් ජනපද හමුදා මැදිහත්වීමක් අපේක්ෂා කරන ලෙස සිදු කරන ලද තර්ජනවලින් පසුව “ආක්‍රමණ තර්ජනය” හෙළා දකිමින් නිවේදනයක් නිකුත් කල අතර පසුගිය දශක පහක කාලය තුලදී ඇමරිකාවේ මෙම “මත්ද්‍රව්‍ය විරෝධී මෙහයුම් ” ලෙස හුවා දක්වමින් සිදු කල යුධ ආක්‍රමණ නිසා මිලියනයක දකුණු ඇමරිකානු ජනතාවට එයට ජීවිතයෙන් වන්දි ගෙවීමට සිදු වූ බවට මීට පෙරදිනයේ වෙනිසුවෙලානු ජනාධිපති මදුරෝ සිදු කරන ලද ප්‍රකාශය ද යලි මතක් කර දෙනු ලැබුවේ ඇමරිකාවේ මත්ද්‍රව්‍ය විරෝධී සටන හුදෙක් දකුණු ඇමරිකාවේ තෙල් හා ආර්ථික සම්පත් සූරා කෑම සඳහා සිදු කරන මෙහෙයුම් පමණක් බවට සඳහන් කරමිනි.

“මත්ද්‍රව්‍යවලට එරෙහි යුද්ධය ලෙස හැඳින්වෙන මෙම ප්‍රතිපත්තිය අසාර්ථක උපාය මාර්ගයක්. ඒ නිසා තමයි ගාසා තීරයේ මෙන් කැරිබියන් දූපත්වලත් මිසයිල පතිත වෙන්නේ, මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ වුවත් නැතත්, ජීවත් වීමට අයිතියක් ඇති පුද්ගලයින් රැගෙන යන බෝට්ටු මතට පහර දීම අනුමත කරන්න බෑ” යයි petro තම X ගිණුමේ වැඩිදුරටත් සඳහන් කරනු ලැබුවේය.

මේ සම්බන්ධයෙන් ඇමරිකානු පෙන්ටගනයේ ප්‍රධානී පීට් හෙග්සෙත්ට අනුව, සිකුරාදා ප්‍රහාරය මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කළ බවට චෝදනා ලැබූ කොලොම්බියානු ජාතික විමුක්ති හමුදාව (ELN) ගරිල්ලා කණ්ඩායමට අනුබද්ධ බෝට්ටුවක් ඉලක්ක කර ගත් බවත් එහිදී තිදෙනෙකු මිය ගිය බවට ද පිලි ගනු ලැබුවේය. පසුගිය අගෝස්තු මාසයේ සිට වෙනිසියුලාවේ වෙරළට ඔබ්බෙන් එක්සත් ජනපද යුද නැව් යොදවා ඇති අතර කැරිබියන් මුහුදේ වොෂින්ටනයේ හමුදා මෙහෙයුම පුළුල් කිරීමේ කොටසක් වන මෙම නව ප්‍රහාරය එක්සත් ජනපද හමුදා විසින් ඉලක්ක කරගත් බෝට්ටු සංඛ්‍යාව අවම වශයෙන් හතක් වන අතර එහිදී සිදු වූ මරණ සංඛ්‍යාව මේ දක්වා අවම වශයෙන් 30 දක්වා වාර්තා වේ.

කෙසේවෙතත් අත්අඩංගුවට ගැනීමක් සිදු නොකර හුදු උපකල්පන මත මත පදනම්ව හා ප්‍රශ්න නොකළ සැකකරුවන්ට එරෙහිව සිදු කරන මෙම ප්‍රහාරවල නීත්‍යානුකූලභාවය පිලිබඳ ව ජාත්‍යන්තර යුධ හා නීති විශේෂඥයින් මේ අතර ප්‍රශ්න කර සිටි. ඇමරිකානු බලධාරීන් මෙම ප්‍රහාර වල නිත්‍යානුකුල භාවය පිලිබඳ නිහඬව සිටින අතර මරා දැමුවන් මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ බවට කිසිදු සාක්ෂියක් සපයා දීමට ද මේ දක්වා අපෝසත් වී ඇත.

