• Contact
  • si Sinhala (සිංහල)
  • fr Français
Advertisement
  • එසැණ පුවත්
  • කර්තෘ සටහන
  • දේශපාලන
  • ආර්ථික
  • කාලීන සිදුවීම්
  • ජාත්‍යන්තර
  • සංචාරක
  • නව ප්‍රංශ නීති
  • Events
No Result
View All Result
  • එසැණ පුවත්
  • කර්තෘ සටහන
  • දේශපාලන
  • ආර්ථික
  • කාලීන සිදුවීම්
  • ජාත්‍යන්තර
  • සංචාරක
  • නව ප්‍රංශ නීති
  • Events
No Result
View All Result
Voice of Ceylan
No Result
View All Result
Home එසැණ පුවත්

සෙනගාල ජනාධිපති දණ ගසයි! ඔස්මන් සොන්කෝ නිදහස් කිරීමට ද එකඟ වේ!

පෙබරවාරි 23, 2024
in එසැණ පුවත්, ජාත්‍යන්තර
0
සෙනගාල ජනාධිපති දණ ගසයි! ඔස්මන් සොන්කෝ නිදහස් කිරීමට ද එකඟ වේ!
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter

සෙනෙගාල ජනාධිපති MACKY SALL විසින් එරට පාර්ලිමේන්තුවට 2024 පෙබරවාරි 25 වැනිදාට සැලසුම් කර තිබූ ජනාධිපතිවරණය කල් දැමීමේ අරමුණින් ගෙන ආ නව පනතක් සම්මත කර ගැනීමත් සමග එරට පුරා දැවැන්ත ආණ්ඩු විරෝධී රැල්ලක් ආරම්හ වීණි. පසුව එරට මන්ත්‍රීවරුන් 50 දෙනෙකු විසින් ශ්‍රේෂ්ථාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කරන ලදී. චන්දය කල් දැමීම සඳහා පාර්ලිමේන්තුවේ සම්මත කර ගත් පනත අහෝසි කරමින් අධිකරණය ලබා දුන් එයතිහාසික තීන්දුවත් සමග එරට ජනතාව වීදි වලට බසිමින් ජය ගෝෂා පැවැත්වූ බව බටහිර මාධ්‍ය වාර්තා කර සිටි. ඒ සමගම ප්‍රංශ පුවත් පත් සේවය වාර්තා කර සිටියේ සිර ගත කර සිටින තරුණ ප්‍රගතිශීලි නායක OSMAN SONKO සමග ජනාධිපතිවරණය පැවැත්වීමේ දින නියම කිරීමට හා ඔහු හා දේශපාලන සිරකරුවන් නිදහස් කිරීම සඳහා ජනාධිපති MACKY SALL විසින් සාකච්චා ආරම්හ කර ඇති බවයි.

ජනාධිපතිවරණය කල් දැමීමත් සමග පෙබරවාරි 9 සිකුරාදා සිට සෙනෙගලයේ අගනුවර ඩකා නුවර වෙතට ප්‍රජාතන්ත්‍රවාදය රැක ගැනීම සඳහා වූ ඉල්ලීමට සියලුම වයස්වල සෙනගාල ජාතිකයන් දහස් ගණනක් ප්‍රතිචාර දක්වමින් පැමිණියහ. ඒ සමගම 2024 වසරේ දෙසැම්බර් 15 වැනිදා දක්වා ජනාධිපතිවරණය කල් දැමු තීරණය යුරෝපා සංගමය, ඇමරිකාව හා ප්‍රංශය හා අප්‍රිකානු කලාපීය සංගමය(CEDEO) මෙන්ම එක්සත් ජාතීන්ගේ සංවිධානය ද හෙලා දකිනු ලැබිණි.

2012 සිට තම විරුද්ධ පාක්ෂිකයින් මර්දනය කරමින් බලයේ සිටින සෙනගාල ජනාධිපති MACKY SALL 2021 දී තුන්වෙනි වරටත් ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට ගනු ලැබූ උත්සාහයත් සමග ඇවිලී ගිය ආණ්ඩු විරෝධය මේ වන විට දැවැන්ත දේශපාලන අර්බුධයක් දක්වා වර්ධනය වෙමින් පැවතිනි. තම ප්‍රධාන විරුද්ධ වාදියා වන ඔස්මාන් සොන්කෝ තරුණ නායකයා ස්ත්‍රී දුෂණ චෝදනා ඉදිරිපත් කරමින් සිර ගෙට දක්කා චන්ද සටනෙන් ඉවත් කල MACKY SALL මෙවර ව්‍යවස්ථානුකුලව පැවැත්වීමට නියමිත චන්දයත් කල් දැමීම නිසා රටම ආණ්ඩු විරෝධයෙන් ගිනි ගනු ලැබුවේය.

