• Contact
  • si Sinhala (සිංහල)
  • fr Français
Advertisement
  • එසැණ පුවත්
  • කර්තෘ සටහන
  • දේශපාලන
  • ආර්ථික
  • කාලීන සිදුවීම්
  • ජාත්‍යන්තර
  • සංචාරක
  • නව ප්‍රංශ නීති
  • Events
No Result
View All Result
  • එසැණ පුවත්
  • කර්තෘ සටහන
  • දේශපාලන
  • ආර්ථික
  • කාලීන සිදුවීම්
  • ජාත්‍යන්තර
  • සංචාරක
  • නව ප්‍රංශ නීති
  • Events
No Result
View All Result
Voice of Ceylan
No Result
View All Result
Home එසැණ පුවත්

තම සටන් සගයන්ගේ අයිතිය වෙනුවෙන් ප්‍රංශ ජනාධිපතිට අභියෝග කල 98 හැවිරිදි මාක්ස්-ලෙනින්වාදියා!

මාර්තු 9, 2024
in එසැණ පුවත්, කාලීන සිදුවීම්, දේශපාලන
0
තම සටන් සගයන්ගේ අයිතිය වෙනුවෙන් ප්‍රංශ ජනාධිපතිට අභියෝග කල 98 හැවිරිදි මාක්ස්-ලෙනින්වාදියා!
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter

ප්‍රංශ විප්ලවීය ඉතිහාසය නැවත වරක් බරපතල ලෙස ප්‍රශ්ණ කිරීමකට ලක් වනුයේ ලොව පුරා යුධමය, දේශපාලන හා ආර්ථික කඩා වැටීම් හේතුවෙන් රටට පැමිණෙන තිබෙන දහස් ගණනකින් යුතු වූ සංක්‍රමිකයින්ට එරෙහිව පාර්ලිමේන්තුවේ සම්මත කර ගැනීමට ගිය ජාතිවාදී නීතින් හේතුවෙනි. ඒ හා සමගාමිව දෙවන ලෝක යුධ සමයේ ජර්මන් ආක්‍රමණයට එරෙහිව ප්‍රංශ දේශප්‍රේමී ජාතික ව්‍යාපාරයේ(CNR) එක් පෙරමුණක සටන් වැදී විදේශීය කොමියුනිස්ට් ජාත්‍යන්තර වාදීන් සංකේන්ද්‍ර වී සිටි FTO-MOI සංවිධානයේ භටයින් 23 දෙනෙකුට වසර 80 කට පසුව රාජ්‍ය ගෞරව ලබා දීම ද පෙබරවාරි 21 වැනිදා ට දින නියම වී තිබිණි. කෙසේවෙතත් ප්‍රංශ සංක්‍රමිකයන්ට එරෙහිව ඉදිරිපත් කල නීතින් සමහරක් ව්‍යවස්ථා කවුන්සිලය විසින් ප්‍රතික්‍ෂේප කරනු ලැබුණි. එයට පක්‍ෂව පාර්ලිමේන්තුව තුල මරාගෙන මැරෙන ගේමක් ගැසූ ජනාධිපති මක්රෝන්ගේ කඳවුරේ දක්ෂිණාංශික මන්ත්‍රීවරුන්ට හා විපක්‍ෂයේ අන්ත නාසි වාදී මන්ත්‍රීවරුන්ට ප්‍රංශ විදේශීය දේශප්‍රේමීන්ට රාජ්‍ය ගෞරව ලබා දීමේ උත්සවයට පැමිණිය හැකි ද යන්න ඒ සමගම වයසින් අවුරුදු 98ක් වූ FTO-MOI විමුක්ති භට කණ්ඩායමේ ජිවතුන් අතර සිටින එකම ප්‍රංශ-ඉතාලි ජාත්‍යන්තර වාදියෙකු වන LEON LANDINI විසින් ප්‍රංශ ජනාධිපති ගෙන් ප්‍රශ්ණ කිරීමෙන් සැමරුම් උත්සවය පැවත්වීමට පෙර සිටම ප්‍රංශ දේශපාලනය උඩු යටිකුරු වී ගියේය.
ප්‍රංශ විප්ලවය විසින් 1789 සිට ස්ථාපිත කරනු ලැබූ එහි ප්‍රධාන සංකල්පයන් වන සමානාත්මතාවය, නිදහස හා සහෝදරවත්වය යන කාරනා ඉවත් කර රටේ ව්‍යවස්ථාවන් හෝ නීතින් සම්මත කිරීම ප්‍රංශ ඉතිහාසයේ යුධ කාමියෙකු වූ නැපෝලියන් වත් සමත් වුයේ නැත. එවැනි ජාතිවාදී නීතින් සම්මත කර ගනු ලැබුවා නම් සම්මත වූයේ ජර්මනියේ බිස්මාක් හෝ හිට්ලර් බලයට පැමිණ කාලයේ ඔවුන්ගේ සහයෙන් ස්ථාපිත කරන ලද රාජාණ්ඩුවාදීන්ගේ රූකඩ ආණ්ඩු මගින් පමණි. ඉතිහාසය පුරාවටම මෙම රූකඩ ආණ්ඩු වලට එරෙහිව 1830, 1848, 1871 පැරිස් කොමියුනය, 1940-45 යුගයේ ප්‍රංශ වාමාංශික ව්‍යාපාරය දිවි නොතකා සටන් කළහ. මෙම සෑම අරගලයකින් පසුව බලයට ආ පළමුවෙනි නැපෝලියන්, තුන්වන නැපෝලියන් හා ඩිගොල් වැනි මිලිටරි නායකයින් පසුව සිදු කලේ කම්කරු පංතියට යම් අයිතිවාසිකම් ප්‍රමාණයක් ලබා දී රාජාණ්ඩු වාදීන් සමග එක් වී මිශ්‍ර සුබසාධන ක්‍රමවේද අනුගමනය කර ධනපති ක්‍රමය රැක ගැනීමයි.