මේ අතර කොලොම්බියාව “විදේශ ආක්‍රමණයක හා එවැනි හමුදා ක්‍රියාමාර්ගයක කුමන්ත්‍රණ කාරි තර්ජනයකට” මුහුණ දී සිටින බව කොලොම්බියානු අභ්‍යන්තර කටයුතු අමාත්‍ය ආර්මන්ඩෝ බෙනෙඩෙට්ටි ඔක්තෝබර් 20 වන සඳුදා පවසා සිටියේය. එක්සත් ජනපදය විසින් කොලොම්බියාවේ මත්ද්‍රව්‍ය වගාවන් මත ග්ලයිෆොසේට් ඉසිය හැකි බවට ඇති හැකියාව මතු කරමින්, එවැනි මෙහෙයුමක් තම රටේ “ස්වෛරීභාවයට” පහරදීමක් ලෙස සලකන බවට ආමන්ඩෝ බෙනෙඩෙට්ටි ඇමරිකාවට අනතුරු ඇඟවීය.

ප්‍රහාරයෙන් පසුව ට්‍රම්ප් තම සත්‍ය සමාජ ජාලයේ සඳහන් කරනු ලැබුවේ කොලොම්බියානු ජනාධිපතිවරයා “මත්ද්‍රව්‍ය මහා පරිමාණයෙන් නිෂ්පාදනය කිරීම දිරිමත් කරන මත්ද්‍රව්‍ය අධිපතියෙකු” ලෙස චෝදනා කරමිනි. “මෙම අපරාධ ක්ෂේත්‍ර වහාම වසා දමන ලෙසත්, නැතහොත් එක්සත් ජනපදය ඔහු වෙනුවෙන් ඒවා වසා දමනු ඇති අතර එය මෘදු ලෙස සිදු නොවේ” යනුවෙන් ඔහු තර්ජනය කර සිටියේය. ඉන් පසුව ඇමරිකානු ජනාධිපතිවරයා කොලොම්බියාවට මත්ද්‍රව්‍ය ජාවාරමට එරෙහිව ලබා දෙන මූල්‍ය ආධාර ගෙවීම් අත්හිටුවන බව ට ද නිවේදනය කළේය. එයට ප්‍රතිචාර ලෙස කොලොම්බියාව එක්සත් ජනපදයේ තම තානාපතිවරයා ආපසු කැඳවීය.

කෙසේවතත් කොලොම්බියානු රාජ්‍යයට වොෂින්ටනය සමඟ “වෙළඳ යුද්ධයකට මුහුණ දීමට නොහැකි” බව කොලොම්බියාවේ දේශපාලන දර්ශනය පිළිබඳ ආචාර්යවරියක වන ඇන්ජලිකා මොන්ටෙස් සඳහන් කර සිටි.

“චීනය, රුසියාව ඇතුළු BRICS සමඟ සබඳතා තවමත් තාවකාලිකයි. එබැවින් කොලොම්බියාවට ජාත්‍යන්තර සහයෝගීතාවය අනුව කොලොම්බියාවේ වැඩිපුරම ආයෝජනය කරන විශාලතම වෙළඳ හවුල්කරුවා වන ඇමරිකාව සමග හදිසි වෙන් වීමක් අපේක්ෂා කළ නොහැක. ජාත්‍යන්තර වේදිකාවේ සහ දකුණු ඇමරිකානු මහාද්වීපය තුල කොලොම්බියාවේ ස්ථානය නැවත අර්ථ දැක්වීමට petro උත්සාහ කරනවා. ඔහු සැමවිටම උත්සාහ කර ඇත්තේ ජාත්‍යන්තර වේදිකාවේ කොලොම්බියාවේ හඬ ඇසීමට ලක් කිරීමට සහ විවාදවල කේන්ද්‍රයේ තැබීමට ය. ඔහු තම රටට සවන් දිය යුතු බවත්, කීකරු වීමක් අපේක්ෂා නොකරන ලෙසට ඔහු ඇමරිකාවට පෙන්වීමට උත්සාහ කරනවා. සෘජු ගැටුමකට වඩා, අපි සංකේතාත්මක ආතතියක් දකිමු. නමුත් කොලොම්බියාව තවමත් වොෂින්ටනයට බෙහෙවින් බැඳී සිටින අතර, එයට එක්සත් ජනපදයෙන් දික්කසාද විය නොහැක.” යයි ඇන්ජලිකා මොන්ටෙස් තවදුරටත් පෙන්වා දෙයි.