ඒ සමගම ඡන්දය කල්දැමීමට එරෙහිව හා සැලසුම් කළ පරිදි ජනාධිපතිවරණය පවත්වන ලෙස ඉල්ලා විපක්‍ෂයේ ඒකාබද්ධ පෙරමුණක් පිහිටුවීමට තීරණය කිරීමත් සමඟ ජනතාව සහ පොලිසිය අතර සමස්ථ රට පුරා මුහුණට මුහුණ ගැටුම් ආරම්භ වූ අතර විපක්‍ෂයේ රැස්වීම් MACKY SALL රජය විසින් ඒවා ප්‍රචණ්ඩ ලෙස මර්දනය කරන ලදී. එසේම “මැකී සාල්, ඒකාධිපතියා, මැකී සල්, මිනීමරුවා,” රට පුරා පෝස්ටර් ඇලවෙමින් හා බිත්ති පුරා ලියවෙන්නට පටන් ගැනිණි.

ජනාධිපතිවරණය කල්දැමීම හෙළා දැකීමට සහ මැතිවරණ දිනය යලි ප්‍රකාශයට පත් කරන ලෙස ඉල්ලා සිවිල් හා ආගමික සංවිධාන සහ වෘත්තීය සමිති වලින් ව්‍යාපාර තිහකට අධික සංඛ්‍යාවක් ඒකාබද්ධ කරමින් “ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරමු”, යයි සංවිධානයක් බිහිකරනු ලැබූ අතර මෙම පෙරමුණට ප්‍රාථමික හා ද්විතීයික පාසල්වල සිසුන් හා ගුරුවරුන් එක් වීණි. තවද රටේ විදුලි සංදේශ, ප්‍රවාහන, සෞඛ්‍ය යනාදී වෙනත් අංශවලින් වෘත්තීය සමිති වලද නායකත්වයෙන් පෙබරවාරි 12 වැනි සඳුදා විශාල රැස්වීමක් රටේ අගනුවරදී සංවිධානය කිරීමට සැලසුම් කෙරිණි. නමුත් මෙම සාමකාමී උද්ඝෝෂණ රජය විසින් තහනම් කරනු ලැබුවේ සමාජ ජාලා ද අවහිර කරමිනි.

මැතිවරණ කල් දැමීම පිටුපස මේ වන විට තම පැරණි යටත් විජිත වන මාලි, නයිජර් හා බුර්කිනා අහිමි වී චීනය හා රුසියාව සමග අර්බුධයක පැටලී සිටින ප්‍රංශය සිටින බවට පැතිරෙන වාර්තා නිසා ප්‍රංශ ජනාධිපති වරයා ද නිවේදනයක් නිකුත් කරමින් වහා මැතිවරණය පවත්වන ලෙස ඉල්ලා සිටින ලදී. ඒ සමගම එරට මන්ත්‍රීවරුන් 50 දෙනෙකු විසින් ශ්‍රේෂ්ටාධිකරණය වෙත අදාල පෙත්සම ඉදිරිපත් කරනු ලැබූ අතර අධිකරණය විසින් ජනාධිපති MACKY SALL සම්මත කර ගන්නා ලද නීති කෙටුම්පත ව්‍යවස්ථා විරෝධී බව දක්වා එම චන්දය කල් දැමීමේ කෙටුම්පත සමගම අහෝසි කරනු ලැබුවේ ජනාධිපතිවරණය පැවැත්වීමේ දිනය වහා ඉතා සමීප දිනයක ප්‍රකාශයට පත් කරන ලෙස ද ජනාධිපතිවරයාට අවධාරණය කරමිනි.

