• Contact
  • si Sinhala (සිංහල)
  • fr Français
Advertisement
  • එසැණ පුවත්
  • කර්තෘ සටහන
  • දේශපාලන
  • ආර්ථික
  • කාලීන සිදුවීම්
  • ජාත්‍යන්තර
  • සංචාරක
  • නව ප්‍රංශ නීති
  • Events
No Result
View All Result
  • එසැණ පුවත්
  • කර්තෘ සටහන
  • දේශපාලන
  • ආර්ථික
  • කාලීන සිදුවීම්
  • ජාත්‍යන්තර
  • සංචාරක
  • නව ප්‍රංශ නීති
  • Events
No Result
View All Result
Voice of Ceylan
No Result
View All Result
Home එසැණ පුවත්

හංගේරියාව ඇවිලෙද්දී ස්ලොවේකියාවේත් රුසියානු ලැදි ආණ්ඩුවක් බිහිවේ !

අප්‍රේල් 13, 2024
in එසැණ පුවත්, ජාත්‍යන්තර
0
හංගේරියාව ඇවිලෙද්දී ස්ලොවේකියාවේත් රුසියානු ලැදි ආණ්ඩුවක් බිහිවේ !
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter
සෙනසුරා ද පැවැති ස්ලෝවැකියාවේ ජනාධිපතිවරණයෙන් සමාජ-ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂ අපේක්‍ෂක Peter Pellegrini ජයග්‍රහණය කර ඇති බව වාර්තා වේ. ස්ලෝවැකියානු මැතිවරණ සංඛ්‍යාලේඛන කාර්යාලය විසින් ප්‍රකාශයට පත් කරන ලද ප්‍රථිපල අනුව යුරෝපා සංගමයේ ලිබරල් වාදියෙකු හා රාජ්‍ය තාන්ත්‍රිකයෙකු වූ IVAN KORCOK ලබා ගත් 46.44% ට එරෙහිව 53.55% ඡන්ද ප්‍රතිශතයක් ලබා ගනිමින් සමාජ ප්‍රජාතන්ත්‍රවාදී Peter Pellegrini චන්දය ජයග්‍රහණය කර ඇත. මේ අතර හංගේරියාවේ ට්‍රම්ප් හා පුටීන් ගේ මග යන ජනාධිපති වික්ටර් උර්බන්ගේ පාලනයට එරෙහිව දැවැන්ත ජනතා උද්ඝෝෂණයක් එරට අගනුවර බුඩාෆෙස්ට් හි පැවැත් වී ඇති බව බටහිර මාධ්‍ය මේ අතර වාර්තා කර සිටින්නේ ඔර්බන්ගේ වැටීමත් සමග නව ඔර්බන් කෙනෙකු ස්ලෝවේකියාවේ ජයග්‍රහණය කර ඇති බව පවසමින්ය.
වසර 15ක සිට හංගේරියාව පාලනය කරනු ලබන ජාතිකවාදී වික්ටර් ඔර්බන් යුරෝපා සංගමය විසින් හඳුන් වනු ලබනුයේ යුරෝපා සපත්තුවට වැටුණු ගල් කැටයක් ලෙසය. වික්ටර් ඔර්බන් රටේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් පාගා දමමින් රට පාලනය කරනු ලබන බවට ඇමරිකාව හා යුරෝපා සංගමය චෝදනා කරනුයේ යුක්රේන යුද්ධයේදී රුසියාවට අනියමින් සහය දෙන බවටද සාක්‍ෂි ඉදිරිපත් කරමිනි. කෙසේවතත් රටේ දේශපාලන සුක්කානම පමණක් නොව මාධ්‍ය, තනතුරු, අධ්‍යාපනය පමණක් නොව කලාව පවා හසුරුවන වික්ටර් ඔර්බන් පවසනුයේ තමන් ලිබරල් වාදියෙකු බවයි.