එක්සත් ජනපද දත්ත වලට අනුව, වොෂින්ටනයෙන් විශාලතම මූල්‍ය ආධාර ලබා ගන්නා දකුණු ඇමරිකානු රට කොලොම්බියාව වන අතර, දත්ත ලබා ගත හැකි නවතම වසර වන 2023 දී ඩොලර් මිලියන 740 කට වඩා ලබා දී ඇත. මෙම මුදලින් අඩක් මත්ද්‍රව්‍යවලට එරෙහි සටන සඳහා කැප කර ඇත. ඉතිරි මුදල් මානුෂීය සහ ආහාර වැඩසටහන් සඳහා අරමුදල් ලෙස සැපයීමට යොදා ගනී. මෙම මුදල් වසර 50ක් පුරා ඇමරිකාව විසින් ලබා දෙනු ලැබුවේ කියුබන් සහය ලබන දකුණු ඇමරිකාවේ ගරිල්ලා කණ්ඩායම් වලට එරෙහිව කොලොම්බියාව යුධ කඳවුරක් ලෙස යොදා ගනිමින් බව තවත් යුධ හා දේශපාලනික විශේඥයයින් මේ අතර පෙන්වා දේ.

නව කොලොම්බියානු ජනාධිපති Gustavo Petro ද 80 දශකයේ එරට ක්‍රියාත්මක වූ පසුව 1989 දී රජය සමග අත්සන් කරන ලද ගිවිසුමකින් පසුව විසිරුවා හරින ලද M-16 හෙවත් අප්‍රියෙල් 16 ව්‍යාපාරයේ ගරිල්ලා නායකයෙකු වේ. වසර 50 කට අධික ඓතිහාසික මිත්‍ර පාක්ෂිකයින් වන රටවල් දෙක අතර සබඳතා ඩොනල්ඩ් ට්‍රම්ප් ධවල මන්දිරයට පැමිණීම සහ 2022 දී කොලොම්බියාවේ පළමු වාමාංශික රාජ්‍ය නායකයා වන Gustavo Petro ගේ මැතිවරණ ජයග්‍රහණයත් සමඟ යම් විවාද කාරී තත්වයකට පත් විණි. මෙම වසරේ සැප්තැම්බර් මාසයේදී, වොෂින්ටනය මත්ද්‍රව්‍යවලට එරෙහි සටනේ එහි හවුල් කාර රාජ්‍යයන් 20 දෙනාගෙන් එකක් ලෙස සැලකෙන කොලොම්බියාවේ සාමාජිකත්වය අවලංගු කළේය. මෙම තීරණයට කොලොම්බියාව ප්‍රතිචාර දැක්වූයේ එහි ප්‍රධාන මිලිටරි හවුල්කරුවා වන එක්සත් ජනපදයෙන් අවි මිලදී ගැනීම අත්හිටුවීමෙනි.

එතැන් සිට රටවල් දෙක අතර ආතතීන් දිගටම උත්සන්න වී ඇත. ඩොනල්ඩ් ට්‍රම්ප් ඔහුගේ “උපදේශකයින්” විසින් “රැවටීමට” ලක් වී ඇතැයි, Gustavo Petro අද දිනයේ යලි ප්‍රකාශ කළේය. කෙසේවෙතත් Gustavo Petro පාලනය පසු වන්නේ ඉතාමත් අසීරු ස්ථානයක වන අතර ඔහු එරට දුෂ්කර ආර්ථික සන්දර්භයක් තුළ බලයට පත් වූ වාමාංශික නායකයෙකි. කොවිඩ්-19 වසංගතය හේතුවෙන් රටේ ණය මට්ටම තියුනු ලෙස ඉහළ ගිය අතර, කොලොම්බියානු පෙසෝ ඩොලරයට සාපේක්ෂව එහි වටිනාකමෙන් 15% ක් අහිමි වී ඇති අතර 2022 අගෝස්තු මාසයේදී උද්ධමනය වසරින් වසර 11% ක් වන අතර එය ලතින් ඇමරිකාවේ ඉහළම අනුපාතවලින් එකකි. තවද, කොලොම්බියාව ඓතිහාසික වශයෙන් ගැඹුරු අසමානතාවයෙන් පීඩා විඳින අතර රටේ නිල දරිද්‍රතා අනුපාතය 40% කට ආසන්න මට්ටමක පවතී. එසේම කොලොම්බියාව යනු තෙල් සංචිත, නිකල්, රන්, රිදී, ප්ලැටිනම් මෙන්ම 1986 සිට ලෝක වෙළඳ පලට තෙල් අපනයනකරුවෙකු ලෙස ද හැඳින්වේ.

