පසුගිය දෙසැම්බරයේදී පැමිණි සංචාරකයින් හේතුවෙන් සංචාරක ව්‍යාපාරය තුල යම් ප්‍රගතියක් දක්නට ලැබුනද රටේ උද්ධමනය සැලකිය යුතු ආකාරයකින් යලි ඉහල ගොස් ඇති බව වාර්තා වේ.
ඒ අනුව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටින්නේ, ජාතික පාරිභෝගික මිල දර්ශකයට අනුව උද්ධමනය 2023 නොවැම්බර් මාසයේ දී වාර්තා වූ 2.8% සිට 2023 දෙසැම්බර් මාසයේ දී 4.2% ක් දක්වා යලි ඉහළ ගොස් ඇති බවයි.
එහිදී 2023 නොවැම්බර් මාසයේ දී -2.2% ක්ව පැවති ආහාර උද්ධමනය, 2023 දෙසැම්බර් මාසයේ දී 1.6% ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, 2023 නොවැම්බර් මාසයේ දී 7.1% ක් ලෙසින් සටහන්ව තිබූ ආහාර නොවන කාණ්ඩයේ උද්ධමනය 2023 දෙසැම්බර් මාසයේ දී 6.3% ක් දක්වා අඩු වී තිබේ.
වැට් බදු වැඩිවීම මත උද්ධමනය ඉහළ යෑම්ක සිදු විය හැකි බවට මහ බැංකුව මීට පෙර පුරෝකතනය කර තිබිණු අතර, එය 5% ඉක්මවා නොයන මට්ටමට පාලනය කරන බවත් ප්‍රකාශකර තිබිණි.
2022 වසරේ නොවැම්බර් මාසයේදී උද්ධමනය 65%ක් ලෙසත්; එය දෙසැම්බරයෙදී එය 59.20 % ද පැවැතිණු අතර එම වසරේ සැප්තැම්බර් මස ඉහළම වර්ධනය වාර්ථා කරමින් 73.70% ක් ලෙස සටහන් විය.
මේ අතර මෙරට ප්‍රධානතම අපනයන ක්ෂේත්රය වන ඇඟලුම් කර්මාන්තය 2023 සෘණාත්මක වර්ධනයක් සහිත වුවද වසරක් තුළ මෙතෙක් වාර්තා වූ ඉහළම කාර්ය සාධනය සනිටුහන් කරමින් ,ඇඟලුම් අපනයනය දෙසැම්බර් මාසයේදී යළි පිබිදීමේ ලකුණු පෙන්නුම් කර ඇත.
ඒකාබද්ධ ඇඟලුම් සංගමයේ (JAAF) තාවකාලික දත්ත වලට අනුව දෙසැම්බර් මාසයේදී අපනයන ඩොලර් මිලියන 415.6 ක් ඉපයීමට සමත් වී ඇත. 2022 දෙසැම්බර් මාසයේ දී ඩොලර් මිලියන 451ක් පෙන්වූ පසු ඉහළම වාර්තාව මෙම අගයයි.
මෙරට ඉහළ උද්ධමනය සහ ආර්ථික අර්බුදය, ගෝලීය සාධක හේතුවෙන් වූ පසුබෑම , 2022 දී, ජුනි සහ අගෝස්තු අතර ඇඟලුම් අපනයන සාමාන්‍යයෙන් ඩොලර් මිලියන 500 ක් පමණ විය. 2013 වසරේ මුළු අපනයන ඩොලර් බිලියන 4.5 ක් වූ අතර, 2022 ආරම්භයේදී දී අපනයනය ඩොලර් බිලියන 5.6 දක්වා ඉහළ ගොස් තිබිණි.
එමෙන්ම පසුගිය වසරේ මුල් මාස 11 තුළ රෙදිපිළි සහ රෙදිපිළි භාණ්ඩ ආනයනය ඩොලර් බිලියන 2.2 දක්වා 23.6% කින් පහත වැටී ඇත. 2024 අපනයන ද ඩොලර් බිලියන 4.5 ක් වනු ඇතැයි අපි අපේක්ෂා කල ද ලොව පුරා ඇති වී තිබෙන ආර්ථික අවපාතය හේතුවෙන් උද්ධමනය ඉහල යාමෙන් භාණ්ඩ මිල ඉහල යාම සිදුවීමෙන් ඍජුවම ශ්‍රී ලංකාවේ ඇඟළුම් කර්මාන්තයට බලපානු ඇතැයි ආර්ථික විශේඥයන්ගේ මතයයි.
2023 දී එක්සත් ජනපදයට සිදු කරන ලද අපනයනයන්ගෙන් 22.32% කින් ඩොලර් බිලියන 1.8 දක්වා අඩු වූ අතර, යුරෝපා සංගමය වෙත අපනයන 17.4% සිට ඩොලර් බිලියන 1.4 දක්වා අඩු විය. එක්සත් රාජධානිය වෙත අපනයනය ඩොලර් මිලියන 627 දක්වා 12.6% කින් පහත වැටී ඇති අතර අනෙකුත් රටවලට ඩොලර් මිලියන 707 දක්වා 17.7% කින් අඩු විය.
පසුගිය දෙසැම්බර් මාසයේදී ඇමරිකා එක්සත් ජනපදයට අපනයනය 4.97% කින් ඩොලර් මිලියන 175 දක්වා අඩු වී ඇති අතර යුරෝපා සංගමය වෙත ඩොලර් මිලියන 121 දක්වා 13% කින් අඩු වී ඇත.