යුරෝපා සංගමය විසින් යුරෝපයට පැමිණෙන සරණාගත විදේශීක සංක්‍රමික ප්‍රජාවේ විරෝධියෙක් ලෙස හැඳුන්වුවත් 2023 මාර්තු 9 වැනිදා එරට වෙළඳ හා කාර්මික සංගමය ඉදිරියේ කතා කරමින් වික්ටර් ඔර්බන් පැවසුවේ තම රටේ සේවය සඳහා විදේශීය කම්කරුවන් ලක්‍ෂ 5කට වීසා බලපත්‍ර ලබාදීමට තම රජය සුදානම් බවයි. යුරෝපා සංගමයට ඈතුලු වීමත් සමග බොහෝ හංගේරියානු ජාතිකයින් සැපවත් ජිවිතයක් ගත කිරීම බටහිරට සංක්‍රමණය වීමත් සමග රටේ ශ්‍රම බලකායේ උග්‍ර හිඟයක් පවතින නිසා ඔහු මෙම ආරාධනාව විදේශික කම්කරුවන් ඉලක්ක කරමින් සිදු කරනු ලැබිණි.
තම රටේ සංවර්ධනයට බව පවසමින් නිදහස් වෙළඳ පල අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා වසරක් සඳහා ලබා දෙන යුරෝපා ආධාර ලබා දීම සඳහා ඉදිරිපත් කරන ආර්ථික කොන්දේසි වික්ටර් ඔර්බන් ප්‍රතික්‍ෂේප කරනු ලබනුයේ තමන් තවත් සෝවියට් සංගමයක සිර කරුවෙකු වීමට සුදානම් නොමැති බව පවසමිනි. යුරෝපා සංගම් කොංග්‍රසයේ(european counsil) සාමාජික රටක් ලෙස යුක්රේනයට යුධ ආධාර ලබා දීමේ යෝජනාවට එරෙහිව නිශේධ බලය පාවිච්චි කරන වික්ටර් ඔර්බන් නේටෝවේ පවා උදහසට පත් වී සිටි. පසුගිය 2023 වසර සඳහා යුරෝ බිලියන 10.2ක් තම රටට වෙන්කළ යුරෝපා සංගමයේ මුදල් මිටිය ලබා ගත්තේ රුසියා-යුක්රේන ගැටුම උපයෝගී කර ගනිමිනි. ඔහු ඒ සඳහා උපක්‍රම ශිලිව යුක්රේනය සඳහා යුරෝපා සංගමය විසින් ලබා දෙන යුධ ආධාර සඳහා වෙන්කළ මුදල වන යුරෝ බිලියන 50 සඳහා තම නිශේෂ බලය යෙදවීමෙන් වැලකී සිටියේ යුරෝපා සංගමය අමාරුවේ දමමිනි. යුරෝපා සංගමය සඳහා සාමාජික රටවල් අත්සන් කරනු ලබන පොදු සම්මුතියේ 7 වෙනි වගන්තිය යොදා ගනිමින් හංගේරියාවේ නිශේධ බලය ඉවත් කිරීමට යුරෝපා කොමිසමේ සභාපතිනිය හා දැඩි නේටෝ වාදීනියක වන URSULA VON DER LEYEN තර්ජනය කලත් ඒ සඳහා අවශ්‍ය බහුතර බලය යුරෝපා කොංග්‍රසය තුල ඇයට නැති බව වික්ටර් ඔර්බන් හොඳින් දනී.
2022 අප්‍රියෙල් මස පැවැත්වූ ජනාධිපතිවරණයෙන් ජය ගනු ලබන වික්ටර් ඔර්බන් 53%කින් මැතිවරණය ජයගනු ලබනුයේ ඔහු විසින් වසර 14ක පාලන කාලය තුල උද්ධමනය අඩු කිරීම, තෙල් හා ගෑස් අඩුමිලට රුසියාවෙන් ලබා ගැනීම හා ඒවායේ මිල ඉහල දැමීම තහනම් කිරීම, විශ්‍රාම වැටුප් හා වැටුප් ඉහල දැමීම, ඉපදෙන තුන්වෙනි දරුවාට මුදල් ප්‍රදානයන් ලබා දීම වැනි තීරණ මගින් දියත් කරන ලද ජනතාවාදී සුබ සාධන ව්‍යාපෘති හේතුවෙනි.