එහෙත් Gustavo Petro හට එරට පාර්ලිමේන්තුව තුල ඔහුට ඇත්තේ සුළු තර බලයක් වන අතර බහුතරය රටේ ප්‍රධාන දක්ෂිණාංශික පක්ෂ අත රැඳී පවතී. ඔහු විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද ඉඩම් ප්‍රතිසංස්කරණ, කම්කරු නීති, සමාජ සුබසාධනය සඳහා ගෙන එන ලද ප්‍රතිසංස්කරන පනත් රාශියක් පරාජය කිරීමට ඒ අනුව පාර්ලිමේන්තුවේ දක්ෂිණාංශික මන්ත්‍රී වරුන් සමත් වුයේ ජනතා අප්‍රසාදය මතය. Gustavo Petro විසින්ම තම යෝජනා ක්‍රියාත්මක කිරීම සඳහා ජනතාවට පාරට බසින ලෙස ඉල්ලා සිටිනු ලැබීම නිසා අධ්‍යාපනය, සෞඛ්‍යය, කම්කරු සුබසාධනය සඳහා යම් යම් ප්‍රතිසංස්කරන සඳහා පාර්ලිමේන්තු සහය ලබා ගැනීමට ඔහු සමත් විණි. ඔහුගේ රජය විසින් ඉදිරිපත් කරන ලද සහ 2023 වර්ෂය ආවරණය වන පරිදි කොංග්‍රසය විසින් සම්මත කරන ලද පළමු අයවැය සැලකිය යුතු සමාජ හැරවුම් ලක්ෂ්‍යයක් සනිටුහන් කරයි. එය සෞඛ්‍ය සඳහා (+10%), අධ්‍යාපනයට (+19.8%) සහ කෘෂිකර්මාන්තය වෙනුවෙන් (+62.6%) කෙරෙහි අවධානය යොමු කරමින් සමාජ වියදම්වල 15% ක වැඩිවීමක් පෙන්නුම් කරන අතර, එය සාම වැඩසටහනට මුදල් සැපයීමට සහ රාජ්‍ය අංශයේ සේවකයින්ගේ වැටුප් වැඩි කිරීමට ද යොදා ගනු ඇත. 2023 අගෝස්තු මාසයේදී ඔහු රාජ්‍ය විශ්වවිද්‍යාලවල නොමිලේ උසස් අධ්‍යාපනය හඳුන්වා දුන්නේය. මෙම නීතිය විශ්වවිද්‍යාලවලට ඇතුළත් වීමේ සැලකිය යුතු වැඩිවීමක් ඇති කළේය. කෙසේ වෙතත්, ජනාධිපති ධුරයේ වසරක කාලයකට පසුව, සෞඛ්‍ය, විශ්‍රාම වැටුප් සහ කම්කරු නීති සංග්‍රහය වැනි ප්‍රධාන රැඩිකල් සමාජ ප්‍රතිසංස්කරණ පොරොන්දු වූවත් පාර්ලිමේන්තුවේ බහුතරයක් නොමැතිකම හේතුවෙන් ඒවා අබලන් වී ඇත.