වර්තමානය වන විට ප්‍රංශය මුහුණ දෙමින් සිටින ආර්ථික අර්බුධය තුල දිනෙන් දින උත්සන්න වෙමින් පවතින කම්කරු සටන් හා ජනතා විරෝධය හේතුවෙන් ඒවා සමනය කිරීම සඳහා වසර 80 කට පසුව 1940-45 කාලය තුල ප්‍රංශය ආක්‍රමණය කල ජර්මන් නාසි හමුදාවට එරෙහිව සටන් වැදි විදේශ දේශප්‍රේමී විමුක්ති හමුදාවටFTO-MOI රාජ්‍ය ගෞරව දැක්වීම මක්රෝන් මුහුණ දී සිටින අර්බුධයෙන් බේරීම සඳහා ගැසූ ගේමක් යයි එම හමුදාවේ දැනට ජිවතුන් අතර සිටින එකම විමුක්ති හමුදා නායකයා වන ලුතිනන් LEON LANDINI කියා සිටින්නේ ඒ නිසාය.
98 හැවිරිදි LEON LANDINI යනු අදත් ප්‍රංශ කොමියුනිස්ට් පක්‍ෂයේ රැඩිකල් වාම කණ්ඩායමේ නායකයා(PRCF) ලෙස ක්‍රියා කරන මාක්ස්-ලෙනින්වාදියෙකි.
ප්‍රංශය ජර්මන් ආක්‍රමණයෙන් මුදා ගැනීම සඳහා බිහිකළ ප්‍රංශ දේශප්‍රේමී ජනතා ව්‍යාපාරයේ(CNR) හි විදේශික කණ්ඩායමFTP-MOI හි නායකයා වූ MISSAK MANOUCHIANව නාසීන් විසින් මරා දමා වසර 80ක් පිරෙන දා රාජ්‍ය ගෞරව දැක්වීමේ සමරු උත්සවයට LEON LANDINIට ආරාධනා ලැබෙනුයේ පැය 24 කට පෙරය. පසුගිය මාස කීපය තුල සමරුවට සහභාගී වීම සඳහා LEON LANDINI විසින් කොන්දේසි ඉදිරිපත් කරමින් ඔහු පැවසුවේ තමන් සහ MANOUCHIAN සටන් වැදුනේ නාසි වාදයට එරෙහිව පමණක් නොව ධනවාදයට එරෙහිව බවත්, උත්සවයට තම කණ්ඩායමේ ධජය එසවීමේ අයිතිය ජනාධිපතිවරයා විසින් සහතික කලයුතු බවත්ය.
මෙම කොන්දේසි නිසා ජනාධිපති මක්රෝන් හා LEON LANDINI අතර ගැටුම පසුගිය මාස කීපය තුල උග්‍ර වී තිබිණි.
වයස අවුරුදු 16 දී තම සහෝදරයා හා පියා සමග ජර්මන් නාසි ආක්‍රමණිකයන්ට සහ ප්‍රංශ රූකඩ පාලනයට එරෙහිව සටන් කළ FTP-MOI සංවිධානයේ (Francs-tireurs and partisans – සංක්‍රමණික ශ්‍රම බලකාය) දිවි ගලවා ගත් අවසාන විමුක්ති භටයා LEON LANDINIවේ. ඔහු Missak Manouchianගේ අවසන් ජීවමාන සටන් සගයා ද වේ. ඉතාලියේ ටෝස්කන් ප්‍රදේශයේ දී උපත ලද LEON LANDINIගේ පියා හා ඔහුගේ පවුලේ සාමාජිකයින් සියළු දෙනාම ඉතාලියේ මුසලෝනි පාලනයට එරෙහිව සටන් කල කොමියුනිස්ට් පක්ෂ සාමාජිකයින් වේ. 1921 දී ප්‍රංශයට පැමිණෙන ඔවුන් ප්‍රංශ කොමියුනිස්ට් පක්‍ෂයේ සාමාජිකයින් බවට පත් වේ. 1926 අප්‍රියෙල් 9 වනදා ප්‍රංශයේ උපත ලබන LEON LANDINI 1942 දී ප්‍රංශ කොමියුනිස්ට් පක්‍ෂයට එක්වේ. ආක්‍රමණික ජර්මන් හමුදාවට එරෙහිව ප්‍රහාර රාශියකට සහභාගී වී ජර්මන් සොල්දාදුවන් හා ප්‍රංශ රූකඩ ආණ්ඩුවේ සාමාජිකයින් 120කට අධික පිරිසක් මරා දමන LEON LANDINI 1944 ජූලී 25 වැනිදා ලියොන් හි නාසි ගෙස්ථාපෝ පොලීසියේ අත්අඩංගුවට පත් වේ.