නමුත් මේවන විට කුඩා දරුවෙකු දූෂණය කල පුද්ගලයෙකුට ජනාධිපති සමාව දීම හා දූෂණ අල්ලස් චෝදනා හේතුවෙන් වික්ටර් ඔර්බන් රජය දෙදරුම් කා ඇත. මෙම සිද්ධීන්ට ඍජුව සම්බන්ධ බවට චෝදනා එල්ල වූ ඔහුගේ උප ජනාධිපතිනියද අවසානයේ ඉල්ලා අස් වූවාය. අප්‍රියෙල් 2024 අප්‍රියෙල් 6 වැනිදා එරට අගනුවරට රැස් වූ ලක්‍ෂයකට අධික පිරිසක් ඔර්බන් රජය පෙරලා දමන බවට තර්ජනය කරනු ලැබුහ. මෙම චෝදනා යට‍තේ වුවද වික්ටර් ඔර්බන් රජයට පැරණි ඔස්ට්‍රෝ-හංගේරි අධිරාජ්‍යයේ ආධිපත්‍ය වෙනුවෙන් පෙනී සිටින රටේ විශාල ජාතිකවාදී ජනතාවකගේ සහය ලැබෙන බව පැවසේ.
හංගේරියාව මෙසේ අර්බුධයට යද්දී ඊට සමීප නැගෙනහිර යුරෝපීය රටක් වන ස්ලෝවේකියාවේ බලයේ සිටි ජනාධිපති ලිබරල්වාදී Zuzana Caputovaගේ අපේක්‍ෂකයා පරාජය කරමින් ජාතිකවාදීන්ගේ සහයෙන් සමාජ-ප්‍රජාතන්ත්‍ර වාදී අපේක්‍ෂක Peter Pellegrini සෙනසුරාදා පැවති ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කරනු ලැබිණි. බටහිර මාධ්‍ය වලට අනුව රුසියානු ගැති අන්ත දක්ෂිනාංශිකයින්ගේ ඡන්ද වලින් සහ ජනවාර්ගික සුළුතරයන් වන විශේෂයෙන් හංගේරියානු සුළුතරගේ සහයෙන් ලිබරල් අපේක්ෂක හිටපු ජනාධිපතිනියගේ සමීපතමයෙකු වන IVAN CORCOK පරාජය කිරීමට Peter Pellegrini සමත් වී ඇත.
පරාජිත ලිබරල් අපේක්‍ෂකයා තම පරාජය පිළිගනිමින් වාමාංශික Peter Pellegrini ප්‍රතිවාදියාට සුබ පැතුවේය. Peter Pellegrini ස්වාධීනව කටයුතු කරනු ඇති බවට අපේක්‍ෂා කෙරුවත්, ඔහු තමාගේම විශ්වාසයන්ට අනුව සහ අණ නොතකා අත්තනෝමතිකව රුසියානු ගැත්තෙකු ලෙස කටයුතු කරනු ඇති බවටත් CORCOK අනතරු හැඟවූයේය. මැතිවරණය පුරාවටම වෛරය පතුරුවමින් ජනතාව තුල තමන් නේටෝවේ යුද අපේක්ෂකයා කර ප්‍රචාරණය කරමින් ඔහු මෙම ජයග්‍රහණය ලබා ගත් බවටද ඔහු තම ප්‍රතිවාදියාට චෝදනා කළේය.
48 හැවිරිදි, තේරී පත් වූ වාමාංශික ජනාධිපති Peter Pellegrini පසුගිය වසරේ සැප්තැම්බර් 30 වැනිදා මහා මැතිවරණයෙන් බලයට පත් වූ ජනප්‍රියවාදී අගමැති රොබට් ෆිකෝගේ රජයට සමීප ය. Peter Pellegrini යනු රොබට් ෆිකෝගේ පෙර රජයන්හි ඇමතිවරයෙකු වූ අතර ඔහු වෙනුවට 2018 රට තුල සිදු වූ දේශපාලන අර්බුධයක දී රජයේ ප්‍රධානියා ලෙස පවා පත් විය.