කෙසේ වෙතත් කොලොම්බියාවේ වඩාත් උග්‍රතම අර්බුධය වී ඇත්තේ එරට ඉඩම්වලින් 80% ක අයිතිය හිමි කරගෙන ඇත්තේ රටේ 1%ක් වන ඉඩම් හිමියන් විසිනි. රටේ වසර 50කට අධික කාලයක් පුරා මාක්ස්වාදී ගරිල්ලා සංවිධාන දෙකක් වන FARC හා ELN මෙන්ම PETRO අයත් වන M-16 සංවිධාන සන්නද්ධ අරගලයන් සිදු කරනු ලැබුවේ මෙම ඒකාධිකාරයට එරෙහිව වන අතර මෙම ඉඩම් හිමි කරුවන්ද සන්නද්ධ කල්ලි යොදා ගනිමින් ගොවි සටන් මර්දනය කරන ලදී. මෙම ඒකාධිකාරය අවසන් කර දුප්පත් ගොවි පවුල් සඳහා දේපළ ප්‍රවේශය ප්‍රවර්ධනය කිරීම සඳහා කෘෂිකාර්මික ප්‍රතිසංස්කරණ ආරම්භ කිරීමට අවශ්‍ය බව Gustavo Petro නිවේදනය කළේය.

එහෙත් ඔහුට එහිදී බොහෝ දුෂ්කරතා ජය ගැනීමට සිදු වී ඇත. නිල ඇස්තමේන්තු වලට අනුව, ඉඩම්වලින් 65% කට විධිමත් හිමිකම් ඔප්පු නැත. නීතිය ක්‍රියාත්මක කිරීමට ආයතන සහ නිලධාරීන් නොමැති රාජ්‍යයක් සහ විශාල ඉඩම් හිමියන් ඔවුන්ගේ පැරාමිලිටරි මිලීෂියාවන් නැවත සන්නද්ධ කරනු දැකීමට ඇති බිය නිසා ප්‍රතිසංස්කරණ අඩපන වී ඇත. මේ නිසා නව රජයට පීඩනය යෙදීම සඳහා ස්වදේශික සහ ගොවි ව්‍යාපාර ඉඩම් බලෙන් අත්පත් කර ගැනීම් ද රට පුරා වැඩි වී ඇත. යුද්ධයෙන් පසුව ඇති කල සත්‍ය කොමිසමේ වාර්තාව, පැරාමිලිටරිවාදය, ජනගහන අවතැන් වීම සහ ඉඩම් අත්පත් කර ගැනීම සම්බන්ධයෙන් මහා පරිමාණ 1% ක් වන ඉඩම් හිමියන්ගේ ඓතිහාසික වගකීම හා මැදිහත් වීම තහවුරු කරනු ලැබ ඇත. තවද, සමහර කෘෂිකාර්මික විශේෂඥයින් ඇස්තමේන්තු කර ඇත්තේ ඉඩම් මිලදී ගැනීම් යාම තුලින් රාජ්‍ය මූල්‍ය සඳහා ඉහළ පිරිවැයක් දරනු ඇති බවයි: “වෙළඳපොළ තරඟකාරී නොවන බැවින්, ගොවිපල හිමියන් ඉහළ මිලකට තම ඉඩම් අලෙවි කරනු ඇත.

අර්බුධයක හිරවී සිටින රාජ්‍යයක් ලෙස ඉඩම් මිලදී ගැනීමට අවශ්‍ය මුදල් හිඟ කමත් හේතුවෙන් අවශ්‍ය ඉඩම් ප්‍රතිසංස්කරන වේගවත් කිරීමට Gustavo Petro රජයට නොහැකි වුවත් ගොවීන්ට තම භෝග විකිණීමට හැකි වන පරිදි යටිතල පහසුකම් ගොඩනැගීමට ද රජය ඍජුවම කැපවී සිටී. ග්‍රාමීය ප්‍රදේශවල කාන්තාවන්ගේ කෘෂිකාර්මික වගාවන් ප්‍රවර්ධනය කිරීම සඳහා, මේ දක්වා වැටුප් නොලබන ඇතැම් ගොවි පවුල් වල ජිවන තත්වයන් හඳුනා ගැනීමට, රාජ්‍ය සහය ලබා දීමට පියවර ගනිමින් වඩාත් පාරිසරික තිරසාර කෘෂිකර්මාන්තයක් සංවර්ධනය කිරීමට Gustavo Petro තීරණය කර ඇත.