“උන් මට දෙන්න පුළුවන් සියළුම වද හිංසා සිදු කළා. පහර දීලා මගේ වුෂණ කෝෂ පොඩි පට්ටම් කළා. සිර ගෙයි බිම මම ගියේ බඩගාගෙන. මුල ඉඳලම මම උන්ට කිව්වා මම උඹලට කිසිම තොරතුරක් දෙන්නේ නෑ කියලා. මාව මරලා දාපල්ලා කියලා. මට වද දුන්නේ යුදෙව්වෝ 14,000ක් ජර්මනියේ ගෑස්‌ කාමරවලට යවපු ලියොන් වල “මස් වැද්දා” කියල හඳුන්වපු ජර්මන් ජෙනරල් ක්ලවුස් බාබී. ඌ කිසිම හිතක් පපුවක් නැති තිරිසනෙක්. ඌ මගේ පියාවත්, සහෝදරයත් මරලා දැම්මා. අපි එකා බැගින් කාමරවලට අරන් ගිහිල්ලා උන් පහර දුන්නා. නියපොතු ගැලෙව්වා. සෑම කොමියුනිස්ට් සාමාජිකයෙක්ම වදකාගාරයෙන් ආපසු එලියට ඇදගෙන එනවිටත් කිව්වේ “මම කතා කලේ නෑ කියලා”. මේ MONTLUC කඳවුරේ දී පමණක් දේශප්‍රේමින්10000ක් මරා දැමුවා” LEON LANDINI හෙළි කර සිටියේය.
1944 අගෝස්තු 24 වැනිදා LEON LANDINI සිර ගෙයින් පලා යාමට සමත් වනුයේ ප්‍රංශ ප්‍රධාන දේශප්‍රේමී ජාතික ව්‍යාපාරය(CNR) එල්ල කල දැවන්ත ප්‍රහාරයේ සහයත් සමගිනි. සමස්ථ සිර ගෙදර තුල සිටි අළුගෝසුවන් සියළුම දෙනා ඝාතණය කල දේශප්‍රේමී ජාතික ව්‍යාපාරය සිර කරුවන් 935 දෙනෙකු මුදා ගැනීමට එහිදී සමත් විණි. නැවතත් විමුක්ති ව්‍යාපාරයට එක්වන LEON LANDINI දෙවන ලෝක මහා යුද්ධය අවසාන වන විට දෙවන ලුතිනන් වරයෙක් ලෙස විමුක්ති භටයින් 180 දෙනෙකුගෙන් සමන්විත ගරිල්ලා කණ්ඩායමකට නායකත්වය ලබා දුන්නේය.
එහෙත් 1944 පෙබරවාරි 21 වැනිදා ප්‍රංශයේ Mont-Valérien හිදී නාසි හමුදා විසින් තම නායකයා වන Missak Manouchian සහ ඔහුගේ සගයන් 22 දෙනෙකු ඝාතනය කිරීමෙන් දශක අටකට කාලයකට පසුව මෙම විදේශ විමුක්ති හමුදාවට රාජ්‍ය ගෞරවය සිදු කරන උත්සවයට පෙබරවාරි 20 අඟහරුවාදා වන තුරු, LEON LANDINI හට ජනාධිපති මක්රෝන් ආරාධනා යවා තිබුනේ නැත.
“මක්රෝන්ගේ ලිබරල් පාලක පංතියට මාව මෙම සැමරුමෙන් ඉවත් කර ගැනීමට විශාල ඕනෑ කමක් තිබුනා, ඒ විතරක් නොවේ ඔවුන් මාව නින්දාවට පත් කළා”
පෙබරවාරි 17 වන දින ප්‍රකාශයට පත් කරන ලද වීඩියෝවක් මගින් ඔහු ජනාධිපති මක්රෝන්ට එසේ චෝදනා කළේය.
“මම ඔවුන්ගෙන් ඉල්ලුවේ මට මේ සැමරුමට මගේ සගයන් වෙනුවෙන් අපේ කණ්ඩායමේ කොඩිය සමග පෙනී සිටින්න ඉඩ දෙන්න කියලා. ඔවුන් මෙවැනි උත්සවයක් සංවිධානය කරනු ලබන බවට මා දැන ගත්තේත් පුවත්පත් හරහා. පසුව ජනාධිපතිගේ ලේකම් මට ලිපියක් එව්වා “ඔබගේ ඉල්ලීම සැමරුම් කමිටුව පිළිගනු ලැබුවහොත් අපි ඔබ වෙත නැවත එන්නෙමු” යයි කියලා. ඇයි ධනපති පංතිය අපේ කණ්ඩායමේ(FTP-MOI) රතු ධජයට බය?” LEON LANDINI එම වීඩියෝව මගින් අසා සිටියේය.