කෙසේ වෙතත් 2024 මැතිවරණ වසරේ යුරෝපයේ හා ඇමරිකාවේ පවා රුසියානු-යුක්රේන යුද්ධය ඉතාමත් තීරණාත්මක කාර්යභාරයක්‌ සිදු කරමින් පවතින මෙම මැතිවරණ ප්‍රථිපල විග්‍රහ කිරීමෙන් තහවුරු වේ. මිලියන 5.4ක ජනගහනයක් වෙසෙන ස්ලෝවේකියාවේ සමස්ථ මැතිවරණ ව්‍යාපාරයේ ප්‍රධාන මාතෘකාවක් වූයේ රුසියාවේ යුක්රේන ආක්‍රමණය කිරීම වීමෙන් මෙය තව දුරටත් සනාථ වේ. විශේෂයෙන්ම ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කල Peter Pellegriniගේ සමීතම සගයෙකු වන ජනප්‍රියවාදී අගමැති රොබට් ෆිකෝ විසින් යුද්ධය නවත්වා යුක්රේන පාලනයට මොස්කව් සමඟ සාමය සඳහා ගිවිසුම් ගත වන ලෙස ඉල්ලා සිටීම නිසා යුරෝපා සංගමයේ හා නේටෝවේ විවේචනයට හා දැඩි දෝෂ දර්ශනයට ලක් විණි.
2023 සැප්තැම්බර් මාසයේ මහා මැතිවරණය ජයග්‍රහණය කල Robert FICO ඔක්තෝම්බර් මාසයේ සිට ක්‍රියාත්මක වන පරිදි යුක්රේනයට ආයුධ ලබා දීම නතර කළා පමණක් නොව ඒවා ප්‍රවාහනය කිරීම සඳහා තම දේශසීමා භාවිතා කිරීම ද තහනම් කරන ලදී. රොබට් ෆිකෝගේ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී SMER පක්ෂය, නව ජනාධිපති Peter Pellegrini ගේ වාමාංශික HLAS හවුල සහ කුඩා ජාතිකවාදී SNS පක්ෂයෙන් සැදුම් ලත් ආන්ඩුව සෙනසුරාදා මැතිවරණ ජයග්‍රහණයෙන් පසුව රට තුල ශක්තිමත් බලයක් පිහිටුවීමට සමත් වී ඇති අතර ඡන්දයෙන් පසුව මාධ්‍ය අමතමින් ප්‍රකාශ කලේ යුරෝපීය සංගමයේ සහ නේටෝවේ “ශක්තිමත් සාමාජිකයෙකු” ලෙස දිගටම සිටින බවත් ස්ලෝවැකියාව සෑම විටම සාම කඳවුරේ විනා යුද්ධයේ පැත්තේ නොසිටින බවත් ප්‍රකාශ කර සිටියේද යුරෝපා-ඇමරිකානු කඳවුර මෙන්ම රුසියානු කඳවුරද උපක්‍රමශීලිව බැලන්ස් කරමිනි.
කෙසේවෙතත් ලෝක බල තුලනය විවිධ කඳවුරු තුලට බෙදී යමින් යුධමය තත්වයන් උසන්න වෙමින් පවතින මේ මොහොතේ යලිත් වරක් රටවල් තුල අධිරාජ්‍ය විරෝධී පාලන තන්ත්‍රයන් මෙන්ම ගැටුම් වල වාසිය උකහා ගනිමින් ආර්ථික ලෙස දියුණු වූ සිංගප්පූරුව, දකුණු කොරියාව වැනි රාජ්‍යයන් ද බිහි වෙමින් පවතී. පසුගිය සීතල යුධ සමයේ අමිහිරි අත්දැකීම් විඳි රාජ්‍යයන් වන නැගෙනහිර යුරෝපීය රටවල් මේ වන විට කිසිදු කඳවුරකට ගැති නොවී තම රටවල අත්හදා බලමින් සිටිනුයේ ද මෙම ක්‍රියා කලාපය වුවත් ජනතාව තව දුරටත් ඉල්ලා සිටිනුයේ 45-90 කාලය තුල පැවති සමාජවාදී පාලන සමයේ තමන් භුක්ති විඳි සුබ සාධක අයිතිවාසිකම් නව ප්‍රජාතන්ත්‍රවාදී රජයක් මගින් තහවුරු කරන ලෙස කරන ඉල්ලීම බව යන්නද කිසි සේත් බැහැර කල නොහැකි යථාර්තයක් බව දේශපාලන විශ්ලේෂකයන්ගේ මතයයි.
Previous Post