මෙම ආර්ථික, සමාජීය හා ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ හේතුවෙන් රටේ බහුතර ඉඩම් අයිති හිමි කරුවන් ඒවාට එරෙහිව යලිත් සන්නද්ධ කණ්ඩායම් ඇති කිරීමට උත්සහ කරමින් සිටින අතර රැඩිකල් ඉඩම් බෙදා දීමක් සිදු නොවන තුරු දැනට කොලොම්බියාව තුල සටන් කරන එකම ELN ගරිල්ලා සංවිධානය ද ආයුධ බිම දැමීම ප්‍රතික්‍ෂේප කර ඇත. ට්‍රම්ප් ඇතුළු පෙන්ටගනය චෝදනා කරන්නේ Gustavo Petro විසින් ELN ගරිල්ලා සංවිධානය සමග මත්ද්‍රව්‍ය වෙළඳාම සිදු කරන බවයි. ට්‍රම්ප් කියුබාවට එරෙහිව සම්බාධක තර කරනු ලැබුවේද කියුබාව ELN ගරිල්ලන් සඳහා රැකවරණය හා සහය ලබා දෙන බවට චෝදනා කරමිනි.

ජාත්‍යන්තර දේශපාලනය තුල 2022 අගෝස්තු 11 වන දින සිට පසුගිය කාලය තුල සතුරන් ලෙස සිටි කොලොම්බියාව සහ වෙනිසියුලාව රාජ්‍ය තාන්ත්‍රික සබඳතා නැවත ස්ථාපිත කරනු ලැබුහ. වාමාංශික ගරිල්ලන්, පැරාමිලිටරි භටයින් සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සිටින, බෙදාගත් සිදුරු සහිත දේශසීමා ප්‍රදේශයේ හමුදා සහයෝගීතාව නැවත ආරම්භ කරන මෙම රටවල් දෙක, ගොඩබිම් දේශසීමාව නැවත විවෘත කරන අතර, බොගෝටා සහ කැරකස් අගනුවරයන් අතර ගුවන් සම්බන්ධතාවයක් නැවත ස්ථාපිත කරනු ලැබුහ. මෙම තත්වය හමුවේ ට්‍රම්ප් පරිපාලනය වෙනිසුවේලාව සමග ඇති සබඳතා නවත්වන ලෙස Gustavo Petroහට අනතුරු හඟවන අතර එසේ නොවුණහොත් ආර්ථික සම්බාධක වලට මුහුණ දෙන ලෙස ට ද තර්ජනය කර සිටි. මේ වන විට ත් ට්‍රම්ප් පරිපාලනය කොලොම්බියානු අපනයන සඳහා 10%ක තීරු බද්ධක් අයකරනු ලබයි.

කෙසේවෙතත් ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ තර්ජනවලින් පසුව, කොලොම්බියානු ජනාධිපති Gustavo Petro සහ එරට එක්සත් ජනපද තානාපති කාර්යාල නියෝජිත John McNamara අතර “මත්ද්‍රව්‍ය විරෝධී උපාය මාර්ග වැඩිදියුණු කිරීම සඳහා දෙපාර්ශවයේම කැපවීම” නැවත තහවුරු කිරීම සඳහා වූ හදිසි හමුවීමක් සිදු වූ බව මේ අතර රොයිටර් පුවත් සේවය වාර්තා කර සිටි.

Previous Post

  • Trending
  • Comments
  • Latest
ප්‍රංශයේ නව සංක්‍රමණික නීති හා ප්‍රංශ විප්ලවය !

ප්‍රංශයේ නව සංක්‍රමණික නීති හා ප්‍රංශ විප්ලවය !

ජනවාරි 28, 2024
මරණීය දණ්ඩනයෙන් රනිල් බේරාගත් චන්ද්‍රිකා !-රසල් බණ්ඩාරවත්ත

මරණීය දණ්ඩනයෙන් රනිල් බේරාගත් චන්ද්‍රිකා !-රසල් බණ්ඩාරවත්ත

පෙබරවාරි 20, 2024
Pourquoi la victoire de gauche au Sri Lanka était-elle inévitable?

Pourquoi la victoire de gauche au Sri Lanka était-elle inévitable?

ඔක්තෝබර් 15, 2024
ෆොන්සේකා දෙලොවක් අතර ?

ෆොන්සේකා දෙලොවක් අතර ?

ජනවාරි 31, 2024
දෙසැම්බර් සංචාරකයින් ලක්ෂ 02 ඉක්මවයි

දෙසැම්බර් සංචාරකයින් ලක්ෂ 02 ඉක්මවයි

0
සයිනොපෙක් ඉන්ධන මිල අඩු කරයි.. ඔවුන්ගේ මිල මෙන්න..