“ඔවුන්ට මාව අවශ්‍ය නැති බව මුල සිටම ඔවුන් මට ව්‍යංගයෙන් කීමට උත්සහ කළා. මට නින්දා කළා. මම යැවු ලිපියක, අවසාන පේළියේ මම ලිව්වා, මගේ සියළුම සගයන් තම ජීවිතය පුද කලේ ඔවුන්ට වෙඩි තබා මරා දැමීමට පෙරත්, වෙඩි තැබූ මොහොතෙත් “ප්‍රංශය දිගු කල් දිනේවා! නිදහස සඳහා වූ අරගලය දිගුකල් දිනේවා! කොමියුනිස්ට් පක්ෂයට ජයවේවා! යැයි කෑගසමින් කියලා. එසේ කෑ ගසමින් තමන්ට අවි අමෝරාගෙන සිටින අළුගෝසුවන්ට අභියෝග කිරීමට ධෛර්යයක් ඔවුන්ට තම අවසාන මොහොතේ දීත් තිබුණා කියල මම ලිව්වා. මේ විප්ලවීය වදන් සමස්ථ ප්‍රංශ ධනපති පංතිය කලබලයට පත් කළ බව මම දන්නවා. මෙම උත්සවයට මාගේ සහභාගී වීම ප්‍රතික්ෂේප කිරීමට එය හේතුවක් වුනා. අවසානයේ පැය 24කට පෙර එල්ලවන ජනතා විරෝධයෙන් බේරෙන්න මට ආරාධනා කළා. මම ආරාධනය පිළිගත්තා. හැබැයි මම මක්රෝන්ට කිව්වා යම් විදිහකින් කවුරු හෝ සංවිධානයේ කොඩිය ප්‍රතික්ෂේප කළොත් මම ආපහු යනවා කියලා”
එතැන් සිට ප්‍රංශ ජනාධිපතිවරයා සහ LEON LANDINI අතර ගැටුම තරමක් සමනය වී ඇති බව පෙනුන නමුත් සම්පුර්ණයෙන්ම නොවේ, මන්ද 98 හැවිරිදි කොමියුනිස්ට් විප්ලවවාදියා ජනාධිපතිවරයාගේ ක්‍රියා කලාපය නිසා කෝපයට පත් වී තිබිණි.
” පැය 24 කට කලින්, 98 හැවිරිදි මිනිසෙකුට හෙට සවස ඔබ සවස 6 ට අහවල් ස්ථානයක සිටිය යුතුයි කියලා කියන්න පුළුවන් අශ්වා රෝහයෙකුට පමණයි. ඔහුට අවශ්‍ය වුයේ මගේ කට වහන්න. මම කට වහගෙන ඉන්නේ නැහැ. මම මගේ ආදරණිය සගයන් වෙනුවෙන් මෙම උත්සවයට සහභාගී වුනා. මට ආරාධනා කළ අයට අකමැති වුනත් අවුරුදු 80 කට පසු හෝ “FTP-MOI කණ්ඩායම අගය කිරීම සඳහා ප්‍රථම වතාවට උපහාර දක්වන මොහොතේ මම ඔවුන් නියෝජනය කරමින් පැමිණ සිටිමි” යැයි පැවසීමට හැකිවීම ගැන මට ආඩම්බරයි. FTP-MOI කණ්ඩායමේ ප්‍රංශයේ දැනට තිබෙන එකම ධජය වන FTP-MOI හි Carmagnole ධජය මා සතුව ඇත, එය ගෙන එන්නේ මමයි. ඒ නිසා ඔවුන් මට මගේ ධජය සමග ඇතුළුවීම ප්‍රතික්ෂේප කළහොත්, මම හැරී එන්නෙමි. අපි මේ අය ගැන දන්නේ 1940 ඉඳලා. ඩිගොල් සහ චර්චිල් ඇතුළු මේ ධනපති පංතිය අපිට ආයුධ දුන්නේ නෑ. අපිට මුල්ම පිස්තෝලය ලැබුනේ ජර්මන් කොමියුනිස්ට් පක්‍ෂයෙන්. සමහර අපේ සගයෝ මැරුනේ පැරැණි ආයුධ අතේ පත්තු වෙලා. ඒ විතරක් නොවේ අපේ සගයන් මරන්න අණ දුන්න, නියෝග දුන්න, අධිකරණ තීන්දු දුන්න එවුන්ට යුද්ධෙන් පස්සේ ඩිගොල් සමාව දුන්නා. ඒක අපිට අමතක නෑ. ඒක නිසයි මගේ නායකයා Missak Manouchian අපට සැමවිටම කිව්වේ අපි නිර්ධන පංතික ජාත්‍යන්තරවාදීන් ලෙස නියෝජනය කරන අපේ ඩජය අතැතිව සමග පමණක් ඔවුන්ගේ උත්සව වලට සහභාගී විය යුතුයි කියලා” මෙම 98 හැවිරිදි වියපත් කොමියුනිස්ට් වාදියා මාධ්‍ය වෙත පවසා සිටියේ දැඩි කෝපයකින් යුක්තවය.