Next Post

අතීත මතක..-චූලක රසල් බණ්ඩාරවත්තගේ 87-89 මතක සටහන් !

Next Post
“ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරන්ට ගල් ගැස්සූ රනිල්”-රසල් බණ්ඩාරවත්ත!

අතීත මතක..-චූලක රසල් බණ්ඩාරවත්තගේ 87-89 මතක සටහන් !

  • Trending
  • Comments
  • Latest
ප්‍රංශයේ නව සංක්‍රමණික නීති හා ප්‍රංශ විප්ලවය !

ප්‍රංශයේ නව සංක්‍රමණික නීති හා ප්‍රංශ විප්ලවය !

ජනවාරි 28, 2024
මරණීය දණ්ඩනයෙන් රනිල් බේරාගත් චන්ද්‍රිකා !-රසල් බණ්ඩාරවත්ත

මරණීය දණ්ඩනයෙන් රනිල් බේරාගත් චන්ද්‍රිකා !-රසල් බණ්ඩාරවත්ත

පෙබරවාරි 20, 2024
වසර 100ක් පිරෙන ලෙනින්ගේ දර්ශනය හා නවීන ලිබරල් ලෝකය

වසර 100ක් පිරෙන ලෙනින්ගේ දර්ශනය හා නවීන ලිබරල් ලෝකය !

ජනවාරි 26, 2024
ෆොන්සේකා දෙලොවක් අතර ?

ෆොන්සේකා දෙලොවක් අතර ?

ජනවාරි 31, 2024
දෙසැම්බර් සංචාරකයින් ලක්ෂ 02 ඉක්මවයි

දෙසැම්බර් සංචාරකයින් ලක්ෂ 02 ඉක්මවයි

0
සයිනොපෙක් ඉන්ධන මිල අඩු කරයි.. ඔවුන්ගේ මිල මෙන්න..

සයිනොපෙක් ඉන්ධන මිල අඩු කරයි.. ඔවුන්ගේ මිල මෙන්න..

0
කියුබාවේ ක්‍රමය අපට හරියන්නෑ.. මාලිමාව කරන්නේ වෙනස්ම එකක්…

කියුබාවේ ක්‍රමය අපට හරියන්නෑ.. මාලිමාව කරන්නේ වෙනස්ම එකක්…

0

තැන තැන වෙඩි තැබීම් මැතිවරණ වලට පෙර භිෂණය පැතිරීම සඳහා වූ සුදානමක්ද ?

0
යුක්රේන භූ සම්පත් අල්ලාගැනීමට ට්‍රම්ප්, රුසියාව හා යුරෝපා සංගමය අතර ගැටුම් උග්‍ර වේ !

යුක්රේන භූ සම්පත් අල්ලාගැනීමට ට්‍රම්ප්, රුසියාව හා යුරෝපා සංගමය අතර ගැටුම් උග්‍ර වේ !

මාර්තු 2, 2025
සිරියානු උතුරු කලාපයේ “කුර්දි රෝජාවා සමාජවාදී කොමියුනය” අනතුරේ ?