සයිනොපෙක් ඉන්ධන මිල අඩු කරයි.. ඔවුන්ගේ මිල මෙන්න..

0
කියුබාවේ ක්‍රමය අපට හරියන්නෑ.. මාලිමාව කරන්නේ වෙනස්ම එකක්…

කියුබාවේ ක්‍රමය අපට හරියන්නෑ.. මාලිමාව කරන්නේ වෙනස්ම එකක්…

0

තැන තැන වෙඩි තැබීම් මැතිවරණ වලට පෙර භිෂණය පැතිරීම සඳහා වූ සුදානමක්ද ?

0
ට්‍රම්ප්ගෙන් කොලොම්බියාවටත් ආක්‍රමණික තර්ජන !

ට්‍රම්ප්ගෙන් කොලොම්බියාවටත් ආක්‍රමණික තර්ජන !

ඔක්තෝබර් 21, 2025

ඔක්තෝබර් 18, 2025
වෙනිසුවෙලාවේ මදුරෝ පාලනයට එරෙහිව ඇමරිකානු මැදිහත් වීමක් ?

වෙනිසුවෙලාවේ මදුරෝ පාලනයට එරෙහිව ඇමරිකානු මැදිහත් වීමක් ?

ඔක්තෝබර් 18, 2025
ආර්ජන්ටිනාවේ ආර්ථිකයට ට්‍රම්ප්ගෙන් ඩොලර් බිලියන 20ක් !

ආර්ජන්ටිනාවේ ආර්ථිකයට ට්‍රම්ප්ගෙන් ඩොලර් බිලියන 20ක් !

ඔක්තෝබර් 18, 2025

Recent News

ට්‍රම්ප්ගෙන් කොලොම්බියාවටත් ආක්‍රමණික තර්ජන !

ට්‍රම්ප්ගෙන් කොලොම්බියාවටත් ආක්‍රමණික තර්ජන !

ඔක්තෝබර් 21, 2025

ඔක්තෝබර් 18, 2025
වෙනිසුවෙලාවේ මදුරෝ පාලනයට එරෙහිව ඇමරිකානු මැදිහත් වීමක් ?

වෙනිසුවෙලාවේ මදුරෝ පාලනයට එරෙහිව ඇමරිකානු මැදිහත් වීමක් ?

ඔක්තෝබර් 18, 2025
ආර්ජන්ටිනාවේ ආර්ථිකයට ට්‍රම්ප්ගෙන් ඩොලර් බිලියන 20ක් !

ආර්ජන්ටිනාවේ ආර්ථිකයට ට්‍රම්ප්ගෙන් ඩොලර් බිලියන 20ක් !

ඔක්තෝබර් 18, 2025
Voice of Ceylan

Welcome to the Voice of Ceylan, your go-to source for the latest news and stories from the heart of Sri Lanka. Operating from France, we bring you up-to-date and insightful coverage on diverse topics, providing a unique perspective on the vibrant culture, politics, and events shaping the island. Stay informed with us as we bridge the miles to connect you with the pulse of Sri Lanka.

Follow Us

Browse by Category

  • ආර්ථික
  • එසැණ පුවත්
  • කර්තෘ සටහන
  • කාලීන සිදුවීම්
  • ජාත්‍යන්තර
  • දේශපාලන
  • නව ප්‍රංශ නීති
  • සංචාරක

Recent News

ට්‍රම්ප්ගෙන් කොලොම්බියාවටත් ආක්‍රමණික තර්ජන !

ට්‍රම්ප්ගෙන් කොලොම්බියාවටත් ආක්‍රමණික තර්ජන !

ඔක්තෝබර් 21, 2025

ඔක්තෝබර් 18, 2025
  • About
  • Advertise
  • Privacy & Policy
  • Contact

© 2024 Voice of Ceylan All rights reserved.

No Result
View All Result
  • එසැණ පුවත්
  • කර්තෘ සටහන
  • දේශපාලන
  • ආර්ථික
  • කාලීන සිදුවීම්
  • ජාත්‍යන්තර
  • සංචාරක
  • නව ප්‍රංශ නීති

© 2024 Voice of Ceylan All rights reserved.

  • Sinhala (සිංහල)