මෙම දේශපාලන අර්බුදයේ ප්‍රධාන ගොදුර බවට එරට ජනගහනයෙන් 50%ක් වන වයස 18 ට රටේ තරුණයන් පත් වී ඇති අතර මේ වන විට සිය ගනනක් තරුණයන් තම ජීවිත වලින් වන්දි ගෙවා සැලකිය යුතු තරුණ පිරිසක් තවමත් අත්අඩංගුවේ ද පසුවේ. විශේෂයෙන් ඔවුන්ගේ එකම අපේක්‍ෂාව වූ තරුණ නායක ඔස්මාන් සොන්කෝ සිර ගත කිරීම හා ඔහුගේ පක්‍ෂය වන PASTEF රජය විසින් තහනම් කිරීමත් සමග මෙම අපේක්‍ෂා භංගත්වය උත්සන්න විණි. ඔහු නියෝජනය කරන casamance කලාපය ජනාධිපතිවරණය කල් දැමීමට එරෙහිව ආරම්හ වූ අරගලයේ ප්‍රධාන මුලස්ථානය බවට ඒ අනුව පත්විණි. රට පුරා හමා ගිය මෙම උද්ඝෝෂණ රැල්ල හමුවේ ජනාධිපති MACKY SALL හට සිදුවුයේ ජනතාව ඉදිරියේ දණ ගැසීමටය. ඔහු වහා සිර ගත කර සිටි PASTEF පක්‍ෂයේ සාමාජිකයින් විශාල පිරිසක් නිදහස් කරනු ලැබුවා පමණක් නොව ඊයේ පෙබරවාරි 16 වැනිදා නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපතිවරණය සඳහා ඉතා සමීප දිනයක් ද ප්‍රකාශයට පත් කරන බව ද දන්වා සිටියේය.

ඒ සමගම ජනාධිපති MACKY SALL සිර ගත කර සිටින OSMAN SONKO සමග සාකච්චා ආරම්හ කල අතර ප්‍රංශ මාධ්‍ය වාර්තා කරනු ලැබුවේ සොන්කෝ නිදහස් කිරීමට ජනාධිපතිවරයා එකඟත්වයකට පැමිණ ඇති බවයි. එය රට පුරා 2021 මාර්තු මාසයේ සිට රට අරාජික කල ජනාධිපතිවරයාට සාමකාමිව බලයෙන් ඉවත් වීමට අවශ්‍ය පරිසරය නිර්මාණය කරනු ඇති බවටද එරට මානව අයිතිවාසිකම්, ආගමික සංවිධාන විසින් ඔහුට අවධාරණය කර ඇති බවද වාර්තා වේ. නමුත් ඔස්මන් සොන්කෝ හා ඔහුගේ පක්‍ෂය සියළුම කොන්දේසි ප්‍රතික්‍ෂේප කරමින් සිටින බවද වහා ජනාධිපතිවරණය සඳහා දින නියම කරන ලෙස රජයට බලකරමින් සිටින අතර නොවෙසේ නම් රට පුරා ජනතාව අගනුවරට කැඳවනු ලබන බවටද අනතුරු හඟවා සිටින බව විදේශ මාධ්‍ය වාර්තා කර සිටි.

Previous Post

නූතන කොම්බිය !නිපුනි සාරදා පතිරගේ !-සුනිල් හඳුන්නෙත්ති

Next Post

රාජ්‍යය බලයක් නොමැතිව රටේ බලය මෙහයවන පක්ෂය ජනතා විමුක්ති පෙරමුණයි !

Next Post
රාජ්‍යය බලයක් නොමැතිව රටේ බලය මෙහයවන පක්ෂය ජනතා විමුක්ති පෙරමුණයි !

රාජ්‍යය බලයක් නොමැතිව රටේ බලය මෙහයවන පක්ෂය ජනතා විමුක්ති පෙරමුණයි !

  • Trending
  • Comments
  • Latest
ප්‍රංශයේ නව සංක්‍රමණික නීති හා ප්‍රංශ විප්ලවය !

ප්‍රංශයේ නව සංක්‍රමණික නීති හා ප්‍රංශ විප්ලවය !

ජනවාරි 28, 2024
මරණීය දණ්ඩනයෙන් රනිල් බේරාගත් චන්ද්‍රිකා !-රසල් බණ්ඩාරවත්ත

මරණීය දණ්ඩනයෙන් රනිල් බේරාගත් චන්ද්‍රිකා !-රසල් බණ්ඩාරවත්ත

පෙබරවාරි 20, 2024
වසර 100ක් පිරෙන ලෙනින්ගේ දර්ශනය හා නවීන ලිබරල් ලෝකය

වසර 100ක් පිරෙන ලෙනින්ගේ දර්ශනය හා නවීන ලිබරල් ලෝකය !