සිරියානු උතුරු කලාපයේ “කුර්දි රෝජාවා සමාජවාදී කොමියුනය” අනතුරේ ?

මාර්තු 2, 2025
ඉක්වදෝරය යළි වමට කැරකෙයි !

ඉක්වදෝරය යළි වමට කැරකෙයි !

පෙබරවාරි 13, 2025
ට්‍රම්ප්ට මුහුණ දීමට යුරෝපා සංගමය චීනය හා ඉන්දියාව දෙසට හැරේ!

ට්‍රම්ප්ට මුහුණ දීමට යුරෝපා සංගමය චීනය හා ඉන්දියාව දෙසට හැරේ!

ජනවාරි 22, 2025

Recent News

යුක්රේන භූ සම්පත් අල්ලාගැනීමට ට්‍රම්ප්, රුසියාව හා යුරෝපා සංගමය අතර ගැටුම් උග්‍ර වේ !

යුක්රේන භූ සම්පත් අල්ලාගැනීමට ට්‍රම්ප්, රුසියාව හා යුරෝපා සංගමය අතර ගැටුම් උග්‍ර වේ !

මාර්තු 2, 2025
සිරියානු උතුරු කලාපයේ “කුර්දි රෝජාවා සමාජවාදී කොමියුනය” අනතුරේ ?

සිරියානු උතුරු කලාපයේ “කුර්දි රෝජාවා සමාජවාදී කොමියුනය” අනතුරේ ?

මාර්තු 2, 2025
ඉක්වදෝරය යළි වමට කැරකෙයි !

ඉක්වදෝරය යළි වමට කැරකෙයි !

පෙබරවාරි 13, 2025
ට්‍රම්ප්ට මුහුණ දීමට යුරෝපා සංගමය චීනය හා ඉන්දියාව දෙසට හැරේ!

ට්‍රම්ප්ට මුහුණ දීමට යුරෝපා සංගමය චීනය හා ඉන්දියාව දෙසට හැරේ!

ජනවාරි 22, 2025
Voice of Ceylan

Welcome to the Voice of Ceylan, your go-to source for the latest news and stories from the heart of Sri Lanka. Operating from France, we bring you up-to-date and insightful coverage on diverse topics, providing a unique perspective on the vibrant culture, politics, and events shaping the island. Stay informed with us as we bridge the miles to connect you with the pulse of Sri Lanka.

Follow Us

Browse by Category

  • ආර්ථික
  • එසැණ පුවත්
  • කර්තෘ සටහන
  • කාලීන සිදුවීම්
  • ජාත්‍යන්තර
  • දේශපාලන
  • නව ප්‍රංශ නීති
  • සංචාරක

Recent News

යුක්රේන භූ සම්පත් අල්ලාගැනීමට ට්‍රම්ප්, රුසියාව හා යුරෝපා සංගමය අතර ගැටුම් උග්‍ර වේ !

යුක්රේන භූ සම්පත් අල්ලාගැනීමට ට්‍රම්ප්, රුසියාව හා යුරෝපා සංගමය අතර ගැටුම් උග්‍ර වේ !

මාර්තු 2, 2025
සිරියානු උතුරු කලාපයේ “කුර්දි රෝජාවා සමාජවාදී කොමියුනය” අනතුරේ ?

සිරියානු උතුරු කලාපයේ “කුර්දි රෝජාවා සමාජවාදී කොමියුනය” අනතුරේ ?

මාර්තු 2, 2025
  • About
  • Advertise
  • Privacy & Policy
  • Contact

© 2024 Voice of Ceylan All rights reserved.

No Result
View All Result
  • එසැණ පුවත්
  • කර්තෘ සටහන
  • දේශපාලන
  • ආර්ථික
  • කාලීන සිදුවීම්
  • ජාත්‍යන්තර
  • සංචාරක
  • නව ප්‍රංශ නීති

© 2024 Voice of Ceylan All rights reserved.

  • Sinhala (සිංහල)