එසේම උත්සවය සඳහා ප්‍රංශ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් 80දෙනෙකු නියෝජනය කරන නාසිවාදී RN පක්ෂයට සැමරුමට පැමිණීමට අවසර දීම ඔහු ඉතා පිළිකුලෙන් හෙලා දැක්කේය.
“මෙතන උන්ට ඇවිල්ලා සමරන්න දෙයක් ඉතුරු වෙලා නෑ . ඔවුන් මෙම සැමරුමට ආවේ එය අවුල් කරන්න. මම යුද්ධයේදී ඔවුන් සමඟ සටන් කළා. මගේ ආදරණීය සහෝදරයන් ඔවුන්ගේ ආච්චිලා සීයලා සමඟ සටන් කරලා මරණය තෝරා ගත්තා. ඔවුන්ට ආරාධනා කිරීම ගැන මේ පාලකයෝ ලැජ්ජ වෙන්න ඕනේ. ඒ වගේම මක්රෝන් මෙම සැමරුමට ආමේනියානු සම්භවයක් දෙන්න ආරම්හයේ ඉඳලම උත්සහ කළා. එතන දීත් ඔවුන් උත්සහ කලේ සැමරුමට manouchianගේ ජනවාර්ගික ආර්මේනියානු සම්භවය ඉස්මතු කරන්න. FTP-MOI සංවිධානය තුල සිටි යුදෙව්, පෝලන්ත, ස්පාඥ, හංගේරියා, ඉතාලි,ජර්මන් සහෝදරවරුන්ට ජනවාර්ගික ප්‍රශ්න තිබුනේ නෑ. අපි සියළු දෙනා සටන් කලේ ප්‍රංශය නාසිවාදයෙන් මුදා ගන්න”යයි කියා සිටියේය.
කෙසේවෙතත් රාජ්‍ය උත්සවයකට රටේ මන්ත්‍රීවරුන්ට ආරාධනා පත්‍ර යැවීම සාමාන්‍ය දෙයක් වුවත් ප්‍රංශ ජනාධිපතිවරයා ද මෙම සැමරුමට පෙර දිනයේ නාසිවාදී පක්‍ෂයට උත්සවයට සහබාගි නොවන ලෙස ඉතා දැඩිව ඉල්ලා සිටිනු ලැබුවේය.
අවසානයේ තම කණ්ඩායමේ ඩජය සමග LEON LANDINI සැමරුමට සහභාගී වුණි.
“දෙවන ලෝක මහා යුද්ධෙන් පසුව මම මක්රෝන් නියෝජනය කරන පංතියට එකතු වුනා නම්, අද මම කෝටිපතියෙක්. මම හෝ මගේ කණ්ඩායම FTP-MOI සටන් කලේ ප්‍රංශය වෙනුවෙන් හෝ මගේ මව්බිම ඉතාලිය වෙනුවෙන් හෝ ඔවුන් අයත් රටවල් වෙනුවෙන් නොවේ. අපි සටන් කලේ සමස්ථ ලෝකවාසී නිර්ධන පංතික ජනතාවගේ විමුක්තිය වෙනුවෙන්. සෝවියට් රතු හමුදාව ස්ටාලින්ග්‍රාදය නාසින්ගෙන් මුදා ගන්නා විට අපි සිතුවේ එම ජයග්‍රහණය සමස්ථ ලෝකයම නාසිවාදයෙන් හා ධනවාදයෙන් මුදා ගන්නා පළමු පියවර ලෙස. කොමියුනිස්ට්වාදීන් ලෙස අපි සැමවිටම උත්සහ කලේ මානව සමාජය ජිවත් කරවන්න. ඔවුන්ගේ ජීවිත විනාශ කරන්න නෙමේ. යුධ සමයේ මට සිදු වුනා සතුරාගේ හිසට තුවක්කුව තබලා කොකා ගස්සන්න. මගේ ජීවිතයේ මා අත්දුටු නීරසම කාර්‍යය එයයි. අපේ ආරක්ෂාව වෙනුවෙන් මට ඒ දේ කරන්න සිදු වුනා. එවැනි කැප කිරීම් කරලා අපි මුදා ගත්ත ලෝකය අද අසමානත්මතාවයේ, දරිද්‍රතාවයේ, විරැකියාවේ ගොදුරක් බවට පත් වෙලා. මාගේ අවසන් හුස්ම පොද දක්වා මිනිසෙකු විසින් මිනිසෙකු සූරා කෑමේ ම්ලේච්ජ ධනවාදයට එරෙහිව සටන් කරනවා” යයි ඔහු තව දුරටත් මාධ්‍ය වෙත පවසා සිටියේය.