ජනවාරි 26, 2024
ෆොන්සේකා දෙලොවක් අතර ?

ෆොන්සේකා දෙලොවක් අතර ?

ජනවාරි 31, 2024
දෙසැම්බර් සංචාරකයින් ලක්ෂ 02 ඉක්මවයි

දෙසැම්බර් සංචාරකයින් ලක්ෂ 02 ඉක්මවයි

0
සයිනොපෙක් ඉන්ධන මිල අඩු කරයි.. ඔවුන්ගේ මිල මෙන්න..

සයිනොපෙක් ඉන්ධන මිල අඩු කරයි.. ඔවුන්ගේ මිල මෙන්න..

0
කියුබාවේ ක්‍රමය අපට හරියන්නෑ.. මාලිමාව කරන්නේ වෙනස්ම එකක්…

කියුබාවේ ක්‍රමය අපට හරියන්නෑ.. මාලිමාව කරන්නේ වෙනස්ම එකක්…

0

තැන තැන වෙඩි තැබීම් මැතිවරණ වලට පෙර භිෂණය පැතිරීම සඳහා වූ සුදානමක්ද ?

0
යුක්රේන භූ සම්පත් අල්ලාගැනීමට ට්‍රම්ප්, රුසියාව හා යුරෝපා සංගමය අතර ගැටුම් උග්‍ර වේ !

යුක්රේන භූ සම්පත් අල්ලාගැනීමට ට්‍රම්ප්, රුසියාව හා යුරෝපා සංගමය අතර ගැටුම් උග්‍ර වේ !

මාර්තු 2, 2025
සිරියානු උතුරු කලාපයේ “කුර්දි රෝජාවා සමාජවාදී කොමියුනය” අනතුරේ ?

සිරියානු උතුරු කලාපයේ “කුර්දි රෝජාවා සමාජවාදී කොමියුනය” අනතුරේ ?

මාර්තු 2, 2025
ඉක්වදෝරය යළි වමට කැරකෙයි !

ඉක්වදෝරය යළි වමට කැරකෙයි !

පෙබරවාරි 13, 2025
ට්‍රම්ප්ට මුහුණ දීමට යුරෝපා සංගමය චීනය හා ඉන්දියාව දෙසට හැරේ!

ට්‍රම්ප්ට මුහුණ දීමට යුරෝපා සංගමය චීනය හා ඉන්දියාව දෙසට හැරේ!

ජනවාරි 22, 2025

Recent News

Welcome to the Voice of Ceylan, your go-to source for the latest news and stories from the heart of Sri Lanka. Operating from France, we bring you up-to-date and insightful coverage on diverse topics, providing a unique perspective on the vibrant culture, politics, and events shaping the island. Stay informed with us as we bridge the miles to connect you with the pulse of Sri Lanka.

Follow Us

Browse by Category

  • ආර්ථික
  • එසැණ පුවත්
  • කර්තෘ සටහන
  • කාලීන සිදුවීම්
  • ජාත්‍යන්තර
  • දේශපාලන
  • නව ප්‍රංශ නීති
  • සංචාරක

Recent News

යුක්රේන භූ සම්පත් අල්ලාගැනීමට ට්‍රම්ප්, රුසියාව හා යුරෝපා සංගමය අතර ගැටුම් උග්‍ර වේ !

යුක්රේන භූ සම්පත් අල්ලාගැනීමට ට්‍රම්ප්, රුසියාව හා යුරෝපා සංගමය අතර ගැටුම් උග්‍ර වේ !

මාර්තු 2, 2025
සිරියානු උතුරු කලාපයේ “කුර්දි රෝජාවා සමාජවාදී කොමියුනය” අනතුරේ ?

සිරියානු උතුරු කලාපයේ “කුර්දි රෝජාවා සමාජවාදී කොමියුනය” අනතුරේ ?

මාර්තු 2, 2025
  • About
  • Advertise
  • Privacy & Policy
  • Contact

© 2024 Voice of Ceylan All rights reserved.

No Result
View All Result
  • එසැණ පුවත්
  • කර්තෘ සටහන
  • දේශපාලන
  • ආර්ථික
  • කාලීන සිදුවීම්
  • ජාත්‍යන්තර
  • සංචාරක
  • නව ප්‍රංශ නීති

© 2024 Voice of Ceylan All rights reserved.

  • Sinhala (සිංහල)