Previous Post

ලංකික පශ්වාත් යුධ සමාජය සුමට ලෙස පිරිමදින රහස් කියන කඳු!

Next Post

යුරෝපීය නිදහස් වෙළඳ සංගමය (EFTA)සමඟ ඉන්දියාව නිදහස් වෙළඳ ගිවිසුමක් අත්සන් කරයි!

Next Post
යුරෝපීය නිදහස් වෙළඳ සංගමය (EFTA)සමඟ ඉන්දියාව නිදහස් වෙළඳ ගිවිසුමක් අත්සන් කරයි!

යුරෝපීය නිදහස් වෙළඳ සංගමය (EFTA)සමඟ ඉන්දියාව නිදහස් වෙළඳ ගිවිසුමක් අත්සන් කරයි!

  • Trending
  • Comments
  • Latest
ප්‍රංශයේ නව සංක්‍රමණික නීති හා ප්‍රංශ විප්ලවය !

ප්‍රංශයේ නව සංක්‍රමණික නීති හා ප්‍රංශ විප්ලවය !

ජනවාරි 28, 2024
මරණීය දණ්ඩනයෙන් රනිල් බේරාගත් චන්ද්‍රිකා !-රසල් බණ්ඩාරවත්ත

මරණීය දණ්ඩනයෙන් රනිල් බේරාගත් චන්ද්‍රිකා !-රසල් බණ්ඩාරවත්ත

පෙබරවාරි 20, 2024
වසර 100ක් පිරෙන ලෙනින්ගේ දර්ශනය හා නවීන ලිබරල් ලෝකය

වසර 100ක් පිරෙන ලෙනින්ගේ දර්ශනය හා නවීන ලිබරල් ලෝකය !

ජනවාරි 26, 2024
ෆොන්සේකා දෙලොවක් අතර ?

ෆොන්සේකා දෙලොවක් අතර ?

ජනවාරි 31, 2024
දෙසැම්බර් සංචාරකයින් ලක්ෂ 02 ඉක්මවයි

දෙසැම්බර් සංචාරකයින් ලක්ෂ 02 ඉක්මවයි

0
සයිනොපෙක් ඉන්ධන මිල අඩු කරයි.. ඔවුන්ගේ මිල මෙන්න..

සයිනොපෙක් ඉන්ධන මිල අඩු කරයි.. ඔවුන්ගේ මිල මෙන්න..

0
කියුබාවේ ක්‍රමය අපට හරියන්නෑ.. මාලිමාව කරන්නේ වෙනස්ම එකක්…

කියුබාවේ ක්‍රමය අපට හරියන්නෑ.. මාලිමාව කරන්නේ වෙනස්ම එකක්…

0

තැන තැන වෙඩි තැබීම් මැතිවරණ වලට පෙර භිෂණය පැතිරීම සඳහා වූ සුදානමක්ද ?

0
යුක්රේන භූ සම්පත් අල්ලාගැනීමට ට්‍රම්ප්, රුසියාව හා යුරෝපා සංගමය අතර ගැටුම් උග්‍ර වේ !

යුක්රේන භූ සම්පත් අල්ලාගැනීමට ට්‍රම්ප්, රුසියාව හා යුරෝපා සංගමය අතර ගැටුම් උග්‍ර වේ !

මාර්තු 2, 2025
සිරියානු උතුරු කලාපයේ “කුර්දි රෝජාවා සමාජවාදී කොමියුනය” අනතුරේ ?

සිරියානු උතුරු කලාපයේ “කුර්දි රෝජාවා සමාජවාදී කොමියුනය” අනතුරේ ?

මාර්තු 2, 2025
ඉක්වදෝරය යළි වමට කැරකෙයි !

ඉක්වදෝරය යළි වමට කැරකෙයි !

පෙබරවාරි 13, 2025
ට්‍රම්ප්ට මුහුණ දීමට යුරෝපා සංගමය චීනය හා ඉන්දියාව දෙසට හැරේ!

ට්‍රම්ප්ට මුහුණ දීමට යුරෝපා සංගමය චීනය හා ඉන්දියාව දෙසට හැරේ!

ජනවාරි 22, 2025

Recent News

යුක්රේන භූ සම්පත් අල්ලාගැනීමට ට්‍රම්ප්, රුසියාව හා යුරෝපා සංගමය අතර ගැටුම් උග්‍ර වේ !

යුක්රේන භූ සම්පත් අල්ලාගැනීමට ට්‍රම්ප්, රුසියාව හා යුරෝපා සංගමය අතර ගැටුම් උග්‍ර වේ !

මාර්තු 2, 2025
සිරියානු උතුරු කලාපයේ “කුර්දි රෝජාවා සමාජවාදී කොමියුනය” අනතුරේ ?

සිරියානු උතුරු කලාපයේ “කුර්දි රෝජාවා සමාජවාදී කොමියුනය” අනතුරේ ?

මාර්තු 2, 2025
ඉක්වදෝරය යළි වමට කැරකෙයි !

ඉක්වදෝරය යළි වමට කැරකෙයි !

පෙබරවාරි 13, 2025
ට්‍රම්ප්ට මුහුණ දීමට යුරෝපා සංගමය චීනය හා ඉන්දියාව දෙසට හැරේ!

ට්‍රම්ප්ට මුහුණ දීමට යුරෝපා සංගමය චීනය හා ඉන්දියාව දෙසට හැරේ!

ජනවාරි 22, 2025
Voice of Ceylan

Welcome to the Voice of Ceylan, your go-to source for the latest news and stories from the heart of Sri Lanka. Operating from France, we bring you up-to-date and insightful coverage on diverse topics, providing a unique perspective on the vibrant culture, politics, and events shaping the island. Stay informed with us as we bridge the miles to connect you with the pulse of Sri Lanka.

Follow Us

Browse by Category

  • ආර්ථික
  • එසැණ පුවත්
  • කර්තෘ සටහන
  • කාලීන සිදුවීම්
  • ජාත්‍යන්තර
  • දේශපාලන
  • නව ප්‍රංශ නීති
  • සංචාරක

Recent News

යුක්රේන භූ සම්පත් අල්ලාගැනීමට ට්‍රම්ප්, රුසියාව හා යුරෝපා සංගමය අතර ගැටුම් උග්‍ර වේ !

යුක්රේන භූ සම්පත් අල්ලාගැනීමට ට්‍රම්ප්, රුසියාව හා යුරෝපා සංගමය අතර ගැටුම් උග්‍ර වේ !

මාර්තු 2, 2025
සිරියානු උතුරු කලාපයේ “කුර්දි රෝජාවා සමාජවාදී කොමියුනය” අනතුරේ ?

සිරියානු උතුරු කලාපයේ “කුර්දි රෝජාවා සමාජවාදී කොමියුනය” අනතුරේ ?

මාර්තු 2, 2025
  • About
  • Advertise
  • Privacy & Policy
  • Contact

© 2024 Voice of Ceylan All rights reserved.

No Result
View All Result
  • එසැණ පුවත්
  • කර්තෘ සටහන
  • දේශපාලන
  • ආර්ථික
  • කාලීන සිදුවීම්
  • ජාත්‍යන්තර
  • සංචාරක
  • නව ප්‍රංශ නීති

© 2024 Voice of Ceylan All rights reserved.

  • Sinhala (සිංහල)